The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

චාලි පටන්ගත්තු අමුතු වැඩේ .... | එරන්ද ගිනිගේ

T

The Leader Desk

September 14, 2025 • 4:41 PM

චාලි පටන්ගත්තු අමුතු වැඩේ .... | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එතනින් යන එන ඕන අයෙකුට පුළුවන් ඔහු හා වාද කරන්න.
  • චාලිත් ඇතැම් විට ඔවුන්ට සරදම් කරනවා.
  • ටික කාලයක් යන කොට ඔහුගේ චැනල් එක මිලියන ගණනක් බලන අති විශාල ව්‍යාපාරයක් බවට පත් වෙනවා.
  • ඒවා ඇතුළට එන අය අඳින පළඳින විදිහ පවා තීරණය කරන්නේ ඔවුන්.
අකුරු ප්‍රමාණය (Font Size):

වාඩි වෙලා ඔහු ඉන්නවා. එතනින් යන එන ඕන අයෙකුට පුළුවන් ඔහු හා වාද කරන්න. ඔහු පෙනී සිටින්නේ ක්‍රිස්තියානි ආගම සහ ව්‍යවස්ථාව මත පදනම් වූ සාම්ප්‍රදායික ඇමරිකානු සංස්කෘතිය වෙනුවෙන්. එයට විරුද්ධ මතධාරීන් ඔහු සමග වාද කරනවා. සමහර වාද තාර්කිකයි. සමහර වාද ගැටුම්කාරියි.

fry56456t
පරදින ප්‍රතිවාදීන් බොහෝ විට චාලිට නින්දා අපහාස කරනවා. චාලිත් ඇතැම් විට ඔවුන්ට සරදම් කරනවා. ඒවා සියල්ල යූටියුබ් එකේ පෙන්වනවා. ටික කාලයක් යන කොට ඔහුගේ චැනල් එක මිලියන ගණනක් බලන අති විශාල ව්‍යාපාරයක් බවට පත් වෙනවා. සැබැවින් ම කිව්වොත් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඇමරිකානු තරුණ තරුණියන් නැඹුරු වෙන්න චාලිගේ වැඩසටහන විශාල වශයෙන් දායක වුණා.

ලංකාවේ මෙහෙම දෙයක් කරන්න බැහැ. ලංකාවේ විශ්ව විද්‍යාල කියන්නේ පොදු විවෘත අවකාශ නොවෙයි. ඒවායේ උගන්වන සහ උගන්නා බොහෝ දෙනා හිතන්නේ විශ්ව විද්‍යාල කියන්නේ ඔවුන්ගේ පමණක් බූදල් කියලා. ඒවා ඇතුළට එන අය අඳින පළඳින විදිහ පවා තීරණය කරන්නේ ඔවුන්. කොට කලිසමක් ඇඳගෙන ගියොත් ගහනවා. ඒ පසුගාමී හැසිරීම් පිළිගන්න තිබුණා ඒවා පුද්ගලික විශ්ව විද්‍යාල නම්. නමුත් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල අයිති පොදු ජනතාවට. ඕනෑම පුරවැසියෙකුට පුළුවන් වෙන්න ඕනා පොදු ස්ථානයකට ඇතුළු වෙන්න. ඒ වගේම තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාල තුළ ඒ නිදහස නැහැ.

dfgter5645
ඕකක් ඇතුළේ මේසයක් තියා ගෙන වාද කරන්න ගියොත් ගහලා පන්නනවා. බෞද්ධ සිංහල සංස්කෘතික මතවාදය වෙනුවෙන් පෙනී සිටියොත් එහෙම මැරුම් කනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ කොල්ලෙක් වරක් මට කිව්වා ‘උඹ ඕක කොළඹ කැම්පස් එක ඇතුළේ පුළුවන් නම් කියලා පෙන්නපන්!’ කියලා. නිර්මාල් දේවසිරි මට පොරොන්දු වුණා ‘ජනරජය’ පිළිබඳ මගේ අදහස් ගැන වාදයක් කරන්න. ඒ පොරොන්දුවට දැන් අවුරුදු පහක් විතර වයසයි. එයාටත් බැහැ ඒ වගේ දෙයක් කරන්න. ලංකාවේ විශ්ව විද්‍යාල කියන්නේ ඔවුන්ගේ ම සිඟිති Echo Chambers පමණයි. ඒවා ඇතුළේ සැබෑ ‘University’ ගුණයක් නැහැ. ඒවායින් අලුත් ප්‍රයෝජනවත් දැනුමක්, නිෂ්පාදනයක් හෝ පුරවැසියෙක් හෝ බිහි නොවන්නේ ඒ නිසයි.

කොහොම හරි අවසානයේ චාලි කර්ක් පරදිනවා. යූටාහ් නගරයේ විශ්ව විද්‍යාලයක ඔහුගේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. දහස් ගණනක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වට වෙලා හිටියා. එක ක්ෂණයකින් පැමිණි ස්නයිපර් වෙඩි උණ්ඩයක් චාලිගේ බෙල්ල හරහා ගියා. ලේ ගලමින් ඔහු ඇද වැටුණා. ඝාතනයට ලක් වන විට ඔහුට වයස අවුරුදු 31 යි. ඔහුට බිරිඳක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු සිටිනවා. වෙඩිල්ල තිබ්බා කියලා දැනට සැක කරන්නේ වයස අවුරුදු 22 ක ඒ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් කොල්ලෙක්. මේක ඇමරිකාව පමණක් නොවෙයි, මේ මොහොතේ මුළු ලෝකයේම අවධානයට ලක් වී තිබෙන ඝාතනයක්. සමහරු චාලි මැරුවට සතුටුයි. සමහරු දුකෙන්.

මේක තමයි යථාර්ථය. අපි කොහොම කිව්වත් දැන් සමාජයේ භාෂණයේ නිදහස කියලා එකක් නැහැ. කොයි මොහොතේ හෝ ඔබේ ප්‍රතිවාදියා ඔබව නිහඬ කරනවා. ෆේස්බුක් එක මාව දැනට වසර තුනක් විතර තිස්සේ restrict කර තිබෙනවා. ඊයේ NPP පාක්ෂිකයෙක් කියා තිබුණා “මට තෝව ම.න් කන්න හිතෙනවා” කියලා. Whatsapp Group එකක ඉන්න රටේ මුල් පෙලේ සන්නිවේදන සමාගමක වෘත්තිකයෙක් මට තර්ජනය කළා ‘නේපාලයේ හිටියා නම් මාව වළලනවා’ කියලා. මේවා මේ කිහිපයක් පමණයි. අපේ කඳවුරේ බොහෝ ප්‍රසිද්ධ ප්‍රකාශකයන්ට මේ අත්දැකීම තිබෙනවා.

මා කියන්නේ සමාජයේ සෑම ස්ථරයක ම මේ මර්දනකාරී විභවය එන්න එන්න උග්‍ර වෙනවා. අරගලය තුළ අපි දැක්කා ප්‍රතිවාදීන් සමූල ඝාතනය කරන්න හැදුව හැටි. මේ තත්ත්වය ලංකාවේ ඇති කළේ ජාතික ජන බලවේගය. ඔවුන් තමයි මේ ප්‍රතිවාදියා ඝාතනය කරන තරමට වෛර කරවන තැනට ලංකාවේ සමාජය ගෙන ආවේ. මේ තත්ත්වය ඉදිරියේදී තව තවත් උග්‍ර වීමට නියමිතයි. නමුත් අප නිහඬ නොවිය යුතුයි. චාලි කර්ක් මරණින් මතු දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවකු බවට පත් වෙමින් තිබෙනවා. ධර්මය අපට මග වේවා!

eranda. ginige(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.


සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...