The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රැළියක් සියසින් දුටිමි : කාන්තා හිසක් වූවෙමි - (චන්දිමා ජයසේන)

T

The Leader Desk

March 27, 2022 • 9:09 AM

රැළියක් සියසින් දුටිමි : කාන්තා හිසක් වූවෙමි - (චන්දිමා ජයසේන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම සංවාදයේ දී රාජ්‍ය සහ පුරවැසියා අතර සංවාදය ගැටලුකාරී නම්, පුරවැසියා රාජ්‍ය අතර සම්බන්ධතාවය පළුදු කිරීමට රාජ්‍ය පසුබිම සකස් කරනවා නම් දේශපාලන සංවාදය තුළ ඊට එරෙහි වීමට පුරවැසියාට හඬක් තිබේ.
  • වන දා දිනය ජාතික ජනබලවේගය විසින් සංවිධානය කර තිබූ “74 වසරක ජන පීඩක ආණ්ඩු පලවා හරිමු” යන ජන රැළියෙන් මතු වූයේ ම මෙකී සංවාදය මතු කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය භාවිතා කිරීම බව මගේ හැඟීමයි.
  • එහි සහභාගී වූවෙක් ලෙස මේ සටහන ලියන්නේ පුරවැසි වගකීමකට දායක වීමේ පහන් හැඟීම ද ඇතිවයි.
  • නැවතත් මගේ සහභාගීත්වය අවධාරණය කළ විට, රටේ පවතින ආර්ථික ද, නායකත්ව ද, පුරවැසි ද අර්බුදය පිළිබඳ ඇති සැබෑ අවබෝධය නිසාම මෙම රැළියට සහභාගී වුයෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):



මෙම සංවාදයේ දී රාජ්‍ය සහ පුරවැසියා අතර සංවාදය ගැටලුකාරී නම්, පුරවැසියා රාජ්‍ය අතර සම්බන්ධතාවය පළුදු කිරීමට රාජ්‍ය පසුබිම සකස් කරනවා නම් දේශපාලන සංවාදය තුළ ඊට එරෙහි වීමට පුරවැසියාට හඬක් තිබේ.

23 වන දා දිනය ජාතික ජනබලවේගය විසින් සංවිධානය කර තිබූ “74 වසරක ජන පීඩක ආණ්ඩු පලවා හරිමු” යන ජන රැළියෙන් මතු වූයේ ම මෙකී සංවාදය මතු කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය භාවිතා කිරීම බව මගේ හැඟීමයි.

276194954 522991949191231 8479470672812635767 n

එහි සහභාගී වූවෙක් ලෙස මේ සටහන ලියන්නේ පුරවැසි වගකීමකට දායක වීමේ පහන් හැඟීම ද ඇතිවයි. නැවතත් මගේ සහභාගීත්වය අවධාරණය කළ විට, රටේ පවතින ආර්ථික ද, නායකත්ව ද, පුරවැසි ද අර්බුදය පිළිබඳ ඇති සැබෑ අවබෝධය නිසාම මෙම රැළියට සහභාගී වුයෙමි.  

රටේ දේශපාලනය පිළිබඳව සවිඥාණික පුරවැසියෙක් ලෙස මේ මොහොතේ දේශපාලනය සහ පීඩාව අපිට දැනෙන්නේ නැත්නම් එය සැබවින්ම රෝගී තත්ත්වයකි. බෙහෙත් ලබා ගැනීමට අවශ්‍ය රෝගී තත්ත්වයකි.

ඒ නිසා නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයේ ස්පර්ශයන් පිළිබඳ ඇති අවබෝධය නිසාම පුරවැසියෙක්, කාන්තාවක් නිසාම මගේ විරෝධතාවයේ හඩ නියෝජනය සඳහා මා මෙතනට පැමිණියෙමි.

මා මෙහිදී මතු කරන්නේම මෙය කියවන ඔබට මේ මොහොතේ දැනෙන, ඔබගේ විරෝධතාවය ප්‍රකාශ කිරීම සඳහා පහසු ඕනෑම විරුද්ධ දේශපාලන මතයක් හා එකතු වන්න. එය  නිවරදිවම තීරණය පිළිබඳ නැවත සිතා බලන්න. පොදු සතුරා පිළිබඳව ඇති අවබෝධය සාමුහික දේශපාලන ක්‍රියාදාමයකට අනාගතයේ  මාවත සකස් කරනු ඇති බැවිනි.

 

23 වන දා  ජන බලවේගයට රැස් වූ පිරිසගේ හිස්ගොඩින් පිරවුණේ ජවිපෙ සහ ජනබලවේගෙයේ සාමාජිකයින්ගේ පමණක් නොවේ. එය සර්ව පාර්ශික නියෝජනයකි. එතනට පැමිණි තිබු අතිබහුතරය බලාපොරොත්තු සුන් වූ 69 ලක්ෂයේ ජනතාවගේ නියේජනයක් බව දෘශ්‍යමාන විය.

 

දෙල්කඳ සිට නුගේගොඩ මං සංදියට ගිය රැළියට පැමිණ සිටි අය අතර කිසියම් අරමුණක් ඉටුකර ගැනීමේ දැඩි උවමානව මොවුන් හට තිබුණි. ඔවුන්ගේ මුහුණු වල රැඳි  තිබුනේ ම දැඩි අපේක්ෂා කඩවීමේ ස්වරූපයක් සහ එම වරදකාරී හැඟීමෙන් නිදහස් වීමේ අභිලාෂයකි.

මෑත ඉතිහාසයේ දුටු විශාල රැළියක් දැක බලා ගැනීමේ අවස්ථාව ද සැලසිණි.  දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි සිටි කීප දෙනෙකු සමඟ සංවාදයේ නිරත වීමට ද අවස්ථාව ලැබිණි. ඔවුන්ගේ සමස්ත අදහස වූයේ අපි තමා රාජපක්ෂ ආණ්ඩුව ගෙනාවේ. ඒ සඳහා ඔවුන්  පලවා හැරීමත්  අපේ වගකීමකි. එය ඉටු කිරීම සඳහා පැමිණි බවයි.

ඔවුන් නැවත නැවත ප්‍රකාශ කළේ පවතින ආණ්ඩුව නැවත නිවරදි කළ නොහැකි සේ වැරදී පීලිවල යන විට 69 ලක්ෂයේ වරදකාරී හැඟීම මුදවා ගැනීම සඳහා ඔවුන් පැමිණි බව ඔවුන්ගේ අදහස විය.

මෙවැනි රැළියකට සහභාගී වීමේ තවත් අරමුණක් වූයේ සහභාගීවන්නේ කවුද ඔවුන්ගේ අභිලාෂය කුමක් ද යන්නයි.

තරුණ ද මහළු මැදි වියේ ද සියලු නියෝජනයක් දක්නට ලැබිණි. ඒ අතර විශ්වවිද්‍යාල සිසුන් ද ආචාර්යවරුන් ද විවිධ වෘත්තිකයින් ද ගොවියන් ද කම්කරුවන් ද  ආබාධ සහිත ප්‍රජාවගෙන් ද කාන්තාවන්ගෙන් ද විවිධ ආර්ථික ස්ථරයන් ද සමහර පවුල් පිටින්ම සහභාගීත්වයක්  නිරීක්ෂණය විය.  

ඉහළ  සංවිධානාත්මක බවක් දක්නට තිබූ අතර සහභාගී වූවන්ගේ සහ ජනබලවේගයේ සංවිධායකයින්ගේ ද සාමානාත්මතාවය පිළිබඳ ඉඟි සෑම තැනකම දක්නට ලැබිණි. වේදීකාව මත සිටි ඔවුන්  ඇවිදිමින්, සමහරු වාඩිවෙමින් අල්ලාප සල්ලාපයේ යෙදිමින් සිටින බවක් දක්නට ලැබුණි.

 

 

හිරු රශ්මියෙන් දැඩි ලෙස පීඩා විඳීමින් සහභාගී වුවත්  පවතින ආණ්ඩුවේ ජන පීඩාව ඊට වඩා වැඩි බැවින් හිස් ගොඩ හුදු හිස් ගොඩාක්ම නොවීය.   සංවිධායකයින්ගේ අභිප්‍රාය වූයේ ද අසංවිධානාත්මක බව තුළින් සමානාත්මතාවය නිරූපණයට ගන්නා උත්සාහයක් ලෙස දක්නට ලැබුණි. ඒවා  ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ලබා ගැනීමේ සාමුහික ආදර්ශ ලෙස ද පෙන්වා දිය හැකිය.

 

ප්‍රජාතන්ත්‍රවාදී රටක සිවිල් ක්‍රියාකාරීත්වයේ මූලිකම ආකාරය ජන ඒකරාශිව්ම් ලෙස පෙන්වා දිය හැකියි. ඡන්දය අයිතිය උරගා බැලීමට තවදුරටත් කාලය තිබෙන මෙවැනි කාලවල ජන මතය ප්‍රකාශ කිරීමේ පහසුම මඟ රැළි, උද්ඝෝෂණ සංවිධානය කිරීමයි.

ජන මතයට කන් නොදෙන අදූරදර්ශී ආණ්ඩු පළවා හැරීමේ  විරෝධතාවය ප්‍රකාශ කිරීමට  සිදුකළ හැක්කේ පාරට බැසීමෙනි.

මේ එකතුවෙමින් පවතින ජන ඟඟ  මඟින් කියා පාන්නේම රාජපක්ෂ ආණ්ඩුවට බරපතල සංඥා නිකුත් කිරීමකි. ඒ නිසා මෙම ජන ඒකරාශීව්ම් සුළුවට තැකිය නොහැකිය.  රාපක්ෂ ආණ්ඩුව පිළිබඳව ජනතාවට ඇති පිළිකුල් සහගත බවේ සංඥාව මෙම සාමුහික ඒකරාශීවිමෙන් දක්නට ලැබිණි.

ඒ නිසා දේශපාලනය මෙන්ම පක්ෂ  සම්බන්ධයෙන් ගත් කල ද උකටලී සිටින මෙවන් මොහොතක, කවුරු ආවත් මෙහෙම තමා වැනි වදන් නිතර මොවුන් තුළ රැදුණත් විශ්වාසවන්ත කණ්ඩායමක් සමඟ එකතු වීමට පසුබවට නොවන බව ද මගේ නිරීක්ෂණයයි.

 අද වන විට ජනතාව දේශපාලන පක්ෂ  මෙන්ම පුද්ගල ප්‍රතිරූප විශ්වාස කරන්නේ ද නැත.  නරුමත්වය සහ සහභාගීත්ව ආණ්ඩූකරණයෙන්  ධ්‍රැවීකරණය ඉහවහා ගොස් ඇති මෙවන් මොහොතක සිංහ වෙස් ගත් නරියන් තේරුම් ගැනීමට විරෝධය පල කර හෝ සක්‍රීය පුරවැසියෙකුගේ දේශපාලන භූමිකාවට පණ දීම සඳහා මා මෙතන කාන්තා හිසක් වුවෙමි.

 

276026086 519359959554430 7112942562219864017 n

බොහෝ කාන්තාවන් සාමුහිකව ද තනි තනිව ද රැළියට සහභාගී වීම ද මගේ නිරීක්ෂණ අතර විය. එය යහපත් ප්‍රවණතාවයකි. එය අර්ථවත් වීමට ජන බල වේගයේ වේදීකාව තුළ කාන්තා හඬ තවදුරටත් නිරූපණය විය යුතුයි. සාවිත්‍රී පෝල්රාජ්ගේ ද්විභාෂා හඩ නියෝජනය ප්‍රශංසනීයයි. ඇය බහු ජන අනන්‍යතා දිනා ගැනීමේ ආදර්ශ මොඩලයක් ලෙස ද යොදා ගත හැකියි.

 

නමුත් මෙම රැළියේ දී හරිනිගේ කතාව දෙස ද සහභාගීවන්න බලා සිටින්නේ ඇය මහජන නියෝජිතයෙක් නිසායි. ජනබලයේ අලුත් කාන්තාවන්ගේ හඩ ද අලුත් හඩවල් ද  නියෝජනය විය යුතුයි.  ඒ නිසා මෙවැනි රැළි තුළ බහුවිධ අනන්‍යතා  ප්‍රදර්ශනය කළ යුතු බව මගේ හැඟීමයි.

එම බලය ජාතික ජන බලවේගය විසින් තවදුරටත් දිනාගත යුතුය. වාමවාදී දේශපාලන පක්ෂ දිනා ගත යුතුයි. මේ මොහොතේ සාමුහික දේශපාලන  සවිඥාණිකත්වයේ තරම පෙන්වීමට හැකි පමණ වැඩ කළ යුතුයි.

අද වන විට පෝලීම් වල දවස ගෙවමින් ජන ජීවිතය එහෙම් පිටින්ම අවුල් වී ඇති තත්ත්වයක පුරවැසි බලය පිළිබඳ දැනවීමේ පළමු පියවර මෙය විය හැකියි.

ඡන්දය ප්‍රකාශ කිරීමට සහ ඡන්දය වැදගත් වන බවට ඇති වාසි වැඩි කිරීමට අපට ක්‍රියාකාරී පියවර කිහිපයක් ගත හැකි බවයි මේ ජන ගඟ මඟින් කියාපාන්නේ. එය උත්කර්ෂයට නැංවිය යුතු නැත.

සැබෑ ජන මතය අවබෝධ කර ගැනීම ජන බලවේගය සිදු කළ යුතුයි. නොවසේ නම් අවන්ත ආටිගල විසින් ඊයේ දිනයේ දී කාටූනයකින් පෙන්වූ අනතුර ජන බලවේගයට ඇත. ඒ නිසා ජවිපෙ ඉස්මතු නොවී ජනබලවේගය සෑම තැනකම ඉස්මතු වීම බොහෝ පුර්ව විනිශ්චයන් අතුගා දැමීමමට හේතු වනවා ඇත.

 

මෙම රැළිය පිළිබඳ මගේ දැනවීම් නම් වඩා වඩාත් දෙමළ මුස්ලිම් ජනයා දිනාගැනීමේ වැඩපිළිවෙලක් සකස් විය යුතුයි. ශ්‍රී ලංකාවේ නිදහසහ සඳහා ඇති වූ ව්‍යාපාරයේ සිට මේ දක්වා ඇති වූ සමාජ ව්‍යාපාර මෙන්ම හුදු සිංහල බෞද්ධ සංස්කෘතික ව්‍යාපරයක් පමණක් වීම ජනබලවේගයේ ඉදිරි පැවැත්මට ද හානිකරයි.

 

බහු සංස්කෘතියට ගරු කිරීම මෙන්ම එම ජනයා දිනා ගැනීම මෙන්ම තිරසාර වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමත් අර්බුදයට තිරසාර විසඳුම් ඉදිරිපත් කිරීමත්  ඒකාරාශී වූ ජන ආකර්ශනය මැතිවරණ තෙක් පවත්වා ගැනීමට හැකි වනු ඇත.



WhatsApp Image 2021 10 19 at 12.42.36 PM(චන්දිමා ජයසේන)
Social Work Educator and Social Worker

chandimaij@yahoo.com

2022.03.26



 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රැළියක් සියසින් දුටිමි : කාන්තා හිසක් වූවෙමි - (චන්දිමා ජයසේන) | The Leader