The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

ලංකාවේ ආර්ථික අර්බුදය - carbonnews විග්‍රහයක්

T

The Leader Desk

March 1, 2023 • 10:46 AM

ලංකාවේ ආර්ථික අර්බුදය - carbonnews විග්‍රහයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් එම සාධනීය දේවල් මත පරායත්තව ආර්ථික අර්බුදය කෙරෙහි බර තබා ක්‍රියා නොකරන පාර්ශවවලට දේශපාලන බලය හුවමාරු කිරීම රටක් වශයෙන් විනාශකාරී ය.
  • කෙසේ නමුත් ලංකාවේ මෙම ආර්ථික අර්බුදය සමග ලෝක බලවතුන්ගේ සිය බල ව්‍යාපෘති ද නැවත සක්‍රීය ලෙස පෙරමුණට පැමි ණ තිබේ.
  • IMF ණය ප්‍රදානයේ දී ඉල්ලූ “ණය ගෙවීම පහසු කිරීමේ එකඟතා ලිපිය” චීනය විසින් ප්‍රමාද කිරීමත්, එය නොමැතිව වුව ද IMF ප්‍රදානය පිළිබඳව සැලකිය හැකි බවට ලද පණිවිඩයත් හරහා මෙම බාහිර සාධකවල චලනයන් පිළිබඳව අදහසක් ලබාගත හැකි ය.
  • ඉතාම මෑතකදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ද චීනයෙන් ඉල්ලා සිටියේ මෙම ණය මුදල් ආපසු ගෙවීම පි ළි බදව වන “ප්‍රමාද කිරීමේ එකඟතා ලිපිය” ලබා දෙන ලෙස යි.
අකුරු ප්‍රමාණය (Font Size):



නමුත් එම සාධනීය දේවල් මත පරායත්තව ආර්ථික අර්බුදය කෙරෙහි බර තබා ක්‍රියා නොකරන පාර්ශවවලට දේශපාලන බලය හුවමාරු කිරීම රටක් වශයෙන් විනාශකාරී ය.

 

කෙසේ නමුත් ලංකාවේ මෙම ආර්ථික අර්බුදය සමග ලෝක බලවතුන්ගේ සිය බල ව්‍යාපෘති ද නැවත සක්‍රීය ලෙස පෙරමුණට පැමිණ තිබේ. IMF ණය ප්‍රදානයේ දී ඉල්ලූ “ණය ගෙවීම පහසු කිරීමේ එකඟතා ලිපිය” චීනය විසින් ප්‍රමාද කිරීමත්, එය නොමැතිව වුව ද IMF ප්‍රදානය පිළිබඳව සැලකිය හැකි බවට ලද පණිවිඩයත් හරහා මෙම බාහිර සාධකවල චලනයන් පිළිබඳව අදහසක් ලබාගත හැකි ය.

 

ඉතාම මෑතකදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ද චීනයෙන් ඉල්ලා සිටියේ මෙම ණය මුදල් ආපසු ගෙවීම පිළිබදව වන “ප්‍රමාද කිරීමේ එකඟතා ලිපිය” ලබා දෙන ලෙස යි. නමුත් ඊට චීනය දුන් පිළිතුර කුමක්දැයි අපහැදිලි ය.

අනිත් පැත්තෙන් රටේ අභ්‍යන්තර දේශපාලන කැළඹීම් කියාපාන්නේ IMF හි මඟපෙන්වීම පිළිබඳව නොපැහැදිලි චිත්‍රයකි. ආණ්ඩුවේ සෑම දෙයකටම විරුද්ධ වන විපක්ෂයක් තුලින් මෙම නිර්දේශ සමග එකගතාවයකින් කටයුතු කිරීම අපහසු ය.

 

c1 4663776

මේ වන විට දේශපාලන පක්ෂවලටත් වඩා බලවත් වෘත්තීය සමිති ගණනාවක් මෙම IMF නිර්දේශ අනුව ක්‍රියාත්මක නව ආදායම් බදු පනතට සිය විරෝධය දක්වා ඇත. ඉදිරියේදී තමන් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් කැඳවන බව කියමින්, ඔවුන් රාජ්‍ය ත්‍රස්ත්‍ර කිරීමට පටන්ගෙන තිබේ.

 

රටේ අභ්‍යන්තරයේ ඇති නොසන්සුන්තාව මත බාහිර බල ව්‍යාපෘතීන්වල අදුරු සෙවනැලි වැටී ඇති බව පැහැදිලි ය. ඇතැම් පාර්ශවයන් සිය ආණ්ඩු විරෝධය සමග සමපාත කරන කැම්පේන් එක වෙනුවෙන් වියදම් කරන මුදල් ප්‍රමාණය පුදුම සහගත ය. IMF හරහා එන බටහිර හා ඉන්දියානු ඒකාබද්ධ ආර්ථික ස්ථායි කිරීමේ වැඩපිළිවෙලේ විරුද්ධ අන්තය වන්නේ චීනය යි. මේ බල කදවුරු දෙකම එකිනෙකාට “දිනුම” ලබාදී පසුබසී යැයි යන්න ප්‍රශ්නකාරී ය.

 

රට අභ්‍යන්තරයෙන් කුමන ආකාරයක දේශපාලන තීන්දු මත යැපුන ද, මෙම ඉන්දියානු-බටහිර අක්ෂය හෝ චීන අක්ෂය යන දෙකම කළමනාකරණය කරගැනීම වැදගත් ය.

 

රනිල්, කීවා සේ සැබෑ වැල්පාලමේ ගමන ඇත්තේ මෙය අතරමැදිනි.

(carbonnews.lk)


 

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...