The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
පුවත්

මාරාන්තික නව කොරෝන වයිරස ප්‍රභේද 6ක් ලංකාවේ !

T

The Leader Desk

May 10, 2021 • 6:50 AM

මාරාන්තික නව කොරෝන වයිරස ප්‍රභේද 6ක් ලංකාවේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර පර්යේෂණ කණ්ඩායම විසින් රට තුළ පැතිරෙන කොරෝනා ප්‍රභේද හයක් දැනට සොයාගෙන ඇති බව වාර්තා වේ.
  • ඊට B 1.617 ඉන්දියන් ප්‍රභේදය ද B 1.351 දරන දකුණු අප්‍රිකානු ප්‍රභේදය ද ඇතුළත්ය.
  • ඒ වඩාත්ම භයානක බ්‍රිතාන්‍ය ප්‍රභේදය වන B 1.1.7 අමතරවය.
  • දූපත් රාජ්‍යක් වන ශ්‍රී ලංකාවට මෙම ප්‍රභේද ඇතුල්වීමට රාජපක්ෂවරුන්ගේ නොසැකිළිමත් පාලනය වගකිය යුතු බවට විපක්ෂය චෝදනා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර පර්යේෂණ කණ්ඩායම විසින් රට තුළ පැතිරෙන කොරෝනා ප්‍රභේද හයක් දැනට සොයාගෙන ඇති බව වාර්තා වේ.
 
ඊට B 1.617  ඉන්දියන් ප්‍රභේදය ද B 1.351 දරන දකුණු අප්‍රිකානු  ප්‍රභේදය ද ඇතුළත්ය. මෙම ප්‍ර‌භේද දෙකම සිග්‍රයෙන් පැතිරෙන ප්‍රභේද දෙකකි. ඒ වඩාත්ම භයානක බ්‍රිතාන්‍ය ප්‍රභේදය වන B 1.1.7 අමතරවය.
 
දූපත් රාජ්‍යක් වන ශ්‍රී ලංකාවට මෙම ප්‍රභේද  ඇතුල්වීමට රාජපක්ෂවරුන්ගේ නොසැකිළිමත් පාලනය වගකිය යුතු බවට විපක්ෂය චෝදනා කරයි. සංචාරක ව්‍යාපාරය පණ ගැන්වීමට යැයි කියා ගෙන්වූ යුක්රේනියානුවන්ද ඉන්දියානුවන්ද මගින් මෙම ප්‍රභේද මෙරටට ඇතුළුවන්නට ඇතැයි ඔවුන් පවසති.
 
රාජපක්ෂවරුන් දිගටම උත්සාහ කළේ පැනි සහ මුට්ටි මගින් වසංගතය මැඩපවත්වන බවට ව්‍යාජ අදහසක් රටෙහි ඇති කිරීමටය. 
 
ලංකාවට එන්නත් අවශ්‍ය නැතැයි කී වාසුදේව නානායක්කාර වැනි ලැජ්ජා නැති දේශපාලඥයෝ පෝලිම් පැන ජනතාවට කලින්ම  එන්නත් ලබා ගත්හ.
 
රාජපක්ෂවරුන් එන්නත් ලබා ගත්තේ කවරදාක දැයි පෙන්වන කිසිදු ජායාරූපයක් නැත්තේ සියල්ලන්ටම කලින්  හොර රහසේ එන්නත ලබාගත් නිසාය යන සැකයද ජනතාව අතර පැතිරයමින් තිබේ.
 
e4132e2fa6ec904a4923d6c051abf200 XL
 
ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය විද්‍යා අංශයට අනුව වඩාත්ම වේගයෙන් ව්‍යාප්ත වන සහ මාරාන්තික B 1.1.7 ප්‍රභේදය කොළඹ, කළුතර, මහනුවර, කුරුණෑගල, පොලොන්නරුව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වලින් සොයාගෙන ඇත.
 
B 1.428 යනුවෙන් හඳුන්වන ඩෙන්මාර්ක් /යුරෝපීය ප්‍රභේදයක් යාපනය නල්ලූර් පොකුරකින්ද B 1.525 නයිජීරියන් ප්‍රභේදය කළුතර බණ්ඩාරගමින් සහ කොළඹින් සොයාගත් බව වාර්තා කරයි.
 
කොළඹ නවලෝක රෝහලේ සාම්පල තුළ B 1.617 ඉන්දියන් ප්‍රභේදය ද B 1.351 දකුණු අප්‍රිකානු ප්‍රභේදය ද හමු වී ඇත.
 
කොළඹ සහ මඩකලපුව ප්‍රදේශවල PCR සාම්පල තුළ B 1.411 යනුවෙන් හදුන්වන ශ්‍රී ලාංකික ප්‍රභේදය හමුවී තිබේ.
 
පසුගිය අප්‍රේල් 30 වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමට ලැබුණු PCR සාම්පලවලින් මෙම තොරතුරු සොයාගෙන තිබේ. 
 
අප්‍රේල් 8 වෙනිදා බ්‍රිතාන්‍ය ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වන බව සිය පර්යේෂණ තුළින් දැනගත් වහාම තමන් තැති ගැන්මට පත් වූ බව ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කර තිබුණි. 
 
මෙම තොරතුරු ලැබුණු වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධන බලකායට වාර්තා කිරීමට පර්යේෂණ කණ්ඩායම කටයුතු කර තිබුණි. 
 
එහෙත් පසුගියදා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මෙම නව ප්‍රභේදය පිළිබඳව අප්‍රේල් අග වන තුරුත් පර්යේෂණ කණ්ඩායම ස්ථිරව යමක් ප්‍රකාශ නොකළ බවයි.
 
එසේ නමුත් ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය විද්‍යා අංශය මගින් නිකුත් කරන ලද නිවේදනය මගින් ඉහත කී තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ.
 
hdfg 
 
 
(Sri Lanka Brief - srilankabrief.org)

 

 


 

THE LEADER TV
 

එන්නත් විදීම බරපතල අවුලක - බලවතුන් 100ක් හිරගෙට යයි!

 

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාරාන්තික නව කොරෝන වයිරස ප්‍රභේද 6ක් ලංකාවේ ! | The Leader