The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අධික වෙහෙස නිසා දේශපාලනඥයින් 'Burnout' විය හැකි ද? එය සැඟවිය යුතු තත්ත්වයක් ද?

T

The Leader Desk

September 18, 2024 • 6:23 AM

අධික වෙහෙස නිසා දේශපාලනඥයින් 'Burnout' විය හැකි ද? එය සැඟවිය යුතු තත්ත්වයක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇති හැකියාව මෙන්ම ඇතැම් අපේක්ෂයින්ට එසේ වැඩ කිරීමට ඇති නොහැකියාව පිළිබඳව සමාජ මාධ්‍ය අවකාශ තුළ සැලකිය යුතු මට්ටමේ අවධානයට ලක්විය.
  • මනෝ වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ ඒකාකාරී කාර්යයක දීර්ඝ කාලයක් අධික ලෙස යෙදී සිටීමෙන් 'Burnout' තත්ත්වයට පත්විය හැකි බව යි.
  • දේශපාලනඥයින්ට ද මෙම තත්ත්වය ඇති විය හැකි අතර, ලෝක දේශපාලනය තුළ ඊට උදාහරණ ද පවතී.
  • දේශපාලනඥයින්ට පමණක් නොව ඕනෑ ම රැකියාවක නිරත වන පුද්ගලයෙකුට මෙම රෝගී තත්ත්වය ඇති වීමේ හැකියාවක් පවතින බව අධික ලෙස ඒකාකාරීව වැඩ කිරීමෙන් Burnout තත්ත්වයට පත්විය හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇති හැකියාව මෙන්ම ඇතැම් අපේක්ෂයින්ට එසේ වැඩ කිරීමට ඇති නොහැකියාව පිළිබඳව සමාජ මාධ්‍ය අවකාශ තුළ සැලකිය යුතු මට්ටමේ අවධානයට ලක්විය.

මනෝ වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ ඒකාකාරී කාර්යයක දීර්ඝ කාලයක් අධික ලෙස යෙදී සිටීමෙන් 'Burnout' තත්ත්වයට පත්විය හැකි බව යි. මෙම තත්ත්වය ඕනෑ ම වෘත්තියකට අදාළ වේ.

දේශපාලනඥයින්ට ද මෙම තත්ත්වය ඇති විය හැකි අතර, ලෝක දේශපාලනය තුළ ඊට උදාහරණ ද පවතී.

'Burnout' වීම සැඟවිය යුතු තත්ත්වයක් ද?

 

දේශපාලනඥයින්ට පමණක් නොව ඕනෑ ම රැකියාවක නිරත වන පුද්ගලයෙකුට මෙම රෝගී තත්ත්වය ඇති වීමේ හැකියාවක් පවතින බව



අධික ලෙස ඒකාකාරීව වැඩ කිරීමෙන් Burnout තත්ත්වයට පත්විය හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, දේශපාලනඥයින්ට පමණක් නොව ඕනෑ ම රැකියාවක නිරත වන පුද්ගලයෙකුට මෙම රෝගී තත්ත්වය ඇති වීමේ හැකියාවක් පවතින බව ය.

“මේක රෝගී තත්ත්වයක්. ඕන ම කෙනෙකුට හැදෙන්න පුළුවන්. ඒ නිසා මේක හංගන්න අවශ්‍ය නෑ. අධික ලෙස වැඩ කිරීම නිසා ඇති වන අධික වෙහෙස නිසා තමයි මේ තත්ත්වයට පත් වෙන්නේ,” වෛද්‍ය රූමි රූබන් පැවසීය.

'Burnout' යනු කුමක් ද?

‘Burn-out යනු සාර්ථකව කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ සේවා ස්ථානය තුළ දීර්ඝ කාලීනව පවතින ආතතිය හේතුවෙන් ඇති වන රෝගී තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
 
එහි ප්‍රධාන ලක්ෂණ තුනකි:

* ශක්තිය ක්ෂය වීම හෝ වෙහෙස පිළිබඳ හැඟීම්;

* යමෙකුගේ රැකියාවෙන් මානසික දූරස්ථභාවය වැඩි වීම, හෝ

* කෙනෙකුගේ රැකියාව හා සම්බන්ධ නිෂේධාත්මක හැඟීම් වැඩි වීම සහ වෘත්තීය කාර්යක්ෂමතාව අඩු වීම.
 
Beautiful mature business woman workaholic tired working in the office until the night on overtimeBurnout කියලා කියන්නේ මානසික හා කායික වෙනස්කම්වල එකතුවක්. ඒකට හේතුව දීර්ඝ කාලීනව වෙහෙසකාරීව කාලය ගත කිරීම. වෙහෙසකාරී බව එකදිගට වැඩ කිරීම නිසා වෙන්න පුළුවන්
 

“Burn-out යනු වෘත්තීය සන්දර්භය තුළ ඇති සංසිද්ධිවලට පමණක් අදාළ තත්ත්වයක් වන අතර ජීවිතයේ වෙනත් ක්ෂේත්‍රවල අත්දැකීම් සමග සම්බන්ධ නොකළ යුතු,” බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පැහැදිලි කර තිබේ.

“Burnout කියලා කියන්නේ මානසික හා කායික වෙනස්කම්වල එකතුවක්. ඒකට හේතුව දීර්ඝ කාලීනව වෙහෙසකාරීව කාලය ගත කිරීම. මේ වෙහෙසකාරී බව එකදිගට වැඩ කිරීම නිසා වෙන්න පුළුවන්. දේශපාලකයෙකුටත් එක දිගට වැඩ කළා ම මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්,” වෛද්‍ය රූමි රූබන් පවසයි.

'Burnout' තත්ත්වයෙන් මිදෙන්නේ කොහොම ද?

මෙම තත්ත්වයෙන් මිදීම සඳහා දීර්ඝ කාලීනව ඒකාකාරීව වැඩ කිරීම වෙනුවට ඒකාකාරී බවින් මිදීමට පියවර ගත යුතු බව වෛද්‍ය රූමි රූබන් පවසයි.

Reading scaled
“ඒකාකාරී වැඩවල නිරත වෙන අය ක්‍රීඩාවක නිරත වීම, චිත්‍රපටයක් බැලීම, පොත් කියවීම, ගෙවතු වැඩක නිරත වීම ආදී වෙනස් දෙයක් කරනවා නම් ඒකාකාරී ජීවන රටාව වෙනස් වෙනවා. ඒකෙන් මේ තත්ත්වය වෙනස් කර ගන්න පුළුවන්.”

ඔහු පෙන්වා දුන්නේ, රෝගී තත්ත්වය වැඩි වුවහොත් මනෝ වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගත හැකි බව ය.

එවැනි පුද්ගලයෙකුට විවේකය අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේ ය.

සෞඛ්‍ය හේතු මත දේශපාලනයෙන් ඉවත්වූවන්
 
GettyImages 1445582941 1නවසීලන්තයේ හිටපු අගමැතිනි ජසින්ඩා ආර්ඩ්න්
නවසීලන්තයේ හිටපු අගමැතිනි ජසින්ඩා ආර්ඩ්න් සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ, “සෞඛ්‍යමය වශයෙන් පූර්ණ ක්‍රියාකාරීත්වයක් නොමැති නම් රටක් පාලනය කිරීමේ අභියෝගාත්මක කාර්යයෙහි නිරත විය නොහැකි බව ය. එහෙයින්, තමන් තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට අදහස් නොකරන බව ඇය සඳහන් කළා ය.”

ඇය දේශපාලනයෙන් ඉවත්වූයේ, වයස අවුරුදු 43දී ය.

මේ අතර, ඇමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් තරග කිරීමට නියමිතව සිටි වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ජූලි මස අගදී ඉන් ඉවත්වී කමලා හැරිස්ට අවස්ථාව ලබා දුන්නේ ය.

ඇතැම් මාධ්‍ය වාර්තා කළේ, ඔහු ජනාධිපතිවරණයට තරග කිරීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයක නොමැති හෙයින් එම තීරණය ගත් බව ය.

jo baiden
කෙසේ වෙතත්, ජෝ බයිඩ්න් ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේ, Burnout තත්ත්වයක් නිසා නොවන අතර ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවට වාර්තා පළ වී තිබේ.

ඔහුගේ වසය අවුරුදු 81කි.

බරැක් ඔබාමාගේ අදහස්

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා මානසික සෞඛ්‍ය පිළිබඳ සමුළුවක් අමතමින් 2013 වසරේදී පැවසුවේ, “මානසික රෝගී තත්ත්වයන් ගැන ලජ්ජා වීමට හේතුවක් නැති,” බව ය.

09cb8aec 1ed2 4827 9528 e35b85c22db9 cx0 cy5 cw0 w1080 h608 s
මේ අතර, 2015 වසරේදී රූපවාහිනී නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසුවේ, මානසික ආතතිය පාලනය කර ගැනීම සඳහා තමන් “ව්‍යායාම්වල නිරත වීමට සහ සිය පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමට යොමු වූ” බව ය.

(කුමුදු ජයවර්ධන)

බීබීසී සිංහල

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...