The Leader News
BREAKING
Top Ad
පුවත්

අවුරුදු 6ක දැරියක් පියාගෙන් වෙන්කර රඳවාගෙන සිටින බවට චෝදනා !

T

The Leader Desk

November 29, 2021 • 5:03 AM

අවුරුදු 6ක දැරියක් පියාගෙන් වෙන්කර රඳවාගෙන සිටින බවට චෝදනා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රදේශවාසින් පවසන්නේ ග්‍රාම නිලධාරිවරයා සහ පොලීසිය දැරියගේ පියා සමග ඇති පෞද්ගලික වෛරයක් මත මෙම ක්‍රියාව සිදු කර ඇති බවයි.
  • මෙම දැරියගේ මව පවුල අතහැර ගොස් ඇති අතර දැරිය සිය පියා සමග නිවසේ සිටි කාලයේ දී පාසල් ගොස් තිබේ.
  • එහෙත් මේ වනවිට දැරිය ළමා නිවාසයක සිටින අතර පාසල් ගමන ද නැවතී ඇත.
  • මංචනායක යන අයගේ දැනුම්දීම හා ප්‍රකාශ මත මෙම දැරිය සම්බන්ධව ඇය නිත්‍යානුකුලව කටයුතු කර ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රදේශවාසීන් චෝදනා කරති.

ප්‍රදේශවාසින් පවසන්නේ ග්‍රාම නිලධාරිවරයා සහ පොලීසිය දැරියගේ පියා සමග ඇති පෞද්ගලික වෛරයක් මත මෙම ක්‍රියාව සිදු කර ඇති බවයි.

මෙම දැරියගේ මව පවුල අතහැර ගොස් ඇති අතර දැරිය සිය පියා සමග නිවසේ සිටි කාලයේ දී පාසල් ගොස් තිබේ. එහෙත් මේ වනවිට දැරිය ළමා නිවාසයක සිටින අතර පාසල් ගමන ද නැවතී ඇත.

මාරවිල පොලීසියේ කාන්තා පොලිස් පරීක්ෂක අයිරාංගනී පවසන්නේ, කටුනේරිය ග්‍රාම නිළධාරිනී එම් .ජී.ඩී .එස්. ලක්ෂ්මී මදුරාවල, නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම්  කාර්‍යාලයයේ ළමා හිමිකම් නිළධාරිනි  එස්.එම්. ඒ. අයි. මංචනායක යන අයගේ දැනුම්දීම හා ප්‍රකාශ මත මෙම දැරිය සම්බන්ධව ඇය නිත්‍යානුකුලව කටයුතු කර ඇති බවයි.

 

පියා විසින් මෙම දරුවාගෙන් ලිංගික අවශ්‍යතා ඉටු කරවා ගන්නා බවට ඉහත රාජ්‍ය නිලධාරීන් විසින් පොලිසිය වෙත කරුණු ඉදිරිපත් කර ඇතත් එවැනි කිසිඳු අකාරයේ ලිංගික අපයෝජනයක් සිදු වී නොමැති බවට වෛද්‍ය වාර්තා වලින් තහවුරු වී ඇතැයි දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින 'එක්සත් මානව හිමිකම් සංවිධානය' පවසයි.

 

ඉහත නිලධාරීන්ට අමතරව දැරියගේ මවගේ මිතුරියක වන දේවිකා ප්‍රියදර්ශනී ප්‍රනාන්දුය නැමැති කටුනේරිය පදිංචි කාන්තාවක් ද පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.

2021.09.21 පොලිසිය වෙත කට උත්තර ලබා දුන් දේවිකාද , 2021.09.15 පොලීසියට විස්තර සැපයූ මංචනායක සහ මදුරාවල යන අය ද මෙම දැරිය ළමා නිවාසයකට යොමු කරවූයේ දැරියගේ සහ පියාගෙ පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත්වන බව පවසමින්, අධිකරණය හමුවේ සිටි නීතිඥවරියක් බවට දැරියගේ පියා දිවුරුම් ප්‍රකාශයක් මගින් කියා සිටී.



අසල්වාසීන් ද මෙම දරුවට අසාධාරණයක් වී ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ මුදාහැර තිබේ.

තවද මේ වන විට මෙම දැරියගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිලි තුනක් යොමුවී ඇති බව පවසන 'එක්සත් මානව හිමිකම් සංවිධානය', දැරියගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මැදිහත්වන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාගේ විශේෂ ඉල්ලීමක් ද කර තිබේ.


Gallery Gallery Gallery

 



(උපුටා ගැනීම් - gagana.lk)



පිළිතුරුදීමේ අයිතිය :
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගන්නා තර ඊට නිසි ප්‍රචාරයක් ලබාදීමටද සහතික වෙමු.

සංස්කාරක:
විද්‍යුත් ලිපිනය leadernews.lk@gmail.com




THE  LEADER  TV

 


අපමණ ගලියක් ගොඩ අදී ! | මොණරවිලගේ ලියමන

 

 

සෑර් ගිනස් පොතට ! | මොණරවිලගේ ලියමන

 



සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න !

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...