The Leader News
BREAKING
Top Ad
පුවත්

චරිත හේරත් ලේක්හවුසිය බාර නොගෙන කුරුණෑගලින් මහ ඡන්දයට!

T

The Leader Desk

December 8, 2019 • 2:53 PM

චරිත හේරත් ලේක්හවුසිය බාර නොගෙන කුරුණෑගලින් මහ ඡන්දයට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරි මහ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට තීරණය කර ඇතයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
  • ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කරලියට ගෙන ඒමට දායක වූ විද්වතුන් විශාල පිරිසක් මේ අවස්ථාවේදී ආණ්ඩුවේ තනතුරු හා වරප්‍රසාද නොගෙන මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇත.
  • කෙසේවුවද රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන් පත් කිරීම සඳහා සුදුසුකම් සහිත වෘත්තිකයින්ගේ නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මේවනවිට යොමුකර ඇතැයි 'අද දෙරණ' පවසයි.
  • රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත් කිරීම සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් නිර්දේශ කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසින් පුද්ගලයින් 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගියදා පත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉදිරි මහ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට තීරණය කර ඇතයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

මීළඟ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා බලාපොරොත්තු වන්නේ නම්, රාජ්‍ය ආයතනවල තනතුරු සඳහා ඉදිරිපත් නොවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුට ආධාර උපකාර කළ විද්වතුන් කිහිප දෙනෙකුටම  පසුගියදා දැනුම් දී තිබිණ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කරලියට ගෙන ඒමට දායක වූ විද්වතුන් විශාල පිරිසක් මේ අවස්ථාවේදී ආණ්ඩුවේ තනතුරු හා වරප්‍රසාද නොගෙන මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇත.

 

18 වෙනිදාට පෙර .......

කෙසේවුවද රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන් පත් කිරීම සඳහා සුදුසුකම් සහිත වෘත්තිකයින්ගේ නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මේවනවිට යොමුකර ඇතැයි 'අද දෙරණ' පවසයි.

රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත් කිරීම සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් නිර්දේශ කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසින් පුද්ගලයින් 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගියදා පත් කළේය.

අදාළ කමිටුව විසින් මූලික සුදුසුකම් සලකා බලා ආයතන කිහිපයකට  නම් යෝජනා කර ඇති අතර එම නාම යෝජනා සලකා බැලීම ජනාධිපතිවරයා සහ එම ආයතන භාර අමාත්‍යවරුන් විසින් මේ දිනවල සිදුකරමින් සිටින බව 'අද දෙරණ' වාර්තාවේ සඳහන් වේ.

රාජ්‍ය ආයතනවලට ඉහළ නිලධාරීන් පත් කිරීම මෙතෙක් නිසි ක්‍රමවේදයක් යටතේ සිදුනොවූ බවත් සුදුසුම පුද්ගලයින් අදාළ තනතුරු සඳහා පත්කර ගැනීම මෙම කමිටුව විසින් සිදු කරනු ලබන බවත් 'අද දෙරණ' වැඩිදුරටත් කියා සිටියි.

එම කමිටුව විසින් මෙතෙක් ඉදිරිපත් කර නොමැති රාජ්‍ය ආයතන සඳහා සිය නිර්දේශ ලබන 18 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සබැඳි පුවත් :

ඇමතිවරු පරන පාරේ යන්න ගිය ගමනක් ජනපති අනින් නවතී! (VIDEO)

මහ ඡන්දය : සෑම දිස්ත්‍රීකයකටම 'වියත්මඟ' දෙදෙනෙක්! - ජනාධිපතිට හයිය දෙන්න තරුණ ජාලයක්!!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චරිත හේරත් ලේක්හවුසිය බාර නොගෙන කුරුණෑගලින් මහ ඡන්දයට! | The Leader