The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අනුරගේ 'Clean Sri Lanka' සහ ලී ක්වාන් යූගේ 'Keep Singapore Clean' අතර සමානකම් තිබේ ද?

T

The Leader Desk

January 7, 2025 • 4:06 AM

 අනුරගේ 'Clean Sri Lanka' සහ ලී ක්වාන් යූගේ 'Keep Singapore Clean' අතර සමානකම් තිබේ ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයේ වැඩ භාරගෙන දින 100ක් ගත වීමත් සමග මෙම වසරේ ජනවාරි 01 වනදා ජනාධිපති මූලිකත්වයෙන් ආරම්භ වූ Clean Sri Lanka ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
  • ව්‍යාපෘති දෙකම අධ්‍යනය කිරීමේදී ඒවායේ යම් යම් සමානකම් පවතින බව බීබීසී සිංහල වෙත නිරීක්ෂණය විය.
  • 'Keep Singapore Clean' ව්‍යාපෘතිය නිදහස් ජාතියක් ලෙස සිංගප්පූරුවේ ආරම්භ වූ පළමු ජාතික ව්‍යාපාරයයි.
  • නිදහස් සිංගප්පූරුවේ පළමු අගමැති ලී ක්වාන් යූගේ ප්‍රධානත්වයෙන් 1968 ඔක්තෝබර් 01 දා ඇරඹි මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ අවිචාරමත් කසළ බැහැර කිරීම වැනි ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරමින් සිංගප්පූරුව කලාපයේ වඩාත් ම පිරිසිදු සහ හරිත නගරය බවට පත් කිරීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයේ වැඩ භාරගෙන දින 100ක් ගත වීමත් සමග මෙම වසරේ ජනවාරි 01 වනදා ජනාධිපති මූලිකත්වයෙන් ආරම්භ වූ Clean Sri Lanka ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.


'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ අනුව රටේ පරිසරය පිරිසිදු කිරීමට අමතරව ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුම කර දීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල, වරක් සිංගප්පුරුවේ හිටපු අගමැතිවරයෙකු වන ලී ක්වාන් යූ විසින් ක්‍රියාත්මක කරනු ලැබූ 'Keep Singapore Clean' වැඩසටහනේ අනුකරණයක්දැයි මේ වන විට අදහස් මතුව තිබේ.

ව්‍යාපෘති දෙකම අධ්‍යනය කිරීමේදී ඒවායේ යම් යම් සමානකම් පවතින බව බීබීසී සිංහල වෙත නිරීක්ෂණය විය.


'Keep Singapore Clean' පටන් ගත්තේ කොහොම ද ?

 

Keep Singapore Clean
'Keep Singapore Clean' ව්‍යාපෘතිය නිදහස් ජාතියක් ලෙස සිංගප්පූරුවේ ආරම්භ වූ පළමු ජාතික ව්‍යාපාරයයි.

නිදහස් සිංගප්පූරුවේ පළමු අගමැති ලී ක්වාන් යූගේ ප්‍රධානත්වයෙන් 1968 ඔක්තෝබර් 01 දා ඇරඹි මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ අවිචාරමත් කසළ බැහැර කිරීම වැනි ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරමින් සිංගප්පූරුව කලාපයේ වඩාත් ම පිරිසිදු සහ හරිත නගරය බවට පත් කිරීමයි.

1819 සිට දෙවන ලෝක යුද්ධය දක්වා බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ සිංගප්පූරුව 1942 සිට 1945 දක්වා වසර තුනේ ජපන් ආක්‍රමණයට නතුව තිබිණි.

ජනගහනය වැඩිවීමේ ප්‍රතිශත ඉහළ මට්ටමක පැවතීම, ඉහළ යන විරැකියාව එකල සිංගප්පුරුව මුහුණ දුන් ප්‍රධාන ප්‍රශ්න විය.

මෙම තත්වයන් යටතේ පැවති සිංගප්පූරුව තුළ 1968ට පෙර 'Keep Singapore Clean' වැනි ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කෙරිණි.

1958 දී 'Keep Your City Clean' ලෙස ව්‍යාපෘතියක් ආරම්භ වූ අතර, 1959දී ද සිංගප්පූරු නගරය පිරිසිදුව තබාගැනීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය.


ලී ක්වාන් යූ සහ 'Keep Singapore Clean'

GettyImages 50543678 e1484538511153.jpg  ලී ක්වාන් යූ සැලකෙන්නේ නිදහස් සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙසයි.

1959 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු වසර තිස් එකක කාලයක් අගමැතිවරයා වශයෙන් සිංගප්පුරුව පාලනය කරන ලද්දේ ලී ක්වාන් යූ විසින් ය.

ඔහු විසින් සිංගප්පුරුව ආසියාවේ ධනවත්ම රටවලින් එකක් බවට පත් කළ ද මානව හිමිකම් සංවිධාන විසින් ඔහුව විවේචනයට ලක් කරනු ලැබුවේ දේශපාලනික සහ සාමාජීය නිදහස නොතිබූ බව පවසමින් ය.

1968 අගෝස්තු මාසයේ දී 'Keep Singapore Clean' ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සිංගප්පූරු රජය විසින් ජාතික කමිටුවක් නිවේදනය කරනු ලැබුවේ ය.

එයට ඇතුළත් වූයේ රජයේ සෞඛ්‍ය ඇමතිවරයා, අධ්‍යාපන අමාත්‍යංශය, සංස්කෘතික අමාත්‍යංශය, පොදු වැඩ දෙපාර්තමේන්තුව වැනි ආයතනවල නියෝජිතයන් ය.

472746752 1634066117536271 3865009355311060566 n1968 වසරේ ඔක්තෝබර් 01 වන දා මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ ප්‍රජා නායකයන් 1,500කට වැඩි සහභාගිත්වයකින් යුතුව සිංගප්පුරු සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

මහජන සෞඛ්‍ය නීති වෙනස් කිරීම, වීදි වෙළෙන්දන්, පදික වෙළෙන්දන් මධ්‍යස්ථාන වෙත ගෙන යාම, නිසි අපද්‍රව්‍ය පද්ධති සංවර්ධනය කිරීම සහ රෝග පාලන පියවර මෙම ව්‍යාපෘතියට ඇතුළත් විය.

ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීම් පොදු ස්ථානවල සිංගප්පූරුවේ ප්‍රධාන භාෂා 4න් ප්‍රදර්ශනය කර තිබූ අතර, නිලධාරීන් විසින් පරික්ෂාකිරීම් ද සිදු කරන ලදී.

සමාජීය හැසිරීම පාලනය කිරීම සඳහා සිංගප්පූරුවේ පළමු වරට දඩ ගැසීම ආරම්භ කළේ මෙම ව්‍යාපෘතියෙන් ය.

මෙම ව්‍යාපෘතියේ ආරම්භය සාර්ථක වූ නිසා වසර ගණනාවක් තිස්සේ එය ක්‍රියාත්මක වේ.


ව්‍යාපෘතියේ කැපී පෙනෙන තැන්


'Keep Singapore Clean' ජාතික ව්‍යපාරය ආරම්භ කර මේ වන විට වසර 57කට ආසන්න කාලයක් ගත වී තිබේ.

ඒ අතරතුර කාලයේදී සිංගප්පුරුව අග්නිදිග ආසියාවේ සංචාරක මර්මස්ථානයක් බවට පත් වී තිබෙන අතර, දැවැන්ත සේවා ආර්ථිකයකට ද හිමිකම් කියයි.

ව්‍යාපෘතියේ ආරම්භක සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ ද 2015 වසරේ දී ජිවිතයෙන් සමුගත්තේ ය.lky


මේ එම ව්‍යාපෘතියේ කැපී පෙනෙන සංධිස්ථානයි.

 * 1965 - සිංගප්පූරුව නිදහස ලැබීම

* 1968 - Keep Singapore Clean ආරම්භය

* 1971 - වාර්ෂික රුක් රෝපණ දිනයක් ආරම්භ කිරීම

* 1973 - Keep Our Water Clean ව්‍යපෘතිය ආරම්භ කිරීම

* 1977 - සිංගප්පූරුවේ ගංගා පිරිසිදු කිරීම

* 1983 - Keep the Toilet Clean ව්‍යාපෘතිය ආරම්භ කිරීම

* 1992 - චුයිංගම් ආනයනය සහ විකිණීම තහනම් කිරීම

 
මෙම ව්‍යාපෘතියට සමගාමීව පසුකාලීනව පොදු උද්‍යාන පිරිසිදු කිරීම, බස් සහ බස් නැවතුම් පිරිසිදු කිරීම, කර්මාන්තශාලා පිරිසිදුව පවත්වාගෙන යාම වැනි දේවල් ද සිදුකෙරිණි.


'Clean Sri Lanka' සහ 'Keep Singapore Clean' ව්‍යාපෘති දෙකෙහි සමානකම් මොනවා ද?

 

Anura 2025.01.07


මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සඳහා මෙන් ම එහි සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ජාතික මෙහෙයුමක් දියත් කිරීම Clean Sri Lanka ව්‍යාපෘතියේ අරමුණයි.

'Clean Sri Lanka' සහ 'Keep Singapore Clean' ව්‍යාපෘති දෙකෙහි ම "Clean" යන වචනය විශේෂ කර දක්වා ඇති බව දැකිය හැකි ය.

මෙම ව්‍යාපෘති දෙකම පිරිසිදුකම මූලික කරගෙන ආරම්භ කර ඇති අතර, Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව මේ වන විට විවිධ පිරිසිදු කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වෙමින් පවතියි.

"අපේ ප්‍රධාන වැඩකටයුත්ත තමයි Clean Sri Lanka ව්‍යාපෘතිය. මෙය පරිසර පද්ධතියේ පිරිසිදු කිරීම පිළිබඳ පමණක් නොවෙයි. මෙය සමස්ත ගරා වැටුණු, දිරාපත් වුණු මේ සමාජ දේහයත්, මේ අසරණභාවයට පත්වුණු මේ මාතෘභූමියත් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සෑම අංශයකම සිදුකරන පිරිසිදු කිරීම, Clean කිරීම තමයි අපි අපේක්ෂා කරන්නේ," යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක Clean Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේදී ව්‍යාපෘතියේ අරමුණ විස්තර කළේ ය.

1968 ඔක්තෝබර් 01 දා 'Keep Singapore Clean' ආරම්භ කළ ආකාරයට ම 'Clean Sri Lanka' ව්‍යපෘතිය ජනවාරි 01 දා ආරම්භ වූයේ ප්‍රජා නායකයින්, ස්වේච්ඡා නායකයින් ඇතුළු පිරිසක සහභාගිත්වයෙන් ය.
 

සිංගප්පූරු ව්‍යපෘතියේ සිදු කළ ආකාරයටම ශ්‍රී ලංකා ව්‍යපෘතියේ ද මෙහෙයුම් කමිටුවක් නම් කර තිබේ.

විදී වෙළඳුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය විසින් කටයුතු කර නැතත්, ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණේ වීදි වෙළඳුන් ඉවත් කිරීමට ද කටයුතු කර ඇති බවයි.

සිංගප්පූරු පිරිසිදු ව්‍යපෘතියේ ද එය කොටසක් විය.

1988 දී සිංගප්පූරුවේ බස් රථ පිරිසිදුව පවත්වාගෙන යාම සහ ප්‍රමිතිගතව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණු අතර, පසුගිය ජනවාරි 02 දා පටන් වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ රථ වාහන මෙහෙයුමක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ.
aClean up 1

ශ්‍රී ලංකාව සිංගප්පූරුවෙන් කොපි කළා ද?


ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සිංගප්පූරුව පසුගිය කාලයේ දී සැලකිය යුතු අන්දමින් සාකච්ඡා විය.

ඒ 2019 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ වැනි නායකයෙකු යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ එවක කළ ප්‍රකාශයක් ද සමගයි.

සෑම කාලයකම පාහේ ශ්‍රී ලංකාව දියුණු කිරීමේ දේශපාලනඥයන්ගේ පොරොන්දුවක් වූයේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් බවට පත් කරනවා යන්නයි.

සිංගප්පූරුවේ 1968 ආරම්භ වූ ව්‍යාපෘතියේ සහ ශ්‍රී ලංකාවේ දැන් ආරම්භ ව තිබෙන ව්‍යාපෘතියේ යම් යම් සමානකම් ඇති බවක් නිරීක්ෂණය කළ හැකි නමුත් එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තවදුරටත් ගැඹුරින් නිරීක්ෂණය කළ යුතු ය.


| BBC සිංහල සේවය

සබැඳි ලිපි :

ජනපති අනුරගේ Clean Sri Lanka වැඩසටහන ගැන ඔබ දැනුවත් ද ?
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...