The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අනිවාර්යයෙන් ම කියවිය යුතු ලිපියක් : කොරෝනා වලින් මියගිය බොහෝ දෙනෙක් 60 පැනපු අය : මහළු අය සියල්ලන්ම පූර්වාරක්ෂාව සලසාගත යුතු ද? (VIDEO)

T

The Leader Desk

March 29, 2020 • 7:01 AM

අනිවාර්යයෙන් ම කියවිය යුතු ලිපියක් : කොරෝනා වලින් මියගිය බොහෝ දෙනෙක් 60 පැනපු අය : මහළු අය සියල්ලන්ම පූර්වාරක්ෂාව සලසාගත යුතු ද? (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදුවූ පළමු මරණය ඊයේ (29) රාත්‍රියේ වාර්තා විය.
  • අදාළ පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන්ගෙන් ද පෙළුණු බවට වාර්තා වෙයි.
  • 79 හැවිරිදි බාබරා ෆොක්ස් ඇමරිකාවේ නිව්ජර්සිහි  ප්‍රින්ස්ටන් වල වෙළදසැල් හතරකටම ගියේ ටින්කල ආහාර, කඩදාසි ටවල්, නැවුම් පලතුරු, යෝගට් සහ තවත් ද්‍රව්‍ය මිලදී ගැනීමටය.
  •  මේ ක්‍රියාව ඇගේ දුව වන සුසානා අනුමත නොකරන බව බාබරා දැන සිටියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොරෝනා ආසාදිතව කොළඹ අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබේ.

ඔහු මාරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

අදාළ පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන්ගෙන් ද පෙළුණු බවට වාර්තා වෙයි.

 

මහළු අය සියල්ලන්ම පූර්වාරක්ෂාව සලසාගත යුතු ද?

Call to focus on wellbeing of older people during Covid-19 ...

79 හැවිරිදි බාබරා ෆොක්ස් ඇමරිකාවේ නිව්ජර්සිහි  ප්‍රින්ස්ටන් වල වෙළදසැල් හතරකටම ගියේ ටින්කල ආහාර, කඩදාසි ටවල්, නැවුම් පලතුරු, යෝගට් සහ තවත් ද්‍රව්‍ය මිලදී ගැනීමටය.  මේ ක්‍රියාව ඇගේ දුව වන සුසානා අනුමත නොකරන බව බාබරා දැන සිටියාය. ගෙදරටම වෙලා ඉන්න එකේ අවශ්‍යතාවය සහ පුළුවන් තරම් අනිත් අයගෙන් ඈත්වෙලා සිටීම ගැන සුසානා, හොඳ සෞඛ්‍යයෙන් පසුවන්  සිය  මවට කියන්නේ සති ගණනක ඉඳලයි.

අදාළ රූපය

මේ පියවරම තමයි ඇමරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ කේන්ද්‍ර(Centers for Disease Control and Prevention ) නිර්දේශ කරන්නේ. ඊට හේතුව වශයෙන් දක්වන්නේ වයස අවුරුදු 60 හෝ ඊට වැඩි අය කොවිඩ් 19 නිසාවෙන් ඇතිවන සංකූලතා ඇතිවීමේ අධික අවදානමකින් යුක්ත වීමය.

 ප්‍රශ්නය වන්නේ මෙයයි. නව කොරෝනා වෛරසය තවමත් පුළුල් ලෙස පැතිරෙන්නට පටන් නොගත් ප්‍රදේශ වලදී පවා CDC අනුමත කරන මාදිලියේ පූර්වාරක්ෂාවන් ඇත්තෙන්ම අවශ්‍ය වනවාද? අවුරුදු හැට ගණන්වල හැත්තෑ ගණන්වල රෝගවලින් තොර වැඩිහිටියෝ ගැන මොකද කියන්නේ.

අවන්හලකට යෑම ගැන නැතිනම් රාත්‍රී භෝජනයකට මිත්‍රයෙකුගේ නිවසට යාම ගැන ඔවුන් විමසිලිමත් විය යුතු ද? සියලු බාහිර කටයුතු අමනෝඥද?

 

''සියළු වැසියන් නිවෙස් තුළට වී සිටිය යුතුයි''

මේ සම්බන්ධයෙන් Kaiser Health News මාධ්‍යවේදිනී ජුඩිත් ග්‍රැහැම්, වෘද්ධ චිකිත්සාවේදීන්(geriatricians) කිහිප දෙනෙකුගේම උපදෙස් පැතුවා. ඒ හැමදෙනාම අනතුරු ඇඟෙව්වේ, කලින් සිතා ගත නොහැකි සිදුවීම් වල හේතුවෙන් ඒ අය කියන දේවල් උඩුයටිකුරු වෙන්න පුළුවන් කියලයි.

ඇත්ත වශයෙන්ම පහුගිය සතියේ (මේ ලිපිය පළ වූයේ මාර්තු 24දා. අනතුරුව CDC නවතම උපදෙස් එකතු කරණු පිණිස 27දා යාවත්කාලීන කෙරිණ – සංස්කාරක) ඇමරිකාවේ ජනපද කිහිපයකම ආණ්ඩුකාරවරුන් කියා සිටියේ හුදෙක් වයස්ගත වැඩිහිටියන් පමණක් නොවේ සියළු වැසියන් නිවෙස් තුළට වී සිටිය යුතු බවයි.

මෙය  මදක් දැඩි පියවරක් ලෙස පෙනුණත් පැහැදිලිවම ඒ ක්‍රියාමාර්ගය කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමේ ප්‍රයත්නයකින් පැන නැග්ගක්. මෙහි දැක්වෙන්නේ සාධාරණ යයි වෘද්ධ චිකිත්සවේදීන් පවසන දෑ සහ මේ මොහොතේ එසේ ක්‍රියා කළ යුත්තේ මන්ද යන්නයි.

“වයස්ගත වැඩිහිටියන් සතුව ඇත්තේ අඩු ශක්තියකින් යුත් ප්‍රතිශක්ති පද්ධතියක් වන අතර ඔවුනට කොරෝනා වෛරසයට එරෙහිව ශක්තිමත් ප්‍රතිචාරයක් ගොඩනැගීමට ඇති හැකියාව අඩුය”

 

වාසි අවාසි දැනගනිමු :

වර්තමානයේ සිදු කෙරෙන අනතුරු ඇඟවීම් සඳහා පදනම් කරගෙන ඇත්තේ මුලින් චීනයෙන් ලද දත්තය. ඉන් කියැවුණේ කොවිඩ් 19 හේතුවෙන් සිදු වූ මරණ අතරින් සියයට 80%ක් වයස අවුරුදු 60 සහ ඊට වැඩි අය යනුවෙනි.

එක්සත් ජනපදයෙන් ලද අලුත්ම දත්ත CDC  පසුගිය සතියේ ප්‍රකාශයට පත් කෙරිණ. ඒ වන විට දැනසිටි කොවිඩ් – 19 ආසාදිතයන් 4,226ක්ගෙන් වයස 60 සහ ඊට වඩා ජනතාව, මරණයට පත් අය අතුරෙන් සියයට අසූවක්(80%) ලෙස ද,  දැඩි සත්කාර ඒකක වලට ඇතුළත් කෙරුණු අය අතරින් 53% ක් ලෙස ද රෝහල්වලට ඇතුළත් වූ 45% ක් ලෙස ද දැක්විණ. වැඩිම දරුණු විපාක අත් පත් වූයේ වයස අවුරුදු 85 ක් හෝ වැඩි පිරිසටය.

චීනයේ මෙන්ම එක්සත් ජනපදය සහ අනෙකුත් රටවලින් ලද දත්ත පෙන්නුම් කරන්නේ හෘදයාබාධ, දියවැඩියාව වකුගඩු අමාරු සහ පෙනහළු රෝග වැනි ලෙඩ රෝග සහිත ජනතාව සහ දුර්වල ප්‍රතිශක්ති කරන පද්ධති සහිත ජනතාව දැඩිව රෝගී වීමට හැකි අතර ආසාදිත වුවහොත් මරණයට පත්වීම හැකි බවයි.

 එම රෝගීන් බැහැරට නොගොසින් නිවෙස් තුලටම වී ඉතා දැඩි පූර්වාරක්ෂක ක්‍රම භාවිතා කළ යුතු බව CDCය නිර්දේශ කරනවා.

Old man lying in bed sleepless, holding hand against forehead, bad ...

 

මෙතෙක් නොදන්නා දේ !

කොවිඩ් 19 හේතුවෙන් චීනය සහ අනෙකුත් රටවල  මියගිය වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විස්තරාත්මක තොරතුරු  තවම දැනගන්නට නැත. “මේ වගේ තොරතුරු මේ මොහොතේ අපට තවම ලැබී නැහැ” යයි  සැන්ප්‍රැන්සිස්කෝවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ වෘද්ධචිකිත්සවේදීය සායන වැඩපිළිවෙළෙහි සහාය ප්‍රධානී, ආචාර්ය කාර්ලා පෙරිසිනෝටෝ ප්‍රකාශ කරයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සැබෑ අවදානම් ගැන, අවදානමේ  සැබෑ ස්වරූපය ගැන සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් පවතී.

''කෙසේ වෙතත් එක දෙයක් පැහැදිලිය:
වයස්ගත වැඩිහිටියන් සතුව ඇත්තේ අඩු ශක්තියකින් යුත් ප්‍රතිශක්ති පද්ධතියක් වන අතර ඔවුනට කොරෝනා වෛරසයට එරෙහිව ශක්තිමත් ප්‍රතිචාරයක් ගොඩනැගීමට ඇති හැකියාව අඩුය.''

 

වඩාත් පරිස්සමින් ක්‍රියා කිරීම

(රෝගීන්) පරීක්ෂාව සීමිතව පැවතීම හේතුවෙන් රට පුරා ප්‍රජාවන් අතර කොරෝනා වෛරසය සංසරණය වන මට්ටම ගැනද අවිනිශ්චිතතාවයක් පවතිනවා. සමහරුන් තුළ රෝග ලක්ෂණ වර්ධනය නොවේ. තවත් සමහර අය රෝග ලක්ෂණ පෙන්නුම් කරන තුරුම තමන්ට රෝගය ආසාදිත වී ඇති බව අවබෝධ කර නොගනී.

දොර අගුලක හෝ වෙළඳසැලක කවුන්ටරයක වගේ තද පෘෂ්ඨයක් මත පැය 72 දක්වා කාලයක් පැවතිය හැකි කොවිඩ් 19 වෛරසය,  මේ දෙපාර්ශ්වයම මගින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්ප්‍රේෂණය කරනු ලැබිය හැකිය.

 වෛරසය ජනතාව අතර පැතිරී ඇති ප්‍රමාණය ගැන  දැනගැනීමට ලැබී ඇත්තේ සුළු වශයෙන් නිසා, එවැනි අවින්ශ්චිත තත්ත්වයක් හමුවේ,  බොහෝ වෛද්‍යවරුන් කියාසිටින්නේ පරිස්සම වඩා යෝග්‍ය බවයි.

Older people are at higher risk for the coronavirus: CDC says to ...

විසි වසරක පළ පුරුද්දක් සහිත වෘදවේදී විශේෂඥයෙකුවන මයිකල් වැසමාන් ගේ 82 හැවිරිදි මව මෑතක නිතර නිතර ඔහුට කතා කරමින් කොවිඩ් – 19  ගැන ප්‍රශ්න අහනවා.

“මගේ මල්ලිත් එක්ක මං රෑ කෑමකට රෙස්ටොරන්ට් එකකට යන්න ද?“

වැසමාන් : “හනේ එපා. මේ දවස් වල වයසක අයට යන්න තියන භයානකම තැනක් තමයි රෙස්ටොරොන්ට්”

“බෙහෙත් වගයක් ගන්න තියෙනවා. ෆාමසියට යන්න ද?“

වැසමාන්:  “නෑ නෑ. ෆාමසිවලට, දොස්තර සාප්පුවලට යන්නම නරකයි. ඒවායේ දී ළඟපාත ඉන්නේ ලෙඩ වෙච්ච අයනේ”.

“එතකොට ග්‍රොසරියට ගියාට කමක් නැද්ද?”

වැසමාන්: “නෑ. ඕන නෑ. ටෙලිෆෝන් කරල ගෙදරට ගෙන්න ගන්න”.

හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසු වන හැට හැවිරිදි වැසමාන් තමන්ටම නම් ඒ තරම් සීමා පණවා ගන්නෙ නෑ. “ඇවිදින්න යන්න හිතුනොත් මං යනව. ඒකත් මේ වෙලාවේ පුළුවන් නම් කරන්න හොඳ වැඩක්නෙ. හැබැයි ඉතින් පරෙස්සම් වෙන්න ඕන කියලා මං දන්නවා”.

“මෙවැනි මහා වසංගතයකදී වාද විවාද වලට පැටලෙමින් හිතුවක්කාර නොහික්මුණු විලාසයෙන් හැසිරෙනවට වඩා තමන් ද ආරක්ෂාව සලසාගමින්, අනුන්ගේ ආරක්ෂාව ද සලසන අන්දමට ක්‍රියා කිරීම  යහපති”

මේ කාරණාවේදී වැසමාන් දරන අදහසේම තවත් වෛද්‍යවරු ගණනාවක්ම ඉන්නවා. සාන්ත ලුවිස් විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාලයේ වෘදවේදී මහාචාර්ය ජෝන් මොර්ලි ඉන් එක්කෙනෙක්.

“මේ කාරණාවේදී සලකා බලන්න කියලා මං මිනිස්සුන්ට කියන්නේ ඔබ හිතන්න ඕන ඔබ කොපමණ වයස ද යන්නට වඩා කොච්චර සෞඛ්‍ය සම්පන්න ද යන්නයි” ; වයස්ගත වැඩිහිටියන්ට යෝග්‍ය  වඩාත් ආරක්ෂාකාරී පිළිවෙත කුමක්දැයි අසන ලදුව ටෙක්සාන් විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්යවරයකු වන පෝල් මේටම් කියාසිටින්නේ යහපැවැත්මට ඉවහල් වන සාධක කෙරෙහි සැලකිල්ල යොමුකරන ලෙසයි.

Does Everyone Over 60 Need To Take The Same Coronavirus ...

එකක් පැහැදිලිය: මෙවැනි මහා වසංගතයකදී වාද විවාද වලට පැටලෙමින් හිතුවක්කාර නොහික්මුණු විලාසයෙන් හැසිරෙනවට වඩා තමන් ද ආරක්ෂාව සලසාගමින්, අනුන්ගේ ආරක්ෂාව ද සලසන අන්දමට ක්‍රියා කිරීම  යහපති.

මෙය අදාල වන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක් නොවේ සැමටමය.

අනෙක් අතට  රජයෙන්, සෞඛ්‍ය අංශවලින්, වෙනත් නිල මාර්ගවලින් දෙන උපදෙස් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ද නොවලහා අනුගමනය කළ යුතුය. නොහික්මුණු ගතියෙන් ක්‍රියා නොකළ යුත්තේ තරුණ පිරිස් පමණක් නොවේ!

  (WebMD හී පළ වූ (මෙම ලිපිය මුලින් ලියා ඇත්තේ KAISER HEALTH NEWS වෙබ් අඩවියටය)  Do All Seniors Need Same Coronavirus Precautions? යන  ලිපිය ඇසුරෙන් තතු කණ්ඩායම විසින් සම්පාදනය කරනු ලැබුවකි.

 

මේ වීඩියෝ එකත් අවසන් වෙනතුරුම බලන්න

 

 

සබැඳි විශේෂාංග :

කොරෝනා වසංගතයේ පීඩනය දරා ගන්නේ කොහොමද? - ඔබත් කියවිය යුතුම ලිපියක්....  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...