The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

ආණ්ඩුවේ තරම පෙන්වූ පාර්ලිමේන්තුවේ පළමු දින 3 ! -(රජිත් කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

December 6, 2024 • 10:27 AM

ආණ්ඩුවේ තරම පෙන්වූ පාර්ලිමේන්තුවේ පළමු දින 3 ! -(රජිත් කීර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ ආහාර මිල, ආහාර හිඟය, තෙල් මිල, බලශක්ති ප්‍රතිපත්ති අවුල, උද්ඝෝෂණ (සංවර්ධන නිලධාරි/කොරියා රැකියා) මර්ධනය, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, පොහොර සහනාධාරය නොගෙවීම, සැප්තෑම්බර් විශ්‍රාම වැටුප් රු.
  • නොගෙවීම, කතානායක අධ්‍යාපන සහතික, විදුලි - ඉන්ධන මිල, ගංවතුර සහන ඇතුළු රටේ මිනිස්සුන්ට දැනෙන ගැටළු 21 ක් නිර්මාණය වී තිබූ පරිසරයක ඒ කිසිවක් පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ විවාදය නොවන තැනට ආණ්ඩුවේ ආධුනිකයෝ මෙහෙයවා ගත්තෝය.
  • සියළු අවාසි තමන්ගේ පැත්තේ තිබිය දී ආණ්ඩුව, නවක මන්ත්‍රීවරුන් 149 ක් සමඟ දින තුනක් පාර්ලිමේන්තුවේ තම ආධිපත්‍ය පැතිරවීම, මාධ්‍ය අවකාශය පිරවීම, ප්‍රචාරක යුද්ධය ජය ගැනීම හා තම පොරොන්දු එකක්වත් කරලියට එන්නට නොදී යටපත් කර ගැනීමට සමත්වීම ආණ්ඩුව පැත්තෙන් ගත් කළ විශිෂ්ඨ කලමනාකරණයකි.
  • පළමු දින දෙකේම, කතානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගේ ආධුනික බව සජීවි විකාශනය තුල පෙනෙන්නට තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

රටේ ආහාර මිල, ආහාර හිඟය, තෙල් මිල, බලශක්ති ප්‍රතිපත්ති අවුල, උද්ඝෝෂණ (සංවර්ධන නිලධාරි/කොරියා රැකියා) මර්ධනය, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, පොහොර සහනාධාරය නොගෙවීම, සැප්තෑම්බර් විශ්‍රාම වැටුප් රු. 3000 නොගෙවීම, කතානායක අධ්‍යාපන සහතික, විදුලි - ඉන්ධන මිල, ගංවතුර සහන  ඇතුළු රටේ මිනිස්සුන්ට දැනෙන ගැටළු 21 ක් නිර්මාණය වී තිබූ පරිසරයක ඒ කිසිවක් පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ විවාදය නොවන තැනට ආණ්ඩුවේ ආධුනිකයෝ මෙහෙයවා ගත්තෝය.

 

සියළු අවාසි තමන්ගේ පැත්තේ තිබිය දී ආණ්ඩුව, නවක මන්ත්‍රීවරුන් 149 ක් සමඟ දින තුනක් පාර්ලිමේන්තුවේ තම ආධිපත්‍ය පැතිරවීම, මාධ්‍ය අවකාශය පිරවීම, ප්‍රචාරක යුද්ධය ජය ගැනීම හා තම පොරොන්දු එකක්වත් කරලියට එන්නට නොදී යටපත් කර ගැනීමට සමත්වීම ආණ්ඩුව පැත්තෙන් ගත් කළ විශිෂ්ඨ කලමනාකරණයකි.

 

පළමු දින දෙකේම, කතානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගේ ආධුනික බව සජීවි විකාශනය තුල පෙනෙන්නට තිබුණි. විශේෂයෙන්ම කතානායකවරයාට තමන්ගේ භුමිකාව ගැනවත්, විෂය දැනුමවත්, ක්ෂණික මැදිහත්වීම් සඳහා අවශ්‍ය පරිචය හෝ බුද්ධිය නොපෙන්වීය. විපක්ෂය පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ කතානායකගේ අඩු දැනුම උලුප්පා දක්වමින් ‘පොඩි ලල්‘ එකක් ගන්නා බව පෙනෙන්නට තිබුණා.

ආණ්ඩුව විසින් තමන්ට සකස් කර තිබූ පිටිය ගැන විපක්ෂ නායකවරයාට, ප්‍රධාන සංවිධායක හෝ පක්ෂ නායකයින්ට අවබෝධයක් නොතිබූ බව පැහැදිලියි. විපක්ෂයට පූර්ව සූදානමක්, උපක්‍රම තෝරාගැනීමක් පළමු දින තුනේ නම් නොවීය. 

image bdc4d45393

 

ජජබ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට පැමිණ තිබුණේ හොඳ සුදානම් සහිතවයි. 

ඔවුන් විපක්ෂයට සෙල්ලම් කරන්න කුඹුරක් වගේ පිට්ටනියක් හදලා තිබුණා. හරියට අපේ පිට්ටනිවල ක්‍රිකට් ගහනකොට පිටිය සකසන්නෝ ගාල්ලේ - දඹුල්ලේ පිච් එක හදනවා වාගේය.  

ඒ පිච් එක (අ) ජාතිවාදය එපා (ආ) විපක්ෂය ජාතිවාදය වපුරනවා (ඇ) බාර් පර්මිට් කියන සරළ ගුග්ලි තුන මත හැදිලා තිබුණා.

ජජබට හිතවත් සමාජ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම එයට යොදාගත්ත අඩුම - කුඩුම!

පලපුරුදු විපක්ෂය තම ලස්සන පාර්ලිමේන්තු ඇඳුමෙන් කුඹුරට පැන්නා. විපක්ෂයේ ඉදිරි පෙළ වාඩිවෙලා ඉන්න කතාකළ හැමෝම මේ කුඹුරේ නෑවා. (ගෝඨාභය හා රනිල් ගේ ආණ්ඩුව පහුගිය වාරයේ දී ත් සජබ ප්‍රමුඛ විපක්ෂයට මේ දේ ම කලා. සමස්ථ විපක්ෂය පාර්ලිමේන්තුවේ දිය වුනේ ඒ නිසයි)

 

පළමු දින දෙකේ විපක්ෂයේ කථිකයින් කිව්වේ (අ) අපි ජාතිවාදී නෑ (ආ) ආණ්ඩුව ආධුනිකයි (ඇ) අයි.එම්.එෆ්. (ඈ) ආණ්ඩුවට උපදෙස් දීම

අඩුම ගානේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බලයක් තියෙන ආණ්ඩුවට විපක්ෂයේ උපදෙස් මොකට ද කියලා වත් ඒ අයට වැටහීමක් තිබුණේ නෑ. කතානායක ට සභා සේවකයා උපදෙස් දීම බලාගෙන ගන්න ආශ්වාදයෙන් ප්‍රඥාව වැහිලා තිබුණා.

කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නය ඔහුගේ පත්වීම සිදු වූ දිනයේ දීම එළියට පැමිණියා. විපක්ෂය තමන්ට මන්ත්‍රී වැටුප ගෙවන ‘සංවරණ හා තුලන‘ කාර්යය ඉටු කරනවා නම්, අවම වශයෙන් මේ ප්‍රශ්නය කතානායකවරයා වෙත යොමු කිරීමේ අත්හල නොහැකි වගකීමක් තිබුණා. ඒ අවම වගකීම හෝ විපක්ෂයෙන් ඉටු වූවේ නෑ.

 



කතානායකවරයා සමාජ මාධ්‍ය හෝ පත්තරේන් හෝ දැනගෙන හෝ ආනන්ද තිස්ස ද අල්විස්, අනුර බණ්ඩාරනායක, මහින්ද යාපා අනුව යමින් කතානායක පුටුවේ හරි බරි ගැහිලා වාඩිවුණා. සිවිල් සංවිධාන තොරතුරු පනත යටතේ කතානායකගේ අධ්‍යාපන සුදුසුකම් ඉල්ලනකොට, සමාජ මාධ්‍ය පෝස්ට් යනකොට ආණ්ඩුවේ බාර් ලයිෂන් ලිස්ට් එක දවස අන්තිමේ එළියට දැම්මා. රටේම අවධානය, සමාජ මාධ්‍ය අවකාශය බාර් ලැයිස්තුවට යොමු වුණා. 

කොහොම නමුත්, විපක්ෂයේ දක්ෂතම කථිකයෝ සේරම ආණ්ඩුවේ ‘ජාතිවාදී ලේබලයට උත්තර දෙන්න ගිහින් අපි ජාතිවාදී නෑ. ජාතිවාදී නෑ කියනවා ඇරෙන්න රටේ මිනිස්සුන් ලක්ෂයකට වඩා සෘජුව දැනෙන, සම්බන්ධ ප්‍රශ්න 21 ක ලිස්සලා ඇරියා. කොළඹ තානාපති කාර්යාල, යුරෝපා සංගමය, ජිනීවා, වොෂින්ටන් විතරක් නෙවෙයි, නවදිල්ලිය හා තමිල්නාඩුව ලංකාව ගැන කතා කරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, අදානි ගිවිසුමට වත් විපක්ෂයේ ප්‍රමුඛතාව ලැබුණේ නෑ. ශානක්‍යන් ගේ ‘පලාත් සභා ගුග්ලිය‘ උතුරේ පක්ෂවලට ලැබුණු ජනපති රැස්වීමේන් ආණ්ඩුව ලකුණු හයක් කර ගත්තා.

ආණ්ඩුව තමන්ට තියෙන සියළු අවාසිදායක තත්වයන් එකා පිටුපස එකා බැගින් සාමුහිකව තර්ක කරලා විපක්ෂය මතු කරන්න හදපු තර්කය සුක්ෂමව බිඳ දැම්මා.

තුන්වන දවස, විපක්ෂයට තනිකරම ඛෙදවාචකයක් වුණා. කබීර් හෂීම් හැර විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලා කාටවත් අලුත් දැනෙන දෙයක් කියන්න බැරි වුණා. 

 



ආණ්ඩුව විපක්ෂයේ කථිකයින්ගේ වැරදිච්ච වචන, උපක්‍රමශීලි ලෙස (අර්ථය) වෙනස් කළ යෙදුම් අරගෙන විපක්ෂයට ලැබුණු වෙළාවේ වැදගත්ම තර්ක උස්සලා පොලවේ ගැහුවා.

ඊටත් වඩා, ජවිපෙ ආණ්ඩුවේ අතීත කතා මතු කරන්න ගිහින් ඉල්ලගෙන කෑවා. (ජවිපෙ හි පෙර වැරදි මිනිස්සු ගනන් ගන්නවා නම් පාර්ලිමේන්තුවේ 70% බලයක් ලැබෙයිද?)

විපක්ෂය පාර්ලිමේන්තුවේ කාලය රටේ ප්‍රශ්න කතා කරන්න යොදා ගන්තේ නැත්තම්, 2011 එදා රනිල් වික්‍රමසිංහ ගේ විපක්ෂය අත්වූ ඉරණම සජිත් ප්‍රේමදාස ගේ විපක්ෂයට අත්වෙන්නට වැඩිකලක් යන එකක් නෑ.

පළමු වෙනි දින තුන ආණ්ඩුව උඩින්ම දිනුම්! විපක්ෂය...........  ආ එහෙම එකක් තිබුණද?


අගමැති සටන තියෙන්නේ හරිනි සහ සජිත් අතර - (රජිත් කීර්ති තෙන්නකෝන්)(රජිත් කීර්ති තෙන්නකෝන්) 
Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

rajith_tennakoon@yahoo.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...