The Leader News
BREAKING
Top Ad
පුවත්

මුදු ගිය 450 ක් පසුගිය මාස තුනට නාවික හමුදා දැලේ

T

The Leader Desk

July 6, 2021 • 4:29 AM

  මුදු ගිය 450 ක් පසුගිය මාස තුනට නාවික හමුදා දැලේ   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ වයස අවුරුදු 16 ත් 60 ත් අතර වයසේ පසුවන අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මන්නාරම, තලෙයිමන්නාරම, පුත්තලම, හලාවත, මීගමුව, කිළිනොච්චිය, මුලතිව් යාපනය, අනුරාධපුර, කෑගල්ල සහ මාතර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.
  • (සේයා - ශ්‍රී ලංකා නාවික හමුදාව) ########### දළදා පෙරහැටත් ඥානමෑණියන්ගේ පිහිටයි!
  • චීනයෙන් බැසිල්ට බාල්දියක් ?
අකුරු ප්‍රමාණය (Font Size):
2021 අප්‍රේල් මස පළමු දින සිට ජුනි මස තිස් වැනි  දින දක්වා ගතවූ මාස තුනක කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 442 ක් සහ ධීවර යාත්‍රා 153 ක් ඇතුළු ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කළ බවයි නාවික හමුදාව පවසන්නේ.
 
වලංගු ධීවර බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ නියැලීම, නීති විරෝධී දැල් භාවිත කිරීම, බලපත්‍ර රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකරමින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ නියැලීම, විදුලි ආලෝක ධාරා භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ නියැලීම, නීති විරෝධී කිමිදුම් කටයුතු සිදු කරමින් මූහුදු කූඩැල්ලන් ඇල්ලීම, අනවසර ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ නියැලීම යනාදී නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් මෙම පුද්ගලයන් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩි දුරටත් පවසයි.
 
 Malu 21.07.07
 
මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ වයස අවුරුදු 16 ත් 60 ත් අතර වයසේ පසුවන අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මන්නාරම, තලෙයිමන්නාරම, පුත්තලම, හලාවත, මීගමුව, කිළිනොච්චිය, මුලතිව් යාපනය, අනුරාධපුර, කෑගල්ල සහ මාතර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්මුණේ, පොතුවිල්, ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව්, කල්පිටිය, තලෙයිමන්නාරම, කිළිනොච්චි, මන්නාරම, කුච්චවේලි, නිලාවේලි, යාපනය, පේදුරුතුඩුව, කරෙයිනගර් සහ පුත්තලම යන ධීවර පරීක්‍ෂක කාර්යාල වෙතත්, අඩප්පන් හා ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙතත් භාරදුන් බව නාවික හමුදාව වැඩි දුරටත් නිවේදනය කර තිබේ.
 
(සේයා - ශ්‍රී ලංකා නාවික හමුදාව)
 
 
 
 
 
###########
 
දළදා පෙරහැටත් ඥානමෑණියන්ගේ පිහිටයි!
 

චීනයෙන් බැසිල්ට බාල්දියක් ? 
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...