The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පවුල් 46,000කට ආපසු යාමට නිවාස නැත | රොහාන් සමරජීව

T

The Leader Desk

March 5, 2026 • 6:54 AM

පවුල් 46,000කට ආපසු යාමට නිවාස නැත | රොහාන් සමරජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගේ සමාජ මාධ්‍ය ධාරාවන් පුරා ම නිවාස අහිමි වූ අය ගැන කතා ඇත.
  • සමාජ සත්වයින් ලෙස, අප සැකසුම් වී ඇත්තේ අනුකම්පා කිරීමට ය.
  • එසේ නොකරන අය සමාජ රෝගින් (sociopath) ලෙස හඳුන්වනු ලබති.
  • දැනුවත් වීමක් තිබිය යුතුය ආණ්ඩුවට අනුව, දිට්වා සුළි කුණාටුවේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් පවුල් 46,185 ක ළමුන් ඇතුළු පුද්ගලයින් 158,585 දෙනෙකුට නිවාස අහිමි වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් ඔවුන් ගාසා වලින් මිස ශ්‍රී ලංකාවෙන් නොවේ. එම ඡායාරූප බිහිසුණු ඒවා වන අතර කතා හද කම්පා කරවන සුළු වෙයි.

එසේ වුවත්, මේ ගැන වැලපෙන අයවලුන් තමන්ගේ ප්‍රෝෆයිලවල කොඩි පළ කිරීමට වඩා වැඩි දෙයක් අසරණයන් වෙනුවෙන් කරන්නේ නැත. සමාජ සත්වයින් ලෙස, අප සැකසුම් වී ඇත්තේ අනුකම්පා කිරීමට ය. එසේ නොකරන අය සමාජ රෝගින් (sociopath) ලෙස හඳුන්වනු ලබති.

සමීපයේ පවතින ප්‍රශ්න  

diq9c827rt9
බටහිර ආසියාවේ නිවාස අහිමි වූ බොහෝ අහිංසකයින්ට අමතරව, නොවැම්බර් මාසයේ දී නිවාස තිබූ නමුත් පසුගිය මාස තුන තුළ අන් අයගේ කරුණාව මත යැපීමට සිදු වූ බොහෝ දෙනෙක් අප ජීවත්වන ආසන්නයේ සිටිති. මෙහි දී, අපගේ අනුකම්පාව පළ කිරීමට අමතරව, අපට යමක් කළ හැකිය. නමුත් කුමක් කරන්නත්, අපගේ නිවාස නොමැති අය පිළිබඳ ප්‍රවෘත්ති පළ විය යුතුය. දැනුවත් වීමක් තිබිය යුතුය

ආණ්ඩුවට අනුව, දිට්වා සුළි කුණාටුවේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් පවුල් 46,185 ක ළමුන් ඇතුළු පුද්ගලයින් 158,585 දෙනෙකුට නිවාස අහිමි වී ඇත. මෙම සංඛ්‍යාවෙන් පවුල් 45,034 කට අයත් පුද්ගලයින් 155,182 ක් ඥාතීන් සහ මිතුරන් සමඟ රැඳී සිටිති. පවුල් 1,151 කට අයත් පුද්ගලයින් 3,403 ක් රජයේ මධ්‍යස්ථාන/කඳවුරුවල සිටිති. තවත් සමහරු කඳවුරුවලින් ඉවත් වූ අතර, කුලී නවාතැන් සඳහා ගෙවීමට මාස හයකට මසකට රුපියල් 25,000 ක් ලැබෙන බවට ඔවුන්ට සහතිකයක් ලැබිණි. ඔවුන් සියල්ලන්ට ම මුදල් ලැබී නැත.

dy66i57i

 

රජයේ පුවත්පතට අනුව, දිට්වා සහන සඳහා රුපියල් බිලියන 500 ක් අනුමත කර මාස දෙකකට පසුවත්, කුලී ආධාර සඳහා සුදුසුකම් ලත් අයගෙන්  සියයට 36.3 කට පමණක් (3,648) එම මුදල් ලැබී ඇත. සිලෝන් ඩේලි නිවුස් පුවත්පත ආඩම්බරයෙන් නිවේදනය කළේ රුපියල් 25,000 ක නිවාස පිරිසිදු කිරීමේ දීමනාව පවුල් 427,569 කට ලබා දී ඇති බව සහ එය නිර්වචනය නොකළ මුළු සංඛ්‍යාවකින් සියයට 98 ක් බව යි. ආපසු යාමට නිවාස නොමැති අයට නිවාස පිරිසිදු කිරීමේ දීමනාව නොලැබුණු බව උපකල්පනය කළ හැකිය.

මාස හයකට පසු කුලී ආධාර ලැබීම අවසන් වූ විට පවුල් 3,648 ට කුමක් සිදුවේද? ඉදිරි සති කිහිපය තුළ කුලී ආධාර ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන ඉතිරි පවුල් වලට වන්දි ගණන් කිරීමේ දිනය තවත් කල් යනවා විය හැකිය.

මාස තුනක් යනු දිගු කාලයකි

dfaaa
අවතැන් වූ දිට්වා වැසියන් මාස තුනක් තිස්සේ සිටින්නේ නිවාස නොමැතිව, යැපෙන්නන් ලෙස ය. අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් යුත් කාර්ය සාධක බලකා නිවාස අනුකමිටුව එක් වරක් පමණක් (පෙබරවාරි මාසයේ දී)  රැස්වී ඇති අතර එමගින් කිසිදු දත්තයක් හෝ නිර්දේශයක් මෙතෙක් ජනනය කර නොමැත. මේ කාලය වන විට, කඳවුරුවල සිටින පවුල් 1,000 කට වැඩි පිරිසකට සහ නායගිය කඳු බෑවුමකින් ගසාගෙන යාම නිසා නිවාස සහ ඉඩම් තවදුරටත් නැති අය වැනි දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දී සිටින උදවිය සඳහා තාවකාලික නිවාස ලබා දී තිබිය යුතුය.

ඇතැම් විට, භාවිතයට නොගත් ධාන්‍ය ගබඩා පහසුකම් ප්‍රසම්පාදනය කිරීමේ දී ඔහුගේ භූමිකාව නිසා චෝදනා එල්ල වී ඇප මත සිටින, දිගු කලකට පෙර විශ්‍රාමික භාණ්ඩාගාරයේ හිටපු ලේකම් චරිත රත්වත්තේගේ සිදුවීමේ අත්දැකීම නැවත ලැබීමට අකමැති විය හැකි බැවින්, අවතැන් වූ දිට්වා ජනතාවට තාවකාලික නවාතැන් පහසුකම් ලබා දීමට කිසිවෙකු ක්‍රියා කර ඇති බවක් පෙනෙන්නට නැත. අපගේ පරිපාලකයින් අතර බහුලව පැවති මෙවැනි මුලපිරීම් දැන් නතර වී ඇති බව පෙනෙන්නට තිබේ.

 

2025 12 02T171927Z 2056008683 RC248IARUO2S RTRMADP 3 ASIA WEATHER SRI LANKA

දිට්වා විනාශයෙන් මාසයකට පසු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද 25 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කාර්ය සාධක බලකායේ කාර්යය නිසි ලෙස ඉටු වන්නේ නැත. සෑම සාමාජිකයෙකුට ම වෙනත් රාජකාරි ඇති කාර්ය සාධක බලකායකට වේගයෙන් ක්‍රියාත්මක විය නොහැකිය. නිවාස අනුකමිටුව එක් වරක් පමණක් රැස්වී තිබීම බිය ජනක ය. කාර්ය සාධක බලකායට ප්‍රයෝජනවත් වීමේ හැකියාව ඇත. නමුත් ස්ථිර හෝ සංක්‍රාන්ති තමන්ගේ ම නිවාසවල පවුල් කීයක් නැවත පදිංචි කර තිබේද යන්න පමණක් ඔහුගේ කාර්ය සාධන දර්ශකය ලෙස සලකන තනි, උද්‍යෝගිමත් පුද්ගලයෙකු සිටිය යුතුය. කෙනෙකුට මතක් වන්නේ ජනාධිපති කුමාරතුංග මහත්මිය ඇගේ පළමු ධුර කාලය ආරම්භයේ දී ඇසුවායයි කියන "මගේ පාස්කි කොහෙද?" යන ප්‍රශ්නය යි.


වියදමට වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට නම්

diy56n56
දෙසැම්බර් මාසයේ දී අනුමත කරන ලද පරිපූරක ඇස්තමේන්තුව මගින් නිවාස ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 100 ක් වෙන් කරනු ලැබීය. තවත් අවශ්‍ය වනු ඇත. සමහර නිවාස සඳහා ප්‍රවේශ මාර්ග අවශ්‍ය වනු ඇත. සියල්ලට ම ජලය, අපවහන හා විදුලි සම්බන්ධතා අවශ්‍ය වනු ඇත. දෙසැම්බර් මාසයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තත්ත්ව වාර්තාවට අනුව විනාශ වූ බවට වාර්තා වූ නිවාස 5,354 සහ අර්ධ වශයෙන් හානි වූ බවට වාර්තා වූ නිවාස 81,625 න් අඩක් පමණ ඉහත වාර්තා වූ පවුල් සංඛ්‍යාවට එකතු විය යුතු ය.

ගොඩනැගීම් කළ හැකි ඉඩම් සොයා ගත යුතු ය (සමහර අවස්ථාවල දී අත්පත් කර ගත යුතු වෙයි). නිවාස නොමැති සමහරු තම නිවස තිබූ ඉඩම නැති වී ගොස් ඇති බව වාර්තා කරති. තවත් සමහරුන් වාර්තා කරන්නේ නායයෑම් අවදානම අඛණ්ඩව පවතින බැවින් ඔවුන්ගේ ඉඩම්වල ඉදිකිරීම් කළ නොහැකි බව යි.

ඉඩම් ගැටළුව විසඳුණු පසු නිවාස ඉදිකළ යුතු වෙයි. ක්ලින්කර් සිට සිමෙන්ති දක්වා සහ සෙවිලි තහඩු දක්වා බොහෝ ඉදිකිරීම් ද්‍රව්‍ය ආනයනය කරනු ලබන ඒවා ය. ටයිල් සඳහා ඵලදායී තීරුබදු අනුපාතය සියයට 100.63 ක් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (SSCL) වෙයි.වේ. ඇලුමිනියම් සම්බන්ධයෙන්, එය සියයට 81 ක් සහ සමාජ ආරක්ෂණ බද්ද යි. ඉදිකිරීම් ද්‍රව්‍ය වරායෙන් ඉවත් කරන විට පිරිවැය දෙගුණ වෙයි.

 

dit4n5

මෙම අධික මිල ගණන් සමඟ, අපේ තරුණ තරුණියන්ට නිවසක් හිමි කර ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට නොහැකි වී තිබේ. අසල්වැසි රටවල් සමඟ තරඟකාරිත්වයේ දී සංචාරක හෝටල් අඩපණ වී ඇත. දැන්, අවතැන් වූ දිට්වා ජනතාවට ලැබෙන්නේ මුදලට වඩා අඩු වටිනාකමක් ඇති නිවසකි.

වරාය හා ගුවන්තොටුපළ බද්ද (PAL) සහ සෙස් (CESS) වැනි අතුරු බදු ක්‍රමයෙන් ඉවත් කරන බවට 2026 අයවැය මඟින් පොරොන්දු විය. ජාතික තීරුබදු ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලය විසින් දැන් අනුමත කර ඇති නමුත් තවමත් ප්‍රසිද්ධ කර නැත. මෙම ලේඛනවල කුමක් සඳහන් වුවත්, හදිසි අවශ්‍යතාවය වන්නේ ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා අයකරන දඬුවම් අතුරු බදු ශුන්‍ය කිරීම යි. ක්‍රමයෙන් ඉවත් කිරීමක් නොවේ. ශුන්‍ය කිරීම යි.

ආරක්ෂණ බදු වල වාසිය භුක්ති විඳිමින් සිටි අය විරෝධතා දක්වනු ඇත. ආදායම් ඉලක්ක කෙරෙහි ඇතිවන ඍණාත්මක බලපෑම පිළිබඳව භාණ්ඩාගාර නිලධාරීන් කනස්සල්ල පළ කරනු ඇත. ඉදිකිරීම් ද්‍රව්‍ය මිල වහාම පහත හෙලීම සඳහා ප්‍රබල මහජන සහයෝගයක් නොමැති විට, ඔවුන් නැවතත් ජයග්‍රහණය කරනු ඇත.


කළ හැකි දේ
landslind 251212
ආපසු යාමට නිවාස නොමැති පවුල් 46,000 ක් ගැන සිතන්න. නිවාස වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා බලගතු නිලධාරීන් පත් කරන ලෙසට සහ එය ඔවුන්ගේ එක ම කාර්යය බවට පත් කිරීන ලෙසට රජයට බලපෑම් කරන්න. අතුරු බදු පිටුපස සිටින ආරක්ෂණවාදී බලවේග පරාජය කර, දිට්වා අවතැන් වූවන්ට පමණක් නොව, සියල්ලන්ට ම නිවාස ඉදිකිරීමේ පිරිවැය අඩු කරන්න.

ලොව පුරා නිවාස අහිමි වූ සැමට අනුකම්පා කරන්න. නමුත් ලඟපාත සිටින අපේ අයගේ අසරණ බව අමතක නොකරන්න. ඊළඟ වාරයේ ඒ අප විය හැකිය

Rohan Samarajiva(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  
rohan@lirneasia.net

Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva

https://www.linkedin.com/in/rohan-samarajiva-39199918/
Most recent publication: https://journals.sagepub.com/doi/full/10.1177/14614448221143428
Most recent book: https://www.idrc.ca/en/book/infocus-information-lives-poor-fighting-poverty-technology

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පවුල් 46,000කට ආපසු යාමට නිවාස නැත | රොහාන් සමරජීව | The Leader