The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

AP ඡායාරූප කතාව: ලෝකයම දුටු දරුවන් කඳු හා ගස් නගින ලංකාවේ 'මාර්ගගත අධ්‍යපනය'

T

The Leader Desk

July 16, 2021 • 10:22 AM

AP ඡායාරූප කතාව: ලෝකයම දුටු දරුවන් කඳු හා ගස් නගින ලංකාවේ 'මාර්ගගත අධ්‍යපනය'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උස් එළිමනක තාවකාලිකව අටවා ගත් අධාරකයක සුදු පුවරුවත් තබා ඉදිරියෙහි ඇති පරිඝනකයකට කතා කරමින් මාර්ගගත අධයාපනය ලබා දෙන මෙම හිමිනමගේ ඡායාරූපය සුදේශ් සිල්වාගේ මුහුණු පොතෙනි.
  • පත්මිනි කුමාරි පවසන්නේ දරුවන් දිනකට දෙවරක් පර්වතයට නගින බවත් ඔවුන්ගේ ආරක්ෂාව සැළකීම දෙමාපියන්ට විශාල බරක් බවත් ය.
  • එනම් කිලෝමීටර 16 ක් දුරින් පිහිටි එය දැන් වසා ඇත.
  •     මෙහි සිට කිලෝමීටර 60 ක් ඈතින් පිහිටි ලුනුගල ගම්මානයේ වැඩිහිටියන් පාසල් ළමුන් වනාන්තර රක්ෂිතයක පිහිටි කඳු මුදුනක පිහිටි ගසකට ගෙන යයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
පහත පළවන මෙම ඡායාරූප කතාව ජුලි 13 දා පළ කරන ලද්දේ The Associated Press (AP) නම් ලාභ නොලබන ඇමෙරිකානු පුවත් සේවය විසිනි. 
 
පහත සඳහන් ඡායාරූප සහ පුවත් කතාව ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පි ඒරංග ජයවර්ධන විසිනි. මෙම ජායාරූපමය කතාව ලොව බොහෝ ජනමාධ්‍ය විසින් උපුටා පළ කර තිබේ.
 
ඒපි එරංගගග 696x463   
 
බෝහිටියාව නම් මෙම දුර බැහැර පිහිටි මෙම ගම්මානයෙහි මාර්ගගත පාසල් පාඩම් ලබා ගැනීම සඳහා කිලෝමීටර් තුනකට වඩා ඝන පඳුරු මැදින් යාමට දරුවන්ට සිදුවෙයි. 
 
දරුවන් 45 දෙනෙකු සමඟ ගුරුවරයන් දෙදෙනෙකු කිලෝමීටර් දෙකක් තරම් උස කන්දකට නගිති.
 
 
Sri Lanka Online Classes 17aa31622ca original ratioගුරුවරයකු ගසකට නැග පාඩම් උඩුගත කරයි.
 
 
ගමේ වෙසෙන සිසුන් තම ගුරුවරුන් විසින් එවන ලද මාර්ගගත පාඩම් බාගත කිරීම සඳහා එක්ව ගමන් කරයි.
 
On line education AP21194198447975 696x464 
 
සෑම කෙනෙකුටම ජංගම දුරකතන හෝ හෝ ලැප්ටොප් පරිගනක නොමැත. විටෙක ළමයින් හතර දෙනෙකු  හෝ පස් දෙනෙකු එක් උපාංගයක් බෙදා ගනිති.
 
Online education AP21194194276488 696x463මවක් සිය දියණියට පාඩම් බලා ගැනීමට ජංගම දුරකථනය අල්ලා ගෙන සිටී.
 
 
මෙම දරුවන්ගේ දෙමව්පියන් බොහෝ විට ගොවීන්ය.  බොහෝ විට දරුවන් සමඟ යති. 
 
තම හයවන ශ්‍රේණියේ පුතා සමඟ එන එච්.එම්. පත්මිනි කුමාරි පවසන්නේ දරුවන් දිනකට දෙවරක් පර්වතයට නගින බවත් ඔවුන්ගේ ආරක්ෂාව සැළකීම දෙමාපියන්ට විශාල බරක් බවත් ය.
 
  
Online education AP21194210146446 696x452
පාඩම් අවසන්ව කන්දෙන් පහළට බසින දරුකැළ
 
 
දිවයිනේ මධ්‍යම-නැගෙනහිර කොටසේ පිහිටි ගමට මූලික පහසුකම් නොමැත. එහි දරුවන් අධ්‍යාපනය ලැබුවේ රජයේ පාසලක ය. එනම් කිලෝමීටර 16 ක් දුරින් පිහිටි එය දැන් වසා ඇත.
 
 
On lineeducation AP21194207730701 696x458
දරුවන් පාඩම් අවසන් කර එනතුරු මා පියෝ රැකවල් ලා ගෙන සිටිති.
 
 
මෙහි සිට කිලෝමීටර 60 ක් ඈතින් පිහිටි ලුනුගල ගම්මානයේ වැඩිහිටියන් පාසල් ළමුන් වනාන්තර රක්ෂිතයක පිහිටි කඳු මුදුනක පිහිටි ගසකට ගෙන යයි. එය අඩි 30 ක් පමණ උස වන අතර අන්තර්ජාල ඒ කරා ළගා වෙයි. 
 
ඔවුන් තම ගෙදර වැඩ උඩුගත කිරීමට සහ පාඩම් සැලසුම් බාගත කිරීමට ගසට නගිති.
 
Online education AP21194191660338 696x464
 
2020 මාර්තු මාසයේ සිට බොහෝ දුරටම ශ්‍රී ලංකාවේ පාසල් වසා දමා ඇත. බලධාරීන් පවසන්නේ සියළුම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා සෑම උත්සාහයක්ම ගන්නා බවයි.
 
Online education AP21194196976285 696x447
 
නමුත් ලංකා ගුරු සංගමයේ ප්‍රධානියා වන ජෝසප් ස්ටාලින් පවසන්නේ ශ්‍රී ලංකාවේ සියයට 40 ක් මිලියන 4.3 ක සිසුන්ට මාර්ගගත පන්ති සඳහා සහභාගී විය හැකිය. බහුතරයකට උපාංග හෝ  අන්තර් ජාල සම්බන්ධතාවයට ප්‍රවේශය නොමැත.
 
 
AP PHOTOS: In Sri Lanka, a dangerous climb for online sc
By ERANGA JAYAWARDENA
 
 
2000 42000 12000 32000 22000 52000 62000 82000 9 
 
 
ශ්‍රී ලංකා බ්‍රීෆ් පසු සටහන: 
 
 
මෙවැනි පහසුකම් පවා නැති දස දහස් ගණනාවක් දරුවන්ට දැන් වසර එකහමාරක් තරම් කාලයක් කිසිදු අධ්‍යාපනයක් ලැබී නැත. යහපත් ජිවිතයක් සඳහා සාමාන්‍ය ජනයාගේ දරුවන්ට තිබූ එකම මාර්ගය වූ අධ්‍යාපනය විනාශ වන්නට දී රාජපක්ෂ ආන්ඩුව කරබාගෙන ඉදී. ඇති හැකි අයගේ දරුවන්ට කොවිඩ් ව්‍යසනය මගින් තව තවත් වරප්‍රසාද ලබා ගැනීමට අවස්ථාවක් ලබා දී ඇති අතර සාමාන්‍ය  ජනයාගේ දරුවන් ගැන උනන්දු වන්නේ ගුරු සංගම් පමණි.
 
 
Joseph Stalin and others protest at the quarantine center 
අධ්‍යාපන අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කිරීම නිසා නිරෝධායන නීති මුවාවෙන් මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින ගුරු සංගම් හා සමාජ ක්‍රියාකාරකයන්.
 
 
 
 
 
 
THE LEADER TV 
 
 
නාමල්ගේ 'ඩබල් ගේම්' කතාව
 
 
 
ශ්‍රී ලන්කන් කෝටියක පෙරහැර ගැහිල්ලක් ?
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...