The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

ජර්මන් මාධ්‍යවේදියා, චැනල් 4 හා රනිල් - (මහාචාර්ය නලින් ද සිල්වා)

T

The Leader Desk

October 5, 2023 • 8:34 AM

ජර්මන් මාධ්‍යවේදියා, චැනල් 4 හා රනිල් - (මහාචාර්ය නලින් ද සිල්වා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් ජාතිකවාදියකු වෙලා ද?
  • පඬි නැට්ටන් ජාතිකවාදය පරාජය වී ඇතැයි සතුටින් ඔල්වරසන් දුන්නත් නායකයකු නැතුවත් ජාතිකත්වය මෙරට ශක්තිමත්.
  • රනිල් මෙන් ම බටහිරයන් ද ඒ බව දන්නවා.
  • මහින්දත් 2005 දී ජාතිකත්වය දෙසට තල්ලු වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

රනිල් ජාතිකවාදියකු වෙලා ද? එහෙමත් නැත්තන් බටහිරයන් සිංහල ජාතිකවාදීන්ගේ පැත්තට ඇවිත් ද?  

බොහෝ ජාතිකවාදීන් මා මෙහි කියන දේ සමග එකඟ නො වේවි. කුරුන්දිය ගැන ලයිට් හවුස් කතා කී රනිල් පුරාවිද්‍යාව ගැන වෙන කතා කී රනිල් දායකයන්ගේ මුදලින් පැරණි සිද්ධස්ථාන නඩත්තු කළ නොහැකි යැයි කී රනිල් දෙමළ විසුරුණු ජනයා මගින් රට සංවර්ධනය කිරීමක් ගැන කතා කළ රනිල් ඇමරිකාවට ගිහින් එක් රැයකින් ජාතිකවාදියකු වී ද? 

Edmond Ranasinghe 01

එඩ්මන්ඩ් රණසිංහ උපහාර උළෙලේ දී

ඒ අතර කාදිනල්තුමා නැවත සිවුර හා ලෝගුව අතර සම්බන්ධය ගොඩ නැගීම ගැන කියනවා. මා දන්නේ නැහැ ඊයේ එඩ්මන්ඩ් රණසිංහ නම් ජාතිකවාදී මාධ්‍යවේදියාට රනිල් අතින් උපහාර පිරිනමණු ලැබුවා ද කියා. මෙරට ජාතිකත්වය වෙනුවෙන් මැතක දී ඉමහත් කාර්යභාරයක් කළ එක ම ජනමාධ්‍ය දිවයිනයි. ඒ එඩ්මන්ඩ් රණසිංහගේ මග පෙන්වීමෙන්. ඔහු දිවයිනෙන් ගියාට පසු ජාතිකත්වය වෙනුවෙන් ජනමාධ්‍යයක් නැති වුණා.  

ඒ කෙසේ වෙතත් මේ සිද්ධි අහඹු නො වෙයි. තනි තනි සිද්ධිත් නො වෙයි. ලබන වසර වන විට ජනාධිපතිවරණයක් තියන්න ඕන. අද ජාතිකත්ව කඳවුර තම ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගෙන නැහැ. රනිල් ඒ අපේක්‍ෂකත්වය බලාපොරොත්තු වන්නේ ද? පඬි නැට්ටන් ජාතිකවාදය පරාජය වී ඇතැයි සතුටින් ඔල්වරසන් දුන්නත් නායකයකු නැතුවත් ජාතිකත්වය මෙරට ශක්තිමත්. මැතිවරණ ජයග්‍රහණය කිරීමට ජාතිකවාදී ඡන්ද අවශ්‍යයි. රනිල් මෙන් ම බටහිරයන් ද ඒ බව දන්නවා. සරත් ෆොන්සේකා හා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණවලට ඉදිරිපත් කෙරුණේ එබැවින්.

අද බටහිරයන්ට අලුත් ජාතිකවාදී අපේක්‍ෂකයකු හොයනවාට වඩා පහසුයි ඉන්න රනිල් ම ජාතිකත්වයට තල්ලු කිරීම. ඇමරිකාවට ගිය රනිල්ට එහි දී ලැබුණු උපදෙස් මොනවා ද කියා ටිකෙන් ටික රනිල්ගේ වැඩවලින් අපට දැන ගන්නට ලැබේවි. රනිල් හා ජර්මන් ජනමාධ්‍යවේදියා අතර වු ඊනියා සංවාදයේ පිටපත කලින් ලියා තිබූ එකක් ද? එහෙම නම් දේශපාලනඥයාත් ජනමාධ්‍යවේදියාත් දක්‍ෂ නළුවන්. ඊළඟ ඔස්කාර් සම්මාන සඳහා යෝජනා කරන්න පුළුවන්. 




මා කියන්නේ නැහැ රනිල්ට ජාතිකවාදියකු වීමට නොහැකි ය කියා. මහින්දත් 2005 දී ජාතිකත්වය දෙසට තල්ලු වුණා. අවසානයේ දී කොටි සංවිධානය පරාජය කිරීමට නායකත්වයත් දුන්නා. එහෙත් මහින්ද බටහිර නියෝජිතයකු නො වෙයි. ඔහු ලයිට් හවුස් කතා කිව්වේ නැහැ. එහෙත් කොටි පරාජය කිරීමට ඔහුගේ සූදානමක් තිබුණේ නැහැ. අවසානයේ දී ඔහු එතැනට තල්ලු වුණා. පසුව බටහිරයන් ඔහු දේශපාලනයෙන් තල්ලු කළා. 

රනිල් බලයට පත්කෙරුණේ බටහිරයන් විසින්. ඉන්දියාව ද එයට සහාය දුන්නා. ඒ ජාතිකත්වය තර කිරීම සඳහා නම් නො වෙයි. දැන් අපේ ආර්ථිකය හැසිරවෙන්නේ ජාමුල විසින්. ජාමූල හා ආණ්ඩුව අතර ප්‍රශ්න තියෙනවා. ආණ්ඩුවට ජාමූල කොන්දේසි සියල්ලට ම එකඟ වන්න බැහැ. එහෙත් යම් ආකාරයක විසඳුමක් අවශ්‍ය වෙනවා රනිල් බලයේ තබා ගැනීමට. බටහිරයන් සජිත්ගේ හා රනිල්දාසගේ තරම දන්නවා. මෙරට ඉන්නේ වැඩ බැරි ටාසන්ලා බව අපට වඩා හොඳින් බටහිරයන් දන්නවා. ඔවුන් ටාසන් චිත්‍රපට නිෂ්පාදනය කර තියෙනවා.

ජනාධිපතිවරණය නොවැම්බරයේ !

ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට වලංගු ඡන්දවලින අඩුම තරමෙන් 50% ක් හා එක් ඡන්දයක් අවශ්‍යයයි. ජාතිකත්ව ඡන්ද නැතුව කිසිවකුට ජයග්‍රහණය කරන්න බැහැ. රනිල්ගේ ඊනියා ජාතිකත්ව නැඹුරුව මහින්දගේ වගේ නො වෙයි. මහින්ද ජාතිකත්වයට තල්ලු කෙරුණේ ජාතිකවාදීන් විසින්. රනිල් තල්ලු කෙරෙන්නේ බටහිරයන් විසින්. ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් රනිල් ජාතිකත්ව පැත්තට තල්ලු කරන්න ඕන බව බටහිර සැලසුම් කරුවන් දන්නවා. අප ඔවුන්ගේ සැලසුම් අනුව කටයුතු කරනවා. 

චැනල් 4 මුසා අතේ පත්තු වුණා. පඬි නැට්ටන්ට  ඒ ගැන කණගාටු ඇති. බටහිරයන්ට එය ප්‍රශ්නයක් නොවෙයි. පෙරළුණු පැත්ත ප්‍රයෝජනයට ගන්න ඔවුන් දන්නවා. චැනල් 4 ට දැන් විශ්වාසනීයත්වයක් නැහැ. රනිල් ලවා බටහිර රටක දී ම චැනල් 4ට හා මානව හිමිකම් කොමිසමට පහර දීම බටහිරයන්ට ප්‍රශ්නයක් නො වෙයි. අද බටහිරට අවශ්‍ය වන්නේ රනිල් මිස චැනල් 4 නො වෙයි. අද වීරයා විය යුත්තේ රනිල් මිස චැනල් 4 නොවන බව බටහිර සැලසුම්කරුවන්ට අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නැහැ.


Nalin De Silva 2 250x250(මහාචාර්ය නලින් ද සිල්වා)

(උපුටා ගැනීම - කාලය ෆේස්බුක් පිටුවෙන් ..)


සබැඳි ලිපි :
ජනපති සහ ජර්මනියේ Deutsche Welle සාකච්ඡාවේ සිංහල පරිවර්තනය මෙන්න 

දැන් කවුද ලිබරල්? - (එරන්ද ගිනිගේ)

ඇත්තටම 'හෙලාදැක්ක' උනත් තව ඉවසන්න තිබ්බ....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

රනිල් හරියට වෙනස් වෙලා.. - (චින්තන ධර්මදාස ගේ වීඩියෝවක්)

රනිල් ජර්මනියේ දී බටහිරට අභියෝග කරයි! - (සුවිශේෂ වීඩියෝවක්)

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...