The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ට්‍රම්ප්ගේ තීරුබදුවලට එරෙහිව අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) සංවිධානය කිරීමට කාලය එළැඹ තිබේ | ආර්. එම්. මනිවන්නන්

T

The Leader Desk

April 15, 2025 • 10:31 AM

ට්‍රම්ප්ගේ තීරුබදුවලට එරෙහිව අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) සංවිධානය කිරීමට කාලය එළැඹ තිබේ | ආර්. එම්. මනිවන්නන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව සමග මෙම ප්‍රවේශ සාකච්ඡා ආරම්භ කිරීමෙන් ඒකාබද්ධ ස්ථාවරයක් වර්ධනය කර ගැනීමට සහ එහි සාමාජිකත්වය පුළුල් කිරීමට ASEAN සංවිධානයට අද්විතීය පසුබිමක් සැකසෙනු ඇත.
  • දින 90 ක විරාමයෙන් නිර්භීත මුලපිරීමක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසානයේ ඔහුගේ දිගුකාලීන තර්ජනාත්මක තීරුබදු ප්‍රහාරය මුදා හරින විට, ඔහු විසින් එය පනවන්නට තීරණය කළ පරිමාණය සහ විෂය පථය බොහෝ රජයන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් නරක අතක් ගෙන තිබුණි.
  • චීනය දැඩි ලෙස පීඩාවට පත්වීම පුදුමයක් නොවේ, නමුත් බොහෝ ආසියානු රටවල් මත පනවා ඇති දඬුවම් බදු ඒ රටවල ආර්ථික ස්ථාවරත්වය හා නිෂ්පාදන පිරිවැය හා සැසඳූ කළ ගැඹුරු කම්පනයක් ගෙන දෙන්නක් විය.
  • වාසනාවකට මෙන්, මෙම “අන්‍යෝන්‍ය” තීරුබදු බොහොමයක් සඳහා ඒවා ක්‍රියාත්මක වී පැය කිහිපයකට පසුව ට්‍රම්ප් දින 90 ක විරාමයක් නිවේදනය කළේ මූල්‍ය වෙලඳපොළ දෙදරුම් කමින් සිටිය දී ය.
අකුරු ප්‍රමාණය (Font Size):


එබැවින්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඒකමතික තීරණ මත පිහිටා ලෝකයේ රටවල් රැසක ආර්ථික ශක්තියට මරු පහරක් එල්ල කරමින් ක්‍රියාත්මක කළ දඬුවම්කාරී ලෙස ඉහළ තීරුබදු පැනවීමේ ක්‍රියාවලියට ලබා දී ඇති තාවකාලික දින 90ක විරාමය භාවිතා කර අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය - ASEAN හී බලපෑම් කිරීමේ ශක්තිය ඉක්මණින්ම වැඩි කර ගැනීම කළ යුතු ම ය.

ASEAN සංවිධානයේ සාමාජිකත්වය පුළුල් කිරීමට අද්විතීය පසුබිමක්

 

Cover 3

මේ වන විටත් ASEAN විසින් ටිමෝර- ලෙස්තෙ හී සාමාජික ඉල්ලීම පිළිගත් නියායෙන් ම ශ්‍රී ලංකාව සමගින් ද ධනාත්මක සාකච්ඡා ආරම්භ කොට සංවිධාන ශක්තිය පුළුල් කිරීමේ කොටස්කරුවකු කර ගැනීම වඩාත් සුදුසු වන්නේ මේ වන විටත් ශ්‍රී ලංකාව ඇමරිකානු වෙළෙඳපොල තුළ වඩාත් උසස් නිෂ්පාදන සැපයුම්කරුවෙකු ලෙසින් ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන තිබෙන පසුබිමත් මත පිහිටා ය.

ශ්‍රී ලංකාව සමග මෙම ප්‍රවේශ සාකච්ඡා ආරම්භ කිරීමෙන් ඒකාබද්ධ ස්ථාවරයක් වර්ධනය කර ගැනීමට සහ එහි සාමාජිකත්වය පුළුල් කිරීමට ASEAN සංවිධානයට අද්විතීය පසුබිමක් සැකසෙනු ඇත.

දින 90 ක විරාමයෙන් නිර්භීත මුලපිරීමක්

country
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසානයේ ඔහුගේ දිගුකාලීන තර්ජනාත්මක තීරුබදු ප්‍රහාරය මුදා හරින විට, ඔහු විසින් එය පනවන්නට තීරණය කළ පරිමාණය සහ විෂය පථය බොහෝ රජයන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් නරක අතක් ගෙන තිබුණි. චීනය දැඩි ලෙස පීඩාවට පත්වීම පුදුමයක් නොවේ, නමුත් බොහෝ ආසියානු රටවල් මත පනවා ඇති දඬුවම් බදු ඒ රටවල ආර්ථික ස්ථාවරත්වය හා නිෂ්පාදන පිරිවැය හා සැසඳූ කළ ගැඹුරු කම්පනයක් ගෙන දෙන්නක් විය.

වාසනාවකට මෙන්, මෙම “අන්‍යෝන්‍ය” තීරුබදු බොහොමයක් සඳහා ඒවා ක්‍රියාත්මක වී පැය කිහිපයකට පසුව ට්‍රම්ප් දින 90 ක විරාමයක් නිවේදනය කළේ මූල්‍ය වෙලඳපොළ දෙදරුම් කමින් සිටිය දී ය. මෙම සහනයෙන් ප්‍රතිලාභ ලබන ආසියානු රජයන් දැන් ඔවුන් ලබා ගත් කාලය වඩාත් ඵලදායි අයුරින් භාවිතා කර වහ වහා ඒකාබද්ධ ප්‍රතිචාරයක් ඇති කර ගැනීමට සහ එක්සත් ජනපදය සමග තාර්කික, ධනාත්මක හා ප්‍රතිඵලදායක කතා බහකට වැඩි උත්තේජනයක් ලබා දෙන නිර්භීත මුලපිරීම් භාවිතා කළ යුතුය.

රටේ මිනිසුන් ගේ ජීවිත සම්බන්ධ අවධානම් සහගත අවස්ථාවක්

මෙරට සිටි විධායක ජනාධිපතිවරයෙක් ව පලවා හැරීමට තරම් උණුසුම් වූ මෙරට ආර්ථික අවපාතයක සහ සමස්ත රටේ ආර්ථිකය බිඳවැටීමේ මායිමට ම තල්ලු කළ දේශපාලන හා ආර්ථික අර්බුදයකින් ගොඩ එන්නට උත්සාහ දරන ඉතා කෙටි කාල පරිච්ඡේදයක් තුළ මගේ රට වන ශ්‍රී ලංකාව මත මුලින් පනවා ඇති තීරුබදු අනුපාතය අති විශාල 44% ක් වූ බව යළි යළිත් මම ඔබේ සිහි කැඳවමි.

මෙය හුදෙක්ම ඉලක්කම් සමග ඇමරිකා එක්සත් ජනපදය කරන සෙල්ලමක් ලෙස මගේ රටේ මිනිසුන්ට නොදැනෙන අතර මෙය රටේ මිනිසුන් ගේ ජීවිත සම්බන්ධ අවධානම් සහගත අවස්ථාවකි. ඇමරිකා එක්සත් ජනපදය මේ දක්වා ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොළ බැවින්, ජනපති ට්‍රම්ප්ගේ “විමුක්ති දින” තීරුබදු පැනවූ විට ඔබේ මගේ මේ මාතෘභුමියේ ස්ථිර නොවූ ආර්ථික ප්‍රකෘතියට දැවැන්ත පහරක් එල්ල වෙනු ඇත.

වියට්නාම රජය –කඩිනම් වෙළඳ සාකච්ඡා ආරම්භ කරයි

 

w4665වියට්නාම නියෝජ්‍ය අගමැති එක්සත් ජනපද වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් හමුව 2025 අප්‍රේල් 9
අනෙකුත් ආසියාතික රටවල් තරමක් යහපත් වූ අතර කාම්බෝජයට 49%ක්, ලාඕසයට 48%ක් සහ වියට්නාමයට 46%ක් ලෙස රටවල් කිහිපයකට ඊටත් වඩා දැඩි ලෙස පහර වැදී ඇත. මෙම යෝජිත බදු ප්‍රතිශත කෙතරම් බරද යත්, වියට්නාම් යුද්ධයේදී එදා ට්‍රම්ප් හමුදා සේවයෙන් වැළකී සිටීමට කටයුතු කිරීමට හා එදා එම ගැටුමට සම්බන්ධ වූ ඉන්දු චීන රටවලට ආර්ථික යුද්ධයක් දියත් කිරීමෙන් වන්දි ගෙවන්නට සලස්වන උපක්‍රමයක් දැයි කෙනෙකුට කල්පනා කළ හැකිය.  

කෙසේ වෙතත් දැනටම  එක්සත් ජනපද ආනයන – සඳහා වන සියලුම තීරුබදු ඉවත් කිරීමට ඉදිරිපත් වෙමින් ක්ෂණයකින් සුදු කොඩි එසවූ වියට්නාම රජය – දින 90 විරාමය තුළ කඩිනම් වෙළඳ සාකච්ඡා ආරම්භ කිරීමට එකඟ වී ඇති හෙයින්, ට්‍රම්ප් දැනටමත් ඔහුගේ මතවාදය ලෝකය ඉදිරියේ ශක්තිමත් කරවමින් ජයග්‍රහණය කර ඇතැයි සිතිය යුතු ය.

ASEAN සභාපති අගමැති අන්වර්ගේ ප්‍රයත්නය

e56y5ආසියාන් සභාපති, මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රහිම්

ට්‍රම්ප් සනසන්නට වියට්නාමය දරන උත්සාහය රටට තාවකාලික හෝ තොරොම්බ්ල් ප්‍රතිලාභ කිහිපයක් ලබා දෙනු ඇත, මන්ද ට්‍රම්ප් කිසි විටෙකත් සද්භාවයෙන් සාකච්ඡා නොකරන බැවිනි. වඩාත් අවදානම් සහගත තත්ත්වය නම්, අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) එහි හවුල්කරුවන් දැන් ලබා දීමට අපේක්ෂා කරන දේ සඳහා අවම වශයෙන් එක්සත් ජනපද පරිපාලනයේ වෙළඳ හා ආර්ථික සම්මුති සාකච්ඡාකරුවන් – ඉදිරියේ තමන් ගේ පාර්ශවයෙන් ඉහළ යෝජිත හා කේවල් කිරීමේ රේඛාවක් සලකුණු කරන්නේ ද යන්නයි.

එහෙත් වත්මන් ආසියාන් සභාපති, මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රහිම්ට තවමත් ඒකාබද්ධ පෙරමුණක් ඉදිරිපත් කිරීමට සහ ට්‍රම්ප්ගේ තීරුබදු නිසා ඇති වන ආර්ථික කඩාකප්පල් වීමෙන් සාමාජිකයින් ආරක්ෂා කිරීමට උපකාරී වන ප්‍රතිපත්ති මුලපිරීම් වර්ධනය කිරීමට කන්ඩායමේ පූර්ණ බලය එකට ගොනු කළ හැක. මෙම කන්ඩායම තුළ ආර්ථික ඒකාග්‍රතාවය ගැඹුරු කිරීමට සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය හා අනෙකුත් ආසියානු ආර්ථිකයන් සමග සමීප වාණිජ සබඳතා ගොඩනගා ගැනීමට ASEAN සභාපති ලෙස අගමැති  අන්වර්ගේ ප්‍රයත්නයන්ට මෙය අනුකූල වනු ඇත.

ASEAN හට පවතින සැලසුම් සකසා ගැනීමේ හැකියාව

asean6

අගමැති අන්වර් විසින් මැයි මාසයේදී පවත්වනු ලබන ASEAN සමුළුව මෙම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට ප්‍රමුඛ වේදිකාවක් ගොඩ නගනු ඇත. එක්සත් ජනපදය යොදන ආකාරයේ පීඩනයකට මුහුණ දෙන විට ඕනෑම රටකට හෝ කණ්ඩායමකට කළ හැකි හොඳම දේවලින් එකක් වන – වෙළඳ හවුල්කාරිත්වයන් විවිධාංගීකරණය කිරීම ගැන රැස්ව සිටින නායකයින් අනිවාර්යයෙන් ම මෙම තීරණාත්මක හමුව තුළ සාකච්ඡාවට බඳුන් කරනු ඇත. නමුත් ඔවුන් කලාපීය සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට සහ උද්ගත වෙමින් පවතින මෙම ගෝලීය ආර්ථික භූමිකම්පාවේ පරිමාණයට ඔවුන් ගේ රටවල සුරක්ෂිතතාව සහතික කරන්නට නම් ඔවුන් ඊටත් එහා වඩාත් පුළුල් සංධාන ගත වැඩපිළිවෙළක් වෙත ප්‍රවිශ්ට විය යුතුමය.

EU big bang

 

මෙහිදී, ASEAN හට යුරෝපා සංගමය මෙවන් අවස්ථාවල ක්‍රියා කළ ආකාරයන් පිළිබඳව යම් අනුසාරයෙන් උදාහරණ සපයා ගත හැක., “සැමදා එකමුතු යුරෝපයක්” ඉන් ප්‍රධාන වේ. 2004 දී යුරෝපා සංගමයේ  “big bang “ ව්‍යාප්තවාදය හරහා සිය සීමා මායිම් පුළුල් කරමින්,  ප්‍රධාන වශයෙන් මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ රටවල් දහයක් ඇතුළත් කර ගැනීම ය. මෙම කණ්ඩායම බෝල්කන් රටවල් සහ යුක්රේනය වෙත අඛණ්ඩව ව්‍යාප්ත වීම මෙන්ම උතුරු අප්‍රිකාවේ ආර්ථික සංවර්ධනය උත්තේජනය කිරීමට දරන උත්සාහයන් මෙම මූලෝපාය සමග කොටසකි. එම සැලසුම් එයාකාරයෙන් ම අනුපිටපත් නොකළත්, වත්මන් ගැටලුවට එයින් විශාල පාඩමක් ගෙන සිය සැලසුම් සකසා ගැනීමේ හැකියාව ASEAN හට පවතියි.

අන්වර්ගේ සභාපතිත්වයේ කීර්තිමත් ඉදිරි ගමනක පෙරනිමිති


ASEAN සංවිධානය දැනටමත් ටිමෝර්-ලෙස්ටේ සමග පළමු අදියරේ ප්‍රවේශ සාකච්ඡා ආරම්භ කර ඇති පසුබිමක, එය පිළිගන්නේ නම් (බොහෝ දෙනා අපේක්ෂා කරන පරිදි), ටිමෝර්-ලෙස්ටේ මෙතෙක් ASEAN කණ්ඩායමේ සාමාජිකත්වය ලත් දිළිඳු ම සාමාජිකයා වනු ඇත. නමුත් මෙම සාමාජිකත්වය ටිමෝර්-ලෙස්ටේට එහි ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට සහ නව හවුල්කරුවන් සමග වැඩ කිරීමට ඉඩ සලසනු ඇති අතර එය පෘතුගාලයෙන් නිදහස ලැබීමෙන් පසු වසර 20 කට වැඩි කාලයක් ටිමෝරය-ලෙස්ටේ අල්ලා ගත් ඉන්දුනීසියාව සමග පවතින එදිරිවාදිකම් ද යම් පමණකට සමනය කරනු නොඅනුමාන ය.

asaean456567
අග්‍රාමාත්‍ය අන්වර් සහ ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව දැනටමත් ටිමෝර්-ලෙස්ටේ සමග පළමු අදියරේ ප්‍රවේශ සාකච්ඡා සඳහා ආකර්ෂණීය ඉඩකඩක්, හා ප්‍රමුඛත්වයක් ගෙන ඇති අතර, මෙය අගමැති අන්වර්ගේ සභාපතිත්වයේ කීර්තිමත් ඉදිරි ගමනක පෙරනිමිත්තක් සේම, තීරණාත්මක මොහොතක දී ASEAN එකමුතුවේ ජාත්‍යන්තර කීර්තිය හා බලය ඉහල නංවනු ඇති අතර කලාපීය ස්ථාවරත්වය හා ආරක්ෂාව ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇත. නමුත් අන්වර්ට ඊටත් වඩා මීටත් වඩා ලෝකයේ ශක්තියක් ASEAN සංවිධානය වෙත හිමි කර දීමට අවශ්‍ය නම් ඔහු අත්‍යන්තයෙන් ම තවත් විශාල වපසරියකට ASEAN සංවිධානය ව්‍යාප්ත කළ යුතුය.

ශ්‍රී ලංකාව වැනි ගෝලීය මර්මස්ථානවලට ද, ඔහු නව සාමාජිකයින් වශයෙන් කලාපයේ ආසන්න පිටස්තර රාජ්‍යයන්ටත් ASEAN හි දොරටු විවර කිරීමට සැලසුමක් දියත් කළ යුතු ය.

ආර්ථිකයට මිල කළ නොහැකි රන්වන් ප්‍රවේශය

ASEAN Flag raising in Colombo Sri Lanka
ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අනුව ශ්‍රී ලංකාව ASEAN සාමාජිකයින්ගේ පහළ භාගය තුළ ශ්‍රේණිගත කරනු ඇති බව ඇත්ත ඇත්තක් වුවත් ඒ කිසිම රටකට වඩා ශ්‍රි ලංකාවේ භූගෝලීය පිහිටීම ASEAN ව්‍යාපාරවලට කලාපයේ වර්ධනය වන ආර්ථිකයට මිල කළ නොහැකි රන්වන් ප්‍රවේශයක් ලබා දෙනු ඇත.

විසිඑක්වන සියවසේදී ශ්‍රී ලංකාව ඉන්දු-පැසිෆික් කලාපය ලෝකයේ ආර්ථික ගුරුත්වාකර්ෂණ මධ්‍යස්ථානය බවට පත්වීමට නියමිත බැවින්, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම වෙළඳාම සහ ආයෝජන සඳහා බලවත් කේන්ද්‍රස්ථානයක් බවට පත්විය හැකිය. තවද ශ්‍රී ලංකාව ASEAN සාමාජික රාජ්‍යයන් හි ඉදිකිරීම්, සැපයුම් සහ තාක්ෂණික සමාගම් සඳහා බහුල ආයෝජන අවස්ථා ලබා දෙනු ඇත.

තුරුම්පු තවමත් ASEAN සාමාජික රාජ්‍යයන් සතු ය

 

asean546j
ට්‍රම්ප්ට - හෝ ඒ සමඟ පැමිණිය හැකි වෙනත් ඕනෑම සුපිරි බලවතෙකුට එරෙහිව නැගී සිටීමට - කේවල් කාර බල කේන්ද්‍රයක සිට සම්බන්ධ වීම අවශ්‍ය වේ. ASEAN සංවිධානය පුළුල් වීම - ටිමෝරය-ලෙස්ටේ ඉල්ලුම් කර ඇති සාමාජිකත්වය ඉක්මනින් පිළිගැනීම සහ ශ්‍රී ලංකාව සමඟ ධනාත්මක ප්‍රගතිශීලී සාකච්ඡා ආරම්භ කිරීම - මෙම ඉලක්කය ඉදිරියට ගෙන යනු ඇත.  

ASEAN සාමාජික රාජ්‍යයන් ලෝකයේ ප්‍රබල සංධානයක් ලෙසින් වත්මන් බලවත් රාජ්‍යයන්ට ඒත්තු ගැනීමට පරිසරයක් නිර්මාණය කරනු ඇත. යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමග ට්‍රම්ප්ගේ කුප්‍රකට ධවල මන්දිර ඕවල් කාර්යාල රැස්වීමේ දී, ඔහු නැවත නැවතත් ජනාධිපති සෙලෙන්ස්කි ට මෙසේ පැවසීය, "ඔබට කාඩ්පත් නැත. ඔබ සතුව තව දුරටත් ක්‍රීඩා කිරීමට තුරුම්පු නැත." 

නමුත්  ASEAN සාමාජික රාජ්‍යයන්, එක්සත් ජනපද පරිපාලනය , නව බලාධිකාරිය හැසිරෙන ආකාරය හා ආර්ථිකය සියතට ගෙන ලෝකයේ අනෙකුත් රටවලට එල්ල කරන්නට දත කන පීඩනයට උපායශීලීව හා උපක්‍රමිකව සිය එකමුතුවේ පීඩනය යොමු කළහොත් තුරුම්පු තවමත් ASEAN සාමාජික රාජ්‍යයන් සතු ය.

ට්‍රම්ප් සමග සෙල්ලම් කිරීමට කාඩ්පත් සතු වනු ඇත. කළ යුතු වන්නේ සංවිධානය පුළුල් කරමින් සමස්ත ආසියාවම එක වේදිකාවකට ගෙන එමින් ප්‍රතිවාදී බල කේන්ද්‍රයක් ඉක්මනින්ම නිර්මාණය කිරීමයි,

අගමැති අන්වර් තවමත් ප්‍රමාද නැත.

ජනපති ට්‍රම්ප් ඔබටත් තවමත් යළිත් සිතා බලන්නට අවස්ථාවක් ඇත.

mani 240429

 

 

 

 

 

( සටහන | ආර්. එම්. මනිවන්නන් )


සභාපති - සුප්‍රීම් ග්ලෝබල් පුද්ගලික සමාගම - ශ්‍රී ලංකාව
14-04-2025 - කොළඹ දී.

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...