The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඩයනා කියන කතාව : කංසා එක්ක සෙක්ස් (Cannasexual)

T

The Leader Desk

April 21, 2021 • 4:05 PM

ඩයනා කියන කතාව : කංසා එක්ක සෙක්ස් (Cannasexual)    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතු යැයි යෝජනා කරන බව සමගි ජන බලවේගය මන්ත්‍රීනි ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ දී ඊයේ (2) කීවාය.
  • එමෙන්ම උදේ 10 සිට රාත්‍රී 10 දක්වා සුරාසැල් විවෘත කළ යුතු යැයි මා යෝජනා කරනවා.
  • මේවා රට ගොඩ දාගන්න පුලුවන් ක්‍රම බව කිව යුතුයි" යනුවෙන්ද ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කීවාය.
  •         ඇයගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයක් මතුව ඇති අතර කැනබිස් නැත්තං කංසා ජන ජිවිතයට බලපාන ආකාරය ගැන Faculty of Sex හි විශේෂ ලිපියක් ද පළකර ඇත.    පහත පලවන්නේ එම ලිපියයි.
අකුරු ප්‍රමාණය (Font Size):
"රජයේ අනුග්‍රහයෙන් එය කළ යුතුයි. එයින් ලැබෙන මුදල් මේ රටේ ණය බේරීමට පාවිච්චි කළ හැකියි. එමෙන්ම රාත්‍රී ආර්ථීකය නැමැති සංකල්පය අප රටට අවශ්‍යයි.
 
ශ්‍රී ලංකාවේ යනු සංචාරක පාරාදීසයක්. එමෙන්ම උදේ 10 සිට රාත්‍රී 10 දක්වා සුරාසැල් විවෘත කළ යුතු යැයි මා යෝජනා කරනවා. අද රටේ ජනතාවට දවස තිස්සේ හම්බ කරන මුදල් වියදම් කිරීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා රාත්‍රී ආර්ථිකය නැමැති සංකල්පය හඳුන්වාදිය යුතුයි. මේවා රට ගොඩ දාගන්න පුලුවන් ක්‍රම බව කිව යුතුයි" යනුවෙන්ද ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කීවාය.
 
 

 
 
ඇයගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයක් මතුව ඇති අතර කැනබිස් නැත්තං කංසා ජන ජිවිතයට බලපාන ආකාරය ගැන Faculty of Sex හි විශේෂ ලිපියක් ද පළකර ඇත. 
 
පහත පලවන්නේ එම ලිපියයි.
 
 

ganja1

කංසා කියන්නෙ වාජීකරණ නැත්තං ලිංගික උත්තේජනය ඇති කරන ඖෂධයක්.
 
 
 
 
කැනබිස් නැත්තං කංසා එක්ක සෙක්ස් කොහොමද කියන එක ගැන ගොඩක් සාකච්ඡා පර්යේෂණ සිද්ද වෙලා තියෙනවා. පළමු කාන්ඩයේ මත්ද්‍රව්‍යයක් විදිහට පිටුවහල් කරලා තියෙද්දි පවා තමන් සතු සීමිත හැකියාව පාවිච්චි කරලා පර්යේෂකයො කංසා ගැන නිර්මාණය කරපු මිත්‍යා බිඳින සොයාගැනීම් කළා. 
 
අවුරුදු දහස් ගානක් තිස්සෙ කංසා කියන්නෙ මිනිස්සු පාවිච්චි කරපු ඇෆ්‍රොඩිසියැක් එකක්. ඒ කියන්නෙ වාජීකරණ නැත්තං ලිංගික උත්තේජනය ඇති කරන ඖෂධයක්. 
 
ක්‍රි.ව 7 සියවසේ විතර ඉන්දියාවෙ තාන්ත්‍රික සෙක්ස් එක්ක කංසා පාවිච්චි කරපු වාර්තා තියෙනවා. 
 
කංසා පාවිච්චි කරන ගොඩක් අය කියන්නෙ ඒක තමන්ගේ ලිංගික ජීවිතය වඩා තෘප්තිකර එකක් කරනවා කියල. සමහරු කියනවා ඒකෙන් නෙගටිව් ප්‍රතිඵල තියෙනවා කියලත්.
 
පර්යේෂණවලින් පේන්නෙ මොකක්ද? කංසා පැලයට ඔයාගෙ ලිංගික ජීවිතය තවත් රසවත් කරන්න පුළුවන් කියන එකට සාක්ෂි ඕනතරම් තියෙනවා.
 
 
 
 
1. කංසා පාවිච්චි කිරීමෙන් කාන්තාවන් වඩා හොඳ සුරතාන්තයන් ලබනවා.
 
 
2019 පර්යේෂණයක් කරනවා කංසා සහ කාන්තාවන්ගේ සුරතාන්තය අතර සම්බන්ධය ගැන. මේකට කාන්තාවන් 373 දෙනෙක් යොදාගන්නවා. මෙතනින් සෙක්ස්වලට කලින් කංසා පාවිච්චි කරපු 127 දෙනෙක් අනිත් අයට වඩා තෘප්තිදායක සුරතාන්තයන්ට ළඟා වෙනවා. 
 
කැනබිස් පාවිච්චි කිරීමෙන් පාවිච්චි නොකරන්නියකට වඩා 2.13 ගුණයක් වඩා හොඳ සුරතාන්තයක් ලැබීමේ අවස්ථාව තියෙනවා. 
 
ඒ වගේම නිතර කංසා පාවිච්චි කරන්නියක් ඉඳහිට කංසා පාවිච්චි කරන්නියකට වඩා 2.10 ගුණයක් තෘප්තිකර සුරතාන්තයක අවස්ථාව ලබනවා.
 
 
 
 
2. කංසා පාවිච්චි කරන අය වැඩියෙන් සෙක්ස් කරනවා
 
 
 
2017 පර්යේෂණයක් කරලා තියෙනවා කංසා සහ සෙක්ස් කිරීම අතර සම්බන්ධය ගැන හොයන්න. පිරිමි ගැහැණු 50000ක් මේ පර්යේෂණයට සහභාගි වෙලා තියෙනවා. 
 
මෙතනදි ඉතාම පැහැදිලි සම්බන්ධයක් මතුවෙනවා. කංසා පාවිච්චි කරන අය අනිත් අයට වඩා වැඩිපුර සෙක්ස් කරන්න නැඹුරුවෙනවා. මේකෙ ගැහැණු පිරිමි භේදයක් නෑ. 
 
ඒ වගේම කංසාවලින් ලිංගික ආබාධයන් ඇති නොකරන බවත් මේ පර්යේෂනයෙදි පැහැදිලි වෙන කාරණයක්.
 
 
 
3. කංසාවලින් කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍යය යහපත් කරනවා
 
 
2020දි කාන්තාවන් 452ක් යොදාගෙන පර්යේෂණයක් කරනවා කංසා සහ කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍යය අතර සම්බන්ධය තේරුම් ගන්න. 
 
මෙතනදි ඒ අයගේ ආශාව, සුරතාන්තය, උත්තේජනය, තෙත්වීම, තෘප්තිය, වේදනාව වගේ කාරණා ගැන ප්‍රශ්න කළා. 
 
නිතර කංසා පාවිච්චි කරන කාන්තාවන් ආශාව, උත්තේජනය, සුරතාන්තය, තෘප්තිය ආදී කාරණාවලින් කංසා පාවිච්චි නොකරන අයට වඩා ඉහළ ලකුණු ලබාගත්තා. 
 
කංසා පාව්චිචි කරන ආකාරය හෝ පාවිච්චි කරන කංසා වර්ගය මෙතනදි බලපෑමක් වුනේ නෑ.
 
 
4. කංසා පාවිච්චියෙන් කාන්තාවන්ට වැඩි ලිංගික උත්තේජනයක් සහ අඩු වේදනාවක්
 
 
2017 කළ පර්යේෂණයකින් එලිවුනේ කංසා පාව්චිචි කරන කාන්තාවන්ගේ ලිංගික පෙළඹවීම වඩා වැඩියි කියල. ඒ වගේම සෙක්ස්වලදි ඔවුන් ලබන වේදනාවත් කංසා නිසා අඩුවුනා.
 
මේ පර්යේෂනය කලේ කාන්තාවන් 289ක් යොදාගෙන. 
 
සෙක්ස්වලට පෙර කංසා පාවිච්චියෙන් ඔවුන්ගේ ලිංගික අත්දැකීම පැහැදිලි වෙනසකට බඳුන් කළා.
 
 60%ක් කිව්වා ඔවුන්ගේ ලිංගික පෙළඹවීම සහ ආශාව මේ නිසා වැඩිවුනා කියල. 
 
ඒ වගේම සෙක්ස්වලදි වේදනාවක් අත්විඳිනවා කියපු අයගෙන් 77%ක් කිව්වා තමන්ගේ වේදනාව ඉතාම අඩු මට්ටමක තිබුන කියල. 
 
අනිත් පෙරකී පර්යේෂණ දෙක වගේම මෙයිනුත් සනාථ වුනේ කංසා මගින් සුරතාන්තය වඩාත් තෘප්තිමත් එකක් කරනවා කියල.
 
 
 
5. කංසාවලින් පුරුෂ ලිංගේන්ද්‍රිය ප්‍රානවත් වීම වැඩි කරන්න පුළුවන්. තව පර්යේෂණ කරන්න අවශ්‍යයි.
 
 
කංසා සහ කාන්තා ලිංගිකත්වය ගැන කෙරුනු තරම් පර්යේෂණ කංසා සහ පිරිමි ලිංගිකත්වය ගැන කරලා නෑ. 
 
සමහර පර්යේෂකයන් පෙන්නා දෙන විදිහට කංසාවලින් පිරිමි සුරතාන්තයට පත්වීම අසීරු කරනවා. ඒත් හැම පර්යේෂණයක්ම ඒ තත්වය සනාථ කරලා නෑ.
 
 2011 කරපු පර්යේෂණයකට අනුව කංසාවලින් පිරිමින් සුරතාන්තයට පත්වීම ප්‍රමාද හෝ අසීරු කරන බවට කරුණු ගේනවා. 
 
ඒ වගේම පිරිමි ලිංගිකත්වය පැත්තෙන් ධනාත්මක කාරණාත් මේ පර්යේෂණයෙදි එලිදරව් වෙලා තියෙනවා. 
 
කොහොම වුනත් මේ පර්යේෂකයන්ගේ අදහස සමස්තයක් හැටියට කංසා නිසා පිරිමින්ගේ ලිංගික ක්‍රියාව වඩා යහපත් කරන බවයි.
 
ඒත් මේ ගැන දෙපාර්ශ්වයකින් දෙවිදියක අදහස් පළවෙන නිසා තවදුරටත් පර්යේෂණ කරන්න සිද්ද වෙනවා.
 
 
 

1710 cannabis sex drive

කැනබිස් නැත්තං කංසා පාවිච්චි කරමින් සෙක්ස් කරන අයට කියනවා කැනාසෙක්ෂුවල් කියල
 
 
 
 
කැනබිස් නැත්තං කංසා පාවිච්චි කරමින් සෙක්ස් කරන අයට කියනවා කැනාසෙක්ෂුවල් කියල. මේක පුහුණුවක් විදිහට කරන අයත් ඉන්නවා. 
 
මෙතනදි පාවිච්චි කරන කංසා වර්ගය, මාත්‍රාව, දැනෙන වෙනස ආදිය ගැන වාර්තා තබාගැනීමෙන් වඩා හොඳ ප්‍රතිඵල කරා යන්න පුළුවන්. 
 
විශේෂයෙන් සමහර කාන්තාවන්ට කංසා නිසා මනෝභ්‍රාන්ති වගේ තත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ අයට කැනබිස් ඔයිල් යෝනියේ ආලේප කිරීම ආදිය මගින් වඩා හොඳ තෘප්තියක් ආස්වාදයක් ලබන්න හැකියාව තියෙනවා.
 
මේ විදිහට කංසා එක්ක සෙක්ස් කිරීමේ විවිධ ආකාර ප්‍රභේද තියෙනවා. තමන් කැමති තමන්ට ගැලපෙන භාවිතය හොයාගන්න එක අපේ වැඩක් වෙනවා.
 
 
 

 

THE LEADER TV 
 

සල්ලි අච්චු ගහලා රට ගොඩගන්න පුළුවන් නම් ‘ආර්ථික විද්‍යාව‘ බොරුවක්!

 

අලුත්කඩේ "SD" ගේ චීන ආදරේ..!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...