The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජාතිවාදී තර්ජන හමුවේ නොසැලුණු සන්ධ්‍යා සහ BBC ප්‍රමිතිය - (සරෝජ් පතිරණ)

T

The Leader Desk

December 10, 2022 • 6:24 AM

 ජාතිවාදී තර්ජන හමුවේ නොසැලුණු සන්ධ්‍යා සහ BBC ප්‍රමිතිය - (සරෝජ් පතිරණ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොඩක් ප්‍රමාද වෙලා හරි සන්ධ්‍යාට මේ පිළිගැනීම ලැබීම ගැන හරිම සතුටුයි.
  • ඇත්තටම සන්ධ්‍යාට මේ ගෞරවය ලැබෙන්න තිබුණෙ මීට අවුරුදු ගාණකට කලින්.
  • BBC 100 Women ල අතරට මුලින්ම එකතුවුණ ශ්‍රී ලාංකික කාන්තාව ජයන්ති කුරු-උතුම්පාල.
  • ජයන්තිගේ නම 100 Women ටීම් එකට යෝජනා කරලා ලංකාවත් ඒ ලිස්ට් එකට ඇතුළු කරන්න ලැබීම ගැන අහිංසක සතුටක් දැනෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොඩක් ප්‍රමාද වෙලා හරි සන්ධ්‍යාට මේ පිළිගැනීම ලැබීම ගැන හරිම සතුටුයි. ඇත්තටම සන්ධ්‍යාට මේ ගෞරවය ලැබෙන්න තිබුණෙ මීට අවුරුදු ගාණකට කලින්.

BBC 100 Women ල අතරට මුලින්ම එකතුවුණ ශ්‍රී ලාංකික කාන්තාව ජයන්ති කුරු-උතුම්පාල.


Jayanthi Kuru 2022
ජයන්තිගේ නම 100 Women ටීම් එකට යෝජනා කරලා ලංකාවත් ඒ ලිස්ට් එකට ඇතුළු කරන්න ලැබීම ගැන අහිංසක සතුටක් දැනෙනවා. ඒ වෙනතුරු කිසිම ශ්‍රී ලාංකිකයෙක් BBC 100 Women අතරට තේරිලා තිබුණේ නැහැ.

ඒත් ජයන්ති තෝරගත්ත වෙලාවෙ මූණ පුලුටු කරගත්ත අයත් අපි අතරෙම හිටිය. ජයන්ති කාන්තාවක්ද කියල ප්‍රශ්න කරන තරමට එදා අපේ සමහරුන්ට රිදිලා තිබුණ.

ඊට පස්සෙ ඒ ගෞරවය ලැබුණෙ ආශා ඩි වොස් ට. 

 
ඒත් Express Pearl නැවේ ඛේදවාචකය ගැන ආශා දක්වපු අද්භූත නිහැඬියාවෙන් පස්සෙ, ඇය ඒ වගේ තෝරාගැනීමකට සුදුසුද කියල වෙලාවකට මට හිතුන. 
 


මම හිතන්නේ සන්ධ්‍යා තමයි තුන්වෙනි ශ්‍රී ලාංකිකයා


ජයන්තිගෙන් පස්සෙ හැම අවුරුද්දෙම මම 100 Women ටීම් එකට නම් ටිකක් යැවුව විස්තර එක්ක. සන්ධ්‍යා, දීපිකා උඩුගම, රාධිකා කුමාරස්වාමි විතරක් නෙමෙයි චන්ද්‍රිකා කුමාරතුංග ගේ නමත් යෝජනා කළ බව මතකයි. සන්ධ්‍යා ගේ නම යෝජනා කරපු එක ගැනත් අපේම සමහරු කුපිත වෙලා හිටිය.

ඒත් අර ජාතිවාදී නානසාර ගේ නරුම තර්ජනත් දරාගෙන, කුණුහරුප විඳ දරාගෙන, ඒ ජාතිවාදියා හිරේට දක්කපු වෙලාවෙවත් මොකද්දෝ කරුමෙකට බීබීසී 100 Women මාධ්‍යවේදිනියෝ ටික සන්ධ්‍යා තෝරාගත්තේ නෑ. ඒ අවුරුද්දේ එයා කරපු සුවිශේෂී දේ මොකක්ද කියල ඒ ටීම් එක මගෙන් ඇහුව.

ඇත්තටම 100 Women කියන්නේ සම්මානයක් නෙවෙයි; ඒක විද්‍යානුකූල ක්‍රමවේදයකට තෝරගන්න ලිස්ට් එකකුත් නෙවෙයි. බීබීසීයෙ වැඩ කරන මාධ්‍යවේදීන් යෝජනා කරන නම් වගේම තමන්ගේ රිසර්ච්වලිනුත් හමුවෙන කාන්තාවෝ ගැන තොරතුරු හොයල 100 Women ටීම් එක මේ 100 දෙනා තෝරාගන්නවා. ඉතින් එයාලට හමු නොවෙන කාන්තාවෝ ලෝකේ තවත් ඕනෑ තරම් ඉන්න පුළුවන්.

කොහොම වුණත් ඒකෙන් සන්ධ්‍යා ගේ මේ achievement එක අවත්කසේරු කෙරෙන්නේ නෑ. කලිනුත් කිවුව වගේ සන්ධ්‍යාට මේක ලැබෙන්න තිබුනේ මිට අවුරුදු ගානකට කලින්.


 Asha de Vos 2022.12.10සන්ධ්‍යාට ලැබුණු මේ පිළිගැනීම ඒ වගේ පාලකයින්ටත්, කෙලවරක් නැතුව ඇයට නින්දා, අපහාස කරන සමාජ ජාල ඔස්තාර්ලටත් දරුණු කම්මුල් පාරක්.



අපේ රටේ මිනිස්සු හිරගෙවල්වල ඉන්න ඕන එවුන් ඡන්දේ දීල රජගෙදරට යවනවා. උන් රජගෙදරට ගිහින් තමන්ගේ නඩු ටික බේරාගන්නවා විතරක් නෙවෙයි හිරගෙදර ඉන්න මිනීමරුවෝ, ජාතිවාදියෝ නිදහස් කරනවා. ඒකෙන් නොනැවතී මුළු රටම කාබාසිනියා කරනවා.

ඒ වගේ පසුබිමක සන්ධ්‍යාට ලැබුණු මේ පිළිගැනීම ඒ වගේ පාලකයින්ටත්, කෙලවරක් නැතුව ඇයට නින්දා, අපහාස කරන සමාජ ජාල ඔස්තාර්ලටත් දරුණු කම්මුල් පාරක්.

ඒ වගේම ප්‍රගීත්, ලසන්ත, පෝද්දල වගේ අය විකුණලා අගමැති පුටුවට ඇවිත්, අරගලයේ පිහිටෙන් රාජ්‍ය නායක පුටුවට පැනගෙන සුදු වෑන් කාරයින්, ඝාතකයින්, ආර්ථික ඝාතකයින් ආරක්ෂා කරන දේශපාලකයින්ටත් සන්ධ්‍යා ලොකු කම්මුල් පාරක් දීල තියෙනව.

මහේෂ් හපුගොඩ කියනවා වගේ අද සන්ධ්‍යා ප්‍රගීත්ගේ බිරිඳ කියනවට වඩා ප්‍රගීත් කියන්නේ සන්ධ්‍යාගේ සැමියා කියන තත්වයට නැගී සිටින්න ඇය සමත්වෙලා.

සුබ පැතුම් සන්ධ්‍යා !!!

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...