The Leader News
BREAKING
Top Ad
පුවත්

මාස 6කට පසු ඉහළ ශ්‍රේණි සිසුන් අද පාසල්වලට - විභාග ගැන තීන්දුවක් !

T

The Leader Desk

November 8, 2021 • 3:27 AM

මාස 6කට පසු ඉහළ ශ්‍රේණි සිසුන් අද පාසල්වලට - විභාග ගැන තීන්දුවක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා එම ශ්‍රේණිවල සිසුන්ගේ මව්පියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන් වෙනුවෙන් පාසල් සූදානම් කර ඇති බැවින් දරුවන් පාසැල් වෙත යොමු කරන ලෙසයි.
  • සිසුන් පාසල් නාවොත් කරන දේ අධ්‍යාපන අමාත්‍යංශය කියයි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ගේ පැමිණීම අනුව දැනට නියම කර ඇති විභාග නියමිත දිනවලට පෙර පැවැත්වීමට ඉඩ ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
  • එම ශ්‍රේණිවලට අදාළ පන්ති පවිත්‍ර කිරීමේ කටයුතු පසුගිය දිනවල පැවැති අතර විශේෂයෙන් එම පවිත්‍ර කටයුතු සඳහා දහතුන ශ්‍රේණියේ දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ පැමිණීම සතුටුදායක තත්ත්වයක නොපැවැති බව වාර්තා වී තිබේ.
  • මේ වන විට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ උසස් පෙළ විභාගය ලබන වසරේ (2022) පෙබරවාරි මාසයේ ද සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේද පැවැත්වීමය.
අකුරු ප්‍රමාණය (Font Size):

 


අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා එම ශ්‍රේණිවල සිසුන්ගේ මව්පියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන් වෙනුවෙන් පාසල් සූදානම් කර ඇති බැවින් දරුවන් පාසැල් වෙත යොමු කරන ලෙසයි.
 

fgdgrtrt

 
සිසුන් පාසල් නාවොත් කරන දේ අධ්‍යාපන අමාත්‍යංශය කියයි

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ගේ පැමිණීම අනුව දැනට නියම කර ඇති විභාග නියමිත දිනවලට පෙර පැවැත්වීමට ඉඩ ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙවර විභාගයට පෙනී සිටින එකොළහ ශ්‍රේණියේ සහ දහතුන ශ්‍රේණීයේ දරුවන්ගේ පාසල් පැමිණීමේ තොරතුරු අද සිට දින පතා ලබා ගැනීමට ද අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දරුවන් පාසල් නොපැමිණෙන්නේ නම් විභාග පැවැත්වීම සඳහා තවත් කල් ගත කිරීම අවශ්‍යතාවක් නැත යන්න අමාත්‍යාංශයේ අදහසවී තිබේ.

එම ශ්‍රේණිවලට අදාළ පන්ති පවිත්‍ර කිරීමේ කටයුතු පසුගිය දිනවල පැවැති අතර විශේෂයෙන් එම පවිත්‍ර කටයුතු සඳහා දහතුන ශ්‍රේණියේ දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ පැමිණීම සතුටුදායක තත්ත්වයක නොපැවැති බව වාර්තා වී තිබේ.

මේ වන විට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ උසස් පෙළ විභාගය ලබන වසරේ (2022) පෙබරවාරි මාසයේ ද සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේද පැවැත්වීමය.

කෙසේ වුව ද මෙම විභාග දෙකම එකම කාලවකවානුවක පැවැත්වීම සම්බන්ධයෙන්ද අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබිණි.

 

 

 

 


 

THE LEADER TV

 
 
සංඝක්කාරලා පිටියට කැඳවයි ! | මොණරවිලගේ ලියමන
 

 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන |
 

  
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාස 6කට පසු ඉහළ ශ්‍රේණි සිසුන් අද පාසල්වලට - විභාග ගැන තීන්දුවක් ! | The Leader