ඊයේ දිනයේදී රටවල් 30ක සමාඅනුග්‍රාහයෙන් ගෙන එනු ලැබූ 60/L/1 යෝජනාව හරහා ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා බල කරමින් යෝජනාවක් සම්මත විය.
ඒ සඳහා ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්විය යුතු බව සිවිල් සංවිධානවල මතයයි.
එහෙත් ශ්‍රී ලංකාව මෙවැනි අවස්ථාවලදී පවසන පරිදි ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් අභ්‍යන්තර යාන්ත්‍රණ හරහා ගැටලුව විසඳා ගන්නා බවත්, බාහිර අතපෙවීම් අනවශ්‍ය බවත් ප්‍රකාශ කරනු ලබයි. මෙම රජයද එම ස්ථාවරයේ සිටිමින්, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් සැසිවාරය ආරම්භයේදීත්, එක්සත් ජාතීන්ගේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කරන හිමාලි අරුණතිලක ඊයේ දිනයේදී යෝජනාව ඉදිරිපත් වූ මොහොතේදී ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් බාහිර බලපෑම් අනවශ්‍ය බව ප්‍රකාශ කරමින් යෝජනාව ප්‍රතික්ෂේප කරන ලදී.

සංහිඳියා යාන්ත්‍රණය අතිශය ඛේදජනකයි !
*රට තුළ ඇතිකළ සංහිඳියා යාන්ත්‍රණ නිසි නායකත්වයක් නොමැතිකමින් සියල්ල බිඳ වැටී ඇත..
*හානිපූර්ණ කාර්යාලයට සභාපතිවරයෙක් හා සාමාජිකයන් නොමැතිව මාස 3ක්..
නමුත් ශ්‍රී ලංකාව තුළ පවතින සංහිඳියා යාන්ත්‍රණවල තත්ත්වය අතිශය ඛේදජනක බව පැවති පැවසිය යුතුය.
අතුරුදහන් වූවන්ගේ කාර්යාලය වින්දිතයන්ගේ ගැටලු නිසි ලෙස අවබෝධ කර ගනිමින් කටයුතු කරන බවක් නොපෙනේ.

හානිපූර්ණය සදහා කාර්යාලයේ සභාපති ඇතුළු සාමාජිකයන්ට පත්කිරීම මාස තුනක් ගොස් ඇතත් තවමත් සිදුකර නොමැත. ව්‍යවස්ථාදායක සභාව විසින් අයදුම්පත් කැඳවා, සම්මුඛ පරීක්ෂණ සිදුකර නාමයෝජනා ජනාධිපතිවරයාගේ යොමු කර ඇතත් තවමත් කිසිවෙකු පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර නොමැත.
ජාතික සමඟිය හා සංහිතය කාර්යාංශය සේවක හිගය නිසා දැඩි පීඩනයකට පත්වී ඇති අතර පසුගියදා එහි සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියක්, වැඩ බැලීම සඳහා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමටද සිදුවිය. එම ආයතනය සඳහා නිසි නායකත්වයක් නොලැබීම මත, කිසිදු අරමුණකින් තොරව නාමික ආයතනයක් ලෙස කාලයක් තිස්සේ පැවතීම, මෙම රජය යටතේ ද ඉදිරියට යෑම පුදුම සහගතය.
මීට අමතරව සත්‍ය හා සංහිඳියා කොමිසමක් ස්ථාපනය කිරීමත්, වගවීමේ යාන්ත්‍රණය ස්ථාපනය කිරීම සඳහාත් රජයට කටයුතු කිරීමට ඉදිරියේදී සිදුවනු ඇත.
තවද පළාත් සභා මැතිවරණය පැවැත්වීම ආදී සුවිශේෂී කාරණා රාශියකට රජයට මැදිහත්වීමට සිදුවේ.
එම නිසා රජය විසින් හැකි ඉක්මනින් මේ සඳහා නියමිත සම්බන්ධීකරණයක් සිදුකළ හැකි ආකාරයේ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කළ යුතු බව සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ මතයයි.
සබැඳි පුවත් :
ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවලිය සහ ශ්‍රී ලංකාව දැක්වූ දැඩි ප්‍රතිචාරය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවෙන් ලංකාවට දැඩි තරවටුවක්!




