The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අප්‍රේල් 03 : 'අරාබි වසන්තයේ අනපේක්ෂිත ප්‍රතිවිපාකවලින් අප ඉගෙන ගත යුතුයි' - ගාමිණී වියන්ගොඩ

T

The Leader Desk

April 1, 2022 • 2:34 AM

අප්‍රේල් 03 : 'අරාබි වසන්තයේ අනපේක්ෂිත ප්‍රතිවිපාකවලින් අප ඉගෙන ගත යුතුයි' - ගාමිණී වියන්ගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් විසින් සංවිධානය කරන ලද විරෝධතා හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල අසල වැසියන් එක්ව සිදුකල විරෝධතා ඇති වී තිබේ.
  • ඒ අතරම, රට පුරා සිටින ජනතාව නිශ්චිත වේලාවක රැස්වී විරෝධතා දක්වන ලෙස නිර්නාමික කණ්ඩායම්වලින් ඉල්ලීම් මත්වී තිබේ.
  • යහපත් චේතනා ඇතිව එක් වන ජනතාව ප්‍රචණ්ඩත්වයට පොළඹවා විරෝධතා මොට කිරීමට මෙන්ම ඒවා පාලනය කිරීමට හෝ නීති විරෝධී කිරීමට පවා එසේ නිර්මාණය කරන ලද තත්වයන් ආණ්ඩුව විසින් පාවිච්චි කිරීමේ අනතුර සෑම විටම පවතී.
  • අන්තවාදී කණ්ඩායම් එවැනි තත්ත්වයන් තම පරම අරමුණු සඳහා යොදා ගැනීමට ද ඉඩ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කිරීමට හේතු වී ඇත.

දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් විසින් සංවිධානය කරන ලද විරෝධතා හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල අසල වැසියන් එක්ව සිදුකල විරෝධතා ඇති වී තිබේ.

මෙසේ විරෝධතා දැක්වීමට අයිතිය ජනතාව පාවිච්චි කිරීම ඉතා යහපත් වර්ධනයකි .



ඒ අතරම, රට පුරා සිටින ජනතාව නිශ්චිත වේලාවක රැස්වී විරෝධතා දක්වන ලෙස නිර්නාමික කණ්ඩායම්වලින් ඉල්ලීම් මත්වී තිබේ.

යහපත් චේතනා ඇතිව එක් වන ජනතාව ප්‍රචණ්ඩත්වයට පොළඹවා විරෝධතා මොට කිරීමට මෙන්ම ඒවා පාලනය කිරීමට හෝ නීති විරෝධී කිරීමට පවා එසේ නිර්මාණය කරන ලද තත්වයන් ආණ්ඩුව විසින් පාවිච්චි කිරීමේ අනතුර සෑම විටම පවතී.

අන්තවාදී කණ්ඩායම් එවැනි තත්ත්වයන් තම පරම අරමුණු සඳහා යොදා ගැනීමට ද ඉඩ ඇත.

 

අරාබි වසන්තයේ අනපේක්ෂිත ප්‍රතිවිපාකවලින් අප ඉගෙන ගත යුතුය. අරාබි ලෝකය පුරා මිලියන ගණනක් ජනතාව ඒකාධිපතිත්වයට එරෙහිව වීදි බැස ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටියහ. එහෙත් විවිධ දේශපාලන සහ සිවිල් සමාජ කණ්ඩායම් අතර නිසි නායකත්වයක් නොමැති වීම සහ කල්ලිවාදය ද නිසා විවිධ ස්වරූපවලින් යළි හිස ඔසවන්නට අධිකාරීවාදයට හැකි විය.

 

විරෝධතා දැක්වීමේ නීත්‍යානුකූල අයිතිය භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, එවැනි විරෝධතා කැඳවීමට පෙරමුණ ගන්නා අය තමන්ව හඳුනාගත යුතුය. මුහුණු නැති නායකයන් සිටිය නොහැක.

එසේම, එවැනි විරෝධතා වලදී භාවිතා කළ යුතු සටන් පාඨ සහ ඉල්ලීම් පිළිබඳව ඔවුන් ජනතාව දැනුවත් කළ යුතුය.

තවද, විරෝධතා මොට කිරීමට ආණ්ඩුවට ඉඩ හරින තත්වයන් නිර්මාණය නොවන බවට ඔවුන් වග බලාගත යුතුය.


(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...