The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

සේනක බටගොඩ: 'අපි කවුරු ද?' ඇතුළු වාරණයට ලක්වූ රසික හදවත් පිනවූ ගීත 7ට කුමක් වෙයි ද?

T

The Leader Desk

April 3, 2024 • 4:36 PM

සේනක බටගොඩ: 'අපි කවුරු ද?' ඇතුළු වාරණයට ලක්වූ රසික හදවත් පිනවූ ගීත 7ට කුමක් වෙයි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආදරය දිනා සිටි සංගීත ශිල්පියෙකි.
  • දැවැන්ත රසික ආකර්ෂණයක් හිමි කර ගත්, ඔහු ගැයූ ගීත 7ක් සම්බන්ධයෙන් අප්‍රේල් 03 වන දා වාරණ නියෝගයක් නිකුත් කෙරිණි.
  • ජනත් කුලතිලක සංගීත නිර්මාණයට දායක වූ බව කියන ගීත 7ක් වෙනුවෙන් බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු කර්තෘ භාගය නොගෙවූ බවට වන චෝදනා යටතේ එම ගීත මින් ඉදිරියට ගායනා කිරීම වළක්වමින් ගායන ශිල්පී සේනක බටගොඩට එරෙහිව එම වාරණ නියෝගය නිකුත් කෙරිණි.
  • එසේ ම, ජනත් කුලතිලක නමැති පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශවයක් වෙත පැවරීම වළක්වමින් ද වාණිජ මහාධිකරණය වාරණයක් නිකුත් කර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආදරය දිනා සිටි සංගීත ශිල්පියෙකි.

දැවැන්ත රසික ආකර්ෂණයක් හිමි කර ගත්, ඔහු ගැයූ ගීත 7ක් සම්බන්ධයෙන් අප්‍රේල් 03 වන දා වාරණ නියෝගයක් නිකුත් කෙරිණි.

කොළඹ මහාධිකරණය විසින් එම වාරණ නියෝගය නිකුත් කළේ, 'අපි කවුරු ද', 'අපි සැනසිල්ලේ', 'රස්තා', 'අළු යට ගිනි', 'හීනවලට පණක් තිබෙනවා', 'හොඳ ම දේ' හා 'සැනසෙන්නම්' යන ගීත 7 සම්බන්ධයෙනි. 

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම වාරණ නියෝගය නිකුත් කළේ, ජනත් කුලතිලක නමැත්තෙකු විසින් ගොනු කළ නඩුවක් විභාගයට ගනිමිනි.

ජනත් කුලතිලක සංගීත නිර්මාණයට දායක වූ බව කියන ගීත 7ක් වෙනුවෙන් බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු කර්තෘ භාගය නොගෙවූ බවට වන චෝදනා යටතේ එම ගීත මින් ඉදිරියට ගායනා කිරීම වළක්වමින් ගායන ශිල්පී සේනක බටගොඩට එරෙහිව එම වාරණ නියෝගය නිකුත් කෙරිණි.

එසේ ම, ජනත් කුලතිලක නමැති පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශවයක් වෙත පැවරීම වළක්වමින් ද වාණිජ මහාධිකරණය වාරණයක් නිකුත් කර තිබිණි.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා තිබුණේ, අදාළ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපළ හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝණය කළ නොහැකි හිමිකමක් වන බවත් සේනක බටගොඩ විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපළ හිමිකම උල්ලංඝණය කරනු ලැබ ඇති බවත් ය.

මෙම නඩුව 2024 අප්‍රේල් 16 වන දා යළි කැඳවීමට නියම කෙරිණි.

'ගීත නිර්මාණය කිරීමට බුද්ධිමය වශයෙන් දායක වුණා' - ජනත් කුලතිලක

තමන් අදාළ ගීත නිර්මාණය කිරීම සඳහා බුද්ධිමය දායකත්වයක් ලබා දුන් බව සංගීත ශිල්පියෙකු වන ජනත් කුලතිලක පවසයි.

ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වන හෙයින් වැඩි දුර අදහස් පළ කළ නොහැකි බව ය.


සේනක බටගොඩගේ කළමනාකරු පළ කළ අදහස්

මේ සම්බන්ධයෙන් සේනක බටගොඩගේ පාර්ශවයෙන් අදහස් විමසීමේදී ඔහුගේ කළමනාකරු බීබීසී සිංහල සේවයට පැවසුවේ, "ජනත් කුලතිලක කළේ කී බෝර්ඩ් වාදනය කිරීම පමණක්" බව ය.

එහෙයින්, අදාළ ගීත වෙනුවෙන් කර්තෘ හිමිකම් ඉල්ලා සිටීම පිළිගත නොහැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්, අදාළ ගීත සඳහා පැනවුණු වාරණ නියෝගය මෙතෙක් ලිඛිතව තමන්ට ලැබී නොමැති බවත්, එය අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසීය.

ඒ අනුව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සංගීත සංදර්ශනවලදී අදාළ ගීත ගායනා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

zdfst4සේනක බටගොඩ යනු ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයක ම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි සංගීත ශිල්පියෙකි


අදාළ ගීත 7ට කුමක් වෙයි ද?

ශ්‍රී ලංකාවේ වත්මන් බුද්ධිමය දේපළ පද්ධතිය පාලනය කරනු ලබන්නේ, විවිධ ආකාරයේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහ ඒවායේ උපාර්ජනය, කළමනාකරණය සහ බලාත්මක කිරීම සඳහා විධිවිධාන සලස්වා ඇති 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත මගිනි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බුද්ධිමය දේපළ පනතට 2021 සහ 2022 වසරවල සංශෝධන දෙකක් බලාත්මක කර තිබේ.

ඒ අනුව, ගීතයක අයිතිය පද රචකයා, ගායකයා සහ සංගීත නිර්මාණ ශිල්පියා යන පාර්ශව තුනට ම හිමි වන බවත්, එම පාර්ශව තුනට ම සම සේ කර්තෘ භාගය බෙදිය යුතු බවත් නියෝග කර ඇතැයි ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක බීබීසී සිංහල සේවයට පැවසීය.

ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය පවසන පරිදි, 'බුද්ධිමය දේපළ' සාම්ප්‍රදායිකව කොටස් දෙකකට බෙදේ.

(1) නව නිපැයුම් සඳහා පේටන්ට් බලපත්‍ර, වෙළඳ ලකුණු සහ සේවා ලකුණු. කාර්මික සැලසුම් සහ භූගෝලීය දර්ශක අන්තර්ගත කාර්මික දේපළ.

(2) ශාස්ත්‍රීය හා කලාත්මක කෘති ආවරණය කරන ප්‍රකාශන අයිතිය ප්‍රාසාංගික කලාකරුවන්ගේ, ශාබ්දික පටිගත කිරීම් හෝ තැටිගත කිරීම් නිෂ්පාදකයන්ගේ සහ විකාශන සංවිධානවල අයිතිවාසිකම් සම්බන්ධිත අයිතිවාසිකම් හෝ සමීපස්ථ අයිතිවාසිකම්.


මෙම නීති ප්‍රකාරව අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් වාරණ නියෝගයට අනුකූලව කටයුතු කිරීමට සේනක බටගොඩ පාර්ශවයට සිදු වන බව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක පැවසීය.

ඒ අනුව, අදාළ ගීත 7 ප්‍රසිද්ධියේ ගායනා කිරීම සහ ඉන් මුදල් ඉපයීම වාරණයට ලක් වනු ඇත.

ඊට අමතරව, එම ගීත වෙනත් පාර්ශව වෙත පැවරීම ද නොකළ යුතු ය.

"බුද්ධිමය දේපළ සම්බන්ධ නඩුවකින් පැමිණිලි පාර්ශවය ජය ගත්තොත්, ඔහු තමන්ට වූ අලාභය පෙන්වා දී ඇති ආකාරයට විත්තිකාර පාර්ශවය කර්තෘ භාගයක් පැමිණිලිකරුට ගෙවිය යුතු යි. ඒක තීරණය වෙන්නේ, පැමිණිලිකරු අධිකරණය ඉදිරියේ තහවුරු කරන මුදල් ප්‍රමාණය මත යි."

fdsgsg


රසිකයින්ට වන බලපෑම

මෙම වාරණ නියෝගය අනුව නඩු විභාගය අවසන් වී තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ ගීත සජීවීව රස විඳීමේ අවස්ථාව රසිකයින්ට අහිමි වනු ඇත.

එම ගීතවලට ප්‍රිය කරන රසිකයෙකු ෆේස්බුක්හි පළ කර තිබූ අදහසක සඳහන් වූයේ, 'ඒ හැම සින්දුවක් ම ගොඩක් ලස්සන යි. ඒවා අපට ආයෙ අහන්න වෙන එකක් නෑ,' යනුවෙනි.

කෙසේ වෙතත්, දැනට යූටියුබ් ඇතුළු මාධ්‍යවල පළ කර ඇති ගීත රස විඳීමට රසිකයින්ට බාධාවක් ඇති නොවනු ඇතැයි ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ ය.

(BBC සිංහල සේවය)
 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...