The Leader News
BREAKING
Top Ad
පුවත්

ආන්දෝලනාත්මක සීනි ගැසට්ටුව තවත් මාස 6 කට දීර්ඝ කරයි !

T

The Leader Desk

April 17, 2021 • 1:12 PM

ආන්දෝලනාත්මක සීනි ගැසට්ටුව තවත් මාස 6 කට දීර්ඝ කරයි !      

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 13 දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සීනි ආනයනයේදී ගෙවිය යුතු විශේෂ භාණ්ඩ ආනයනය බද්ද ශත .25 දක්වා අඩුකරන ලදී.
  • මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තොග වෙළෙඳ සංගමය ප්‍රකාශයකු සදහන් කළේ මේ සම්බන්ධයෙන් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති නිසා එම නඩුව අවසන් වනතුරු රජය බදු වෙනස් කිරීමට කටයුතු කර නොමැති බවයි.
  • THE LEADER TV අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය !
අකුරු ප්‍රමාණය (Font Size):
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 13 දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සීනි ආනයනයේදී ගෙවිය යුතු විශේෂ භාණ්ඩ ආනයනය බද්ද ශත .25 දක්වා අඩුකරන ලදී.
 
මෙම බද්දේ වාසිය මහජනතාවට නොලැබුණු බවට විපක්ෂයෙන් මෙන්ම ආණ්ඩුවේ පාර්ශවවලින්ද දැඩි විවේචනයක් එල්ලවිය. 
 
මේ නිසාම රජය පසුගිය ජනවාරි 13 දින සිට නැවතත් අප්‍රේල් 13 දක්වා ශත .25 හේ බද්ද අය කිරීම සඳහා නැවතත් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර නැවතත් පසුගිය 13 දා සීනි ඇතුලු තවත් භාණ්ඩ කිහිපයකම ආනයනය බද්ද ශත .25 ලෙස නියම කර ඇත. 
 
අදාල ගැසට් නිවේදනය මාස හයක කාලයක් සඳහාම වලංගු වන බව සටහන් කර ඇත. 
 
සීනිවලට අමතරව ලොකු ලූණු, පරිප්පු සඳහාද  ශත .25 බද්ද වලංගු වේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තොග වෙළෙඳ සංගමය ප්‍රකාශයකු සදහන් කළේ මේ සම්බන්ධයෙන් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති නිසා එම නඩුව අවසන් වනතුරු රජය බදු වෙනස් කිරීමට කටයුතු කර නොමැති බවයි.

WhatsApp Image 2021 04 17 at 5.54.07 PM

WhatsApp Image 2021 04 17 at 5.54.08 PM

 

 
THE LEADER TV 
 
 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...