The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

Blue ජීනිස්වලට එරෙහි සාරි විප්ලවය - සමබිම පක්ෂයේ විග්‍රහයක්

T

The Leader Desk

November 7, 2022 • 5:30 AM

Blue ජීනිස්වලට එරෙහි සාරි විප්ලවය - සමබිම පක්ෂයේ විග්‍රහයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොහු මේ සැහැල්ලු ඇඳුම නමින් හඳුන්වන්නේ blue jeans ය.
  • එහි ඇති සැහැල්ලුව, එම ඇඳුම ඇඳ ගැනීමට ලෙහෙසිය ආදී සාධකයන් සලකා ස්ටාලින් මෙම ඉල්ලීම සිදු කර ඇත.
  • තවදුරටත් පුද්ගලයකු ඇඳුම් අඳින්නේ තම ශරීරය වසා ගැනීමට ඇති අවශ්‍යතාව සලකා නොව එය ඔස්සේ තම ආත්මීයත්වය ප්‍රකාශමාන කිරීමටයි.
  • ස්ටාලින් ගේ මෙම ඉල්ලීමේ ඇති ගැටලුව වන්නේ පාසල් පද්ධතිය ද රූපලාවන්‍යාගාර බවට ඒ ඔස්සේ පත්වීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉල්ලීමක් කර ඇත.

 
මොහු මේ සැහැල්ලු ඇඳුම නමින් හඳුන්වන්නේ blue jeans ය. ස්ටාලින්ට අනුව ඇඳුමක් යනු වාස්තවික (objective) දෙයකි. එහි ඇති සැහැල්ලුව, එම ඇඳුම ඇඳ ගැනීමට ලෙහෙසිය ආදී සාධකයන් සලකා ස්ටාලින් මෙම ඉල්ලීම සිදු කර ඇත.
 
 
 
නමුත් වර්තමානය තුළ දී ඇඳුම යනු තවදුරටත් වාස්තවික කරුණක් නොව පුද්ගල ආත්මය සමග සම්බන්ධ ආත්මීය (subjective) දෙයකි. තවදුරටත් පුද්ගලයකු ඇඳුම් අඳින්නේ තම ශරීරය වසා ගැනීමට ඇති අවශ්‍යතාව සලකා නොව එය ඔස්සේ තම ආත්මීයත්වය ප්‍රකාශමාන කිරීමටයි. ස්ටාලින් ගේ මෙම ඉල්ලීමේ ඇති ගැටලුව වන්නේ පාසල් පද්ධතිය ද රූපලාවන්‍යාගාර බවට ඒ ඔස්සේ පත්වීමයි. අද වන විට උසස් පෙළ පන්ති තුළ ගුරුවරියන් හා සිසුන් අතර පවතින ලිංගික ජවනිකා විවිධ video ඔස්සේ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන කාලයක මෙවැනි අමනෝඥ ඉල්ලීම් සිදු කරන ජෝසප් ස්ටාලින් ගේ ඉලක්කය කුමක්ද?
 
 
 
එනම් පාසල් පද්ධතිය තවදුරටත් අධ්‍යාපනය ලබා දෙන ස්ථානයකින් මෝස්තර නිරූපිකාවන්ගේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි. එමගින් සිදුවන්නේ පාසල් අධ්‍යාපනය තුළ අධ්‍යාපනය ලබාදීම හැර අනෙක් සියලු දේම සිදුවන්නට පටන් ගැනීමයි.
 

අද වන විට රෝහල් වලට පැමිණෙන නවක වෛද්‍යවරියන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අමතරව ඔවුන් මෝස්තර නිරූපිකාවන්ගේ තත්ත්වයට ද පත් වී ඇත. එනම් ඔවුන් වෛද්‍යවරියන් ට වඩා [more than Doctor] දෙයකි. රෝහල් තවදුරටත් රෝහල් නොවන අතර ඒවා රූපලාවණ්‍ය මධ්‍යස්ථාන බවට පරිවර්තනය වී ඇත. මේ නිසා රජයට රෝහල් වල වෛද්‍යවරියන් ගේ ඇඳුම පිළිබඳව ගැසට් නිවේදන පවා නිකුත් කිරීමට සිදුවී ඇත. නමුත් හාස්‍යයට කාරණාව වන්නේ මෙම රෝහල් වල සිටින විශේෂඳ වෛද්‍යවරුන් විසින් වෛද්‍යවරියන් ගේ ඇඳුම පිළිබඳ කිසිදු පැමිණිල්ලක් හෝ විනය පරීක්ෂණයක් ඉල්ලන්නේ නැති වීමයි. ඔවුන් ද මෙම මෝස්තර නිරූපිකාවන්ගේ ඇඳුම පිළිබඳව දක්වන්නේ මහත් රුචිකත්වයකි. [fantasy ] එබැවින් රෝහල් යනු රෝහල් වලට වඩා දෙයක් බවටද පරිවර්තනය වී ඇත. 
 
 dosc
 

එසේම විශ්ව විද්‍යාලය තුළ ද මේ තත්ත්වය එලෙසම දැකිය හැක. පෙකණිය පෙනීමට අඳින සාරිය හේතුවෙන් විශ්වවිද්‍යාල යනු තවදුරටත් අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් ලෙස නොව කෝලම් මඩුවක් බවට පත්වී ඇත. ඊට හොඳම උදාහරණයක් වන්නේ මීට අවුරුදු දහයකට පමණ පෙර කොළඹ විශ්ව විද්‍යාලයේ  ඉතිහාස පණ්ඩිත කථිකාචාර්යවරියක් සමඟ ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයක් මුල්කරගනිමින් එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු පැනඩෝල් විස්සක් පමණ බී විශ්ව විද්‍යාල ගේට්ටුව අසල සිහිසුන්ව වැටී සිටීම යි. (එම කථිකාචාර්යවරියක තවමන් විශ්වවිද්‍යාලයේ දේශන පවත්වයි.)
 

ජෝසප් ස්ටාලින්ට ද අවශ්‍ය වී ඇත්තේ මේ අනුව පාසල් පද්ධතිය ද රෝහල් මෙන් විශ්වවිද්‍යාල මෙන් කෝලම් මඩු බවට පත්කොට රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කිරීමයි. මෙය රැඩිකල් තීන්දුවක් නොව විජේවීර වාදින්ගේ පවතින ඉතා කුහක, අමනෝඥ ගති ස්වභාවයකි.



 
පසුගිය දිනක මද්‍යසාර ගීතයට නැටූ ගුරුවරියක ට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය විනය ක්‍රියාමාර්ග ගන්නා විට සමාජ මාධ්‍ය වලින් කරන ලද විවේචනය හේතුවෙන් මෙම විනය ක්‍රියාමාර්ග හකුලා ගැනීමට තීරණය කරන ලදී. ඒ තරම් පිස්සු තත්වයක් ලංකාවේ මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් ඇති වී ඇත. facebook එකේ  සිටින මෝඩ මානසික රෝගීන්ගේ කීමට යට වීමට තරම් පහත් තත්ත්වයකට අධ්‍යාපන අමාත්‍යාංශය ලක්වී ඇත. රාජ්‍ය තීන්දු තීරණ ගන්නේ තවදුරටත් රාජ්‍ය අංශ විසින් නොව මාක් සකර්බර්ග් ගේ META පෞද්ගලික සමාගම විසිනි.
 
 
අප පක්ෂයේ අදහස වන්නේ මෙවන් මෝඩ තීන්දු තීරණ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කොන්ද කෙලින් තියාගෙන මුහුණ දිය යුතු බවයි. යම්කිසි ගුරුවරයෙක් රජයේ වැටුප් ලබන්නේ නම් රජයේ චක්‍රලේඛන මගින් ඉදිරිපත් කර ඇති සාරිය හෝ ඔසරිය ඇඳීම ගුරුවරියන් විසින් අනිවාර්යයෙන්ම කළ යුතුය. ඊට අභියෝග කිරිමට හෝ එය වෙනස් කිරීමට කිසිවෙක් උත්සාහ නොකළ යුතු ය. එසේ අවශ්‍ය අයට සේවයෙන් ඉවත් වී Hiru star තරඟ වලට සහභාගී විය හැක. මන්ද මෙය වෘත්තීය ගරුත්වය  පිළිබඳවද ප්‍රශ්නයක් වන බැවිනි. රාජ්‍ය අංශය වෘත්තීය සමිති වල ආධිපත්‍යයට යටවීම අප පිළිගන්නේ නැත. එබැවින් මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය දක්වනු ලබන ක්‍රියාමාර්ගය පිළිබඳව අප දැඩි විමසිල්ලෙන් පසු වන්නෙමු.මෙය සදාචාර ගැටලුවක් නොව ශික්ෂණය පිළිබඳ ගැටලුවකි.

(සමබිම පක්ෂය)
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...