The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පුංචි ඡන්දය මාර්තු 9 වැනි දා පැවැත් වේවි ද ? - (නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර)

T

The Leader Desk

January 22, 2023 • 9:37 AM

පුංචි ඡන්දය මාර්තු 9 වැනි දා පැවැත් වේවි ද ? - (නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය පරිපාලන ලේකම් නීල් හපුහින්නගේ නීති විරෝධී ලිපිය දක්වා රජයේ මැතිවරණ කල් දැමීමේ අභිලාෂය පරාජය වුවද ඉදිරියේදී ඔවුනට තවත් අවස්ථා ගණනාවක් තිබේ.
  • දෙදෙනෙකුට මරණ තර්ජන සිදු කොට ඇතැයි පොලිස් විමර්ශන පැවැත්වේ.
  • යම් හෙයකින් සාමාජිකයන් කිහිපදෙනෙකු ඉල්ලා අස් වුවහොත් ගැටලුකාරී තත්ත්වයක් පැන නගිනු ඇත.
  • මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද අරමුදල් සම්පාදනය කර ගැනීමට ඇති ගැටළුව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් ලබාදී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රාජ්‍ය  පරිපාලන ලේකම් නීල් හපුහින්නගේ නීති විරෝධී ලිපිය දක්වා රජයේ මැතිවරණ කල් දැමීමේ අභිලාෂය පරාජය වුවද ඉදිරියේදී ඔවුනට තවත් අවස්ථා ගණනාවක් තිබේ.  

 

Neel bandara

මැතිවරණ සීමා වියදම් පනත අනුව උපමාන සකස් කොට ගැසට් කිරීමේ වගකීම මැතිවරණ කොමිසමට පැවතුනත් පාර්ලිමේන්තුවේ පනත සම්මත වූ දවසේ සිදු වූ සංශෝධන නැවතත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ගොස් කථානායකවරයාගේ අත්සන ලැබීම ප්‍රමාද වුවහොත් නැවතත් පුරවැසියෙකුට අධිකරණයට හමුවට ගොස් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාව ඇත.

 



අවසාන මැතිවරණ කොමිසමේ රැස්වීමට සාමාජිකයන් තිදෙනකු සහභාගි වී නොමැත. දෙදෙනෙකුට මරණ තර්ජන සිදු කොට ඇතැයි පොලිස් විමර්ශන පැවැත්වේ. යම් හෙයකින් සාමාජිකයන් කිහිපදෙනෙකු ඉල්ලා අස් වුවහොත් ගැටලුකාරී තත්ත්වයක් පැන නගිනු ඇත.

මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද අරමුදල් සම්පාදනය කර ගැනීමට ඇති ගැටළුව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් ලබාදී ඇත. ජනතාව මේ සියලුම ක්‍රියාදාමය දෙස බලන්නේ දේශපාලන ගේමක් ලෙසය. එකක් පත්තු වුණහොත් ඡන්දය නො පැවැත්වෙනු ඇත.

 

sagara ruwan wajira

 

ජනාධිපතිවරයා ගේ සමීපතමයන් වන සාගල රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන ගේ ප්‍රකාශ දෙස අවධානය යොමු කළාත් ඔවුන් කොතරම් මැතිවරණයකට අකමැතිද  යන්න පෙනී යයි.

රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට්‌ අමාත්‍යවරයෙකු ලෙස අත් දැක ඇත්තේ පුංචි ඡන්ද කඩාකප්පල් කරන ලද අවස්ථාය.


උතුරේ පැවැති සංවර්ධන සභා ඡන්දය


1981 ජුනි 4 වෙනි දින පැවැති යාපනය සංවර්ධන සභා මැතිවරණය එතෙක් මෙතෙක් ලංකාවේ පැවති දූෂිතම මැතිවරණය විය. 1981 මැයි තිස් වන දින දකුණේ මැතිවරණ නිලධාරීන් හා සේවක පිරිස් සමග මැරවරයන් විශාල පිරිසක්ද දුම්රියෙන් උතුරට යවන ලදී. 1981 ජූනි දෙවැනි දින කුරුණෑගල දිසාපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් පසු මෙහෙයුම ආරම්භ විය.

siril mathewමැතිවරණ දිනය දා සිරිල් මැතිව් ඇමැතිවරයා ඇතුළු කැබිනට් ඇමතිවරු දෙදෙනෙකු මෙහෙයුම සඳහා යාපනයට  ගියේය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් දුම්රියෙන් ජුනි තුන්වෙනිදා පිටත් කර හරින අතර දුම්රිය මැදිරි ඒ ඒ ආසන සඳහා වෙන්කර තිබිණි. ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දිසා ඇමතිවරයා හා මන්ත්‍රීවරු අදහස් දක්වා ඇති අතර ඇත්ත පුවත්පතට අනුව යාපනයට යන මෙම පිරිස ජාතික වීරවරයන් ලෙස රැස්වීමේදී ප්‍රකාශ කොට ඇත.

ජූනි තිස් එක් වෙනිදා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ රැස්වීමක් ආච්චි අම්මා කෝවිල අසල පැවැත්වීමට නියමිතව තිබුණු අතර රැස්වීමේ ආරක්ෂා කටයුතු සඳහා පැමිණි පොලිස් පිරිසකට වෙඩි පහර එල්ල විය. කලින් සැලසුම් කල පරිදි අවට දැවිල්ල ජාතික නිවස අතරක් හා කඩ පහකට ප්‍රහාරයට ලක්විය රැස්වීමේ සිටි ජනයා හිස් ලූ ලූ අත දිවූහ. මෙම කුමන්ත්‍රණය දිනම රාත්‍රී යාපනයේ මහා වෙළෙඳ පොළේ කඩ කාමර 50ක් පමණ ගිනිතබා විනාශ කෙරුණි.

 

VYogeswaranhouseafter1981torching

යාපනයේ මන්ත්‍රීවරයා වූ යෝගේෂ්වරන් ගේ නිවෙසට හා මෝටර් රථයට ගිනි තබන ලදී

TULFbuildingafter1981torching

ගිනි තැබූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය

 

දකුණෙන් ගිය මැර  හමුදාව එකල යාපනයේ මන්ත්‍රීවරයා වූ යෝගේෂ්වරන් මහතාගේ නිවෙසට හා මෝටර් රථයට ගිනි තබන ලදී. ඔහුගේ පවුලේ සාමාජිකයන් දිවි බේරා ගත්තේ අනූ නමයෙනි. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය හා මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ද ගිනිබත් කෙරුනි,

ඡන්ද පෙට්ටි රාශියක් කට්ටිය විය වෙත ගියේ දේශපාලඥයන් මැරවරයන් පිරිවරා ගෙන සිටි නවාතැන්පොළවල් ඔස්සේය. ඡන්දය නිසිලෙස නොපැවතුණු බව යාපනය තේරීම්භාර නිලධාරි යෝගයෙන් දොරේසාමි  ප්‍රකාශ කළේය, දේශපාලඥයන්  සහ මැරවරයන් රැඳී සිටි යාපනය සුභාශ්‍ හෝටලයෙන් පසුව ඡන්ද පෙට්ටි හතරක් හමුවිය.

 

OHENOE59pZp9Gd5H 5

ඉතාම දුර්ලභ ගණයේ පොත්ද, මුල් පිටපත් රැසක් ද ඇතුළුව පොත් අනූපන්දහසකින් යුක්ත වූ යාපනයේ ජනතාවගේ හදවත බඳු වූ යාපනය පුස්තකාලයට මැතිවරණයදා එක්සත් ජාතික පක්ෂ මැරවරයෝ ගිනි තැබූහ. තිස් වසරක යුද්ධය  සඳහා දමිළ තරුණයන් පෙළගැස්වූ ප්‍රධාන කාරණයක් වූයේ මෙයයි.

 

මහා පරිමාණ ඡන්ද දූෂණ හා ඡන්ද පෙට්ටි අතුරුදහන්වීම මැද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 23,152ක් ලබා ගන්නා විට ඡන්ද  263 302 ලැබූ ද්‍රවිඩ එක්සත් පෙරමුණ ජය ලැබීය. තිස් වසරක යුද්ධයට මග පෑදූ තම මාමා විසින් සිදුකල ඓතිහාසික වරද අදටත් ජනාධිපතිවරයා වරදක් ලෙස නොපිළිගන්නා බව ඔහුගේ වර්තමාන ක්‍රියා කලාපයෙන් පෙනී යයි.


1991 පළාත් පාලන මැතිවරණය සහ ඩේවිඩ් ග්ලැඩ්ස්ටන්  පිටුවහල් කිරීම


1987/ 89  දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කැරැල්ලෙන් පසු පැවැති පළමු මැතිවරණය වන්නේ 1991 මැයි එකොළොස් වැනි දින පැවති පළාත් පාලන මැතිවරණයයි. බ්‍රිතාන්‍ය රජයෙන් ලද මානව හිමිකම් රැක ගැනීම පිළිබඳ මැදිහත්වීමේ උපදෙස් මත මැතිවරණය දින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්  ඩේවිඩ් ග්ලැඩ්ස්ටන්  මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල අංක 19 දරන  ඡන්ද මධ්‍යස්ථානය නිරීක්ෂණය කරන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තරුණ පිරිසක් ඔහුට පැමිණිලි කළේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු වන එච්.ආර් පියසිරි ගේ මැරවරයන් පිරිසක් නිදහස් හා සාධාරණ ඡන්දයකට සිදුකරන බාධාව පිළිබඳවයි,  ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරීන්ට මුලින්ම පැමිණිලිකල ග්ලැඩ්ස්ටන් මහතා ස්ථාන භාර නිලධාරී ඉල්ලීම්  පරිදි දික්වැල්ල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කළේය.

 

image 01c75ee3d3

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මෙම සිද්ධියෙන් කුපිත වී  ‍බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා දින දහයක් ඇතුලත රටින්  පිටුවහල් කිරීමට ක්‍රියා කළේය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන ග්ලැඩ්ස්ටන් මහතා ‘’ Srilankan  tempest- A  real life  drama  in few Acts “නමින් කෘතියක් ද රචනා කළේය.

image 9095ba49c6

ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවාගෙන ජනාධිපතිවරයාට අභියෝග කරමින් සිටි එම යුගයේ ජනාධිපතිවරයාට සමීපව කටයුතු කළ රනිල්  වික්‍රමසිංහ අදටත් මෙම ක්‍රියාවේ වරදක් දකින බව පෙනී නොයයි.

ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2002 පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණය සහ ඉන්පසුව ආයතන විස්සක් සඳහා පමණක් පැවති පළාත් පාලන මැතිවරණය අතිශය ‍ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව මැතිවරණයක් විය. එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ අත්තනගල්ල මැතිවරණ කොට්ඨාශයේ පවා සංවිධානාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ බවට මැතිවරණ නිරීක්ෂකයෝ වාර්තා කළහ.

මෙවැනි අතීතයක් හිමි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ගැටලුවලින් තොර ව සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කරමින් සිටිමු. මේ ඔහුට තමා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදීයකු, ලිබරල් වාදියෙකු බවට ඔප්පු කිරීමට ලැබී ඇති අනගි අවස්ථාවකි.


(නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර)
edirisingher@yahoo.com

WhatsApp Image 2023 01 23 at 16.13.06


JW

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...