BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාව ඉනිමක් හා ලකුණු 78කින් බංග්ලාදේශය පරදවයි

T

The Leader

June 28, 2025 • 4:21 AM

ශ්‍රී ලංකාව ඉනිමක් හා ලකුණු 78කින් බංග්ලාදේශය පරදවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රභාත් ජයසූරිය, ධනංජය ද සිල්වා හා තරිඳු රත්නායක යන ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් තිදෙනාගේ ග්‍රහණයට හසුවෙමින් බංග්ලාදේශය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමක් හා ලකුණු 78කින් පරාජය වුණා.
  • අද සිවුවැනි දින තරගය පැය භාගයකට පෙර අවසන් වෙමින් බංග්ලාදේශයේ අවසන් කඩුලු හතර ලකුණු 18කට බිඳ වැටුනා.
  • බංග්ලාදේශය ට දෙවැනි ඉනිමේ ලබා ගත හැකිවූයේ ලකුණු 133ක් පමණයි.
  • සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් ලබා ගත් අතර නායක ධනංජය ද සිල්වා ලකුණු 13කට කඩුලු 2ක් ද, තරිඳු රත්නායක ලකුණු 19කට කඩුලු 2ක් ද ලබා ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ ජයග්‍රහණත් සමග ශ්‍රී ලංකාව ට තරගමාලාවේ ජය ද හිමිවුණා.

අද සිවුවැනි දින තරගය පැය භාගයකට පෙර අවසන් වෙමින් බංග්ලාදේශයේ අවසන් කඩුලු හතර ලකුණු 18කට බිඳ වැටුනා. බංග්ලාදේශය ට දෙවැනි ඉනිමේ ලබා ගත හැකිවූයේ ලකුණු 133ක් පමණයි.

Prabath Jayasuriya

සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් ලබා ගත් අතර නායක ධනංජය ද සිල්වා ලකුණු 13කට කඩුලු 2ක් ද, තරිඳු රත්නායක ලකුණු 19කට කඩුලු 2ක් ද ලබා ගත්තා. මේ අනුව මේ ජයග්‍රහණයේ කඩුලු නවයක් ම බෙදා ගත්තේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්.

ලකුණු 158ක් වාර්තා කළ පැතුම් නිස්සංක තරගයේ වීරයා මෙන්ම තරගමාලාවේ ද වීරයා ලෙස නම් කෙරුණා.

මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලිය ආරම්භ කරන්නේ දැඩි විශ්වාසයකින් යුතුව. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩාව නැවත දැක ගැනීමට හැකි වන්නේ ලබන වසරේ. ඒ, මේ වසරේ ඔවුන්ට ටෙස්ට් තරග නැති බැවින්.

 

508525792 1154092136755901 3804654386731865675 nපැතුම් නිස්සංක තරගයේ වීරයා මෙන්ම තරගමාලාවේ ද වීරයා ලෙස නම් කෙරුණා.

අද තරගයේ පස්වැනි පන්දුවෙන් බංග්ලාදේශයේ හත්වැනි කඩුල්ල බිඳ වැටෙමින් ලිටන් ඩාස් (14) දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාවට ලකුණු දෙකක් පමණක් එකතු වෙමින් තිබියදී. ඔහු දැවී ගියේ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවට කඩුලු රකින කුසල් මෙන්ඩිස් ට උඩ පන්දුවක් ලබා දෙමින්. ඒ අනුව බංග්ලාදේශ හත්වැනි කඩුල්ල මුළු ලකුණු 117දී බිඳ වැටුනා (ඕවරය 39.3).

42 වැනි ඕවරයේදී ජයසූරියගේ පන්දුවට කුසල් මෙන්ඩිස්ගේ ‘ස්ටම්ප්’ කිරීමකට ගොදුරු වෙමින් නයීම් හසන් (5) දැවී ගියා. මුළු ලකුණු 124 යි. කඩුලු 8 යි.

ටයිජුල් ඉස්ලාම් සහ එබාඩොට් හොසේන් ලකුණු හය බැගින් ලබා ගෙන දැවී යාමත් සමග බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 133කට අවසන් වුණා. ඉස්ලාම් දැවී ගියේ 44 වැනි ඕවරයේ ජයසූරියගේ පන්දුවට ඔහු අත ට ම උඩ පන්දුවක් දෙමින්. ඊළඟ ඕවරයේ තරිඳු රත්නායකගේ දෙවැනි පන්දුවට කඩුල්ල මුවා කරමින් හොසේන් දැවී ගියා.

513821258 1154064386758676 4588328877535138516 n

ධනංජය ද සිල්වා ලකුණු 13කට කඩුලු 2ක් ද, තරිඳු රත්නායක ලකුණු 19කට කඩුලු 2ක් ද ලබා ගත්තා.

ඡායාරූප අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට්

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

cricket

cricket 2

cricket 3

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...