ජලාශ කළමනාකරණය පිළිබඳ මගේ අත්දැකීම් මත පදනම්ව, ජලාශ ක්‍රියාත්මක වන ආකාරය, ඉංජිනේරුවන් මුහුණ දෙන සීමාවන් මොනවාද සහ තීරණ ගැනීමේදී ප්‍රවේශම් විය යුත්තේ කුමන කරුණු පිළිබඳව ද යන්න ඉතා කෙටියෙන් පැහැදිලි කිරීමට මගේ අරමුණයි. කෙසේ වෙතත් සංසිද්ධිය පිළිබඳ අවසන් සමාලෝචනයක් සඳහා අවශ්‍ය තොරතුරු මෙතෙක් ලැබී නොමැති බැවින් මෙම නිරීක්ෂණ මුලික අදියරක ගැනෙන බව පමණක් සලකන ලෙස ඉල්ලමි.
මෝසම් වැසි ඇතිවීමට පෙර ජලාශ මට්ටම් හිස් කිරීම හෝ අඩු කිරීම කළ හැකි ද...?
මෝසම් වැසි ඇතිවීමට පෙර ජලාශ මට්ටම් හිස් කිරීම හෝ අඩු කිරීම කළ හැකි ද...?

වෙනත් සමහර රටවල් මෙන් නොව, ශ්‍රී ලංකාවේ ගංවතුර ජලය රඳවා ගැනීම සඳහා විශේෂයෙන් ඉදිකරන ලද ජලාශ නොමැත. අපගේ ප්‍රධාන ජලාශ මුලිකව ම වාරිමාර්ග, ජල විදුලි උත්පාදනය හෝ එම අරමුණු දෙක ම සඳහා නිර්මාණය කර ඇත. මේ නිසා, මහා කන්නය අභියස ඒ සඳහා සුදානමින් සිටින විට, මෝසම් වැසි ඇතිවීමට පෙර අපට ජලාශ මට්ටම් හිස් කිරීමට හෝ අඩු කිරීමට නම් ඒ සඳහා පැහැදිලි පසුබිමක් ඇතිවී තිබිය යුතුය. අනවශ්‍ය ජලය පිට කිරීමක් සිදු වුවහොත් මහ කන්නය සඳහා ජල ලබා ගැනීමේ හැකියාව අනතුරේ හෙළන අතර ප්‍රධාන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය ද අඩු විය හැකි ය.
සෑම ඊසාන මෝසම් වැසි කාලයකටම පෙර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජලාශ මෙහෙයුම්කටයුතු පිළිබඳ පොදු ස්ථාවර නියෝග නිකුත් කරයි. ගේට්ටු මෙහෙයුම්, හදිසි පූර්වාරක්ෂා සහ ක්ෂේත්‍ර නිලධාරීන් සහ ප්‍රාදේශීය සහ මධ්‍යම කාර්යාල අතර සන්නිවේදන විධිවිධාන සඳහා උපදෙස් එහි ඇතුළත් වේ.
මෙහෙයුම් සහ නඩත්තු අත්පොත
සෑම ජලාශයකට ම අනන්‍ය මෙහෙයුම් සහ නඩත්තු අත්පොතක් හෝ අවම වශයෙන් මුලික උපදෙස් අඩංගු පත්‍රිකා ඇති අතර එය එම පද්ධතියේ සැලසුම සහ ජල පෝෂක ලක්ෂණ අනුව සකස් කර ඇත. මෙම අත්පොත් මගින්, ජලාශ වෙත ගලා එන ජලය ප්‍රමාණය සහ කාල පරාස යටතේ ගේට්ටු ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ඉංජිනේරුවන්ට මග පෙන්වයි.
මෙහෙයුම් සහ නඩත්තු අත්පොත
සෑම ජලාශයකට ම අනන්‍ය මෙහෙයුම් සහ නඩත්තු අත්පොතක් හෝ අවම වශයෙන් මුලික උපදෙස් අඩංගු පත්‍රිකා ඇති අතර එය එම පද්ධතියේ සැලසුම සහ ජල පෝෂක ලක්ෂණ අනුව සකස් කර ඇත. මෙම අත්පොත් මගින්, ජලාශ වෙත ගලා එන ජලය ප්‍රමාණය සහ කාල පරාස යටතේ ගේට්ටු ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ඉංජිනේරුවන්ට මග පෙන්වයි.

කන්නය ආරම්භයේ දී ජලාශයේ පවතින ධාරිතාවය මත පමණක් නොව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන වර්ෂාපතන අනාවැකි මත ද ඉංජිනේරුවරු දැඩි ලෙස විශ්වාසය තබයි. වසර තුළ බල පැවැත්වෙන මෝසම් දෙකටම පෙර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෝසම් සංසදයක් පවත්වන අතර මෝසම් කාලය තුළ වර්ෂාපතන තීව්‍රතාව සහ ව්‍යාප්තිය සඳහා එහි අපේක්ෂා බෙදා ගනී. ජලාශවල ජල මට්ටමේ වෙනස්වීම් පිළිබඳ ගණනය කිරීම් බොහෝ දුරට රඳා පවතින්නේ මෙම අනාවැකි මත වන අතර, ඒවා සාමාන්‍යයෙන් ක්ෂේත්‍ර මිනුම් සහ ආකෘති පදනම් කර ගෙන සකස් කළ ප්‍රස්තාර සමග භාවිතා වේ.
ජලාශ භාර නිලධාරීන් ගේ විශ්වාසය
කෙසේ වෙතත්, ඇතිවූ සුළි කුණාටුවට පෙර පළ කළ අනාවැකිවල මිලිමීටර් 100 ක පමණ වර්ෂාපතනයක් පෙන්නුම් කරන බව පමණක් දැක්වූ බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයක්යොමු නොවුයේ එවැනි වර්ෂාපතනයකට ඔරොත්තු දීමේ හැකියාව අපගේ ජලාශ බැමි සහ ගේට්ටුවලට හැකියාවක් ඇති බවට විශ්වාසය ජලාශ භාර නිලධාරීන්ට තිබු බැවින් විය හැකි බව මගේ අනුමානයි.

එහෙත් ප්‍රයෝගිකව, ස්ථාන කිහිපයකට මිලිමීටර් 300-400 ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණි. මෙම වෙනස් වීම සාමානය පුරෝකථන අවිනිශ්චිතතාවයට වඩා බෙහෙවින් වැඩි ය. කාලගුණ බලධාරීන් විසින් අනුමාන ලෙස නිකුත් කළ අවතක්සේරු කළ පුරෝකථනයක් මත පදනම්ව ජලය මුදා හැරීම් සිදු කිරීම කිසි විටක නොසිදුවන අතර එසේ තීරණ ගත්තේ නම් නව ගැටලු ඇති කිරීමට ඉඩ තිබුණි. පහළ නිම්නවල ඇතිවිය හැකි අනවශ්‍ය ගංවතුර, කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය අහිමි වීම සහ ජල විදුලි උත්පාදනය පවත්වා ගැනීමේ දුෂ්කරතා ආදිය එයින් කිහිපයකි. නිවැරදි, එමෙන්ම වගකීම් සහගත අයුරින් සිදු කල වැසි පුරෝකථන නොමැතිව ගන්නා තීරණ ජාතික ජල කළමනාකරණ ප්‍රමුඛතා සමග පහසුවෙන් ගැටිය හැකි ය.
ජලාශවල ජලය අනවශ්‍ය ලෙස ඉවත් කළේ නම්...
මෙම සංසිද්ධිය තුළ තවත් වැදගත් සාධකයක් වූයේ වර්ෂාපතනය විසිරී තිබු අසමාන ව්‍යාප්තියයි. විශේෂයෙන් පොළොන්නරුවේ සහ දකුණු කලාපයේ ඇතැම් ප්‍රදේශවලට අඩු වර්ෂාපතනයක් ලැබුණි. මුළු දිවයිනට ම බලපාන ලෙස නිකුත් කළ කාල ගුණ අනාවැකි සලකා ඉංජිනේරුවන් එම ප්‍රදේශ වල ජලාශ අනවශ්‍ය ලෙස ඉවත් කළේ නම්, මෙම ප්‍රදේශ දැන් වාරිමාර්ග සඳහා බරපතළ හිඟයකට මුහුණ දෙනු ඇත.
මෙම සංසිද්ධිය තුළ තවත් වැදගත් සාධකයක් වූයේ වර්ෂාපතනය විසිරී තිබු අසමාන ව්‍යාප්තියයි. විශේෂයෙන් පොළොන්නරුවේ සහ දකුණු කලාපයේ ඇතැම් ප්‍රදේශවලට අඩු වර්ෂාපතනයක් ලැබුණි. මුළු දිවයිනට ම බලපාන ලෙස නිකුත් කළ කාල ගුණ අනාවැකි සලකා ඉංජිනේරුවන් එම ප්‍රදේශ වල ජලාශ අනවශ්‍ය ලෙස ඉවත් කළේ නම්, මෙම ප්‍රදේශ දැන් වාරිමාර්ග සඳහා බරපතළ හිඟයකට මුහුණ දෙනු ඇත.

මෙම පොදු කරුණුවලට අමතරව සලකා බැලිය යුතු වයුහාත්මක ආරක්ෂක සීමා ද තිබේ. උදාහරණයක් ලෙස, කොත්මලේ වැනි ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ දැමිය නොහැකි ය. මන්ද ජල මට්ටම්වල වේගවත් වෙනස්වීම් ජලාශ තාවුල්ලෙහි වටා ඇති උස බෑවුම් බිඳවැටීම් හෝ නායයෑම්වලට පවා ලක් විය හැකි බැවිනි. එවැනි අවදානම් තීරණ මගින් සිදු කෙරෙන හදිසි මුදා හැරීම් ජලාශය තවදුරටත් අනාරක්ෂිත කරයි.
මේ සියලු හේතු නිසා, මෙහෙයුම් තීරණ වෙනස් කිරීමකට භාජනය කරන්නේ නම් , ඒවා ඉංජිනේරුමය විනිශ්චය, ස්ථාපිත කර ඇති ආරක්ෂණ ක්රමෝපා, ස්ථාවර නියෝග සහ ජ්‍යේෂඨ සහ ක්ෂේත්‍ර මට්ටමේ ඉංජිනේරුවන් අතර ඇති කර ගන්නා සන්නිවේදන ආදිය මත පදනම් වේ.
ජලාශයක ජලය ඉවත් කිරීම තාක්ෂණික ක්‍රමවේදය
මගේ වෘත්තීය ජීවිතය පුරාවටම, ගේට්ටු මෙහෙයුම්වල දී දේශපාලන බලධාරීන්ගේ පීඩනයක් අත්විඳ නොමැත. එවැනි ඉල්ලීම් කළත්, බලයලත් කාලගුණ නිලධාරීන් විසින් පොදුවේ නිකුත් කරන පුරෝකථනවලට වඩා ජලාශ මෙහෙයුම් සඳහා නිකුත් කරන නිවැරදි වර්ෂාපතන තොරතුරු නොමැතිව ජලාශයක ජලය ඉවත් කිරීම තාක්ෂණිකව පිළිගත නොගැනේ.
වේලි ආරක්ෂණ නියාමන පනත කෝ...?

ජලාශයක ජලය ඉවත් කිරීම තාක්ෂණික ක්‍රමවේදය
මගේ වෘත්තීය ජීවිතය පුරාවටම, ගේට්ටු මෙහෙයුම්වල දී දේශපාලන බලධාරීන්ගේ පීඩනයක් අත්විඳ නොමැත. එවැනි ඉල්ලීම් කළත්, බලයලත් කාලගුණ නිලධාරීන් විසින් පොදුවේ නිකුත් කරන පුරෝකථනවලට වඩා ජලාශ මෙහෙයුම් සඳහා නිකුත් කරන නිවැරදි වර්ෂාපතන තොරතුරු නොමැතිව ජලාශයක ජලය ඉවත් කිරීම තාක්ෂණිකව පිළිගත නොගැනේ.
වේලි ආරක්ෂණ නියාමන පනත කෝ...?

මෙවැනි හදිසි අවස්ථාවල දී තීරණ ගැනීම සඳහා මග පෙන්වීමට සහ එසේ සිදුකරන ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීම සඳහා ජාතික මට්ටමේ විශේෂඥ මණ්ඩලයක් පිහිටුවීමේ අරමුණින් වසර කිහිපයකට පෙර වේලි ආරක්ෂණ නියාමන පනතක් කෙටුම්පත් කළේ ය. අවාසනාවකට මෙන්, පරිපාලන ප්‍රමාද හේතුවෙන් මෙම යෝජනාව තවමත් වාරිමාර්ග අමාත්‍යශයේ අනුමැතිය සඳහා රැඳී පවතී. එවැනි යාන්ත්‍රණයක්, හදිසි අවස්ථාවලදී ජලාශ පාලනය නියාමනය ශක්තිමත් කරන අතර ආන්තික සිදුවීම්වලදී පොදු ජනතාව තුළ විශ්වාසයක් ඇති කරනු ඇත.
ජලාශවල ආරක්ෂාව තහවුරු කිරීම අගය කළ යුතු ය
අවසාන වශයෙන්, මෙම සුළි කුණාටුව අතරතුර ජලාශ පද්ධතිය කළමනාකරණය කළ වාරිමාර්ග, මහවැලි හා පළාත් සභාවල සියලු ම ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන්ගේ කැපවීම මම අගය කරමි. අධික වර්ෂාපතනය සහ නිරවද්‍ය පුරෝකථන නොතිබියදීත්, කිසිදු ප්‍රධාන ජලාශයක් බිඳි යාමක් සිදු නොවිණ. ඔවුන්ගේ වෘත්තීය කෘතහස්ත භාවය, අත්දැකීම් මෙන්ම දැඩි පීඩනය යටතේ වුව ද සන්සුන් තීරණ ගැනීම මගින් ජලාශවල ආරක්ෂාව තහවුරු කිරීම සමස්ත ජාතියේම අගය කිරීමට ලක් විය යුතුය.
පසු සටහන- මේ සටහන පදනමක් නැතිව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විවේචනය කරන අයට උත්තරයක් මිස දෙපාර්තමේන්තුව මේ මොහොතේ 100% ක් නිවැරදිව වැඩ කළා කියන්න කළ උත්සහයක් නෙවෙයි. එහෙම නිගමනයකට පැමිණීමට තරම් තොරතුරු මා ළඟ නෑ. ඒ නිසා මේ වෙලාවෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අතින් අඩුපාඩු සිද්ධ වෙලා තියෙනව ද කියල බලල ඒවා අනාගතයේ දී ඇති නොවෙන්න වග බලා ගන්න. ඒ වැඩේ නොකර ඉන්න මේක සමාවට කාරණයක් කර ගන්න එපා. තව මොනව ද වඩා හොඳින් කරන්න තිබුනෙ කියල හොයල බලන්න. නිසි ලෙස ක්‍රියාත්මක වීමට නොහැකි වූවා නම් ඒ සඳහා වෙනත් ආයතන වල ක්‍රියාකාරිත්වය හෝ අක්‍රීයත්වය බල පෑව ද කියලත් බලන්න. අවශ්‍ය වෙනස් කම් ඇතොත් ඒවාත් කර ගෙන දෙපාර්තමේන්තුව සහ සම්බන්ධ යාන්ත්‍රණය ශක්තිමත් කර ගන්න.

(සටහන | භද්‍රා කමලදාස )
හිටපු වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරියකි

(සටහන | භද්‍රා කමලදාස )
හිටපු වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරියකි




