The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

71 අරගලය පිළිබඳ නොබැලූ පැතිකඩක්..! - (රන්ජන සේනානායක)

T

The Leader Desk

April 9, 2023 • 8:00 AM

71 අරගලය පිළිබඳ නොබැලූ පැතිකඩක්..! - (රන්ජන සේනානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ අස්සක් මුල්ලක් නෑර ඔවුන් ප්‍රසිද්ධියක් ඉසිලූවේ එසේය.
  • එසේත් නැත්නම් "කල්ලි කාරයින්" ලෙසය.
  • ඊට පරිබාහිරව මේ කැරලි කරුවන් නැත්නම් කල්ලි කාරයින් ගොඩනැගීමට උත්සාහ කලේ "සමාජවාදී සමාජයක්" හෝ ඔවුන් විසින් දරනු ලැබූයේ මාක්ස්වාදී න්‍යාය බවටවත් එකල ලාංකිකයින් අතිබහුතරය තබා එම කැරැල්ලට සහභාගිවූ වැඩිදෙනා පවා දැනසිටියාද යන්න සැකසහිතය.
  • ඔවුන්ගේ පරමාදර්ශී චරිතය බවට පත්වී තිබුනේද "චේ ගෙවාරා" මිස කාල් මාක්ස් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රටේ අස්සක් මුල්ලක් නෑර ඔවුන් ප්‍රසිද්ධියක් ඉසිලූවේ එසේය. එසේත් නැත්නම් "කල්ලි කාරයින්" ලෙසය. ඊට පරිබාහිරව මේ කැරලි කරුවන් නැත්නම් කල්ලි කාරයින් ගොඩනැගීමට උත්සාහ කලේ "සමාජවාදී සමාජයක්" හෝ ඔවුන් විසින් දරනු ලැබූයේ මාක්ස්වාදී න්‍යාය බවටවත් එකල ලාංකිකයින් අතිබහුතරය තබා එම කැරැල්ලට සහභාගිවූ වැඩිදෙනා පවා දැනසිටියාද යන්න සැකසහිතය.

 

මේ කැරලිකරුවන් බොහෝදෙනා නැඹුරුව සිටියේ "කියුබානු" පන්නයේ විප්ලවයක් සිදුකිරීමටය. ඔවුන්ගේ පරමාදර්ශී චරිතය බවට පත්වී තිබුනේද "චේ ගෙවාරා" මිස කාල් මාක්ස් නොවේ.

Revolucion Cubana Fidel Castro 7 678x381

කියුබානු විප්ලවය

 

එසේම 1060 සහ 70 දශක වනවිට කුඩාකංඩායමක් රහසේ සංවිධානය වී, ආයුධ රැස්කොට ආරක්ෂක අංශවලට ප්‍රහාර එල්ලකොට රාජ්‍යයන් බලහත්කාරයෙන් අල්ලාගෙන පාලනය ගෙනගියහැකි බවට වූ ජනප්‍රියවාදී විශ්වාසයක් එවකට ලතින් ඇමරිකාව පුරාවටත්, ආසියාව පුරාවටත් පැතිරී තිබුනේ " කියුබානු විප්ලවයේ" ආශ්වාදය මත මිස වෙනකක් මතනොවේ.

ඊට පරිබාහිරව ජාතික විමුක්ති අරගලවලද ආශ්වාදයන් ඇතිවී තිබුනද කියුබානු විප්ලවය ඒ සියල්ලන්ටම ඇස්පනාපිට ඇතිවූ, ආශිර්වාදනීය "ස්වර්ග රාජ්‍ය" ම විය. ඒ අනුව ලතින් ඇමරිකාව තුල බොහෝ රටවල කියුබානු පන්නයේ උත්සාහයන් ඇතිවුනද ඒවා සියල්ලම පාහේ මහා ජීවිත හානිවලින් කෙළවර විය. බොලිවියාව තුලද චේගෙවාරාට ජීවිතය අහිමිකරමින් සිදුවූයේද ඒවායේම දිගුවකි.

1976 දී ශ්‍රී ලංකාවේ පැවති "නොබැඳි ජාතීන්ගේ සමුළුව" ට සහභාගිවීම සඳහා කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රො ලංකාවට පැමිනියේය. ඔහුව ඉතාමත් උනුසුම් අයුරින් සහ හරසරින් පිළිගනු ලැබුවේ 71 අරගලය තරුණ ජීවිත 20,000 ක් පමන ලෙයින් යකඩින් මර්ධනය කරමින් යටපත් කල වාමාක්ශිකයින් සමග සභාග ආංඩුවක් ගොඩනැගූ, එහි අගමැතිනිය වූ සිරිමාවො බන්ඩාරණායක මහත්මිය විසිනි. කැස්ත්‍රෝව සිරිමාවෝ පිලිගත් උනුසුම් ආකාරය එදා ලංකාවේ මුද්‍රනයවූ පත්තරවල මුල්පිටු ඉතා විචිත්‍ර අයුරින් පලකර තිබිනි.

 

.

මේ පිලිගැනීම එදා මෙසේ සිදුවෙමින් තිබියදී, 71 අරගලයට නායකත්වය දුන් රෝහණ විජේවීර සහෝදරයා සිරගතව සිටියේ ෆිදෙල් කැස්ත්‍රෝ නවාතැන්ගෙන සිටි කොළඹ ඉන්ටකොන්ටිනෙන්ටල් හෝටලයේ සිට පැය භාගයක දුරින් පිහිටි මැගසින් බන්ධනාගාරයේ හෝ මගේ මතකය නිවැරදිනම් වැලිකඩ බන්ධනාගාරයේය.

 

image1170x530cropped
ෆිදෙල් කැස්ත්‍රෝ

 

එසේම තමා මෙසේ ලංකාවට පැමිණීමට අවුරුදු 5 කට පෙර තරුනයින් 20,000ක් ජීවිත පුදකල අසාර්ථක කැරැල්ලක් ලංකාවේ සිදුවූ බව ෆිදෙල් කැස්ත්‍රෝ නොදැනසිටි බව කිසිසේත් පිළිගත නොහැක. අඩුම වශයෙන් ෆිදෙල් කැස්ත්‍රෝට සිරිමාවෝ අග්‍රමාත්‍යවරියට කෙටි දැනුම්දීමක් ලබාදීමෙන් ඔහු ලංකාවේ සිටි කාලය තුලදී බන්ධනාගාරයට ගොස් රෝහණ විජේවීර සහෝදරයා මුනගැසීමට ඕනෑතරම් අවකාශ තිබිනි. අවශ්‍යව තිබුනේ ඒ සඳහා යම් උවමනාවක් පමණි. එහෙත් ඊට සපුරා පටහැනිව කැස්ත්‍රෝ හිටගත්තේ 71 කැරැල්ලට ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් සමගය.

 

1976 611 0020
සිරිමාවො බන්ඩාරණායක - මාෂල් ටිටෝ

 

කැස්ත්‍රෝ පමණක් නොව රුසියාවේ ගජමිතුරෙකු වූ යුගෝස්ලාවියානු ජනාධිපති මාෂල් ටිටෝ ද ලංකාවට පැමිණ හිටගත්තේ සිරිමාවෝ ප්‍රමුඛ වමා සංවිධානය සමගය. එපමනක් නොව චීනය සහ රුසියාවද හිටගත්තේ සිරිමාවෝ ප්‍රමුඛ වමේ හවුල සමගය. එසේම කැරැල්ල පැවති සමයේ එය මැඩපැවැත්වීමට අවශ්‍යනම් ඊට අවශ්‍ය මිලිටරි සහායද චීනය විසින් සපයාදීමට සූදානමින් සිටින ලදී.

 

කරුනු එසේ සිදුවූයේනම් අපි මේ අපබ්‍රංශය කියවාගන්නේ කෙසේද? 71 කැරැල්ල සිදුවී අදවනවිට අවුරුදු 52 ගතවීත් අපි හරිහැටි මේ සිද්ධීන් හරිහැටි ලෙහාගත්තේදැයි සැකසහිතය. ඒ වෙනුවට අප කරන ලද්දේ, 71 කැරැල්ලේ ක්‍රියාකාරිවී සිටි නායකයින් පොලිස් අතඩංගුවේදී දහසකුත් වධහිංසාවලට ලක්වෙමින් එකී විප්ලවය පාවානොදී "විප්ලවයට ජයවේවා" කියමින් මරුවැළඳගත් ආකාරය අසන්නන් මවිත කරමින් වසරක් පාසා එන්නාවූ අප්‍රේල් සැමරුම් වලදී උස් හඬින් දේශනා කිරීම නොවේද?

 

එකී දිවිපූජාකිරීමේ වීරත්වය ඊට වසර 52 කට පසුවත් අපි නූතන පරම්පරා ගණනාවකට ගෙනයාමට උත්සාහ කලනමුත් එම වීරත්වයන් උකහාගැනීමට යන්තම් හෝ උනන්දුවක් දක්වන පරම්පරාවක් සාදාගැනීමට අප මෙතෙක් සමත්වීද? එසේත් නැත්නම් අප ඒ කරන උත්සාහයන් වලම යල්පැන ඇතිබවක් සොයාගැනීමට අප උනන්දුවීද? අප එදා උත්කර්ෂයට නැංවූ "සමාජවාදී කියුබාව" ඇත්තටම මාක්ස් ප්‍රවාද ගතකල දේවල්වලට අනුව සමාජවාදීද?71 කැරැල්ලේ අපට පෙලපොත් වූ රුසියාවේ බෝල්ෂෙවික් පාලනය මාරමද? එය අද ලෝකයේ අනිත් රටවල්වල විශේෂයෙන් බටහිර රටවල්වල වැඩකරන ජනතාව පවා ඒවා පිලිගනු ලබන්නේ කෙසේද?

මාක්ස් කියූ ධනේශ්වරයේ ඇතිවී ඉදිරියට ඇදී එන නිෂ්පාදන බලවේග වලට සපුරා අභිමුක වන්නාවූ නිෂ්පාදන සම්බන්ධතා හෝ අවම වශයෙන් කම්කරු පංතියක් ඇතිවී තිබුනේද? සමාජවාදය වනාහී ධනේශ්වර අවධිය ඉතිහාසයට ඇදදැමීමට සමත්, ධනේශ්වරයේ ඉහලම අවදිවලටත් ඉහලින් පවත්නා නිෂ්පාදන මොඩලයක් විනා, සමාජවාදය යනු කැඳ සාදා සමුපකාර ක්‍රමයට බෙදාදෙන අටමගලක්ද යන්න අපි 71 කැරැල්ල සිදුවී අවුරුදු 52 ගතවූමොහොතේ ඊට සහභාගිවූ තම තරුණ ජීවය ඊට කැපකල සියලුම දෙනාට අසීමිත ගෞරවය පුදකරන ගමන්ම හැදෑරිය යුතු ප්‍රපංචයක් නොවන්නේද?

මේ එසේ පහන් සිතින් නැවත හැරී අප-අපවිසින්ම විමසා බැලියයුතු කාලයබැවි මම අනුමාන කරමි.


PHOTO 2023 04 09 12 36 37(රන්ජන සේනානායක)
සමාජ හා දේශපාලන විශ්ලේශක

kaya4842@gmail.com


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...