දේශපාලන පක්‍ෂයක් අවධාරණය කර තිබේ.
''ඒකීය රාජ්‍ය ක්‍රමය කියන්නේ සිංහල බෞද්ධ ආධිපත්‍ය සහිතව අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මක පාලනයක්. අද වෙන කොට ඒක පරාජයට පත් වෙමින් තියෙනවා. ලංකාවේ ඉන්න ජාතීන් තුනටම සාමකාමිව ජීවත්වෙන්න පුළුවන් පෙඩරල් පාලන ක්‍රමයක් ඇතුලේ විතරයි,'' යැයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඥාණමුත්තු ශ්‍රීනේසන් පවසයි.
නැගෙනහිර මාධ්‍යවේදීන් මඩකලපුවේදී හමුවූ ශ්‍රී නේසන් කියා සිටින්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්නයෙන්ම ක්‍රියාත්මක කර, මුලික පියවරක් ලෙස පළාත් සභා පිහිටුවා පෙඩරල් පාලන ව්‍යුහයක් ස්ථාපිත කළයුතු බවයි.
''ඉඩම් හා පොලිස් බලතල නොදී පළාත් සභා පවත්වා ගෙන ගියාට වැඩක් නැහැ. දැනටමත් දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නවා. පළාත් සභාවලට විදේශාධාර ලබා ගන්න අවස්ථා දීලාත් නැහැ.''
''දෙමළ ජනයාගේ ප්‍රශ්නයට එකම විසදුම පෙඩරල් පාලන ක්‍රමයක්.''
බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ප්‍රශ්නය ගැන කෙතරම් කොමිෂන් පත් කළත්, කිසිදු ආණ්ඩුවක් ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටුකරනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැකි බව ද දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයා පවසයි.
''රටේ නායකයාට තමන්ගේ ප්‍රශ්නය කියන්න ගිය අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ට පොලීසිය පහර දුන්නා. ඔවුන්ට අයිතියක් නැද්ද රටේ නායකයා හමුවෙලා තමන්ගේ ප්‍රශ්නය කියන්න. මේ වගේ සිදුවීම් වලින් අපිට පේන්නේ ආණ්ඩුවලින් නම් යුක්තියක් බලා පොරොත්තු වෙන්න බැරි බවක්. ඒකයි මේ ප්‍රශ්නයට ජාත්‍යන්තර මැදිහත්වීමක් ඕනෑ කියලා කියන්නේ.''
පෙඩරල් පාලනයකින් 74 අවුරුදු සාපය අවසන් කිරීමට යෝජනා
T
The Leader Desk
May 5, 2022 • 12:18 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- දේශපාලන පක්‍ෂයක් අවධාරණය කර තිබේ.
- ලංකාවේ ඉන්න ජාතීන් තුනටම සාමකාමිව ජීවත්වෙන්න පුළුවන් පෙඩරල් පාලන ක්‍රමයක් ඇතුලේ විතරයි,'' යැයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඥාණමුත්තු ශ්‍රීනේසන් පවසයි.
- නැගෙනහිර මාධ්‍යවේදීන් මඩකලපුවේදී හමුවූ ශ්‍රී නේසන් කියා සිටින්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්නයෙන්ම ක්‍රියාත්මක කර, මුලික පියවරක් ලෙස පළාත් සභා පිහිටුවා පෙඩරල් පාලන ව්‍යුහයක් ස්ථාපිත කළයුතු බවයි.
- ''ඉඩම් හා පොලිස් බලතල නොදී පළාත් සභා පවත්වා ගෙන ගියාට වැඩක් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



