The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අධිෂ්ඨානයෙන් එක් වී ජයගත යුතු clean srilanka | ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ විසිනි

T

The Leader Desk

January 13, 2025 • 11:49 AM

අධිෂ්ඨානයෙන් එක් වී ජයගත යුතු clean srilanka | ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ විසිනි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “සැතපුම් දහසක ගමනක් ආරම්භ වන්නේ එක් පියවරකින්” කියා චීන කියමනක් තිබේ. සෑම අලුත් දවසක්ම ඔබේ ජීවිතයේ දිනපොතේ හිස් පිටුවකි.
  • සාර්ථකත්වයේ රහස එම දිනපොත ඔබට හැකි හොඳම කතාව බවට පත් කිරීමයි යනුවෙන් පවසන්නේ ඩග්ලස් පැගල්ස් ය.
  • ශ්‍රී ලංකාව දැන් සූදානම්ව සිටින්නේ නැවුම් සහ තීරණාත්මක ජයග්‍රහණයක ඇත්ත අර්ථය අත්විඳින්නට ය.
  • ඒ, මේ රට ප්‍රමිතිගත, අසිරිමත් රටක් බවට පත් කිරීම උදෙසාය.
අකුරු ප්‍රමාණය (Font Size):

“සැතපුම් දහසක ගමනක් ආරම්භ වන්නේ එක් පියවරකින්” කියා චීන කියමනක් තිබේ. 

සෑම අලුත් දවසක්ම ඔබේ ජීවිතයේ දිනපොතේ හිස් පිටුවකි.. සාර්ථකත්වයේ රහස එම දිනපොත ඔබට හැකි හොඳම කතාව බවට පත් කිරීමයි යනුවෙන් පවසන්නේ ඩග්ලස් පැගල්ස් ය.
 
ඒ අවස්ථාව දැන් අපේ රටේ සමස්ත පුරවැසි පරපුරට ලැබී තිබේ.

ශ්‍රී ලංකාව දැන් සූදානම්ව සිටින්නේ නැවුම් සහ තීරණාත්මක ජයග්‍රහණයක ඇත්ත අර්ථය අත්විඳින්නට ය.

 

ජයග්‍රහණය අබියස අභියෝගය - (කුසල් පෙරේරා)
තරුණ හා වැඩිහිටි, පිරිමි හා කාන්තා, බෞද්ධ, ක්‍රිස්තියානි හා හින්දු, සේම සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියලු ලාංකිකයන් එකට එක්ව ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් බිහිකර ගත්හ. 

ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකිකයන් ජනප්‍රියවාදය, ජාතිකවාදය සහ ආගම්වාදය පසෙකට දමා, තම උදාර දිවයින නැවත ගොඩනැගීමේ අධිෂ්ඨානශීලී ගමනේදී එක්සත් වීමට උනන්දු වන බවට වූ පළමු සලකුණ එයයි.

"පාර්ලිමේන්තුව පිරිසිඳු කරමු" යනුවෙන් අනුර දිසානායක මහතා කළ ඉල්ලීමට ජනතාව දෙවරක් නොසිතා අනුමත කරනු ලැබීය. දැන් ඔහු ඉල්ලා සිටින්නේ රට පිරිසිදු කරමු කියාය. ඒ, මේ රට ප්‍රමිතිගත, අසිරිමත් රටක් බවට පත් කිරීම උදෙසාය. එය පක්ෂ පාට භේදයකින් තොරව කාටත් එකග විය හැකි ඉල්ලීමකි.

”ක්ලීන් ශ්‍රීලංකා” යනුවෙන් මල්පල ගැන්වෙන්නේ ඒ ඉල්ලීමයි. එය මතු පරම්පරාව වෙනුවෙන් වූ වැඩපිළිවෙලකි. ඒ, ලංකාව ලෝක සිතියමේ සලකුණු කළයුතු තැන පිළිබඳව කළ ඉල්ලීමකි. ඒ, අදට වඩා ලංස්සන පොහොසත් රටක් බිහි කිරීම උදෙසා කළ ඉල්ලීමකි.

 

ක්ලීන් ශ්‍රී ලංකා' හා ඩිජිටල් ආර්ථික ව්‍යාපෘතිවලින් පෙන්වන ජාජබයේ  ප්‍රායෝගික වාදය | ආචාර්ය සුජාතා ගමගේ
සිංගප්පූරුව කලාපයේ  පිරිසිදුම සහ හරිතම නගරය බවට පත්කිරීමේ  අරමුණින් “සිංගප්පූරුව පිරිසිදුව තබාගැනීම” සඳහා වූ ප්‍රථම ජාතික අධ්‍යාපන වැඩසටහන 1968 දී දියත් කරන ලදී. ඉමහත් කැපවීමකින් සහ දැඩි ජාතික හැඟීමකින් එයට එරට පුරවැසියන් දායක විය. නිදහස් සිංගප්පූරුවේ පළමු අගමැති ලී ක්වාන් යූගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ අවිචාරමත් කසළ බැහැර කිරීම වැනි ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරමින් සිංගප්පූරුව කලාපයේ වඩාත් ම පිරිසිදු සහ හරිත නගරය බවට පත් කිරීමයි. 

1958 දී 'Keep Your City Clean' ලෙස ව්‍යාපෘතියක් ආරම්භ වූ අතර, 1959දී ද සිංගප්පූරු නගරය පිරිසිදුව තබාගැනීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. එහෙත් ඒවා සාර්ථක නොවුණේ එක හැඟීමකින් රටම පෙලගැස්වීමට කිසිවෙකුට නොහැකි වීම නිසයි. එහෙත් ලී ක්වාන් යූ ඒ වරද නිවැරදි කළේය. පිරිසිදුකම සහ පාරිසරික වගකීම ප්‍රවර්ධනය කිරීම සඳහා එරට රජය පුළුල් මහජන අධ්‍යාපන ව්‍යාපාර ක්‍රියාත්මක කරනු ලැබීය. "සිංගප්පූරුව පිරිසිදුව තබා ගන්න" වැනි මුල පිරීම් පුරවැසියන් තම වටපිටාව ගැන ආඩම්බර වීමට දිරිමත් කරනු ලැබීය.

අද එ රට පිට පිට දෙවැනි වතාවටත් ආසියාවේ සතුටින්ම සිටින රට බවට පත් විය. සෑම සිංගප්පූරු ජාතිකයෙකුම ඉංග්‍රීසි භාෂාවෙන් නිපුණ, සහ ඕනෑම හදිසි අවස්ථාවකට සූදානම්ව සිටින පුරවැසියන් බවට පරිවර්තනය වීමේ මූලික රහස ආරම්භ වූයේ ඔහුගේ මේ දැවැන්ත වැඩපිළිවෙළෙනි.

 

472746752 1634066117536271 3865009355311060566 n
දළ ජාතික සතුට (Gross National Happiness) යනු භූතානය ම පනවා ගත්, තිරසාර සංවර්ධනය සහ දේශීය වර්ධනය පිළිබඳ ව වූ සුවිශේෂී මිනුම් ඒකකයකි.

රටක පාලන තන්ත්‍රයේ වේවා, ආකල්පමය වශයෙන් ජන සමාජයේ වේවා මහා පරිමාණ දූෂණය, වංචාව, සොරකම, භීෂණය, ආරවුල් ගැටුම්වලින් පිරී ඇත්නම් එය පාරිසරික ගැටලු කෙරෙහි ද, භෞතික පරිසරයේ යහපැවැත්ම කෙරෙහි ද දැඩිව බලපායි. එය මනාව තේරුම් ගත් ජිග්මේ සිංගේ වැන්ග්චුක් භූතාන රජු දුරදක්නා නුවනින් යුක්තව වර්ෂ 2005දී ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යූහයකට භූතානය විවෘත කොට මැතිවරණයක් පවත්වා භූතානය සහ රාජාණ්ඩුව අතර රාජ්‍ය ව්‍යවස්ථාවක් ස්ථාපිත කළේ ය.

අගුපිල් වල ජීවත්වන නිවාස අහිමි කිසිවෙක් භූතානයේ නැති තරම් ය. සෞඛ්‍ය සම්පන්න ජනතාවකට ඉඩ සලසමින් සෑම පුරවැසියකුටම නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට භූතාන රජය ඉඩ සලසා ඇත. භෞතික සංවර්ධනයට සහ මානව සම්පත සුරක්ෂිත කිරීමට රජය මූලික පියවර රාශියක් ස්ථාපිත කර ඇත. පුද්ගල අධ්‍යාත්මික සංවර්ධනය සඳහා එරට ආයතනවලට රජය සමාජය තුළ ඉහළ වටිනාකමක් දී ඇත. ජනසමාජයේ එකිනෙකාට දක්වන ආදරය දයාව සහ උපේක්ෂාව වැනි සාධනීය ආකල්ප නිසා භූතානයේ අපරාධ අනුපාතය ඉතාම පහළ අගයක් ගන්නා අතර ප්‍රචණ්ඩ අපරාධ වාර්තා වන්නේ කලාතුරකිනි. එරට සැලකෙන්නේ ලොව අවසන් පාරාදීසය ලෙසය. ඒ තරමට එරට පිරිසිදුය. 

අන් රටවල මෙන් භූතානය සිය සංවර්ධනය මනින්නේ ආර්ථික මිනුම් දඬුවලින් නොවෙයි. මොවුන් ආර්ථික වර්ධනයට වඩා ‘සතුට’ වර්ධනයට ප්‍රමුඛතාවය දී කටයුතු කරන අතර අනෙක් රටවල් සිය සංවර්ධනයේදී දළ දේශීය නිෂ්පාදිතයට මූලිකත්වය දෙද්දී භූතානය සිය සංවර්ධනයේදී ‘දළ දේශීය සතුට‘ (Gross Domestic Happiness) යන්නට වැඩි සැලකිල්ලක් ලබා දෙයි.

වියට්නාමයේ Ho Chi Minh නගරයේ ජල කඳන් තුළ විස්මිත පිරිසිදු කිරීමක් සිදු කරන ලද අතර එය සත්‍ය වශයෙන්ම වීර කාව්‍යයක් සේ විය. විශාල ස්වේච්ඡා පිරිසක් සමඟ මේ දැවැන්ත කටයුත්ත සිදුවූ අතර ලොව පුරා එය ප්‍රචලිත විය.



මෙවැනි උදාහරණ බොහෝ තිබේ. කෙසේ වෙතත්,රටක නව සංකල්පයක් පැල කිරීමේදී ලෝකයේ තවත් තැනක එවැන්නක් සිදුවී තිබිය යුතුමය යන්න හිස් තර්කයකි. අනුර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය ජයග්‍රහණයට පෙර අනුර දිසානායකගෙන් මාධ්‍ය මෙවැනි ප්‍රශ්නයක් ඇසීය.

"ඔබට ඇත්තේ 3%යි. මෙවැනි ප්‍රතිශතයක් ලැබූ කණ්ඩායමක් ආණ්ඩු බලය ලැබූ අවස්ථාවක් මෑත ඉතිහාසයේ ලොව කිසිම රටක සොයා ගැනීමට නැහැ. ලෝකයේ කොහේවත් නොවූ දෙයක් මෙහේ වෙන්නේ කොහොම ද?

මේ ප්‍රශ්නයට අනුර දිසානායක දුන්නේ වචන කිහිපයක උත්තරයකි.

“ලෝකේ කොහේවත් නොවූ දේ ලංකාවේ වෙනවා. ඒක ඔබ බලාගෙන ඉන්න”

අනුර කී දේ ඒ ආකාරයටම සිදුවිය. ඒ නිසා සෑම දෙයකටම ලෝකයේම සිදුවූ දෑ පාඩම් හෝ ආදර්ශ ලෙස ගත යුතුයැයි නියමයක් නැත. ක්ලීන් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් ලෝකයේ මීට පෙර කොහේ හෝ සිදුවී ඇතිද නැතිද යන්න අදාල වන්නේ නැත. අදාල වන්නේ එය රටක ප්‍රගමනයට කොතරම් උර දෙනවාද යන්න පමණි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන එක් පොතකට හෝ තනි ව්‍යාපෘතියකට හෝ ලඝු වන්නේ  නැත.

එය දවසකින් මාසයකින්, වසර කිහිපයකින් නිමාව දකින වැටසටහනක් වන්නේද නැත.

 

දීලා බලමු' කියු නිසා දුන්නට දැන් බලන්නෙ මොනවද? | කුසල් පෙරේරා
එය, නොනැවතී පෙරට යන සහ පෙරට යා යුතු, අලුත් අලුත් දෑ එක්විය යුතු මහා පරිමාණ, නොනවතින වැඩසටහනකි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේ රට ප්‍රමිතිගත කිරීමේ කාර්‍යයේදී ප්‍රධාන කරුණු තුනක් කෙරෙහි අවධානය යොමුකරන බව පවසයි..
 
1- දරිද්‍රතාවය තුරන් කිරීම,


2- ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හා

3- ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැගීම ඒ ඉලක්ක තුනයි.

 
මේ තුනම එක් අතකින් එකකට එකක් බැඳී පවතී.
 
rtScreenshot 2025 01 05 at 10.54.06 copy
ක්ලින් ශ්‍රීලංකා යනු රට පරිවර්තනයකට ලක්කරන පුරවැසි වගකීමක පිළිඹිඹුවකි. ආචාරධර්මීය ප්‍රතිපත්ති වැඩි දියුණු කිරීමට වඩාත් පිරිසදු භෞතික පරිසරයක් සහ දීපව්‍යාප්ත සදාචාරාත්මක කැපවීමක් සඳහා පිලිතුරු සැපයීම Clean Sri Lanka ව්‍යාපෘතියෙහි අරමුණු වේ. 

නිශ්චිත පාර්ශ්වකරුවන්ගේ ඉලක්ක, ක්‍රියාකාරකම්, කාල රේඛා සහ ප්‍රතිඵල සහිත මෙම උපායමාර්ගික සැලැස්මේ  ආර්ථික, සමාජීය සහ පාලනය (EESG) යන තිරසරභාවයේ කුළුණු ත්‍රිත්වය වැඩි දියුණු කිරීම ප්‍රමුඛය.
 
අපද්‍රව්‍ය කළමනාකරණය, පරිසර දූෂණය සහ දේශගුණික විපර්යාස වැනි පාරිසරික ගැටලු මෙන්ම ‘සමස්ත රටේම පිරිසිදුකම’සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම එක අතකින්ද, පාරිසරික ආචාර ධර්ම පෝෂණය කිරීම. බලකිරීමකින් තොරව මෙය 'පුරුද්දක්' බවට පත්කිරීමේ පුද්ගල මනෝ භාවයක් ඇති කිරීමද, රාජ්‍ය පරිපාලනය තුළ අඛණ්ඩව පැවති දූෂණය සහ අකාර්යක්ෂමතාවය දුරු කිරීමද මෙහි අරමුණු අතර වෙයි.
 
ශිෂ්ට සම්පන්න ලෙස සිතන රටක්, හරි වැරැද්ද පිළිබඳ අවබෝධයක් ඇති රටක් ,තමන්ට පැවරී ඇති කාර්යභාරය මනාව ඉටු කරන මිනිසුන්ගෙන් පිරුණු රටක් බිහිකිරීමේ වගකීම ආණ්ඩු මත මෙන්ම  ජනතාව මත ද තිබේ.
 
එබැවින් මේ තත්ත්වය වෙනස් කිරීමටත්, රට සමත් කිරීමටත් සියලුම ක්ෂේත්‍ර වලට වගකීමක් පැවරී තිබේ.
 
The Leader | We Lead the Nation
ඕනෑම රටකට අප ගිය විට ගුවන් තොටුපොළේ ස්වභාවයෙන්ම රට ගැන යම් චිත්‍රයක් මවා ගන්නට පුළුවන්ය.එහි පිළිවෙල ,මිනිසුන්ගෙ හැදියාව, ක්‍රියාකාරිත්වය , හැසිරීම් රටාව මේ ආදී සියල්ල තුළින් ගම්‍ය කරන්නේ ඒ රටේ ස්වභාවය ය.

අපේ රටට ඒන විදේශිකයා රට ගැන මුල්ම අත්දැකීම ලබන්නේ ගුවන් තොටුපලින් ය. ඉන් ඔබ්බට පරිසරයේ පිරිසිදු බව, පොලිස් නිලධාරීන්ගේ හැසිරීම, මිනිසුන්ගේ කතා බහවල, වාහන යන ආකාරය, හෝන් ගසන තරම, සත්තුන්ට සලකන ආකාරය, වැසිකිලි පාවිච්චි කරන ආකාරය පවා එම රටේ ස්වරූපය තවදුරටත් ප්‍රදර්ශනය කරයි. ක්ලීන් ශ්‍රීලංකා යනු ඒ සියල්ල පිළිබඳව විහිදුනු වැඩපිළිවෙලකි.

මෙරට පුරවැසියෙක් රාජ්‍ය ආයතනයකට ගිය විට දැන හැදුනම්කම් නැති වුවද ඔහුට අදාළ කටයුත්ත සිදු කර ගැනීමේ පහසුකම සහ කඩිනම් හැකියාව තිබිය යුතුය.
 
පාරක තොටක කෙළ ගසන්නට පෙර හෝ අතේ තිබෙන ටොෆි කොලයවත් බිම දමන්නට පෙර එය තමන් මතු පරපුරට පවා එරෙහිව කරන ව්‍යසනයක් බව ක්ෂණිකව හදවතට කාන්දු විය යුතුය. ආබාධිත අයෙකු පාරක තොටක දකින විට පවා ඔහු කෙරෙහි අනුකම්පාව හෝ නොරුස්නාව වෙනුවට තමන් වැනිම තවත් අයෙක් බවත් ඔහුටද නොවෙනස්ව ආදරය හිමිවිය යුතු බවත් හදවතට ඒත්තු යා යුතුය. මේ රට වැටී ඇති තැනින් ගොඩ එන්නටනම් කළ යුත්තේ ජාති, ආගම් වශයෙන් බෙදී වෙන්වී දේශපාලනය කරන පිරිස් ප්‍රතික්ෂේප කිරීමය. ශිෂ්ඨසම්පන්න සමාජයක් යන්න වචනයකට සීමා නොවී සියලු දෙනාටම එකම තලයක පිහිටා කටයුතු කරන සමාජයක් ගොඩ නැගීමය.
"එකට එක් වෙමු" යන වචනය පවා අද විහිලුවක් වී ඇති අතර නැත්තේද එයමය. සිංහල වේවා, දමිළ වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා, මැලේ වේවා, මේ සියලු දෙනාටම "අප ශ්‍රී ලාංකික පුරවැසියන්" යැයි අභිමානයෙන් ජීවත් විය හැකි ප්‍රායෝගික රටක් නිර්මාණය කිරීමද ක්ලීන් ශ්‍රීලංකා අරමුණකි.
 
ජාතික ජන බලවේගය හා අන්තරේ මේ සතියේ කොළඹට
රටකට ශක්තිමත් නායකයෙක් හෝ ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය බව ඇත්ත ය.නමුත් ඔහුට හදවතක් නැත්නම් මොන තරම් ශක්තිමත් වුවත් වැඩක් නැත.ජනතාව පිළිබඳව හෝ රට පිළිබඳව කැක්කුමක් පපුවක් නැතනම් එවැනි පාලකයින් මොන තරම් ශක්තිමත් වුණත් වැඩක් නැත. 
 
ජනතාව ගැන නොහිතන හිතක් පපුවක් නැති, මොළයක් නැති, තෙතමනයක් නැති පාලකයෙක් ශක්තිමත් නායකයෙක් ලෙස ජනතාව සලකනවා නම් එවන් රටක ජනතාවට දෙයියන්ගේම පිහිටය. ඒ අවාසනාවන්ත අත්දැකීම් අපි රටක් ලෙස ඉතිහාසය පුරාම ඇති තරම් ලබා ඇත.
 
ක්ලීන් ශ්‍රී ලංකා හරහා සමස්ත රටම පිරිසිදු කිරීමේ කටයුත්ත ආරම්භ වී තිබේ. මේ වෙනුවෙන් කොන්දේසි විරහිතව එකා වන්ව එකට එක්විය යුතු මොහොතක මේ වැඩසටහන විවේචනය කරන්නන් ද, එහි අඩු ලුහුඬුකම් පෙන්වන්නන්ද, මේ පාරිශුද්ධ කටයුත්තට එරෙහිව වෙනත් සමාජ මතයක් ගොඩනඟන ඇතැම් මාධ්‍යකරුවන්ද නැත්තේ නොවේ.
 
ක්ලීන් රටක් ගොඩනැගීමට අකමැති කවුද?
 
කඩදොර : 'ක්ලීන් ශ්‍රී ලංකා ?'
දේශපාලන බල ලෝභය අවස්ථාවාදය බවට පත්කර පත්කරගත් අපිරිසිදු මිනිස්සු පිරිසිදු රටකට අකමැතිය.
 
කුණු සමාජගත කිරීම සිය ඒකායන පරමාර්ථය බවට පරිවර්තනය කරගත් ඇතැම් අපිරිසිදු මාධ්‍ය සහ මාධ්‍ය හිමිකරුවන් පිරිසිදු රටකට අකමැතිය.
 
ඉතිහාසය පුරාමත් වර්තමානය තුළත් දූෂිත බවින් පිරුණු අතිරිසිදු කල්ලි, රට පිරිසිදු වනවාට අකමැතිය.
 
නිර්මාණශීලී කාර්ය ශූර රාජ්‍ය සේවයක් තුළින් රටේ ජනතාවට සිය වගකීම ඉටු කිරීමට අකමැති කම්මැලි සහ දූෂිත අපිරිසිදු නිලධාරීන් රට පිරිසිදු කරනවට අකමැතිය. 
 
රටක නීති රීති උල්ලංඝනය කරමින් තමන්ට හිතු හිතු පරිදි ජන ජීවිත සමග සෙල්ලම් කරන්නට ප්‍රිය කරන අපිරිසිදු කොටස් මේ පිරිසිදු කිරීමට අකමැතිය.

ජාතිවාදය ආගමවාදය, වර්ගවාදය කරපින්නා කරපින්නාගත් අවස්ථාවාදී අපිරිසිදු කල්ලි මේ රට පිරිසිදු කරනවට අකමැතිය.  ඔවුන්ට ද සිහිපත් කළ යුත්තක් තිබේ.
 
විශේෂාංග

"ඔබ ජීවතුන් අතර සිටින තාක් කල්, ඔබට සෑම විටම නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් තිබේ" කියා අප අසා තිබේ.

දැන් රටේ නායකයාත්, මහ ජනතාවත් සමපාත තැනක සිටින තීරණාත්මක සහ ඓතිහාසික අවස්ථාව උදා වී තිබේ. මේ මොහොතේ වෙනස් නොකරන රට යලිත් වෙනස් කළ හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි.
 
Willie Nelson වරක් මෙසේ කියා තිබේ.' ඔබ සිටින තැනින් ආරම්භ කරන්න, සහ ඔබේ හදවතේ  විධානය අනුව ඔබට ඇති ඕනෑම මෙවලම් සමඟ නිවැරදිව වැඩ කරන්න, ඔබ ඉදිරියට යන විට වඩා හොඳ මෙවලම් සොයාගත හැක. ”ක්ලීන් ශ්‍රීලංකා යනු එවැන්නකි. ඔබ හරියට කළොත් රට වෙනස් කළ පළමු පරපුර ලෙස ඔබ ඉතිහාසයේ සාක්ෂිකරුවන් වනු ඇත.

WhatsApp Image 2021 06 01 at 8.11.47 AM(සටහන | ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ) 
දේශපාලන හා සමාජ විශ්ලේෂක සහ ක්‍රියාකාරික 
'ක්ලීන් ශ්‍රී ලංකා' බලකායේ සාමාජික
kpcooray@hotmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...