The Leader News
BREAKING
Top Ad
පුවත්

අන්තරේ පා ගමන : සිසුහු 7 ක් අත්අඩංගුවට

T

The Leader Desk

October 18, 2022 • 4:54 PM

අන්තරේ පා ගමන : සිසුහු 7 ක් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා එම ශිෂ්‍ය බල මණ්ඩලය අද (18) පස්වරුවේ කැලණි විශ්ව විද්‍යාලයේ සිට විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබිණ.
  • ඒ අවස්ථාවේදී පොලීසිය විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ මාර්ගය අවහිර නොකරන ලෙසයි.
  • එහිදී උණුසුම් තත්ත්වයක් හටගත් අතර සරසවි 07 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
  • මේ පිළිබඳව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම පා ගමනට පොලීසියෙන් අවසර ගෙන නොතිබූ අතර රටේ නීතිය ක්‍රියාත්මක කිරීම මර්දනයක් නොවන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 


ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා එම ශිෂ්‍ය බල මණ්ඩලය අද  (18) පස්වරුවේ කැලණි විශ්ව විද්‍යාලයේ සිට විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබිණ.

කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත සරසවි සිසුහු කොළඹ - නුවර මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කළහ. ඒ අවස්ථාවේදී පොලීසිය විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ මාර්ගය අවහිර නොකරන ලෙසයි.

එහිදී උණුසුම් තත්ත්වයක් හටගත් අතර සරසවි  07 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මේ පිළිබඳව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම පා ගමනට පොලීසියෙන් අවසර ගෙන නොතිබූ අතර රටේ නීතිය ක්‍රියාත්මක කිරීම මර්දනයක් නොවන බවයි.

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...