The Leader News
BREAKING
Top Ad
පුවත්

හදිසි වෙඩිතැබීමකින් පොලීසියේ 4ක් මරුට!

T

The Leader Desk

December 25, 2021 • 4:51 AM

හදිසි වෙඩිතැබීමකින් පොලීසියේ 4ක් මරුට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ රාත්‍රී කාලයේ අදාල වෙඩිතැබීම කර ඇත්තේ තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට ම අනුයුක්ත පොලිස් සැරයන්වරයකු විසිනි.
  • මේ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරමින් පොලිස් මූලස්ථානය විසින් සඳහන් කර ඇත්තේ තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සිටි අදාල සැකකාර පොලිස් සැරයන්වරයා විසින් එම පොලිස් ස්ථානයේ ම සේවය කරමින් සිටි පොලිස් නිළධාරීන් පිරිසකට කළ වෙඩිතැබීමෙන් නිළධාරීන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.
  • වැඩිදුරටත් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙම වෙඩිතැබීමට හේතුවී ඇත්තේ, රාජකාරි නිවාඩු පිළිබඳ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම බවයි.
  • ඊයේ රාත්‍රියේ සිදුකළ එම වෙඩි තැබීමෙන් ඊයේම පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර අද උදෑසන තවත් එක් නිලධාරියෙක් මියගොස් ඇති බව පොලිසිය වාර්තා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):



ඊයේ රාත්‍රී කාලයේ අදාල වෙඩිතැබීම කර ඇත්තේ තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට ම අනුයුක්ත පොලිස් සැරයන්වරයකු විසිනි.

මේ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරමින් පොලිස් මූලස්ථානය විසින් සඳහන් කර ඇත්තේ තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සිටි අදාල සැකකාර පොලිස් සැරයන්වරයා විසින් එම පොලිස් ස්ථානයේ ම සේවය කරමින් සිටි පොලිස් නිළධාරීන් පිරිසකට කළ වෙඩිතැබීමෙන් නිළධාරීන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.

වැඩිදුරටත් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙම වෙඩිතැබීමට හේතුවී ඇත්තේ, රාජකාරි නිවාඩු පිළිබඳ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම බවයි.

ඊයේ රාත්‍රියේ සිදුකළ එම වෙඩි තැබීමෙන් ඊයේම පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර අද උදෑසන තවත් එක් නිලධාරියෙක් මියගොස් ඇති බව පොලිසිය වාර්තා කළේය.

මෙහිදී වෙඩිවැදී තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපති ඇතුළු තවත් දෙදෙනෙක් කල්මුණේ අෂ්රෝෆ් අනුස්මරණ රෝහල වෙත ඇතුළත් කර ඇත. අද මීට ස්වල්ප වෙලාවකට පෙර මියගොස් තිබුණේ මේ තිදෙනාගෙන් අයෙකු බව වාර්තා වේ.

පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් අයෙක් මේ වනවිට රෝහල්ගතව වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටින අතර අසාධ්‍ය තත්වයෙන් පසුවන බව ද වාර්තා වේ.

කෙසේ නමුත් මෙම වෙඩිතැබීමෙන් අනතුරුව අදාළ පොලිස් සැරයන්වරයා T56 ගිනිඅවි දෙකක් සහ පතුරම් ගැබ් 19 ක් සමග ඇතිමලේ පොලිස් ස්ථානය වෙත ගොස් භාර වී ඇතැයි ද වාර්තා වේ.

 

 
 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

 

බැසිල් රට ගිය රහස හෙළිවෙයි! | මොණරවිලගේ ලියමන

 

මහ රෑ හූ කෑ ඇමති රාජපක්ෂ පැන දුවයි! | The Leader TV | Gossip

.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...