The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල අසලින් හමුවී ඇත්තේ Blue Sapphire මැණික් ගලක් ද ? | Chamal Jaliya

T

The Leader Desk

January 20, 2026 • 3:58 PM

ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල අසලින් හමුවී ඇත්තේ Blue Sapphire මැණික් ගලක් ද ? | Chamal Jaliya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ගලහ, දෙල්තොටවත්ත, ගල්ලන්තැන්න ප්‍රදේශයේ ශ්‍රී මුත්තු මාරි අම්මාන් කෝවිල අසලින්
  • මේ හේතුව නිසා සාමාන්‍ය ජනතාවට මෙවැනි mineral  මැණික් ගල් ලෙස වැරදි ලෙස හඳුනාගැනීම සාමාන්‍ය දෙයක්.
  • ඒවා සමහර අවස්ථාවල අලංකාර පාෂාණ ලෙස හෝ අධ්‍යයන අරමුණු සඳහා භාවිත වුවත්, රත්න විද්‍යාත්මක වශයෙන් උසස් මැණික් ලෙස වර්ගීකරණය කරන්නේ නැහැ.
  • තවත් රසවත් කරුණක් නම්, අපි හොඳින් දන්න “චන්ද්‍ර පාෂාණ” ලෙස හඳුන්වන Moonstone ඛනිජයත් Feldspar කුලකයටම අයත් වීම.
අකුරු ප්‍රමාණය (Font Size):

මැණික් ගලක් ඇති බවට සැක කෙරෙන පාෂාණයක් හමුවීමේ සිද්ධියක් මෑතකදී මාධ්‍ය වාර්තා වලින් දැකගත හැකි වුණා.

පින්තූර සහ වීඩියෝ නිරීක්ෂණයෙන් බැලූ විට, මේ පාෂාණය මිලෙන් වැඩි blue sapphire  මැණික් ගලක් නොව, Feldspar කුලකයට අයත් Labradorite නම් ඛනිජයක් වීමට වැඩි ඉඩක් පවතිනවා. Feldspar කියන්නේ පෘථිවියේ වැඩිම ප්‍රමාණයෙන් හමුවෙන ඛනිජ කුලක වලින් එකක්. ලංකාවේ බහුතර පාෂාණ වර්ග තුළත් Feldspar ඛනිජ අඩංගු වෙනවා.

Labradorite විශේෂයෙන් හඳුනාගන්න පුළුවන් එහි දිලිසෙන වර්ණ විලාසය නිසා. නිල්, කොළ, කහ හෝ දම් පැහැති ආලෝක දිලිසීමක් පෘෂ්ඨයේ දිස්වීම මේ ඛනිජයට විශේෂ ලක්ෂණයක්. මේ හේතුව නිසා සාමාන්‍ය ජනතාවට මෙවැනි mineral  මැණික් ගල් ලෙස වැරදි ලෙස හඳුනාගැනීම සාමාන්‍ය දෙයක්.

xcvdfdfa
වැදගත් කරුණක් නම්, Feldspar කුලකයට අයත් ඛනිජවලට මැණික් වටිනාකමක් සාමාන්‍යයෙන් නොතිබීම. ඒවා සමහර අවස්ථාවල අලංකාර පාෂාණ ලෙස හෝ අධ්‍යයන අරමුණු සඳහා භාවිත වුවත්, රත්න විද්‍යාත්මක වශයෙන් උසස් මැණික් ලෙස වර්ගීකරණය කරන්නේ නැහැ.

තවත් රසවත් කරුණක් නම්, අපි හොඳින් දන්න “චන්ද්‍ර පාෂාණ” ලෙස හඳුන්වන Moonstone ඛනිජයත් Feldspar කුලකයටම අයත් වීම. ඒ නිසා Feldspar කුලකය කියන්නේ අපට දිනපතා හමුවෙන සාමාන්‍ය පාෂාණ වල සිට, මැණික් ලෙස හඳුනාගන්නා විශේෂ ඛනිජ දක්වා විශාල පරාසයක් ආවරණය කරන ඛනිජ කණ්ඩායමක්.

xcfgfg
සුළි කුණාටු, නායයෑම් සහ දැඩි වර්ෂාපතනය වැනි ස්වභාවික විපත් නිසා බිම් මතුපිටින් නොපෙනුණු පාෂාණ සහ ඛනිජ මතුපිටට එළියට එන අවස්ථා බොහෝ වෙලාවට සිදු වෙනවා. ඒවා දැක මැණික් හමුවුණා කියලා සිතීම ස්වභාවිකයි. නමුත් අවසන් තීරණයක් ගැනීමට පෙර, එවැනි පාෂාණ නිවැරදිව පරීක්ෂා කර විද්‍යාත්මකව හඳුනාගැනීම අත්‍යවශ්‍යයි.

මේ වගේ සිද්ධීන් අපට මතක් කරන්නේ, රත්න විද්‍යාව කියන්නේ පෙනුමට වඩා විද්‍යාත්මක දැනුම මත පදනම් වූ විෂයයක් කියන එකයි. නිවැරදි දැනුමත්, නිවැරදි පරීක්ෂණත් තිබුණොත්ම සැබෑ මැණික් සහ සාමාන්‍ය පාෂාණ අතර වෙනස හඳුනාගන්න පුළුවන්.

fgdfgfgdf

Chamal Jaliya(සටහන | R.G.C ජාලිය)
මැණික් විද්‍යාව සම්බන්ධ ජේෂ්ඨ කථිකාචාර්ය
Senior Lecturer in Gemology
Consultant Gemologist
Mining Engineer
(MPhil (Gemology), BSc.Eng(Hons)(Mining), GIA GG, GIA AJP, GIA Pearls Graduate, DGem(SL), AMIE(SL), MGA(SL), MEC(SL))
jaliya.chamal@gamil.com

උපුටා ගැනීම - Chamal Jaliya - Consultant Gemologist ගේ ෆේස්බුක් පිටුවෙන්..


සබැඳි ලිපියක් :

නායගිය කෝවිල ළඟවිචිත්‍රවත් පාෂාණයක් – මැණික් ගලක් ද?


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...