The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඇල්ෆා මේල් ඉල්ලන සතුන් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

October 9, 2022 • 4:37 AM

ඇල්ෆා මේල් ඉල්ලන සතුන් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලක්ෂණ පෙන්නුම් කරන සතා වීමයි.
  • ඒ අනුව එය පරිණාමීය අවශ්‍යතාවයක් ලෙස තේරුම්ගත හැකියි.
  • මෙම චර්යාව ඇල්ෆා මේල් (Alpha Male) ලෙස ජනප්‍රිය කතිකාවේ තිබුණත් එය මිනිස් සමාජය ඇසුරෙහි භාවිතය පිළිබඳව විද්‍යාඥයන් අතර මතභේදයක් තිබෙනවා.
  • නමුත් දේශපාලන නායකයන් තෝරාගැනීමේදී මේ පරිණාමීය අවශ්‍යතාවය නිතැතින් මතුවන බව අපට ඓතිහාසිකව මෙන්ම මේ මොහොතේ පවා දැකගත හැකියි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලක්ෂණ පෙන්නුම් කරන සතා වීමයි.

වනචර සත්ත්ව ප්‍රජාවක ආරක්ෂාව සඳහා එවැනි රෞද්‍ර දරුණු කපටි හැසිරීම් සහිත අධිපති නායකයෙකුගේ අවශ්‍යතාවය පැහැදිලියි. ඒ අනුව එය පරිණාමීය අවශ්‍යතාවයක් ලෙස තේරුම්ගත හැකියි.

 

මෙම චර්යාව ඇල්ෆා මේල් (Alpha Male) ලෙස ජනප්‍රිය කතිකාවේ තිබුණත් එය මිනිස් සමාජය ඇසුරෙහි භාවිතය පිළිබඳව විද්‍යාඥයන් අතර මතභේදයක් තිබෙනවා. නමුත් දේශපාලන නායකයන් තෝරාගැනීමේදී මේ පරිණාමීය අවශ්‍යතාවය නිතැතින් මතුවන බව අපට ඓතිහාසිකව මෙන්ම මේ මොහොතේ පවා දැකගත හැකියි.

 

පැරණි පෞර රාජ්‍යයන්, අධිරාජ්‍යයන් මෙන්ම නූතන ජාතික රාජ්‍යයන් පවා වඩාත් සෞභාග්‍යමත්ව පැවතී ඇත්තේ දරුණු අධිපතීන් යටතේ වීම අහම්බයක් නොවෙයි.

Marcus Aurelius Imperium

යුධකාමී මාර්කස් ඕරීලියස් අධිරාජයා ඉතිහාසගත වන්නේ රෝම අධිරාජ්‍යයේ සවර්ණමය යුගයක් නිර්මාණය කළ නායකයා ලෙසිණි. ජනතාව සැබැවින්ම ආදරය කරන්නේ එවැනි අධිපති ලක්ෂණ පෙන්නුම් කරන නායකයන්ටයි. සෞභාග්‍ය යනු එම ආදරයයි.

ශිෂ්ට සමාජය තුළ මෙම ඒක පුද්ගල අධිපති චර්යාව තරමක් දුරට මැඩපවත්වන ස්වභාවයක් තිබෙනවා.

උදාහරණයක් ලෙස ඉහළ කොර්පොරේට් සංස්කෘතිය තුළ අපට උගන්වන්නේ අධිපතියන් ලෙස හැසිරෙන්නේ නැතිව ටීම් ප්ලේයර් කෙනෙක් ලෙස නායකත්වය උසුලන ආකාරයයි.

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ වැඩකරන කාලයේ එවැනි නායකත්ව පෞරුෂ සකසන වැඩසටහන් සඳහා මා ඇතුළු තෝරාගත් අය අධික මිලක් ගෙවා පිටරට යවා සති ගණන් පුහුණු කර තිබෙනවා.


මෙය එක්තරා ආකාරයකට මිනිස් සමාජය එහි වනචාරී උරුමයෙන් මිදීමට ගන්නා පටිසෝතගාමී උත්සාහයක්. ඇතැම් සමාජ ස්තර තුළ පැවැත්ම සඳහා දැන් වඩා වැදගත් වන්නේ අධිපති ලක්ෂණවලට වඩා සාමුහිකත්වය බවට සාධාරණව තර්ක කළ හැකියි. ඒ අනුව එය ඉමර්ජින්ග් පරිණාමීය අවශ්‍යතාවයක් ලෙස සැලකිය හැකියි. නමුත් එය නූතන සමාජයට පමණක් සුවිශේෂී නොවන්නේ එවැනි සාමූහික නායකත්වයන් පිළිබඳව උදාහරණ පැරණි ග්‍රීසියෙන් මෙන්ම භාරතයෙන්ද හමුවන බැවිනි.


ලංකාවේ මිනිස් සමාජය තුළ මෙම ප්‍රාථමික පරිණාමීය අවශ්‍යතාවය පෙන්වන සැලකිය යුතු පිරිසක් හැම දේශපාලන පක්ෂයකම සිටින බව පැහැදිලියි.

පොහොට්ටුවේ පිරිස් මෙන්ම ඊට විරුද්ධ පාක්ෂිකයන් පවා ගෝඨාභය රාජපක්ෂගෙන් අපේක්ෂා කළේ එවැනි අධිපති පාලනයක්. එතුමාට ඡන්දය දුන් විරුද්ධ පාක්ෂිකයන් පසුව අවලාද නැගුවේ ගෝඨාභය දුර්වලයෙකු බව කියමින්. එයින් පෙන්වන්නේ එම ප්‍රජා කුලකය තුළ අර අධිපති ලක්ෂණ සහිත නායකයෙකුට ඇති නොතිත් කාමයයි.

මෙහි උත්ප්‍රාසය වන්නේ අරගලයට දායක වූ කොළඹ ධනපති ප්‍රභූ සමාජයත් එම චර්යාවම පෙන්වීමයි. විශේෂයෙන්ම ලංකාවේ වෘත්තීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් සිටිනවා යැයි කියාගන්නා තොරතුරු තාක්ෂණවේදීන් පවා කීවේ අර්බුදයේ කන්ට්‍රෝල් එක පුද්ගලිකව අතට ගැනීමට ගෝඨාභය අපොහොසත් වූ බවයි.

එය අර ප්‍රබල බලපෑම්කාරක අධිපතියෙකු යටතේ රංචුවේ සතුන්ට දැනෙන ආරක්ෂාව අහිමි වීමේ ප්‍රකාශනයයි. වඩාත් හාස්‍යජනක නිරීක්ෂණය වන්නේ ඊනියා අරගලකරුවන් ගෝඨාභයට ගෙදර යන්න කියන්නේම ඔහු අධිපතියෙකු ලෙස නොහැසිරීම තුළ වීමයි.

සමස්තයක් ලෙස ගත් කළ මේ ආකාරයෙන් දෘඩ අධිපතියෙකු යටතේ පාලනය වීමට “වඩාත් කැමති” පිරිස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළ බව අපට පේනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තුළ අප දකින්නේ එම ඒක පුද්ගල අධිපතියෙකු යටතේ දැඩිව පාලනය වීමට ආශක්ත රංචුවක ස්වභාවයයි.

ඔවුන් පෙන්වන්නේ සාහසික අධිපතියෙකු යටතේ සටනට ගොස් මියයන්නට පවා කැමැත්තෙන් එන සබෝර්ඩිනේට් මානසිකත්වයයි.


එහි උච්චස්ථානයක් ලෙස දැකිය හැක්කේ පෙරටුගාමීන් විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා සිය නිල නොලත් නායකයා කරගැනීමයි. එය අතිශය සිත්ගන්නා සුලු සමාජ චර්යාවක්. ජෙනරාල් ෆොන්සේකා යනු වත්මන් දේශපාලන ව්‍යුහයේ වඩාත්ම දරුණු අධිපති ලක්ෂණ සහජයෙන් උරුම චරිතයයි. පාර්ලිමේන්තුවේ අන්මිස්ටේකබල් ඇල්ෆා මේල් ඔහුයි. එවැන්නෙකු තම ස්වභාවික නායකයා කරගැනීමට පෙළඹෙන්නේම අර ප්‍රාථමික අවශ්‍යතාවය වැඩිපුර තිබෙන සතුන් වීම ඒ අනුව අපට තේරුම්ගත හැකියි.



Wiru Samaruwa 2018.11.13 9

මෙහිදී අනුර කුමාර දිසානායක මුහුණ දෙන පෞරුෂ ඩිස්ඕර්ඩර් එක විමසීමත් සිත් ගන්නා සුලුයි. මා හිතන්නේ අනුර යනු ස්වභාවයෙන් අධිපතියෙකු නොවන බවයි. ජනප්‍රිය වචනයෙන් කියනවා නම් ඔහු බීටා මේල් (Beta Male) කෙනෙක්. මහින්ද රාජපක්ෂ වගේ ඇල්ෆෙක් වෙන්න ආස කරන අහිංසක බීටෙක්. නමුත් ඔහු ඉතාම දක්ෂ රංගනයක යෙදෙනවා කැමරාව ඉදිරියේ අධිපති චරිතයක් මවා පෙන්වීමට.

 

සාහසික ජේවීපීකරුවාගේ කාමුක නායකත්ව විජේවීර ප්‍රතිරූපය අනුර ඉතාම අමාරුවෙන් මේන්ටේන් කරනවා. එය ඔහුට පහසු කටයුත්තක් නොවෙයි.

නමුත් අනුර නැත්නම් ඒ චරිතයට පණ පොවන්න වෙන කෙනෙක් ජවිපෙ නැහැ. මා හිතන්නේ අනුර දන්නවා ඇත්තටම මේ ප්‍රාථමික ජනගහනයක් සහිත රාජ්‍යය පාලනය කරන්න ඔහුට පුද්ගලිකව නොහැකිය කියා. බලය ගන්නවාට වඩා අමාරුයි එවැනි සමාජයක බලය ගන්න ඕනා වගේ ඉන්න එක.


ධර්මය අපට මග වේවා!


ජවිපෙ බලය අල්ලන ගේම -(එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 ඔක්තෝබර් 9


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...