අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරුලංකාවේ අග්‍රාමාත්‍යවරයාව සිටි ඩී.එස්. සේනානායකට වතුකරයේ දෙමළ ජනතාව හිසරදයක් වූවාට සැක නැත. එයට හේතුව වූයේ ඔවුන් කිසිසේත්ම තම පක්ෂයට ඡන්දය නොදීම හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තමාට අවාසි සහගත වේ යැයි ඩී.එස්. තුළ තිබූ බිය යි. මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන ද සමග ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු හමුවීම තුළින් අගමැති ඩී.එස්. අපේක්ෂා කළේ වතු දෙමළ ජනතාව සම්බන්ධයෙන් තමන්ට හිතදායක වන තීරණයක් ගැනීමට ය. ගැටලු කීපයක් ඔහුට නිරාකරණය කරගන්නට තිබිණි.
ලංකාවේ අග්‍රාමාත්‍යවරයාව සිටි ඩී.එස්. සේනානායකට වතුකරයේ දෙමළ ජනතාව හිසරදයක් වූවාට සැක නැතඩී.එස්. සේනානායකඔහු තවදුරටත් ඉච්ඡාභංගත්වයට පත්වන කාරණා දෙකක් 1948 වසරේ වසරේම සිදුවිණි. ඒ මැතිවරණ පෙත්සම් මගින් ඔහුගේ රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකුම පරාජයට පත්වීමයි. එක් අමාත්‍යවරයෙකු වූයේ මහනුවර ආසනයෙන් තරග කර ජය ලබා පැමිණ ඩී.එස්ගේ රජයේ කර්මාන්ත, කාර්මික පර්යේෂණ සහ ධීවර කටයුතු ප්‍රථම කැබිනට් අමාත්‍ය ධුරය දැරූ, කලින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ 1942 - 47 කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යවරයාද වූ ජෝර්ජ් ඊ. ද සිල්වා ය. ඔහු වෙනුවෙන් මැතිවරණ පෙත්සම ගොනුකර තිබුණේ ටී.බී. ඉලංගරත්න ය. මැතිවරණ පෙත්සමක් මගින් පරාජයට පත් අනෙක් අමාත්‍යවරයා ගම්පොළ අසුනෙන් ජය ලබා පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි ආර්.එස්.එස්. ගුණවර්ධන යි. ඔහු එවකට කාර්ය නියමයක් නොමැති අමාත්‍ය තනතුරෙහි සිටියේය. මේ තත්ත්වය මත අතුරු මැතිවරණ දෙකක් පවත්වන්නට සිදුවිය. මෙයින් 1948 මැයි 18 දින මහනුවර අතුරු මැතිවරණයත්, මැයි 28 දින ගම්පොළ අතුරු මැතිවරණයත් පැවැත්වීය. මේ අතුරු මැතිවරණ දෙකෙන්ම එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වී ස්වාධීනව තරග කළ දෙදෙනෙක් ජයග්‍රහණය කිරීම ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යවරයාට වැදුණු අතුල් පහරක් බඳු විණි. එම මැතිවරණ දෙකෙන් ජයග්‍රහණය කළේ මහනුවරින් ටී.බී. ඉලංගරත්න සහ ගම්පොළින් ආර්.එස්. වල්පොල ය.
එක්සත් ජාතික පක්ෂය පරාජය වීමට ප්‍රබල හේතුවක් වූයේ ආසන දෙකේම වතු දෙමළ ජනතාව වැඩියෙන් සිටීම යි.
වතුකම්කරුවන්දෙවැන්න 1948 අංක 18 දරන පුරවැසි පනතයි. අපේ රටේ ජනතාවගේ උප්පැන්න සහතිකයේ පුරවැසිභාවය යන්නට "පරම්පරාවෙන්ද, ලියාපදිංචියෙන්ද" යන්න සඳහන් වන්නට පටන් ගත්තේ මේ පුරවැසි පනතෙන් පසුව ය.
වතුකම්කරුවන්මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. විශේෂයෙන් වාමාංශික පක්ෂවලින් මේ පනත කෙරෙහි දැඩි විරෝධයක් පැන නැගිණි. සිංහල ස්වාධීන මන්ත්‍රීවරු පවා මේ පනතට විරුද්ධව කතා කළහ. පනතට විරුද්ධව ලැබුණු ඡන්ද 32 න් 23 ක්ම සිංහල මන්ත්‍රීවරුන්ගෙන් විය. මෙම පනත සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් පවසා සිටියේ නීතියට, සදාචාරයට සේම මනුෂ්‍යත්වයට පවා මෙය පටහැනි වූවක් බව ය. නමුත් මෙහි විශේෂත්වය වූයේ පනතට පක්ෂව දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් ඡන්දය දීම ය.
ලංකා සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්.එම්.පෙරේරාඅපි ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ ජීවත් වූ කාලයේ බ්‍රිතාන්‍ය පුරවැසියෝ වීමු. නිදහස ලැබීමෙන් පසු නිදහස් ලංකාවේ ජීවත් වූ අප ලාංකික පුරවැසියෝ වූහ. එය වතුකරයේ දෙමළ ජනතාවට කියා වෙනසක් වූයේ නැත. නමුත් ඩී.එස්.ගේ පුරවැසි පනත සම්මත වීමෙන් පසු වතුකරයේ දෙමළ ජනතාවගෙන් ලක්ෂ අටකට පුරවැසිභාවය අහිමි විය.
පැරණි පාර්ලිමේන්තුව 1948 වසරේ නිදහස ලැබීමෙන් පසු අපට මෙන්ම ඔවුන්ට ද බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහිමිවීම සාමාන්‍ය දෙයකි. අප මෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ඉන්දියාව අපටචච වඩා වසරක් කලින් එනම්, 1947 දී නිදහස ලබා ගත්තේය. එනිසා ඒ කාලයේ ලංකාවේ ජීවත් වූ වතුකරයේ දෙමළ ජනතාවට ඉන්දියානු පුරවැසිභාවය හිමි වූයේ නැත. ඒ අනුව පුරවැසි පහත නිසා සිදුවූයේ ලක්ෂ අටක වතුකරයේ දෙමළ ජනතාව රටක් නැති මිනිසුන්ගේ තත්ත්වයට පත් වීම ය.
මෙම පනත සම්මත වූ පසු පනතට විරුද්ධව ඡන්දය දුන් ඩී.එස්. සේනානායක රජයේ වෙළඳ හා වාණිජ අමාත්‍ය සී. සුන්දරලිංගම් ඉල්ලා අස්විය. ඉන්පසු පැවති අතුරු මැතිවරණයෙන් යළිත් ඔහු නිතරගයෙන් තේරී පත්වී තිබිණි. මේ අතර අගමැති ඩී. එස්. තවත් දෙයක් කළේය. ඒ ලංකා දෙමළ සංගමයේ නායක ජී.ජී පොන්නම්බලම්ව ආණ්ඩුවට ගෙන කලින් ජෝර්ජ් ඊ. ද සිල්වා දැරූ ධීවර කටයුතු සහ කර්මාන්ත ඇමතිකම ඔහුට පැවරීම ය. 1949 දීම ඩී.එස්. පාර්ලිමේන්තුවට තවත් පනතක් ගෙනාවේය. එනම් ඉන්දියානු සහ පාකිස්ථාන පදිංචිකරුවන්ගේ පුරවැසි පනතයි. ලියාපදිංචි කිරීමෙන් පුරවැසිභාවය ලබාදීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සම්පාදනය කිරීම ඩී.එස්. මෙම පනත මගින් අපේක්ෂා කළේය. සබැඳි ලිපි :
නොරට සිට ආ මුතුන් මිත්තෝ (7) : දකුණු ඉන්දීය ශ්‍රමිකයන්ට ඩී. එස්. ගෙන් කෙනෙහිලි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (6) : අපෙන් බදු මුදල් ! සුද්දන්ගෙන් පාරවල් !! - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (5) : මාතලේ කුලදෙවියන් පිදූ තැන දේවතාවියක් - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන්මිත්තෝ : ලංකාවට කම්කරුවන් සොයා ඉන්දියාවේ පෝස්ටර් (ඉන්දු පෙරේරා)




