The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
පුවත්

මහාසිවරාත්‍රී පූජා පවත්වද්දී අල්ලා සිරකළ දෙමළ 8ට නිදහස ඉල්ලා දිගටම විරෝධතා

T

The Leader Desk

March 18, 2024 • 3:34 AM

  මහාසිවරාත්‍රී පූජා පවත්වද්දී අල්ලා සිරකළ දෙමළ 8ට නිදහස ඉල්ලා දිගටම විරෝධතා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිටින හින්දු භක්තිකයන් අට දෙනකු නිදහස් කරන ලෙස ඉල්ලමින් විරෝධයක් දියත් කර තිබේ.
  • එම සිරගත කිරීම් සම්බන්ධයෙන් මුනිවත රකින බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් කාර්යාලයේ වවුනියාව කාර්යාලය ඉදිරිපිට ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් ද කර තිබේ.
  • වන්දනා කිරීමේ අයිතිය අහිමි කරන්න එපා, උතුරු නැගෙනහිර දෙමළ නිජ භුමියයි, බෞද්ධ කරනය වහා නවත්වනු ආදී සටන් පාඨ පෙරටු කරගනිමින් උද්ඝෝෂණය දියත් කළ ඔවුන් එහිදී වැඩි දුරටත් අවධාරණය කර තිබුනේ, වෙඩුක්කුනාරි දෙමළ ජනයාගේ දෙපළක් වන අතර නෙදුන්කේනි පොලීසිය මර්දනය නතර කළ යුතු බවයි.
  • මානව හිමිකම් කොමිසමේ වවුනියාව කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනු සිරගතකළවුන්ගේ ඥාතීන් පිරිසක් හමුවට කිසිදු නිලධාරියකු නොපැමිණීම නිසා විරෝධතා කරුවන් ගොඩනැගිල්ල ඉදිරිපිට වාඩි ලාගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සිටින හින්දු භක්තිකයන් අට දෙනකු නිදහස් කරන ලෙස ඉල්ලමින් විරෝධයක් දියත් කර තිබේ.

එම සිරගත කිරීම් සම්බන්ධයෙන් මුනිවත රකින බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් කාර්යාලයේ වවුනියාව කාර්යාලය ඉදිරිපිට ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් ද කර තිබේ.

හින්දු බැතිමතුන් සිරගත කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද යාපනයේ සිට රථ පෙලපාලියකින් මාර්තු 16 වැනිදා වව්නියාවට පැමිණ බන්ධනාගාර ගත කර සිටින පිරිස වහාම නිදහස් කරන ලෙස රජයට බලකරමින් දියත් වු විරෝධයට සහාය පල කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

වව්නියාව පරන බස් නැවතුම් පොළ ඉදිරිපිටින් විරෝධතා පෙළපාලිය ආරම්භ කළ ආගමික නායකයන්, දේශපාලනඥයන් සහ ප්‍රදේශවාසීන් වව්නියාව ඔරලෝසු කනුව අසලින් වව්නියාව නගරයට පැමිණ එතැන් සිට ඉලුප්පෙයි ප්‍රදේශය හරහා වව්නියාව බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණ දැඩි විරෝධයක් දක්වා තිබේ.

 වන්දනා කිරීමේ අයිතිය අහිමි කරන්න එපා, උතුරු නැගෙනහිර දෙමළ නිජ භුමියයි, බෞද්ධ කරනය වහා නවත්වනු ආදී සටන් පාඨ පෙරටු කරගනිමින් උද්ඝෝෂණය දියත් කළ ඔවුන් එහිදී වැඩි දුරටත් අවධාරණය කර තිබුනේ, වෙඩුක්කුනාරි දෙමළ ජනයාගේ දෙපළක් වන අතර නෙදුන්කේනි පොලීසිය මර්දනය නතර කළ යුතු බවයි.


මානව හිමිකම් කොමිසමේ වවුනියාව කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනු සිරගතකළවුන්ගේ ඥාතීන් පිරිසක් හමුවට කිසිදු නිලධාරියකු නොපැමිණීම නිසා විරෝධතා කරුවන් ගොඩනැගිල්ල ඉදිරිපිට වාඩි ලාගෙන තිබේ. ඉන් අනතුරුව පැමිණි කොමිසමේ නිලධාරියකු නැවතත් ප්‍රකාශ සටහන් කරගෙන රිමාන්ඩ් භාරයේ සිටින පිරිස හමුවීමට යන බවට සහතික වී තිබේ.

වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදි ලිංගේස්වර කෝවිලේ මහා ශිව රාත්‍රී වන්දනා කටයුතු සිදු කරමින් සිටියදී මාර්තු 8 වැනිදා රාත්‍රියේ පොලීසිය විසින් හින්දු භක්තිකයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබුනේ අධිකරණ නියෝග නොතකමින් රාත්‍රි කාලයේ විශේෂ පුජාවක් පැවැත්වු බවට චෝදනා කරමිනි.

අධිකරණ නියෝග හා පුරා විද්‍යා පනතට අනුව හවස 6 න් පසු එම භුමියේ පුජාවන් තැබිය නොහැකි බවට පොලීසිය හින්දු භක්තිකයන්ට දැනුම් දුන්නද ඔවුන් එම උපදෙස් නොතකා පුජා සිදු කිරීම නිසා පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගත් බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා පවසන්නේ පොලිසිය විසින් බොරු චෝදනා නගා හින්දු බැතිමතුන් අත් අඩංගුවට ගෙන උසාවිය නොමග යැවූ බවයි.

අත්අඩංගුවට ගන්නා ලද කෝවිලේ පූජක තම්බිරාසා මදිමුගරාසා (45) ඇතුළු තුරෙයිරාසා තමිල්චෙල්වන් (28), මහේන්ද්‍රන් නරේන්තිරන් (29), සිවම් ලක්ෂාන් (28), කන්දසාමි ගෞරිකාන්තන් (24), තිලකනාදන් කින්දුයන් (28), රාසරාත්නම් විනායගමුර්ති (30), සුබ්‍රමනියම් තවපාලසිංහම් (35) යන අට දෙනා වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග අනුව මාර්තු මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ මාර්තු 12 වැනිදා සිට පස් දෙනකු කිසිදු ආහාරයක් නොගෙන වවුනියාව බන්ධනාගාරයේ උපවාසයක නිරත වු  අතර ඔවුන් නිදහස් කර ගැනීම වෙනුවෙන් අරගල කරන බවට විරෝධයට එක්ව සිටි සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් උපවාසයේ යෙදී සිටි පිරිස  හමුවී දැනුම් දීමෙන් පසුව  උපවාසය නතර කිරීමට එම පිරිස කටයුතු කර තිබේ.

බන්ධනාගාරගත කර සිටින හින්දු භක්තිකයන් අට දෙනා වහාම නිදහස් කරන ලෙස බල කරමින් මාර්තු 15 වැනිදා දහවල් නෙදුන්කේනි නගරයේදී  ද විරෝධතා පෙළපාලියක් දියත් කිරීමට සිවිල් සංවිධාන නියෝජිතයන්, ආගමික නායකයන්, දේශපාලඥයන් හා ප්‍රදේශවාසීන් ඇතුළු  සිය ගණනක් දෙමළ ජනයා කටයුතු කර තිබුනි.

 

Shiwa1 2024.03.18


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...