The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය : අනාගතයේ මරණය - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

November 4, 2022 • 10:38 AM

අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය : අනාගතයේ මරණය - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනාගතයේ අපේ මරණින් මතු ජීවිතය ගැන.
  • ඩිජිටල් කේත ඩීඑන්‍ඒ බවට පරිවර්තනය කරලා අපිව අපි කැමති ගහක් ලෙස අපේ දේහය දිරාගිය කොම්පෝස් මත පැළ කරලා ඒ ගහ ළගට ඇවිත් අපිත් එක්ක සංවාද කරන්න පවා හැකි වර්චුවල් තත්වයක් නිර්මාණය කරන්න ඒ අය උත්සාහ කරනවා.
  • ඉදිරියට ජීවත්වන පිරිසට වඩා විශාල ප්‍රමාණයක ඩිජිටල් මළවුන් ඉතිරි වෙනු ඇති.
  • මේ ගැන හිතද්දි මට හිතුනෙ අපි ඇත්තටම පවතින්නෙ අනෙකා සමග ප්‍රතික්‍රියා කරන මොහොතේදී විතරයි කියල.
අකුරු ප්‍රමාණය (Font Size):

අනාගතයේ අපේ මරණින් මතු ජීවිතය ගැන. අනාගතයේදී අපේ මරණයෙන් පස්සෙ භෞතික ශරීරයක් විතරක් නෙමෙයි ඩිජිටල් ශරීරයකුත් ඉතිරි වෙනවා. භෞතික ශරීරය දිරා ගියත් අපේ ඩිජිටල් ශරීරය සදාකාලිකව පවතිනවා.


p22215080 b v13 acමේ සිතාබැලීමෙන් පස්සෙ විද්‍යාඥයො උත්සාහ කරනවා අපේ ඩිජිටල් ශරීරය දිගටම පවත්වාගෙන යන්න. අපි විසින් ඉතිරි කළ සියලු දත්ත අනුව අපි වගේ සිතන ප්‍රතික්‍රියා දක්වන ඩිජිටල් පුනරුත්පත්තියක් අපිට දෙන්න. ඩිජිටල් කේත ඩීඑන්‍ඒ බවට පරිවර්තනය කරලා අපිව අපි කැමති ගහක් ලෙස අපේ දේහය දිරාගිය කොම්පෝස් මත පැළ කරලා ඒ ගහ ළගට ඇවිත් අපිත් එක්ක සංවාද කරන්න පවා හැකි වර්චුවල් තත්වයක් නිර්මාණය කරන්න ඒ අය උත්සාහ කරනවා.

AAAABRT8k yb7nrg1jFOd3wnt lyw C0nyT8BCjEAcHv lddAe ghkbE6UUBfHN0WFRxT lkmJWedL9 BYcjI18wQE EtC5bLwIdhkvBK1rB rybUR0YwvmG7ouX


මේ විද්‍යාත්මක දේවල් ගැන පර්යේෂණ කොහොම වුනත් මේ සංකල්පමය සිතා බැලීම අතිශය අනාගතවාදීයි. ඉදිරියට ජීවත්වන පිරිසට වඩා විශාල ප්‍රමාණයක ඩිජිටල් මළවුන් ඉතිරි වෙනු ඇති. කොන්ක්‍රීට් සොහොන් කණු වෙනුවට ගස් වැවූ උද්‍යාන වැනි සුසාන භූමි ඉදිකිරීම කො‍හොමත් චමත්කාරයි. මියගිය සීයා ආච්චි එක්ක මුණුපුරන්ට ඒ අයගෙ මතක ඩීඑන්ඒ තුල රඳවාගත් ගහක් යට ඉඳන් කතාබහ කරන්න පුළුවන් වීම ආශ්චර්යයි.

 

මේ ගැන හිතද්දි මට හිතුනෙ අපි ඇත්තටම පවතින්නෙ අනෙකා සමග ප්‍රතික්‍රියා කරන මොහොතේදී විතරයි කියල. අනෙකා නොමැති මොහොතකදි අපි ඇත්තටම පවතින්නෙ නෑ. නැත්නම් පවතිනවද කියල දැනගන්න අපිට පුළුවන්කමක් නෑ. ක්වොන්ටොම් විද්‍යාවෙ කතා කරනවා නිරීක්ෂකයාගේ නිරීක්ෂණය මත ඉලෙක්ට්‍රෝනවල චර්යාව වෙනස්වෙන හැටි ගැන. ඒ අනුව පූර්ණ වශයෙන් වාස්තවික තත්වයක් අපිට කතා කරන්න බැරි හැටි ගැන. ඒ වගේම අනෙකා නොමැති අවස්තාවක පැවැත්මක් ගැනත් අපිට කතා කරන්න බැරි වෙනවා.

 

අපි යනුවෙන් යමක් පවතින්නෙ අප හා අනෙකා අතර. ඒ සිදුවන ප්‍රතික්‍රියාව තමයි ඒ මොහොතේ අපි වෙන්නෙ. මේ හින්දා ෆේස්බුක්වල එහෙම නිතර අපි දකින, ‘උඹ ඔහොම වෙයි කියල හිතුවෙ නෑ’ වගේ කතන්දර සරලව කියන්න පුළුවන් වුනත් ඊට වඩා සංකීරණයි. ඒ කියන්නෙ යමෙක් යම් කෙනෙක් හැටියට පවතින්නෙ අපි ඒ කෙනා සමග කරන ක්‍රියාව මතයි. යම් විදිහකින් අපි යමෙකුගේ ප්‍රතික්‍රියාවට අකමැති නම් එහි වගකීමෙන් හරි අඩක් අපේ ක්‍රියාවට පැවරෙනවා. කිසිම කෙනෙක් අපි එක්ක දක්වන ප්‍රතික්‍රියාව තවත් කෙනෙක් එක්ක දක්වන්නෙ නෑ. ඒ හින්ද අපි විවේචනය කරන කිසි කෙනෙක් අපෙන් ස්වායත්ත නෑ.


තවත් සරලව කිව්වොත් අපිට miniමරුවෙක් වෙන කෙනෙක් තවත් කෙනෙකුට ආදරණීයයෙක් වෙනවා. miniමරුවා මුනගැහෙන්නෙ අපිට විතරයි. අපි නැතුව miniමරුවා පවතින්නෙ නෑ. ඒ මිනීමරුවාම වෙනත් කෙනෙකුගේ ක්‍රියාවට ප්‍රේමනීය ප්‍රතිචාර දැක්වීමක් කරනවා. මේ විදිහට දක්වන ප්‍රතිචාර සමස්තයක් අනුවයි අපිට පුද්ගලයා කියන පැවැත්ම කියවන්න සිද්ද වෙන්නෙ. එතනදි පුද්ගලයා නිර්මාණය වෙන්නෙ ඔහුට හෝ ඇයට මුණගැහෙන අනෙකුන්ගේ ස්වභාවය මතයි.

 

අපිට කිසිම වෙලාවක එකම පුද්ගලයෙක් දෙවරක් මුණගැහෙන්නෙ නෑ. අපේ අනෙකා වෙනස් වෙනවා වගේම අපිත් වෙනස් වෙනවා. අපි වෙනත් ප්‍රතික්‍රියාවක් හරහා වෙනත් පුද්ගලයෙක් නිර්මාණය කරනවා.

 

ඉතිං මට හිතුනෙ මේ ඝනීභූත වූ ඩිජිටල් පැවැත්මෙන් අපි කියන පුද්ගලයා නැවත නිර්මාණය කරන්න පුළුවන්ද කියන එකයි. මොකද වෙනස් වීම නතර වෙලා තියෙන හින්ද. අපි සමග අනෙකා ඇති කරගන්නා ක්‍රියාව සැලසුම් කරන ලද එකක් වෙන හින්ද. ඒක සජීවී අහම්බයක් නොවෙන හින්ද. එතනදි අපි නිර්මාණය කරන්නෙ මළ කෙනෙක්මයි. ඒක සජීවී සම්බන්ධයක් නෙමෙයි.


නමුත් අනාගත සුසානයකදි ඒ මළවුන් සමග හෝ ඒ තරම් ඓන්ද්‍රිය සම්බන්ධයක් පවත්වන්න පුළුවන් වෙන එක කොහෙත්ම සුළුකොට තැකිය හැකි අරුමයක් නෙමෙයි. දැනට එක් එක් අය විසින් තමන්ගේ විකෘති මතක අනුව මළගිය කෙනෙක් ගැන කියන කතා වෙනුවට අපිට ඇතිරුණු පැතිරුණු ඒ අයගේම ඩිජිටල් ජීවිතය ඇතුලෙ සක්මන් කරන්න පුළුවන්. මෙච්චර කාලයක් පොතක ලියූ හෝ ෆොටෝ එකකට හසුවූ ඉතා සුළු කොටස් පමණක් ඉතිරි වූ ජීවිත වෙනුවට කරන හැම විහිළුවක්ම, බලන හැම වීඩියෝවක්ම, කරන හැම චැට් එකක්ම සුරක්ෂිත සුවිසල් ඩිජිටල් ඉතිරියක් අපිට ඇසුරු කරන්න පුළුවන්. ඒ නිසා අතීතයේ ඕනෑම කෙනෙකු පිළිබඳ දැනුමට වඩා වර්තමානයේ ඕනෑම කෙනෙකු ගැන අනාගතයේ ඕනෑම කෙනෙක් දැනගන්නා ප්‍රමාණය සුවිසල්.


ඒත් අපිට ඒ පුද්ගලයා සමග ජීවමාන ඇසුරක් ලබන්න පුළුවන්ද? මං හිතන්නෙ බෑ කියල. මොකද ඒ පුද්ගලයා සහ අපි අතර ක්‍රියාව ප්‍රතික්‍රියාව ඝනීභවනය වුණු එකක්.



සුබ පැතුම් රනිල් ! - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...