The Leader News
BREAKING
Top Ad
පුවත්

අම්මයි අනියම් සැමියයි එකතුවී අවුරුදු 7ක දැරිය ‘පණ පිටින්’ වළලලා

T

The Leader Desk

September 9, 2022 • 5:28 AM

අම්මයි අනියම් සැමියයි එකතුවී අවුරුදු 7ක දැරිය ‘පණ පිටින්’ වළලලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අත්හැර දැමූ පතල් වළකට දෑමීමක් සම්බන්ධයෙන් පෙරේදා (සැප්.
  • පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි දෙල්වල පොලිසිය කියයි.
  • එම අපරාධය සම්බන්ධව පොලිසිය රත්නපුර අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණ නියෝග අනුව එම දැරියගේ මළ සිරුර ඉදිරි දිනයකදී ගොඩ ගැනීමට නියමිතව ඇති බව දෙල්වල පොලිසිය කියයි.
  • මැල්සිරිපුර ප්‍රදේශයේ පාසලක දෙවන වසරේ ඉගෙනුම ලැබූ හංසිකා හර්ෂණී කුමාරි නමැති දැරිය එසේ මියගොස් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අත්හැර දැමූ පතල් වළකට දෑමීමක් සම්බන්ධයෙන් පෙරේදා (සැප්. 7) පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි දෙල්වල පොලිසිය කියයි.

එම අපරාධය සම්බන්ධව පොලිසිය රත්නපුර අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණ නියෝග අනුව එම දැරියගේ මළ සිරුර ඉදිරි දිනයකදී ගොඩ ගැනීමට නියමිතව ඇති බව දෙල්වල පොලිසිය කියයි.

මැල්සිරිපුර ප්‍රදේශයේ පාසලක දෙවන වසරේ ඉගෙනුම ලැබූ හංසිකා හර්ෂණී කුමාරි නමැති දැරිය එසේ මියගොස් ඇත.

 

එම ඝාතනයට සැකපිට කාන්තාවන් දෙදෙනෙකු දෙල්වල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරියන් අතර මියගිය දැරියගේ 29 හැවිරිදි මවත් තිස් හැවිරිදි ගැබිනි කාන්තාවකුත් සිටින බව දෙල්වල පොලිසිය කියයි.

 

තිස් හැවිරිදි හා තිස් දෙහැවිරිදි අඹු-සැමි යුවළක් ද එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත. එම සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත් පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකාරියනුත් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අඹු-සැමි යුවළත් එක ගෙයි පවුල් කෑ උදවිය බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ප්‍රදේශයෙන් පළා ගොස් ඇති ප්‍රධාන සැකකරු බවට සැක කරන පුද්ගලයා ස්ත්‍රී දූෂණ, ළමා අතවර, පුද්ගලයන්ට ඇසිඩ් ගැසීම්, සොරකම්, නීති විරෝධී මත්පැන් ජාවාරම වැනි දරුණු ගණයේ අපරාධ ගණනාවකට චෝදනා ලද්දෙකි. මේ වන විටත් එම චෝදනාවලට අධිකරණ ගණනාවක එම නඩු විභාගවෙමින් පවතින බව පොලිසිය සඳහන් කරයි.

 

අත්අඩංගුවට ගැනීමට නියමිත එම ඝාතනයේ ප්‍රධාන සැකකරු යුද්ධ හමුදාවෙන් පළා ආ අයෙකි. එම සැකකරුගේ නීත්‍යනුකූල බිරියට පුතකු සිටින බවත් අනියම් බිරියන් දෙදෙනාගෙන් එක් අයෙකු ගැබිනියක බවත් අනිත් තැනැත්තිය ප්‍රධාන සැකකරු සමග දීග කෑමට පැමිණි එක් දරු මවක බවත් පොලිසිය පවසයි.

 

මියගිය දැරියගේ මව බව කියන සැකකාරිය මැල්සිරිපුර ප්‍රදේශයේ කාන්තාවකි. එම සැකකාරිය පසුගිය ජූලි මාසයේදී මැල්සිරිපුර පොලිසියට ගොස් තම දියණිය දෙල්වල ප්‍රදේශයේ සිටියදී අතුරුදන්ව ඇති බවත් කැලණිය ප්‍රදේශයේ සිටින පුද්ගලයෙකු දැරිය රැගෙන යන්නට ඇති බවත් පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මැල්සිරිපුර පොලිසිය එම පැමිණිල්ල පිළිබඳව තම පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව කළ පොලිස් පරීක්‍ෂණවලදී එම ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

සැකකාරිය මැල්සිරිපුර පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් දැරිය රැගෙන ගිය බව කියන පුද්ගලයා පොලිසියට කැඳවා ප්‍රශ්න කර ඇත. එහිදී එම දැරිය එම පුද්ගලයා විසින් පැහැරගෙන ගොස් නැති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ අනුව, දෙල්වල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අමල් කීර්ති ට ඇති වූ සැකය මත එම කාන්තාවගෙන් දිගින් දිගට ම ප්‍රශ්න කිරීමේදී ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

එහි ප්‍රධාන සැකකරුගේ බිරිය දිනක් නිවසට රැගෙන ආ පැණි වළලුවලින් එකක් දැරිය ආහාරයට ගත් අවස්ථාවේ සැකකරු දැරියට පහර දී ඇත. පසුව සැකකරුගේ හය හැවිරිදි පුත්‍රයා දිලිසෙන ගලක් වැනි දෙයක් සඟවා තැබීමට උත්සහ කර ඇත. එවිට එම දැරිය එම ගල ඉවතට ගෙන වීසි කළ බව පවසමින් පසුගිය හය මසකට පමණ පෙර දැරියට සැකකරු විසින් වද දෙමින් අමානුෂිකව පහරදුන් බවට සැකකාරියගෙන් දිගින් දිගට ම කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

පහර දීමෙන් අනතුරුව දැරිය අසාධ්‍ය තත්ත්වයෙන් පසුවී ඇත. එම අවස්ථාවේ තම අනියම් සැමියා (ප්‍රධාන සැකකරු) තමාගේ කසිප්පු ඇල්ලීමට පොලිසිය පැමිණෙන නිසා වහා දැරිය රැගෙන කැලයට යන ලෙස උපදෙස් දුන් නිසා පහර කෑමට ලක්ව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ දැරිය රැගෙන කැලයට රිංගා සිටියදී තම ඔඩොක්කුවේදී දැරිය මියගිය බවට සැකකාරිය පොලිසියට කළ පාපෝච්චාරණයෙන් හෙළි වූ බව පොලිසිය පවසයි.

පසුව දැරියගේ සිරුර පොහොර කවරයකට දමා මීටර් තුන්සියයක් පමණ දුරක තිබූ අතහැර දැමූ මැණික් පතලක් අසලට ප්‍රධාන සැකකරු විසින් ඔසවාගෙන රැගෙන ගොස් ඇත. ඉන් අනතුරුව සිරුර දැමූ කවරයට ගල් දමා පතල් වළට දමා වසා දැමූ බවත් එම අවස්ථාවට සැකකරුගේ නීත්‍යනුකූල බිරිය ත් තමනුත් සම්බන්ධ වූ බවත් සැකකාරිය (මියගිය දැරියගේ මව) පැවැසූ බව පොලිසිය කියයි.

එම අවස්ථාවේ ප්‍රධාන සැකකරුගේ අනියම් ගැබිනි බිරිය ත් නිවසේ සිට අපරාධය සිදුවන ස්ථානයට කිසිවෙකු ඇතුළු වනවාදැයි කියා ඔත්තු බලා ඇති බව සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා සිටි බව ත් දැරිය සිහිසුන්ව සිටියදී එසේ වළ දමා ඇත්දැයි සැකයට තුඩුදෙන කරුණක් බව ත් පොලිසිය පවසයි.

දැරිය මරා දමා වළ දැමුවා යැයි කියන ස්ථානයට මේ වනවිට පොලිස් ආරක්‍ෂාව යොදවා ඇත.


(mawbima.lk: සිසිර පීල්ලදෙණිය – පල්ලේබැද්ද)

 

ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහා ම, 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියෙකුගේ යුතුකම ඉටු කරන්න.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...