The Leader News
BREAKING
Top Ad
පුවත්

ලංකාවේ BBC මාධ්‍යවේදියකු හඹා යන ‘නාඳුනන පිරිසක්’ ගැන පැමිණිලි

T

The Leader Desk

March 5, 2021 • 3:11 PM

ලංකාවේ BBC මාධ්‍යවේදියකු හඹා යන ‘නාඳුනන පිරිසක්’ ගැන පැමිණිලි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවතින සාකච්ඡාව සම්බන්ධයෙන් දෙමළ ජනතාව දක්වන අදහස් උතුරේ සංචාරය කොට විමසා පල කිරීමත් සමග BBC මාධ්‍යවේදියකු පසුපස ලුහුබඳින සැක කටයුතු පිරිසක් දෙදිනක්ම ඔහු සොයා ගොස් තිබේ.
  • රක්වාන ප්‍රදේශයේ පිහිටි තම නිවසට මාර්තු 1 දා පැමිණි නාදුනන පිරිස තමන් උතුරේ සිදුකළ සංචාරය පිළිබදව ගම් වාසීන්ගෙන් ප්‍රශ්න කොට ඇති බව BBC දෙමළ වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ වාර්තාකාර රංජන් අරුන් ප්‍රසාද් පවසයි.
  • ඉන් අනතුරුව මාර්තු 2 දිනයේ නුවර ප්‍රදේශයේ පිහිටි මාධ්‍යවේදියා රැදී සිටි නෑදෑ නිවසකට ජංගම දුරකතන ජාල සමීක්ෂණයක් සදහා පැමිණි බව පැවසූ දෙදෙනකු දුරකතන අංකය විමසීමෙන් අනතුරුව ඔහුගේ රැකියාව, ඔහුට වැටුප් වැටුප් ලැබෙන්නේ ඩොලර් වලින්ද යන්නත් ප්‍රශ්න කර තිබේ.
  • මාර්තු 3 බදාදා පොලිස් මුලස්ථානයට කළ පැමිණිල්ලකින් මාධ්‍යවේදියා පවසා ඇත්තේ නාදුනන පිරිසක් විසින් තමන්ගේ තොරතුරු රැස්කරමින් සිටින අතර ඔවුන් කවුරුන්ද යන්නත්, තමන් සම්බන්ධයෙන් විස්තර එක් රැස් කරන්නේ කුමන කරුනක් උදෙසාද යන්නත් දැනගැනීමට අවශ්‍ය බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
පවතින සාකච්ඡාව සම්බන්ධයෙන් දෙමළ ජනතාව දක්වන අදහස් උතුරේ සංචාරය කොට විමසා පල කිරීමත් සමග BBC මාධ්‍යවේදියකු පසුපස ලුහුබඳින සැක කටයුතු පිරිසක් දෙදිනක්ම ඔහු සොයා ගොස් තිබේ.
 
රක්වාන ප්‍රදේශයේ පිහිටි තම නිවසට මාර්තු 1 දා පැමිණි නාදුනන පිරිස තමන් උතුරේ සිදුකළ සංචාරය පිළිබදව ගම් වාසීන්ගෙන් ප්‍රශ්න කොට ඇති බව BBC දෙමළ වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ වාර්තාකාර රංජන් අරුන් ප්‍රසාද් පවසයි.
 
ඉන් අනතුරුව මාර්තු 2 දිනයේ නුවර ප්‍රදේශයේ පිහිටි මාධ්‍යවේදියා රැදී සිටි නෑදෑ නිවසකට ජංගම දුරකතන ජාල සමීක්ෂණයක් සදහා පැමිණි බව පැවසූ දෙදෙනකු දුරකතන අංකය විමසීමෙන් අනතුරුව ඔහුගේ රැකියාව, ඔහුට වැටුප් වැටුප් ලැබෙන්නේ ඩොලර් වලින්ද යන්නත් ප්‍රශ්න කර තිබේ.
 
මාර්තු 3 බදාදා පොලිස් මුලස්ථානයට කළ පැමිණිල්ලකින් මාධ්‍යවේදියා පවසා ඇත්තේ නාදුනන පිරිසක් විසින් තමන්ගේ තොරතුරු රැස්කරමින් සිටින අතර ඔවුන් කවුරුන්ද යන්නත්, තමන් සම්බන්ධයෙන් විස්තර එක් රැස් කරන්නේ කුමන කරුනක් උදෙසාද යන්නත් දැනගැනීමට අවශ්‍ය බවයි.
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ මේ දිනවල සංවාදයට ලක්වන උතුරේ ජනතාව මතුකරන ප්‍රශ්න අනාවරණය කර ගැනීම සඳහා BBC මාධ්‍යවේදියා පෙබරවාරි මස 22 දින සිට 27 දින දක්වා උතුරේ දිස්ත්‍රික්ක කිහිපයක සංචාරය කර තිබේ.
 
එම තොරතුරු ආශ්‍රයෙන් ඔහු විසින් වාර්තාකරන ලද දෙමළ ජනතාවගේ නොවිසඳුණු ගැටළු BBC ආයතනය විසින් පළවීමෙන් අනතුරුව නාඳුනන කණ්ඩායමක් ගම් පලාතට පැමිණ තොරතුරු විමසීම නිසා ගම්වාසීන්ට තමන් අපරාධකරුවකු ලෙස පෙනී යනු ඇතැයි අරුන් ප්‍රසාද් දැඩි මානසික පීඩාවකට පත්ව සිටී.
 
මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයට පත් කළ අලුත්ම වාර්තාවෙන් මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් ක්‍රියාධාරීන් සඳහා ඇති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිලී යාම සම්බන්ධයෙන් ජගත් ප්‍රජාවට දැනුම් දී තිබුණි.
 

 

 


 

 

 

 

මහින්ද, ගෝඨා, බැසිල් - පවුලේ අවුල ගැන දීප්ති කතා කරයි.

 

ආණ්ඩුව කරන දේ වැරදි වුණාට අගමැති කියන දේ හරි! - හර්ෂ ද සිල්වා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...