The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

රාජනිගේ 72 උපන් දින සංවත්සරය අදයි (23/02/1954 - 29/09/1989) | Dayapala Thiranagama

T

The Leader Desk

February 23, 2026 • 9:35 AM

රාජනිගේ 72  උපන් දින සංවත්සරය අදයි (23/02/1954 - 29/09/1989) | Dayapala Thiranagama

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජනී ඝාතනය කරන විට ඇයගේ වයස අවුරුදු 35 ක් පමණි. ඇය අකාලයේ ඝාතනය ට ලක් නොවුයේ නම් අද අවුරුදු 72 නි උපන් දිනය සමරනු ඇත.
  •   ඔබගේ වියෝව නිසා පවුලක් වශයෙන් අපට සිදු වූ පාඩුව වචනවලට හැර විය නොහැකිය.
  • ඒ ඛේදජනක කාල පරිච්චේදය තුල ලංකාවේ ප්‍රචණ්ඩත්වය නිසා දිවි අහිමි වුවන්ගේ සිය දහස් ගනන් පවුල් වල සාමාජිකයන් කොතරම් වේදනාවක් විඳින්නට ඇත්දැයි මට සිත ගැනීමට හැක්කේ එම වේදනාව තුනී නොවන බව මගේ ම අත්දැකී තුලින් මා දන්නා බැවිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ ඛේදජනක කාල පරිච්චේදය තුල ලංකාවේ ප්‍රචණ්ඩත්වය නිසා දිවි අහිමි වුවන්ගේ සිය දහස් ගනන් පවුල් වල සාමාජිකයන් කොතරම් වේදනාවක් විඳින්නට ඇත්දැයි මට සිත ගැනීමට හැක්කේ එම වේදනාව තුනී නොවන බව මගේ ම අත්දැකී තුලින් මා දන්නා බැවිනි.

රාජනී ගේ සදා නොමැකෙන මතකය සමග ඇය දින පතා නැවත නැවතත් මගේ ගතෙහි සහ සිතෙහි උපත ලබමින් නික්ම යයි. එය යථාර්තයේදී මායාකාරී වුවත්, එතැන පවතින සැනසීම අප විසින් එදා ගොඩ නැගු මනුෂ්‍යත්වයේ පදනමට නැවත නැවතත් සවියක් ගෙන එයි.

rajani 1200x550

 

ඔබගේ වියෝව නිසා පවුලක් වශයෙන් අපට සිදු වූ පාඩුව වචනවලට හැර විය නොහැකිය. මවක් නැති දුවරුන් දෙදෙනෙක් සහිත ව අවතැන් වූ කුඩා පවුලක් ගොඩ නැගුනේ ඔබ දායාද කොට ගිය ශක්තිය සහ අභියෝග වලට මුහුණ දීමේ හැකියාව අපේ දිවි ගමන තුල පුනරාවර්තනය කිරීමට හැකි වූ බැවිනි.

rajini copy 300x195

අපට සිදු වූ පාඩුව කෙසේ වෙතත්, රාජ්‍ය ත්‍රස්තවාදය මෙන්ම ද්‍රවිඩ උන්නති කාමීන්ගේ ත්‍රස්තවාදය විසින් ජනතාව බරපතල පීඩාවකට හසු වූ යුගයක ඔබ ජීවිතය පරදුවට තබා පෙනී සිටීම ඔවුන්ගේ මුලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගේ අනුලංඝනියබව ආරක්ෂාකිරීමට ඔබ උපතින්ම ගෙන එනු ලැබූ ධෛර්ය සහ නිර්භීතකම ගැන අපි ඔබට ඇත්තේ නොසෙල්වන ගෞරවයකි.

රාජනී ඔබට සුමිහිරි උපන් දිනයක්!!!

(උපුටා ගැනීම - Dayapala Thiranagama ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...