The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

ජ.වි.පෙ. සැමවිටම නිර්දෝෂී වූයේ ද? 71 කැරැල්ලට 52 යි - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

April 7, 2023 • 11:18 AM

ජ.වි.පෙ. සැමවිටම නිර්දෝෂී වූයේ ද? 71 කැරැල්ලට 52 යි - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුළු ලෝක ඉතිහාසයම පිරී පවතින්නේ පීඩකයින් සහ පීඩිත පංතිය අතර වූ අරගල සමුදායකිනි.
  • අප රටේ 1818 කැරැල්ල ඇතිවූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගැනීම උදෙසාය.1848 කැරැල්ලද එසේම ය.
  • ලෝකය තුළද ප්‍රංශ විප්ලවය, රුසියානු විප්ලවය, චීන විප්ලවය, කියුබානු විප්ලවය ආදී වශයෙන් විප්ලව රාශියක්ම පැන නැගී ඇත්තේය.
  • අපේ රටේ 1971 කැරැල්ල පැන නැංගේ විවිධ හේතූන් මතය.
අකුරු ප්‍රමාණය (Font Size):

මුළු ලෝක ඉතිහාසයම පිරී පවතින්නේ පීඩකයින් සහ පීඩිත පංතිය අතර වූ අරගල සමුදායකිනි. විප්ලව සමුදායකිනි. පීඩක සහ පීඩිත පංතීන් අතර වූ මෙම නිරන්තර ගැටුම මේ ලෝකය පවතිනතාක් කල් පවතී. එම ගැටුම අවසන් වන්නේ මෙම පංති දෙකම අහෝසි වූ කල්හීය. එම ගැටුම් වැඩවසම් යුගයේ සිට මේ දක්වාම විවිධ මුහුණුවරින් පැන නැංගේය.

අප රටේ 1818 කැරැල්ල ඇතිවූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගැනීම උදෙසාය.1848 කැරැල්ලද එසේම ය.

ලෝකය තුළද ප්‍රංශ විප්ලවය, රුසියානු විප්ලවය, චීන විප්ලවය, කියුබානු විප්ලවය ආදී වශයෙන් විප්ලව රාශියක්ම පැන නැගී ඇත්තේය.

 

 117747540 0f0367b7 01c2 4e8f af59 38f14984c7a6

අපේ රටේ 1971 කැරැල්ල පැන නැංගේ විවිධ හේතූන් මතය. ඒ හේතු අතර සාධාරණ යුක්ති සහගත හේතූන් මෙන්ම අයුක්ති සහගත හේතූන්ද ගැබ්ව තිබේ. 1971 කැරැල්ල මතු වූයේ එවකට පැවැති සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ජ.වි.පෙ. මර්දනය කළා යැයි කියන ජනප්‍රිය හේතුව මතය. එය ජ.වි.පෙ. සිය ආත්මාරක්ෂාවට කළ සටනක් බව ජ.වි.පෙ. ම කියති.

එවකට පැවැති සමගි පෙරමුණු ආණ්ඩුව පිහිටුවාගන්නා ලද්දේ 1970 මහමැතිවරණයෙනි. බලය ලබාගෙන අවුරුද්දක් යාමට මත්තෙන් 1971 කැරැල්ලට මුහුණ දීමට එම රජයට සිදුවිය. සමගි පෙරමුණු ආණ්ඩුව සැදුම් ලද්දේ ශ්‍රී.ල.නි.ප. ය ලංකා සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය තුළින් සැදුනු පක‍ෂ 3ක සභාග ආණ්ඩුවකිනි. මෙම පක‍ෂ තුනෙන් දෙකක්ම වාමාංශික මතධාරී පක‍ෂ වෙති. අනික ධනවාදී, සමාජවාදී ප්‍රතිපත්ති මතින් සෑදුනු මැද මාවතේ පක්ෂයකි.

 



කෙසේ වුවද එදා මෙම ආණ්ඩුවේ මර්දනයට මුහුණදුන් ආකාරය නිවැරදි නැත. එම ආණ්ඩුව පිහිටුවාගන්නා ලද්දේ කැරැල්ලට අවුරුද්දකට පෙරය. එසේ නම් ආණ්ඩුවට තවත් කාලයක් ලබාදීමට ඉඩ දිය යුතුව තිබුණි. අනික් පැත්තෙන් ජ.වි.පෙ. ආණ්ඩුවට මුහුණ දුන්නේ ආයුධ සන්නද්ධවය. එය සීතල බරපතල වරදක් වූයෙන් ආණ්ඩුවට එය මර්දනය කැඳවීමට ඉමහත් පිටුබලයක් වූයේය.

වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී දේශපාලන ව්‍යාපාරයක් ලෙස සිය භාවිතාව එකල ක්‍රියාවට නැගුවේ නම් පාලක පංතියට එය මර්දනය කිරීමට සුළුපටු කරුණක් වන්නේද නැත. ආයුධ සන්නද්ධ මර්දනයට ආයුධ සන්නද්ධවම මුහුණ දීමට වඩා එය ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව මුහුණ දුන්නේ නම් ආණ්ඩුවේ වෑයම පරාජය කරන්නට ඉඩ තිබුණි.

 

අනික තමන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් ලෙස ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ හා සම්බන්ධතා පැවැත්වූයේ නම් එම කාරණය නිසා මර්දනය ලෙහෙසි වන්නේද නැත. එසේ නම් අප්‍රමාණ සංඛ්‍යාවක් තරුණ ජීවිත විනාශ වන්නේද නැත. ඕනෑම ආණ්ඩුවක් දණ ගැස්වීමට හැකි බව නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්ධි පෙන්වා දී ඇත. එබැවින් ආරම්භයේදීම ජ.වි.පෙ. අත්කර ගත්තේ තදබල පරාජයකි.

 

JVP 88 89

 

දෙවනවර එනම් 1988 - 89 භීෂණ සාමයේදී පවා දෙවන වතාවටද ජ.වි.පෙ. එම වරදම කළේය. එවකට පැවැති ප්‍රේමදාස ආණ්ඩුවද ජ.වි.පෙ. මර්දනය කළ අතර ඊටද මුහුණ දුන්නේ 1971 දී මෙන්මය.

මෙම අරගල දෙකේදීම ජ.වි.පෙ. පැරණි වම ඉලක්ක කරගෙන තදබල ප්‍රහාරයක් එල්ල කළ අතර ඔවුන් පැරණි වමට චෝදනා කළේ ධනපති ආණ්ඩුවල මුක්කු ගැසීම තදබල වරදක් බව ප්‍රකාශ කරමින්ය.

එහෙත් එම ජ.වි.පෙ. ම පසුකලෙක චන්ද්‍රිකා ආණ්ඩුවට ඇතුළු වී එය පරිවාස ආණ්ඩුවක් ලෙස සලකමින් ඇමතිධූර 3 ක්ද ලබා ගත්තේය. පැරණි අරගල දෙකේදීම 1971 සහ 1988 දී වාමාංශික පක්ෂවලට ජ.වි.පෙ. දෝෂාරෝපණය කළේ ධනපති ආණ්ඩු වලට මුක්කු ගැසීම නිර්ධන පංතියට කළ ද්‍රෝහිකමක් ලෙස කියමිනි.

ඔවුන් පැරණි වමට එල්ල කළ එම චෝදනාවම ඔවුන් චන්ද්‍රිකා ආණ්ඩුවට සම්බන්ධවීමෙන් කළේය. එබැවින් 1971 සහ 1988-89 යන වර්ෂවල නිරපරාදේ තරුණ පරම්පරාවක් විනාශ වූයේය.

 

327169920 5869820969742073 683158428702052239 n

කෙසේ වුවද ජ.වි.පෙ. දැන් සිය මුහුණුවර වෙනස්කර ගනිමින් විවිධ පක්ෂ සහ ස්වේච්ඡා සංවිධාන වෘත්තිය සමිති එක්කාසු කරගෙන ජාතික ජන බලවේගය ලෙස මැතිවරණවලට ඉදිරිපත්වීම සදහා ලක ලෑස්ති වෙයි.

 

ජ.වි.පෙ. දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයකට ඇතුළු වී ඇත. එබැවින් පාලක පංතිය ඔවුනට ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කිරීමේ අයිතිය උල්ලංඝනය නොකළ යුතුය. එසේම ජ.වි.පෙ. ද ප්‍රචණ්ඩත්වයෙන් වියුක්ත මහජන ව්‍යාපාරයක් ලෙස ඔවුන්ගේ ඉලක්ක කරා ගත යුතුය.

 

එසේම ගිය වසරේදී සිදුවූ 'ජනඅරගලය' ආරම්භ වූයේද නිර්පාක‍ෂිකවය. එහෙත් එයට විවිධ දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර එකතු වී එහි අරමුණට පටහැනිව කටයුතු කළහ. ඊට ප්‍රචණ්ඩත්වයද  ඇදනු ලැබීය. ඇතැමුන් චෝදනා කරනු ලබන්නේ ජ.වි.පෙ. සිය අන්තවාදී මුහුණුවර එම ජන අරගලයට කාන්දු කළ බවයි. එහෙත් එය සෘජුවම නැගිය හැකි චෝදනාවක් වන්නේ එය තුළ බොහෝ ජන කොටස් නියෝජනය වීමෙනි.

71 කැරැල්ල 88/89, දේශප්‍රේමී අරගලය සහ පසුගියදා නිමාවූ අරගලය තුළින් සිදුවූයේ නිර්ධන පංතිය විසින් නිර්ධන පංතිය විනාශ කිරීමක් ලෙසත් ධනපති පංතිය දුර්වල වූ විට එයට ඔක්සිජන් දී ඔවුන් නගා සිටුවීමක් ලෙසය.

කෙසේ වුවද ජ.වි.පෙ. දෙවරක්ම විනාශ වූ පක්ෂයකි. එම පක්ෂය සිය පොදු හතුරා ලෙස සැලකිය යුත්තේ අන්ත දක්ෂිණාංශික ධනේෂ්වරය මිස වාමාංශික මතධාරී පක්ෂ නොවේ. එය එසේම  සලකන්නේ නම් ඔවුන් අතීතයේ එවැනි දේශපාලනයක නිරත වන බැව් හැ`ගී යායුතුව ඇත. එසේම ජ.වි.පෙ. මේ වනතෙක් විවෘත ස්වයං විවේචන යෙදී නැත.

''කැරලිකරුවන්ගේ නිදොස් බව යුක්තිය රැඳී ඇත්තේ ඔවුන් ලබන සාර්ථකත්වය තුළය.''
-තෝමස් බී. රීඩ්-




mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...