The Leader News
BREAKING
Top Ad
විදේශ

ඊශ්‍රායලය දුන් ප්‍රාණ ඇපකරුවන් 34ක ලැයිස්තුවකට හමාස් අනුමැතිය

T

The Leader Desk

January 6, 2025 • 9:14 AM

ඊශ්‍රායලය දුන් ප්‍රාණ ඇපකරුවන් 34ක ලැයිස්තුවකට හමාස් අනුමැතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට සැරසේ.
  • ඒ අනුව, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත්ව, තිරසර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතු බවට ගිවිසුමකට එළඹිය යුතුයැයි ද හමාස් සංවිධානය පවසයි.
  •      මේ අතර, සති අන්තයේ, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි, පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති.
  • එහෙත්, සිය භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනීමේ පූර්ණ අයිතිය ඊශ්‍රායලය සතු බවත්, ඒ වෙනුවෙන් පූර්ණ සහාය දක්වන බවත්, එම කාර්යාල නිවේදනය  වැඩි දුරටත් කියා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):
එම සංවිධානය භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් 34 දෙනකු මුදා හැරීම වෙනුවෙන්, ඊශ්‍රායලය ඉදිරිපත් කළ නාම ලේඛනය, හමාස් සංවිධානය විසින් අනුමත කර තිබේ. 


එහෙත්, හමාස් සංවිධානය වෙතින් තමන් වෙත එවැනි, ලේඛනයක් ලැබී නැතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සැණින් කියා සිටියේය.

පසුව, හමාස් සංවිධානය විසින් නිදහස ලබා දෙන බවට අනුමත කරන ලද ප්‍රාණ ඇපකරුවන් 34 දෙනකුගේ නාම ලේඛනයක්, එම සංවිධානය විසින්, ඊයේ (05) රොයිටර්ස් පුවත් සේවය වෙත ඉදිරිපත් කළේය.

දෙපාර්ශ්වය අතර නව සටන් විරාමයකින් අනතුරුව, එම මුදා හැරීම් සිදු කිරීමට නියමිතය. ඒ අනුව, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත්ව, තිරසර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතු බවට ගිවිසුමකට එළඹිය යුතුයැයි ද හමාස් සංවිධානය පවසයි.   

 



මේ අතර, සති අන්තයේ, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි, පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඊශ්‍රායලය, ජාත්‍යන්තර නීතියට අනුගතව, සාමාන්‍ය සිවිල් වැසියන්ගේ ආරක්ෂාව උදෙසා මීට වඩා වැඩි යමක් සිදු කළ යුතු යැයි, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් කාර්යාලය අවධාරණය කරයි.

එහෙත්, සිය භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනීමේ පූර්ණ අයිතිය ඊශ්‍රායලය සතු බවත්, ඒ වෙනුවෙන් පූර්ණ සහාය දක්වන බවත්, එම කාර්යාල නිවේදනය  වැඩි දුරටත් කියා සිටී.   

(Reuters  ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...