The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

(ජවිපෙ) ගමනක අවසානය.... | Ajith Rajapaksa

T

The Leader Desk

April 10, 2025 • 4:40 PM

(ජවිපෙ) ගමනක අවසානය.... | Ajith Rajapaksa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සදහා "ගමනක අවසානය" නමින් විශාල ප්‍රචාරක වැඩපිලිවෙලක් රට පුරා දියත් කලේය.
  • ඉතිහාසය පුරා ඉංදියානු ව්‍යාප්තවාදයට, අධිරාජ්‍යවාදයට, විවෘත වෙළදපොල ආර්ථිකයට, පෞද්ගලිකකරණයට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව යනාදීන්ට එරෙහිව දැඩිව පෙනීසිටි ජවිපෙ අද ඒ සියල්ල අතහැර ඇත.
  • විපක්ශයේ සිටියදී එලෙස විශාල විරෝධයක් ගෙනගිය ජවිපෙ අද ආණ්ඩු බලය අතටගෙන රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ කල ඒ වැඩපිලිවෙල ඉදිරියට ගෙනයයි.
  • ඔවුන් 1988/89 පරිච්ඡේදයේ දී ජාතිවාදයටත්, පුද්ගල ත්‍රස්තවාදයටත් තල්ලුවී තම පාක්ශිකයන්ගේ ජීවිත අවදානමට ලක්කරමින් ස්වයං විනාශකාරී වැඩපිලිවෙලක නිරත වූයේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අසූව දශකයේ මුල් බාගයේදීය. ඒ සදහා "ගමනක අවසානය" නමින් විශාල ප්‍රචාරක වැඩපිලිවෙලක් රට පුරා දියත් කලේය. නමුත් ඒ වැඩපිලිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථක විය.

y565
එදා සිට දේශපාලන බලය ලබාගැනීමට විවිධ උපක්‍රම භාවිතාකල ඔවුන් අද ඓතිහාසික පෙරලියකට ලක්වෙමින් තිබේ. එය නැවත ආපසු හැරවිය නොහැකි අන්දමේ පරිවර්තනයකි. ඒ ජාතිකවාදී සහ සමාජවාදී සලුපිලි ගලවමින් වන ලිබරල්වාදී පරිවර්තනයයි. ඉතිහාසය පුරා ඉංදියානු ව්‍යාප්තවාදයට, අධිරාජ්‍යවාදයට, විවෘත වෙළදපොල ආර්ථිකයට, පෞද්ගලිකකරණයට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව යනාදීන්ට එරෙහිව දැඩිව පෙනීසිටි ජවිපෙ අද ඒ සියල්ල අතහැර ඇත. එය ඉතා කෙටි කාලයක් තුල සිදුවූ විශාල පරිවර්තනයකි.

පසුගිය මැතිවරණයට පෙර ජවිපෙ විසින් බලයේ සිටි රනිල් වික්‍රමසිංහ ආරම්භ කල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යහගතකරණය කිරීමේ වැඩපිලිවෙල‍ටත් ඉංදියාව සමග විවිධ ව්‍යාප්පෘතීන් ක්‍රියාත්මක කිරීමට අත්සන්කල අවබෝධතා ගිවිසුමටත් දැඩි විරෝධයක් පෑවේය. විපක්ශයේ සිටියදී එලෙස විශාල විරෝධයක් ගෙනගිය ජවිපෙ අද ආණ්ඩු බලය අතටගෙන රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ කල ඒ වැඩපිලිවෙල ඉදිරියට ගෙනයයි. මාස කිහිපයකට කලින් තමා කල කී දේට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධදේ පවසන්නේ කිසිම ලජ්ජාවක්, හිරිකිතයක් හෝ චකිතයක් නොමැතිවය.

dy565

fdrte56
එක අතකට ජවිපෙහි මේ හැසිරීම ගැන අප පුදුම විය යුතුද නැත. ජවිපෙ ඉතිහාසය පුරාම විවිධ දේශපාලන මතවාදවල එහාට මෙහාට අයාලේ පාවීගිය පක්ශයකි. චේගුවේරා වාදය, ජාතිකවාදය, මව්බිම නැත්නම් මරණය, ඉංදියානු විරෝධය, සමාජවාදය සහ දෙමළ ජනයාගේ ස්වයං තීරණ අයිතිය වෙනුවෙන් පෙනීසිටීමේ ප්‍රතිපත්තියේ සිට පලාත්සබා පවා ප්‍රතික්ෂේප කිරීම දක්වා එකිනෙකට පරස්පර, අන්තවාදී, මතවාද වලට තල්ලුවී ගිය පක්ශයකි.

ඔවුන් 1988/89 පරිච්ඡේදයේ දී ජාතිවාදයටත්, පුද්ගල ත්‍රස්තවාදයටත් තල්ලුවී තම පාක්ශිකයන්ගේ ජීවිත අවදානමට ලක්කරමින් ස්වයං විනාශකාරී වැඩපිලිවෙලක නිරත වූයේය. පුද්ගල ත්‍රස්තවාදය හරහා රාජ්‍යය පෙරලීමට උත්සාහ කල ඔවුන් ජනතාව වෙනුවට බලහත්කාරයෙන් ආදේශ වීමට උත්සාහ කලේය. වැඩවර්ජන ක්‍රියාත්මක කලේ සේවකයන්ගේ සහයෝගයෙන් නොව ඔවුන්ට එල්ල කල මරණීය තර්ජන හරහාය. ජනසහභාගීත්වය වෙනුවට ත්‍රස්තවාදී උපක්‍රම මගින් රාජ්‍යය විනාශකලහැකි යැයි ජවිපෙ නායකයන් විශ්වාස කරන්නට ඇත. 1971 කැරැල්ලේදීද ඔවුන් මෙලෙසම ජනතාව වෙනුවට බලෙන් ආදේශ වීමට අසාර්ථක උත්සාහයක් ගත්තේය. චේගුවේරා සහ ෆිදෙල් කැස්ත්‍රෝ ගේ ගරිල්ලා සටන් ක්‍රමයට ආකර්ෂණීය වූ ඔවුන් එමගින් රාජ්‍ය බලය ඇල්ලීමට සිහින මැව්වේය.

h56565
එදා කම්කරු ව්‍යාපාරයක් නොවූ ජවිපෙ කලකිර්‍ර්මට සහ අපේක්ෂා බංගත්වයට පත්ව සිටි විශ්ව විද්‍යාල තරුණයන්, ශිෂ්‍යන්, ගොවියන් සහ විවිධ පීඩනයන්ට ලක්ව සිටි සමාජ කොටස්වලින් සමන්විත වූ සංවිධානයකි. බොහෝ දේශපාලන විචාරකයන් එය සුළු ධනේශ්වර පංතිය සහ එම උවමනාවන් නියෝජනය කරන බලවේගයක් ලෙස හැදින්වීය.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාව තොරාගත් සමගි පෙරමුණ ආණ්ඩුව පිහිටුවා අවුරුද්දකටත් අඩු කාලයක් තුල මෙසේ ආණ්ඩුව පෙරලීමට තැත්කිරීම විශාල අනුවන කමකි, දේශපාලනික වික්‍රමාන්විත ක්‍රියාවකි. ලෙනින් පැවසූ ආකාරයේ වාමාංශික ළදරු වලිප්පුවකි. චේගුවේරාගේ මතවාදයට අනුව වුවද විප්ලවකාරීන් ගරිල්ලා සටන් මාවත තෝරා ගතයුත්තේ අවසාන විසදුම ලෙස පමනි. එනම් සියලුම ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග උත්සාහ කිරීමෙන් අනතුරුවය. එනිසා ජවිපෙ නායකයන් විසින් දිගින් දිගටම මේ කැරලි සාධාරණය කිරීමට උත්සාහ කිරීමත් මේවා ඉතා වීරක්‍රියා ලෙස සැමරීමත් ප්‍රශ්නකාරීය.

මේ කැරලි දෙකම වැරදි මතවාද නිසා ඇතිවූ ස්වයං විනාශයන්ය. මාක්ස්වාදී මතවාදය නිවැරදි ලෙස අවබෝධ කර නොගෙන කල විනාශයන්ය. ඇත්තටම මේ ව්‍යාපාරයේ පැවති සුලු ධනේශ්වර චින්තනය විසින් මාක්ස්වාදී මතවාදයෙන් බැහැරව විවිධ දේශපාලනික වික්‍රමාන්විත වැඩකිරීමට තල්ලු කලබව තේරුම් ගත යුතූය. සැබෑ කම්කරුවන් සහ ඔවුන් නියෝජනය කල නායකයන් සහ සංවිධාන ජවිපෙ දේශපාලන වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කලේය.

සමාජවාදය

kdjfee| 2021 මැයි

ධනේශ්වර ක්‍රමයෙන් සමාජවාදය කරා යන ගමන විශාල ජන සහභාගීත්වයකින් කෙරෙන සමාජ පරිවර්තනයකි. ඒ සදහා විප්ලවවාදීන්ට ජනතාව වෙනුවට ආදේශ විය නොහැක. එය අතිදාවනකාරී ලෙස කල නොහැක්කකි. එලෙසම ලෝක සමාජවාදී කදවුරක් සමග අත්වැල්බැද නොගෙන එවැනි සමාජක්‍රමයක් ස්තාපිත කල නොහැකිය, පැවැතිය නොහැකිය. මේ පිලිබඳව ජවිපෙට පැහැදිලි දැක්මක් තිබී නැති බව ඉතා පැහැදිලියි.

මාක්ස්වාදී බුද්ධිමතුන්වූ ආචාර්ය වික්‍රමබාහු වැනි වමේ නායකයන් පවා විශ්වාස කලේ ලංකාවේ එවැනි සමාජ පෙරලියක් වියහැක්කේ කලාපයේ වන එවැනි වෙනසක් හරහා බවයි. එනිසා ඔවුන් ජාත්‍යන්තරවාදයට ප්‍රමුඛත්වය දුන්නේය. ඉංදියානු උපමහද්වීපය තුල සාමූහිකත්වය ගොඩනැගීම වෙනුවෙන් පෙනී සිටියේය. ඉංදියානු විරෝධය වෙනුවට උතුරේ ද්‍රවිඩ ජනයාගේ අයිතිවාසිකම් පිලිගැනීම සහ අපට වඩා සමීප දකුනු ඉංදියාව සමග මිත්‍රත්වය ගොඩනැගීමට මූලිකත්වය ගත්තේය.

Vijay M. G. R| විජය කුමාරණතුංග, තමිල්නාඩුවේ මහාඇමති එම් ජී රාමචන්ද්‍රන් සමග
1988/89 කාලපරිච්ඡේදයේ එක්සත් සමාජවාදී පෙරමුණේ නායකයාවූ විජය කුමාරණතුංග විසින් තමිල්නාඩුවේ මහාඇමති එම් ජී රාමචන්ද්‍රන් සමග ගොඩනගාගත්තේ එවැනි මිත්‍රත්වයකි. මේ වැඩපිලිවෙල ජවිපෙට සහ ඔවුන් වටා එක්වසිටි ජාතිකවාදී කදවුරුට දරාගත නොහැකි විය. විජය ඇතුලු වාමාංශික නායකයින් ඝාතනය කිරීමට සැලසුම් කලේ ඒ නිසයි. මොවුන්ගේ ෆැසිස්ට් පන්නයේ වැඩපිලිවෙල රාජ්‍ය ත්‍රස්තවාදයට පන පෙවීය. මුළු රටම ඝාතන පිටියක් බවට පත් විය. ජවිපෙට සමාන්තරව උතුරේ බිහිවූ සටන්කාමී සංවිධානද මෙලෙසම ෆැසිස්ට් පන්නයේ විනාශකාරී වැඩපිලිවෙලකට අනුවර්තනය විය. උතුරේ අරගලය අවසාන වූයේ දකුනේ විනාශයටත් වඩා විශාල සමූහ ඝාතනයකිනි. මේ ව්‍යාපාර දෙකම එකම කාසියේ දෙපැත්ත වැනිය.

මෑත අතීතය....

drt56gh

2005 වසරේ මහින්ද රාජපක්ෂ බලයට ගෙනඒමට විශාල වැඩකොටසක් කල ජවිපෙ ඔවුන් එසේ කලේ රට බෙදන සහ රට විකුනන යූඑන්පී කාරයන්ගෙන් රට බේරාගැනීමට බව තවමත් පවසයි. සමාජවාදී ලංකාවක් බිහිකිරීමට තිබෙන විශාලම බාධකය කොටි සංවිධානය ලෙස හැදුන්වූ ජවිපෙ නායකත්වය කොටි සංවිධානය විනාශකිරීමට මූලිකත්වය දියයුතු බව පැවසීය. ඒ සදහා රාජපක්ෂලා ඇතුලු සියලු ජාතිකවාදීන් සහ ජාතිවාදීන් සමග කදවුරු බැන්දේය.

මෙලෙස දකුනේ දක්ශිනාංශික බලවේග සහ ජාතිකවාදීන් දේශපාලන වශයෙන් ඉතා බලවත් කල ජවිපෙට එසේ කිරීමෙන් අනාගතයේ වන විපාක පිලිබඳව පෙර කියවීමක් තිබුනේද නැත. මෙ අමනෝඥ සන්ධානයේ ප්‍රතිපලයක් ලෙස පක්ශයේ ප්‍රචාරක ලේකම සහ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ඇතුලු කොටසක් පක්ශයෙන් කැඩී ගිය අතර ඉන් අනතුරුව තවත් විශාල කොටසක් වෙන්වී නව පක්ශයක් ආරම්භ කලේය. මේ සමග ජවිපෙ ඉතාමත් අමාරු තත්ත්වයකට පත්වූ අතර මැතිවරණ අවකාශයේ 3% පක්ශයකට ලඝුවිය.

ජවිපෙ නොවන වෙනත් කොටස් සමග ජාතික ජන බලවේගය නමින් පුලුල් පෙරමුණක් ගොඩ නගන්නේ මෙලෙස මැතිවරණ අවකාශයේ ඇතිවූ විශාල පසුබෑමට විසදුමක් ලෙසය. නමුත් එසේ ගොඩනැගූ ජාජබයටද මුහුන දුන් ප්‍රථම මැතිවරණයෙන් 3% ඉක්මවා යෑමට නොහැකිවූ අතර එම අත්හදාබැලීම ගැන පක්ශය තුලම ප්‍රතිවිරෝධතා මතුවිය.

ජන අරගලය...

dry546

2019 වසරේ බලයට පැමිනි ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ පොහොට්ටු ආණ්ඩුව ගෙනගිය තකතීරු ආර්ථික වැඩපිලිවෙලේ සහ ලොවපුරා පැතිරගිය කෝවිඩ් ව්‍යසනයේ ප්‍රතිපලයක් ලෙස රට ඉතා ඉක්මනින් බංකොලොත් විය. ඒ සමග රට පුරා විශාල ජනතා අරගලයක් මතුවිය. අරගලය ආරම්භයේදී ගෝල්ෆේස් පිටියට රොක්වූ තරුණයන් විහිලුවට ලක්කල ජවිපෙ සමහර නායකයින් ඔවුන් මුහුදු සුලංවල පහස ලැබීමට පැමිනි නාගරික මධ්‍යම පංතික තරුණයන් කොටසක් බව පවසා හෑල්ලුවට ලක්කලේය. නමුත් ගෝල්ෆේස් පිටියේ සීග්‍රයෙන් ගොඩනැගෙන ජන බලය දුටු ජවිපෙට තවදුරටත් එය නොතකා සිටිය නොහැකිවිය. ඔවුන් අරගලයට එක්වන්නේ ඉන් පසුවය. එහෙත් ඔවුන් දිගටම තම පක්ශයේ මැතිවරණ වැඩපිලිවෙලින් පිටත සටන්වලට එක්වීමට මැලිවිය. එම අරගලවලදී කට්ටිවාදී ලෙස ක්‍රියා කලේය.

ගෝල්ෆේස් අරගලයට පහරදීමෙන් පසු ඇතිවූ විශාල ජනතා විරෝධය හමුවේ අපරාධ කරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් නොනවතින වැඩ වර්ජනයක් දියත් කිරීමට ඇතිකරගත් පොදු එකඟතාවයට ජවිපෙ වෘත්තීය සමිති නායකයින්ද එකඟවිය. නමුත් පසුදිනම ඔවුන් එම පොරොන්දුව කඩ කලේය, වර්ජනයෙන් ඉවත්විය.
sdryt56
ගෝටාගේ පලායෑමෙන් පසු ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතුවේය. එය ප්‍රමාදවනවිට ජවිපෙ නායකයන් පැවසුවේ හොරුන් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම් නොගසන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට එනවා නම් ඉතා හොද බවත් එවිට රනිල් රාජපක්ෂලාට ඕනෑලෙස හොරකම් කිරීමට නොහැකිවන බවත් පැවසීය.

මෙසේ පැවසූ ජවිපෙ සහෝදරයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම අත්සන් කල මොහොතේ සිට එය විවේචනය කරමින් ඒ වැඩපිලිවෙලට විරුද්ධව වැඩ කලේය. විදේශීය ආයෝජන ගෙන්වා ගැනීමට රනිල් වික්‍රමසිංහ විසින් ඉංදියාව සමග ව්‍යාප්පෘති ගනනාවක් සදහා අවබෝධතා ගිවිසුම් අත්සන් කලවිට ජවිපෙ ඊටද දැඩි ප්‍රහාරයක් එල්ල කෙලේය. ඉංදියාව එන්නේ අපිට ආදරේට නොවන බවත් රනිල් විසින් සියල්ල ඉංදියාවට පාවා දෙන බවටත් චෝදනා කලේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කල ගිවිසුමද තමන් බලයට පැමිනියහොත් නැවත සංශෝධනය කරන බව පැවසීය. එය සංශෝධනය කල නොහැකි බවට තර්කකල අය විවේචනය කලේය. ත්‍රීකුණාමලයේ තෙල්ටැංකි ඉංදියාවට බදු දීමට දැඩි විරෝධයක් ගෙනගියේය. ඊට අමතරව පාස්කු ප්‍රහාරය පිටුපස ඉංදියාව සිටින බවටද චෝදනා එල්ල කලේය. රනිල්ගේ දරුනු අණපනත්ද විවේචනය කල ජවිපෙ සහෝදරවරුන් තමා බලයට පැමිනියහොත් එක පෑන් පහරෙන් ත්‍රස්තවාදය වැලක්වීමේ පණත (PTA) ඇතුලු මර්ධනකාරී අනපනත් අහෝසි කරන බව පැවසීය.

fgdfgdfgss

මෙසේ චන්ද දායකයන්ට විවිධ ආකර්ෂණීය පොරොන්දු දුන් ජවිපෙ සහෝදරවරුන් බලයට පැමිනීමෙන් පසු කියන්නේ වෙනස් කතාය. PTA ඉවත්කරන බවක් හෝ ජනාධිපති ක්‍රමය අහෝසිකරන බවක් පේන්නට නැත. පොලිස් මැරකම්, උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීම්, පහරදීම් නැවතී නැත. ධනපතියන්ගෙන් වැඩි බදු ආධායමක් එකතු කරනවා වෙනුවට දුප්පතාට වැඩි බරක් යොදවා ඇතිබවට රනිල් වික්‍රමසිංහට චෝදනා කලද ඒ ක්‍රමවේද වෙනස් කරන්නේද නැත. ජාත්‍යන්තර අරමුදල සමග සාකච්ඡා කරනවා වෙනුවට ඒ වැඩපිලිවෙල ඉහ මුදුනින් බාරගෙන ඇත. එනිසා රජයේ රක්ශා සැපයීමට නොහැකි බවට රැකියා විරහිත උපාධිධාරීන්ට තර්ජනය කරති. කෘෂි නිශ්පාදන මිල ඉහල දමාඇති බවට ගොවියන්ට දොස් පවරති, විවිධ තර්ජන එල්ල කරති.

xfte56f
දශක ගනනාවක් ගෙනගිය ඉංදියන් විරෝධය පසෙකලා රනිල් අත්සන් කල ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට සම්පූර්ණ එකගතාවය පලකොට ඇත. ඉංදියාව සමග ආරක්ශා ගිවිසුමක්ද අත්සන් කර තිබේ. මෝදි අගමැතිවරයා පසුගියදා ලංකාවට පැමිනියේ මේ ව්‍යාප්පෘති වලට අත්සන් තැබීමටයි. එදා උපහාසයට කීවත් දැන්නම් ඇත්තටම අනුර දිසානායක ජනාධිපතිවරයා ක්‍රියාකරන්නේ රතු අලිපැටියෙකු ලෙසිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු ව්‍යාපාරික ප්‍රජාවට එය විශාල අස්වැසිල්ලක් වී ඇත. ඒ වගේම රනිල්ගේ ආර්ථික වැඩපිලිවෙල කෙරෙහි විශ්වාශය තැබූ අයටද දැන් අනුරට විරුද්ධවීමට හේතුවක් නොමැත. එදා සිටි රනිල්ගේ උපදේශකයන් අද අනුරගේද උපදේශකයන්ය. ජවිපෙ ඉංදියානු සහ ඇමරිකානු කදවුර සමග එකට පෙලගැසී ඇත. ඇමරිකන් නියෝජිතයන් දැන් නිතරම පැලවත්තට පිවිසෙන්නේද මේ සබදතා දියුනු කරගැනීමටයි.  මේ හැරවුම ජවිපෙ පාක්ශිකයන්ටද ඒ තරම් ප්‍රශ්නයක් විය නොහැක. කොහොමත් ජවිපෙ පාක්ශිකයන් තම නායකයන්ගේ බසට අවනතය. නායකයින් ඇදහීම ජවිපෙ තුල එදා සිට පැවති භාවිතයකි.

ඇත්තටම පසුගිය වසර දෙක තුන තුල ලංකාවේ සිදුවූ මේ දේශපාලන පෙරලි ඉතා සුවිශේෂයි. ‍ජාතියේ අප්පච්චී නොහොත් මහ රජානෝ ලෙස විශාල ගෞරවයට, ඇදහීමට, පාත්‍රවූ සහ රට එක්සේසත් කල දේශප්‍රේමී වීරයා ලෙස වන්දනා මාන කල මහින්ද රාජපක්ෂ සහ එම පවුලේ අය අද හොරුන්, තක්කඩියන් සහ වංචාකාරයින් ලෙස හංවඩුගහලාය. විරුවකු සහ වැඩකාරයකු ලෙස පිම්බූ ගෝටාභය රාජපක්ෂ වැඩ බැරි ටාෂන් වෙලාය. චේගුවේරා කාරයන්, දේශප්‍රේමීන්, මාක්ස්වාදීන්, සමාජවාදීන් වූ ජවිපෙ අද ලිබරල් වෙලාය. ඉංදියානු විරෝධය සහ නිතර ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන බිල්ලන් මැවූ බලවේග අද නිශ්ශබ්දය, අතරමංවෙලාය.

ඒ නිසා ලංකා දේශපාලන භූමියේ ඊනියා ජාතිකවාදීන්ට හෝ විප්ලවකාරීන්ට නැවත රගපෑමට භූමිකාවක් ඉතිරිවී නැත. රාජපක්ෂලා දේශප්‍රේමය අවසන් කලාසේ අනුරලා සමාජවාදය සහ ඉන්දියන් විරෝධය අවසන් කරලාය. බොරුකාරයන් සියල්ල හෙලිදරව් වෙලාය, සලු පිලි ගැලවිලාය. මේ නම් රටේ සුගතියට ඇතිවූ ඉතා යහපත් වෙනසකි.

Ajith Rajapaksha(සටහන | අජිත් රාජපක්ෂ)
ajith823@gmail.com
විදුලි ඉංජිනේරු (ඔස්ට්‍රේලියාව)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

(ජවිපෙ) ගමනක අවසානය.... | Ajith Rajapaksa | The Leader