The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'සත්ව ගොවිපල' මේ දවස්වල කියවන්න ජෝජ් ඕවල් ගේ Animal Farm

T

The Leader Desk

April 15, 2026 • 7:32 AM

'සත්ව ගොවිපල' මේ දවස්වල කියවන්න ජෝජ් ඕවල් ගේ Animal Farm

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තව දින කිහිපයක් විවේකීව ඉන්නවා කියන පූර්ව නිගමනය මත මම යෝජනා කරනවා, ජෝජ් ඕවල් ගේ Animal Farm, අමිලා කොඩිකාරගේ පරිවර්තනය “සත්ව ගොවිපල” කියවන්න කියලා.
  •   ඌරන් යොදා ගෙන නැපෝලියන් පැරණි ප්‍රතිපත්ති වෙනස් කර සත්වවදී පාලනය වෙනුවෙන් සත් වැදෑරුම් අලුත් ප්‍රතිපත්ති මාලාවක් හදනවා.
  • අවසානයේ “සත්වවාදී” පාලනයෙහි ඌරන් සහ මනුස්ස පාලනය අතර වෙනසක් දකින්නට නොහැකි තරමේ වෙනසක් ඇති වෙනවා.
  • ඉංග්‍රීසි කෘතිය නොමිලේ කියවන්න, මෙතැනින් බා ගන්න - (සටහන | කුසල් පෙරේරා) ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී kusal.perera@gmail.com 2026 අප්‍රේල් 15 වන දින  
අකුරු ප්‍රමාණය (Font Size):


animal farm cover2014 485x800ජෝජ් ඕවල් 1945 දී ලියුව රුසියන් විප්ලවයෙන් පසු ස්ටාලින්ගේ නායකත්වයට යටත්වූ සෝවියට් රුසියානු පාලනය ගැන ලියවුනු ප්‍රහසනයක් ලෙස සැළකෙන මේ කතාව, 2024 නොවැම්බර් වලින් පසු ලංකාවෙහි ලියැවුනු කතාවක් යැයි සිතුවහොත්...... කතාවේ සංක්ෂිප්තය වෙන්නේ ඃ

සත්ව ගොවිපල පාලනය කළ මනුස්සයාට, ජෝන් මහත්තයාට එරෙහිව ගොවිපලේ සතුන් නැගී සිටිනවා. සතුන් ඉල්ලා සිටින්නේ උන්ගේ නිදහස, සමානාත්මතාව සහ පලදායිතාවය. මිනිසුන් නැති නිදහස් ලෝකයක් ගැන සිහින දැකපු වයසක, දළ සහිත පිරිමි ඌරකු වූ “මහළු මේජ” මිය ගිය පසු, සතුන් එකතුවී ජෝන් මහත්තයාව පලවා හැර, “සත්වවාදී” පාලනයක් පිහිටුවා ගන්නවා.

නැපෝලියන් සහ ස්නෝබෝල් නමැති ඌරන් දෙන්නෙක් සමග තව ඌරන් කිහිප දෙනෙක් සත්වවාදී පාලනයේ නායකත්වය ගන්නවා. වැඩි කලක් යන්න කලින් බල්ලන් කණ්ඩායමක් යොදවා ගෙන, ස්නෝබෝල්ව පලවා හැර නැපෝලියන් ඒකාධිපති පාලනයක් පිහිටුවනවා.

 

mguuuuu
ඌරන් යොදා ගෙන නැපෝලියන් පැරණි ප්‍රතිපත්ති වෙනස් කර සත්වවදී පාලනය වෙනුවෙන් සත් වැදෑරුම් අලුත් ප්‍රතිපත්ති මාලාවක් හදනවා. එහි ප්‍රධානම අරමුණ වෙන්නේ ඔවුන් මනුස්ස හැසිරීමට අනුගතවීම සාධාරණය කිරීමය.

ඌරන් සුව පහසු ජීවිතයක් ගත කරද්දී, පාලනයට ලැදි, පක්ෂපාති අශ්වයෙකු වන බොක්ස සමග අනෙක් සතුන් නිෂ්පාදනය වැඩි කිරීමට අල්පේච්ඡ ජීවිතයක අරපිරිමැස්මෙන්, වැඩ කරන්න පටන් ගන්නවා.

අවසානයේ “සත්වවාදී” පාලනයෙහි ඌරන් සහ මනුස්ස පාලනය අතර වෙනසක් දකින්නට නොහැකි තරමේ වෙනසක් ඇති වෙනවා.

මෙය මේ දවස්වල අනිවාර්යෙන් කියවිය යුතු පමණක් නොව, සමාජ සාකච්ඡාවටද ගත යුතු සාහිත්‍ය කෘතියක් කියලා මං කියනවා.

ඉංග්‍රීසි කෘතිය නොමිලේ කියවන්න, මෙතැනින් බා ගන්න -


Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 අප්‍රේල් 15 වන දින

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...