The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සූත්‍රයේ මලපුඩුවට ජනතාව හිරවෙද්දී, පෙට්‍රල් 92න් රුපියල් 121ක්ම ආණ්ඩුවේ සාක්කුවට!

T

The Leader Desk

June 2, 2026 • 6:33 AM

සූත්‍රයේ මලපුඩුවට ජනතාව හිරවෙද්දී, පෙට්‍රල් 92න් රුපියල් 121ක්ම ආණ්ඩුවේ සාක්කුවට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ ඉන්ධන මිල තීරණය කරන්නේ ලෝක වෙළඳපොළේ තෙල් මිල විතරක් නෙවෙයි, ඊටත් වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ලියා දීපු "මිල සූත්‍රය" (Cost-Reflective Formula) බව දැන් කාටත් රහසක් නොවේ.
  • මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 24 කින් ඉහළ ගොස් නව මිල රුපියල් 434 ක් වන අතර, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් ඉහළ දමා ඇත්තේ රුපියල් 407 කටය.
  • සූත්‍රයේ ‘මැජික්’ එක සහ බදු මල්ලේ සැබෑව   මෙම මිල ගණන් දෙස බැලීමේදී මුදල් අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) IMF සූත්‍රය අකුරටම, එනම් සතයටම හිස මුදුනින් පිළිගෙන ඇති බව පැහැදිලිය.
  • පිරිසැකසුම් සහ බෙදාහැරීම් වියදම රුපියල් 38.50 ක් වන අතර පරිපාලන වියදම රුපියල් 8.20 කි.
අකුරු ප්‍රමාණය (Font Size):


මැයි 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ පස්වැනි ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ මේ සූත්‍රයේ සැබෑ හෙළුව යළිත් කරළියට පැමිණ තිබේ.

මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 24 කින් ඉහළ ගොස් නව මිල රුපියල් 434 ක් වන අතර, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් ඉහළ දමා ඇත්තේ රුපියල් 407 කටය.


සූත්‍රයේ ‘මැජික්’ එක සහ බදු මල්ලේ සැබෑව

 

petrolim 24.12.04
මෙම මිල ගණන් දෙස බැලීමේදී මුදල් අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) IMF සූත්‍රය අකුරටම, එනම් සතයටම හිස මුදුනින් පිළිගෙන ඇති බව පැහැදිලිය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක සැබෑ ගොඩබෑමේ පිරිවැය (Landed Cost) රුපියල් 265.05 කි. පිරිසැකසුම් සහ බෙදාහැරීම් වියදම රුපියල් 38.50 ක් වන අතර පරිපාලන වියදම රුපියල් 8.20 කි.

නමුත් මෙතන තියෙන ලොකුම සෙල්ලම තිබෙන්නේ හතරවැනි සාධකය වන රජයේ බදු සහ ව්‍යවස්ථාපිත බදු (Taxes and Levies) තුළය. ආණ්ඩුව පෙට්‍රල් ලීටරයකින් අයකරගන්නා බද්ද විතරක් රුපියල් 121.58 කි! මේ සියල්ල එකතු වූ විට මිල සූත්‍රයට අනුව ලීටරයක පිරිවැය රුපියල් 433.33 ක් වන අතර ආණ්ඩුව විකුණන්නේ රුපියල් 434 කටය. වෙනස සත 67 කි. ඩීසල් ලීටරයක මිල සූත්‍ර පිරිවැය රුපියල් 406.52 ක් වන විට විකුණුම් මිල රුපියල් 407 කි. වෙනස සත 48 කි.

ජනතාව පිට පටවන බර

fuel increse
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය ආතතිය හේතුවෙන් සිංගප්පූරු ප්ලැට්ස් (Singapore Platts) මිල දර්ශකය ඉහළ යාම නිසා මෙරට තෙල් ආනයන බිල ඉහළ ගොස් ඇති බව ඇත්තකි. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ වෙන තැනකය.

අතීතයේදී මෙවැනි බාහිර කම්පන (External Shocks) වලදී රජය සහනාධාර හරහා යම් බරක් දැරුවද, අද IMF කොන්දේසි නිසා ආණ්ඩුව කරන්නේ ලෝක වෙළඳපොළේ මිල උච්චාවචනයන් සෘජුවම පාරිභෝගිකයාගේ කරපිට පැටවීමයි.

ආණ්ඩුව සිය මූල්‍ය ස්ථාවරත්වය සහ IMF පොරොන්දු රකින බව පෙන්වීමට උත්සාහ කළද, එහි සැබෑ ප්‍රතිඵලය විඳින්නේ ෂෙඩ් එකේ පෝලිමේ ඉන්නා සාමාන්‍ය ජනතාව සහ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ අසරණ වන ගෘහස්ත ආර්ථිකයයි. සූත්‍ර සාර්ථක වුවද, ජන ජීවිත අසාර්ථක වෙමින් පවතින බව පාලකයන් තේරුම් ගත යුතුය.

(සටහන | සම්පත් ධීරසේකර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...