The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවට අලුතින් සර්ව පුරුෂ AI උපදේශන කොමිටියක්

T

The Leader Desk

February 20, 2025 • 7:32 AM

ශ්‍රී ලංකාවට අලුතින් සර්ව පුරුෂ AI උපදේශන කොමිටියක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් රජයේ ඩිජිටල් ආර්ථික දැක්මට අනුකූලව කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික උපාය මාර්ගයක් සකස් කිරීම උදෙසා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) විසින් පිරිමි දස දෙනකුගෙන් සමන්විත කෘත්‍රිම බුද්ධි (AI) උපදේශන කමිටුවක් පත්කර තිබේ.
  •   "ශ්‍රී ලංකාවේ තුන්වැනි අගමැතිනිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය පත්වීම ශ්‍රී ලංකාවට ආඩම්බරයක්.
  • ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ගෙන් සියයට තිස් දෙකක් කාන්තාවන්.
  •   මීට අමතරව, සදාචාරාත්මක කෘත්‍රිම බුද්ධි භාවිතයන් ප්‍රවර්ධනය කිරීම, මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම සහ ධාරිතා ගොඩනැගීමේ වෑයම් පෝෂණය කිරීම කෙරෙහි කමිටුව අවධානය යොමු කරනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ආචාර්ය රොමේෂ් රණවන මුලසුන හොබවන මෙම උපදේශන කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ හර්ෂ පුරසිංහ (කැඳවුම්කරු, ICTA මණ්ඩල අධ්‍යක්ෂ), ආචාර්ය හර්ෂ සුබසිංහ, මහාචාර්ය අශෝක කරුණානන්ද, ආචාර්ය ශ්‍රීනාත් පෙරේරා, මහාචාර්ය රොෂාන් රේගල්, ජයන්ත ප්‍රනාන්දු, යුධංජය විජේරත්න, චන්දික ජයසුන්ද්‍ර සහ යසිත් ප්‍රනාන්දු ය.

 

මෙරට කෘත්‍රිම බුද්ධි ප්‍රතිපත්ති සකස් කිරීම, අධීක්ෂණය කිරීම මෙන්ම ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ද සහතික කිරීම අරමුණු කොටගත් මෙම කමිටුවට කෘත්‍රිම බුද්ධිය අවභාවිතාවෙන් කෙරන ලිංගික හිංසන, පළිගැනීම්, පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම් ආදී අපරාධවලින් අතිශයින්ම අගතියට පත්වන කාන්තා පාර්ශ්වය නියෝජනය කරමින් එකදු සාමාජිකාවක් හෝ ඇතුලත් කර නොමැත.

 

මෙම කමිටුව පත්කර තිබුණේ කිසිදු වෙනස්කම් පෑමකින් තොරව රජයේ තීරණ ගැනීමේ සභා, කොමිෂන් සභා සහ මණ්ඩල සඳහා කාන්තාවන් බොහොමයක් පත් කෙරෙන බවට කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ඇමැතිනිය එක්සත් ජාතීන් හමුවේ පාරම් බා සතියක් හෝ ඉක්ම යාමට මත්තෙනි.

කියනකොට එහෙමයි

Img 1 6 600x244
අන්තර්ජාලය හරහා සිදුවන පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම්, මාර්ගගත ලුහුබැඳීම් සහ වෛරී ප්‍රකාශවලින් කතුන් ආරක්ෂා කිරීම උදෙසා ශක්තිමත් නීති සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටින බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ඇමැතිනි සරෝජා පෝල්රාජ් ඉකුත් 13 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීමේ එක්සත් ජාතීන්ගේ කමිටුව (CEDAW) ඉදිරියේ සහතික වූවා ය.

 

"ශ්‍රී ලංකාවේ තුන්වැනි අගමැතිනිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය පත්වීම ශ්‍රී ලංකාවට ආඩම්බරයක්. ඒ වගේම, රජය තුළ කාන්තාවන්ගේ සම නියෝජනය සහතික කිරීම අපේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවලින් එකක්. පළමු වරට පාර්ලිමේන්තු කමිටු නියෝජ්‍ය සභාපති තනතුරට කාන්තාවක් පත් කිරීම අප ලැබූ තවත් සන්ධිස්ථානයක්. ශ්‍රී ලංකා අධිකරණයේ ජ්‍යෙෂ්ඨ මට්ටම්වල කාන්තාවන්ගේ ඉහළ ප්‍රතිශතයක් දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ගෙන් සියයට තිස් දෙකක් කාන්තාවන්. ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ සෑම මට්ටමකම බහුතරයක් ඉන්නේ කාන්තාවන්. මේ කියන කාලය තුළ, ශ්‍රී ලංකා පොලිසියට නියෝජ්‍ය පොලිස්පතිවරියන් සිව්දෙනකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පළමු අධ්‍යක්ෂවරිය පත් කරනු ලැබුවා. රජයේ තීරණ ගැනීමේ සභා, කොමිෂන් සභා සහ මණ්ඩල සඳහා බොහෝ කාන්තාවන් පත් කර තිබෙනවා."

 

කෙසේ වෙතත්, රජයේ ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයට කාන්තාවන් පත් නොකිරීමට ගන්නා ලද තීන්දුව අමාත්‍යවරියගේ දැනුවත්කමින් යුතුවම සිදුවීද යන්න ප්‍රශ්නයකි.

AI කමිටුවේ වගකීම් මොනවද ?

 

AL AI Committee
කෘත්‍රිම බුද්ධි (AI) උපදේශන කමිටුවේ ප්‍රධාන වගකීම් අතරට කෘත්‍රිම බුද්ධි උපාය මාර්ග රජයේ ප්‍රතිපත්ති සමඟ පෙළගැස්වීම, මහජන සේවා වැඩිදියුණු කරන ඉහළ බලපෑමක් ඇති මුලපිරීම් හඳුනා ගැනීම සහ නියාමන රාමු, යටිතල පහසුකම් සංවර්ධනය, කුසලතා වැඩි දියුණු කිරීම, පර්යේෂණ හා සංවර්ධනය සහ කෘත්‍රිම බුද්ධි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දීම ඇතුළත් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) නිවේදනය කරයි.

 

මීට අමතරව, සදාචාරාත්මක කෘත්‍රිම බුද්ධි භාවිතයන් ප්‍රවර්ධනය කිරීම, මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම සහ ධාරිතා ගොඩනැගීමේ වෑයම් පෝෂණය කිරීම කෙරෙහි කමිටුව අවධානය යොමු කරනු ඇත.

 

කමිටුවේ උපායමාර්ගික කරුණු නවයක් වටා ව්‍යුහගත කර තිබෙන අතර ජාතික පර්යේෂණ සහ නවෝත්පාදනයන්ට සහාය වීම සඳහා කෘත්‍රිම බුද්ධි යටිතල පහසුකම් සංවර්ධනය, තිරසාර කෘත්‍රිම බුද්ධි වර්ධනය සඳහා දත්ත මත පදනම් වූ උපාය මාර්ග සහ විශ්ව විද්‍යාල විෂයමාලා නවීකරණය කිරීම සහ රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේම ශ්‍රම බලකායේ හැකියා වැඩි දියුණු කිරීම අරමුණු කරගත් කුසලතා සංවර්ධන වැඩසටහන් රැසක් ඇතුළත් බවයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය පවසන්නේ.

- අභිෂේකා වාසල බණ්ඩාර 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාවට අලුතින් සර්ව පුරුෂ AI උපදේශන කොමිටියක් | The Leader