The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉන්දියාවේ 75 වන නිදහස් දිනය අද - ලංකාවට නිරීක්ෂණ ගුවන් යානයක්

T

The Leader Desk

August 15, 2022 • 4:59 AM

ඉන්දියාවේ 75 වන නිදහස් දිනය අද - ලංකාවට නිරීක්ෂණ ගුවන් යානයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍යයට යටත්වි තිබූ ඉන්දියාව නිදහස ලබන්නේ 1947 අගෝස්තු 15 වනදා අද වැනි දිනකයි.
  • නිදහස ලබා 75 වන දිනය සමරන අදත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඓතිහාසික රතු චතුරශ්‍රයේ සිට ජාතික ධඡය ඔසවමින් එරට ජාතික නිදහස් දිනයේ සැමරුම් ආරම්භ කිරීමට නියමිතය.
  • වන නිදහස් දිනය වෙනුවෙන් රටපුරා විශේෂ සැමරුම් මාලාවක් සංවිධාන කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
  • ඉන්දියාව පුරා නිවාසවල කෝටි 20 කට අධික ඉන්දීය ධඡය එසවීම ඒ අතරින් ප්‍රධානයි.
අකුරු ප්‍රමාණය (Font Size):



බ්‍රිතාන්‍යයට යටත්වි තිබූ ඉන්දියාව නිදහස ලබන්නේ 1947 අගෝස්තු 15 වනදා අද වැනි දිනකයි.

එදින ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ ජවහර්ලාල් නේරු ඓතිහාසික රතු චත්‍රරශයේ සිට ඉන්දීය ජාතික ධඡය ඉහළට ඔසවමින් නිදහසේ සැමරීම ලෝකයට කියාපෑවේය.

නිදහස ලබා 75 වන දිනය සමරන අදත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඓතිහාසික රතු චතුරශ්‍රයේ සිට ජාතික ධඡය ඔසවමින් එරට ජාතික නිදහස් දිනයේ සැමරුම් ආරම්භ කිරීමට නියමිතය.

75 වන නිදහස් දිනය වෙනුවෙන් රටපුරා විශේෂ සැමරුම් මාලාවක් සංවිධාන කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව පුරා නිවාසවල කෝටි 20 කට අධික ඉන්දීය ධඡය එසවීම ඒ අතරින් ප්‍රධානයි. එමෙන්ම ඉන්දියාවේ වැදගත් ස්ථාන එරට ජාතික ධඡයේ වර්ණයෙන් අලෝකමත් කිරීමටද කටයුතු යොදා ඇත.

මෙම සියලු සැමරුම් හේතුවෙන් ඉන්දියාවේ ආරක්‍ෂාවද දැඩි කර ඇති බව එරට මාධ්‍ය අද වාර්තා කර තිබේ.

 

IDay

modi

ශ්‍රී ලංකාවට ඩෝනියර් ගුවන් යානයක්

indian navyt

ඩෝනියර් ගුවන් යානය

 

උණුසුම්වන භූ දේශපාලනික වාතාවරණය මධ්‍යයේ ඉන්දියාවේ නිෂ්පාදිත ඩෝනියර් 228 වර්ගයේ සමුද්‍රිය නිරීක්ෂණ ගුවන් යානාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නොමිලයේ ලබාදීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

ඉන්දීය නිදහස් දිනය යෙදෙන අගෝස්තු 15 අද දින මෙම ගුවන් යානය ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් භාරදීමට නියමිතය. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මහ කොමසාරිස් මහකොමසාරිස් ගෝපාල් බාග්ලේගේ ප්‍රධානත්වයෙනි.


සබැඳි පුවත් :
චීන නැවට හම්බන්තොට එන්න අවසර; ඉන්දියාවෙන් ඔත්තු බලන්න ගුවන් යානයක්


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...