The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
පුවත්

'රණවිරුවන් රැකගන්න' ජාතික සංවිධාන 65ක් දිලිත් සමග එකඟ වෙයි

T

The Leader Desk

August 29, 2024 • 5:14 PM

'රණවිරුවන් රැකගන්න' ජාතික සංවිධාන 65ක් දිලිත් සමග එකඟ වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සත්‍ය සෙවීමේ කොමිසම් පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව පවසමින්,
  • මොවුන්ට බිලියන් ගණන් සල්ලි දෙන්නේ කවුද?.
  • එක දවසට රැස්වීම් 3ක් තියන්න සල්ලි දෙන්නේ කවුද ?.
  • මානසික සහනයක් නැත්නම් ඒ දූෂිත දේශපාලනඥයින් ගැන සෙවිය යුතුයි." "ඊයේ පෙරේදා දම්පාටින් ආපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වැනි පිටුවේ සඳහන් වෙනවා...
අකුරු ප්‍රමාණය (Font Size):

එය පරාජය කිරීම සඳහා වන එකඟතා ලියවිල්ලකට සර්වජන බලය සහ ජාතික සංවිධාන 65ක නියෝජිතයින් අද (29) අත්සන් තැබීය.

ඒ, සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීය.

ආරක්ෂක හමුදා සාමාජිකයින් යුධ අධිකරණයට ගෙනයන මෙහෙයුම පරාජය කිරීම තේමා කරගත් එකඟතා ලියවිල්ලකට සර්වජන බලය සහ ජාතික සංවිධාන නියෝජිතයින් අත්සන් තැබුවේ නුගේගොඩ පැවති උත්සවයකදීය.

මේ අතර, ජාතික සංවිධාන එකමුතුවේ හැට වැදෑරුම් සමාජ සම්මුතිය සහ ආරක්ෂක හමුදාවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයාම වැළැක්වීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සකස් කළ 'රණවිරු විත්ති වාචිකය' එහිදී සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර වෙත පිළිගැන්වුණි.

මෙහිදී අදහස් දැක්වූ සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර,


යුද විරුවන්ට සුද්දන් ලවා දඬුවම් කරවන්න හදනවා ..

"මේ කොමිසම පිහිටුවීමට ඔන්න මෙන්න තිබියදී මට ජනපති අපේක්ෂකයෙක් වීමට ලැබීම ගැන මම හිතන්නේ ජාතියෙන් මට ලැබුණු වගකීම හැටියට. තමන්ගේ පැවැත්ම සඳහා ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම් නායකයන් සියලුම දෙනා අපි හෙළිදරව් කළ යුතුයි. මොවුන්ට බිලියන් ගණන් සල්ලි දෙන්නේ කවුද?. එක දවසට රැස්වීම් 3ක් තියන්න සල්ලි දෙන්නේ කවුද ?. තමන්ගේ ජීවිතය පරදුවට තැබූ සොල්ලාදුවාට අද නින්දට යන්න විදියක් නැත්නම්... මානසික සහනයක් නැත්නම් ඒ දූෂිත දේශපාලනඥයින් ගැන සෙවිය යුතුයි."

"ඊයේ පෙරේදා දම්පාටින් ආපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වැනි පිටුවේ සඳහන් වෙනවා... 'සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ ක්‍රියාකාරීත්වය පුළුල් කිරීම..' පුළුල් කරන්නේ මොකටද? යුද විරුවන්ට සුද්දන් ලවා දඬුවම් කරවන්න. මම ඉතාම වගකීමෙන් කියනවා... මගේ ජීවිත කාලය තුළ රණවිරුවන් රැකීමට සියලුදේ කරනවා."
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...