The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රීලංකන් පවුලට එක් වූ එයාර්බස් A330-200 ගුවන් යානය අලුත්ම යානයක් ද? - factcrescendo අනාවරණයක්

T

The Leader Desk

June 10, 2025 • 11:17 AM

ශ්‍රීලංකන් පවුලට එක් වූ එයාර්බස් A330-200 ගුවන් යානය අලුත්ම යානයක් ද? - factcrescendo අනාවරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලැබීම නිසාම පසුගිය සමයේ දැඩි ලෙස සංවාදයට ලක්වූ අතර පසුගිය දින කිහිපයේ යළිත් ශ්‍රීලංකන් පිළිබඳ කතාබහ කරලියට ආවේ ගුවන් සේවය සිය ගුවන් යානා ඇණියට තවත් යානයක් එකතු කිරීමේ පුවතත් සමගයි.
  • සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ කතිකාවත් නිර්මාණය වී තිබු මෙසේ අලුතින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ යාත්‍රා අතරට එකතුවූ යානය වුයේ, 4R-ALT ලියාපදිංචි අංකය දරන A330-200 යානයයි.
  • එම ගුවන් යානය ජුනි 04 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලංකාවට ළඟා විය.
  • මෙලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයට එක්වූ මෙම ගුවන් යානය අලුතින්ම නිපදවූ ගුවන් යානයක් බවට හැඟවෙන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලැබීම නිසාම පසුගිය සමයේ දැඩි ලෙස සංවාදයට ලක්වූ  අතර පසුගිය දින කිහිපයේ යළිත් ශ්‍රීලංකන් පිළිබඳ කතාබහ කරලියට ආවේ  ගුවන් සේවය සිය ගුවන් යානා ඇණියට තවත් යානයක් එකතු කිරීමේ පුවතත් සමගයි.

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ කතිකාවත් නිර්මාණය වී තිබු මෙසේ අලුතින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ යාත්‍රා අතරට එකතුවූ යානය වුයේ, 4R-ALT ලියාපදිංචි අංකය දරන A330-200 යානයයි. එම ගුවන් යානය ජුනි 04 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලංකාවට ළඟා විය.  

මෙලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයට එක්වූ මෙම ගුවන් යානය අලුතින්ම නිපදවූ ගුවන් යානයක් බවට හැඟවෙන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබිණ. ඇත්තටම යානය අලුත්ම එකක් ද? එවැනි සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිර්වද්‍යතාව සොයා සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.


සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ශ්‍රීලංකන් ගුවන් යානා සමුහයේ නවතම සාමාජිකයා, නවීනතම (Brand New) ගුවන් යානයක් බව හඟවමින් පළවූ සටහනක් පහතින්.

fcres1

fcres2

එලෙසම හුවමාරු වූ තවත් සටහනක් පහතින්.

airbus298342

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ශ්‍රීලංකන් ගුවන් සේවය හා එක් වූ එයාර්බස් A330-200

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක් වූ 4R-ALT ලියාපදිංචි අංකය දරන එයාර්බස් A330-200 පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය පසුගිය ජුනි 4 වැනිදා පැරිස් සිට ශ්‍රී ලංකාවට පැමිණි අතර යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පෙර කොළඹ වෙරළ තීරය ඔස්සේ වරාය නගරයෙහි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කරනු ලැබුවේ ගුවන් යානා නිරීක්ෂකයින්ට විශේෂ අවස්ථාවක් ලබා දෙමිනි.

මේ සමඟ අදාළ ගුවන් යානය ගැන සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇතිවූ අතර එය දේශපාලන වේදිකාවේ ද උණුසුම් මාතෘකාවක් බවට පත්විය.

ගුවන් යානය ගැන පාර්ලිමේතුවේ දී ඇතිවූ සංවාද සහ අමාත්‍යවරයාගේ පිළිතුරු

වසර 7කට පසු ශ්‍රීලංකන් ගුවන් සේවයට එක්වූ පුළුල් බඳ (Wide-body) සහිත පළමු ගුවන් යානය වන එයාර්බස් A330-200 ගුවන් යානය අලුත්ම ගුවන් යානයක් ද යන්න පාර්ලිමේන්තුවේදී ද සංවාදයට ලක්ව තිබිණ.  

සමගි ජනබලවේග මන්ත්‍රී නලින් හේවගේ පාර්ලි‍මේන්තුවේදී පැවසුවේ, ශ්‍රීලංකන් ගුවන් සේවයට එක්වූ  A330-200 යානය අවුරුදු 13ක් 14ක් පරණ Garuda Indonesia ගුවන් සමාගම විසින් මීට පෙර භාවිත කරන ලද යානයක් බවයි.




තව ද A330-200 යානය කොතරම් පරණ ද සහ ගුවන් යානයේ ඇතුළත පහසුකම් කුමන් මට්ටකම පවතින්නේ දැයි  මන්ත්‍රී කිංස් නෙල්සන් ද පාර්ලිමේන්තුවේදී විෂය භාර අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.

එහිදී ප්‍රවාහන, මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක කියා සිටියේ, මෙම යානය කලින් පාවිච්චි කරන ලද ගුවන් යානයක් බවත් එහි තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් ය.  

“මේ ගුවන් යානය ලීස් කරලා අරන් තියෙන්නේ යළි අවුරුදු 8කින් අපි ඒක නැවත ලබා දෙනවා. මේක මීට කලින් පාවිච්චි කරපු ගුවන් යානයක් බව ඇත්ත අලුත්ම බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න නම් දැන් ගන්න බෑ. තව අවුරුදු ගාණක් යනවා එහෙම එකක් ගන්න.. මේකෙ කිසිම ප්‍රශ්නයක් නෑ මේක අපි හරියට ගෙවලා අවුරුදු 8කින් භාර දෙනවා” යයි අමාත්‍ය බිමල් රත්නායක පැවසිය.




A330-200 ගුවන් යානය ගැන මාධ්‍ය වාර්තා

මේ අතර airfleets.net වෙබ් අඩවිය උපුටා දක්වමින් 'බීබීසී සිංහල සේවය' වාර්තා කරන්නේ, පසුගිය 4 වනදා ශ්‍රීලංකන් ගුවන්සේවය හා එක්වූ එයාර්බස් A330-200 පුළුල් බඳ (Wide-body) සහිත ගුවන් යානය මීට පෙර තවත් ගුවන් සමාගම් 2ක ගුවන් ගමන් සඳහා යොදාගෙන ඇති බවයි.  

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, 2011 නොවැම්බර් 11 වන දා සිට කල්බදු ක්‍රමය යටතේ ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවය පාවිච්චි කර ඇති මෙම යානය කොවිඩ් වසංගතය හේතුවෙන් පසුව සේවයෙන් ඉවත් කර  2021 වසරේදී යළි අදාළ සමාගම වෙත් භාර දී ඇති බවයි.

ඉන්පසුව 2022 වසරේ නොවැම්බර් සිට මෙම ගුවන් යානය දකුණු කොරියාවේ Fly Gangown ගුවන් සේවය විසින් ද භාවිත කර ඇති අතර  2023 වසරේ මැයි මායේදී නැවතත් එය අයත් සමාගම වෙත භාර දී ඇති බවයි.

මෙසේ අලුතින් එකතු වූ ගුවන් යානය පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය ද අදහස් දක්වා තිබු අයුරු මතු පළවේ.



ශ්‍රීලංකන් ගුවන්යානා ඇණියට එක් වූ එයාර්බස් A330-200 පරණයි ද?

ඉහත සඳහන් කරුණු දෙස විමර්ශනශීලීව බැලීමේදී පැහැදිලි වන්නේ, පසුගියදා ශ්‍රීලංකන් පවුලට එක්වූ ගුවන් යානය අලුතින්ම නිෂ්පාදනය වූ ගුවන් යානයක් නොවන බවයි.

කෙසේ වෙතත් අවුරුදු 14ක් තරම් පරණ වූ පමණින් ගුවන් යානය සම්බන්ධයෙන් සැක සංකා තබා ගත යුතු ද සහ එය පරණ ලදරමක් යැයි හංවඩු ගැසිය යුතු මට්ටමක පවතින්නක් ද? මේ සම්බන්ධයෙන් Aviation Voice දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබිණ.

ඊට අනුව ගුවන් යානාවල වයස සම්බන්ධයෙන් නිගමනයකට එළැඹීමේදී සලකා බලන ප්‍රධාන නිර්ණායකයක් වන්නේ, අදාළ ගුවන් යානයේ ගුවන් පියාසැරි චක්‍ර සංඛ්‍යාව බව පෙන්වා දෙමින් ඔවුන් පවසන්නේ ඒයාර් බස් 230 – 300 මාදිලියේ පියාසැරි චක්‍ර සංඛ්‍යාව 30,000ක් පමණ වන අතර ශ්‍රී ලංකන් සමාගම කූලි පදනම මත ලබා ගත් එයාර්බස් A330-200 ගුවන් යානයේ ගුවන් පියාසැරි චක්‍ර සංඛ්‍යාව මේ වන විට 4,000කට ආසන්න ප්‍රමාණයක් වන බැවින්, ගුවන් පියාසැරි චක්‍ර සංඛ්‍යාව අනුව මෙම යානය භාවිත කර ඇත්තේ 9/1 පමණ බවයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, යානයේ නඩත්තු කිරීම ද ඉතා හොඳ මට්ටමක පවතින බවයි.

එයාර්බස් A330-200 ගුවන් යානය ශ්‍රීලංකන් පවුලට එක්වීම සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ අනාගතය පිළිබඳව කරුණු රැසක් මෙම වීඩියෝව තුළින් සාකච්ඡා වී තිබේ.   සම්පූර්ණ වීඩියෝව මතු පළවේ.



| srilanka.factcrescendo.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...