The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

Colombo Night Life: 'ෆුල් සර්විස් ද? නෝර්මල් ද?'

T

The Leader Desk

December 20, 2024 • 3:47 PM

Colombo Night Life: 'ෆුල් සර්විස් ද? නෝර්මල් ද?'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොහෝ විට එක් ස්ථානයක දිගු කාලයක් පවත්වා ගෙන නොයන මෙම මධ්‍යස්ථාන මේ වන විට කොළඹින් බැහැර ප්‍රදේශවලට ද වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇත.
  • හිස සම්බාහනය, උරහිස් සම්බාහනය, පාද සම්බාහනය හෝ සම්පූර්ණ සිරුර සම්බාහනය යන සම්බාහන ක්‍රම වෙනුවට දැන් මේවා බොහොමයක ඇත්තේ 'ෆුල් සර්විස්' හෝ 'නෝර්මල් සර්විස්' යනුවෙන් නම් කරන ලද ක්‍රම බව අප කළ සංචාරයේදී හෙළිවිය.
  • බොරැල්ල - කොට්ටාව මාර්ග අංක 174 බස් මාර්ගය වඩාත් ජනප්‍රිය තමන්ට ම ආවේණික වූ වේගකින් ධාවනය කරන මගී බස් රථ නිසාය.
  • එහෙත් දැන් එම මාර්ගය වඩාත් ජනප්‍රිය වී ඇත්තේ, මාර්ගය දෙපස ඇති සම්බාහන මධ්‍යස්ථාන හෙවත් ස්පා නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):

පවත්වා ගෙන යනු ලැබේ.

බොහෝ විට එක් ස්ථානයක දිගු කාලයක් පවත්වා ගෙන නොයන මෙම මධ්‍යස්ථාන මේ වන විට කොළඹින් බැහැර ප්‍රදේශවලට ද වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇත.

මෙම ස්ථානවලින් සපයන සේවා මොනවා ද යන්න කොළඹ නගරයේ සහ අවට ප්‍රදේශවල රාත්‍රි කාලයේ සංචාරය කරමින් අප සොයා බැලුවෙමු.

හිස සම්බාහනය, උරහිස් සම්බාහනය, පාද සම්බාහනය හෝ සම්පූර්ණ සිරුර සම්බාහනය යන සම්බාහන ක්‍රම වෙනුවට දැන් මේවා බොහොමයක ඇත්තේ 'ෆුල් සර්විස්' හෝ 'නෝර්මල් සර්විස්' යනුවෙන් නම් කරන ලද ක්‍රම බව අප කළ සංචාරයේදී හෙළිවිය.

තලවතුගොඩ SPA

බොරැල්ල කොට්ටාව මාර්ගයේ ගමන් ගන්නා ඕනෑ ම අයෙකුට තලවතුගොඩ යනු ඉතා හුරුපුරුදු නගරයකි.

තායිලන්තයේ පතායා නගරයේ තරම් නොවූවත්, රාත්‍රියේ විදුලි ආලෝකයෙන් බැංකොක් අසිරිය ගන්නා තලවතුගොඩ, කළල්ගොඩ සිට පන්නිපිටිය දක්වා කොටසට මේ වන විට ප්‍රදේශයට විශේෂීකරණයක් ආරෝපණය කර තිබේ.

බොරැල්ල - කොට්ටාව මාර්ග අංක 174 බස් මාර්ගය වඩාත් ජනප්‍රිය තමන්ට ම ආවේණික වූ වේගකින් ධාවනය කරන මගී බස් රථ නිසාය. එහෙත් දැන් එම මාර්ගය වඩාත් ජනප්‍රිය වී ඇත්තේ, මාර්ගය දෙපස ඇති සම්බාහන මධ්‍යස්ථාන හෙවත් ස්පා නිසාය.

මේ වායේ සපයන සේවා ගැන සොයා බැලීමට අපි තලවතුගොඩ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක් වෙත ගියෙමු.

dtw45f
රාත්‍රී අඳුර කපා හරින, රතු සහ කොළ පැහැ විදුලි ආලෝකයෙන් දිදුලන විදුලි බුබුළුවලින් සරසා තිබූ සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළු වන විට ම ප්‍රසන්න සුවඳින් යුක්ත විය.

පාරිභෝගිකයින් පිළිගැනීමේ මේසය ද ආකර්ෂණීය එකක් වූ අතර මේසය මත ලාෆින් බුද්ධා ප්‍රතිමාවක් සමග කාසි පිරවූ පිරීසියක් ද විය.

එම මේසයට පිටුපසින් වූ සෝපාවක හොඳින් හැඳ පැළඳ සිටි යුවතියන් 6 දෙනෙකු පමණ අසුන් ගෙන සිටි අතර, ඔවුන් ව කැපී පෙනන ලෙසට දීප්තිමත් විදුලි අලෝක ධාරවන් ද ඔවුන් දෙසට එල්ල කර තිබිණි.

මධ්‍යස්ථානයට පිවිසෙන විට ම කළමානාකරු ඉතා සුහදශීලීව අපව පිළි ගත්තේ ය.

“සර් ෆුල් සර්විස් එකක් ද? නොර්මල් එකක් ද? විවිධ ස්පා ට්‍රීට්මන්ට් ගැන අසා තිබුණ ද මෙම ෆුල් සර්විස් එක කුමක් දැයි පැහැදිලි කර ගැනීමට අප ස්පා කළමනාකරුගෙන් ඒ ගැන විමසා සිටියෙමු. ඒ අප තුළ මතු වූ කුතුහලය නිසා ය. “සර් මසාජ් එකයි. සෙක්ස් එකයි ඔක්කොම තියෙනවා. කැමති නම් සක් එකත් එක්ක ම.”

ඒ සඳහා ගාස්තුව රුපියල් 6000කි. ඔහු කියන නෝර්මල් සර්විස් එකේ ගාස්තුව රුපියල් 4000කි. “හැපි එන්ඩින්ග් එකත් එක්ක ම” ඔහු කියයි.

සම්බාහනයට වඩා වැඩි සේවාවක් පාරිභෝගිකයින්ට මෙහි සපයන බව වටහා ගැනීමට වැඩි කාලයක් ගත නොවූයේ කළමනාකරු විසින් කිසිදු චකිතයකින් හෝ සැඟවීමකින් තොරව සපයන සියලු සේවා පිළිබඳ මැනවින් පැහැදිලි කරනු ලැබූ නිසා ය.

අවශ්‍ය නම් තෙරපිවරියන් තිදෙනෙකුගේ සේවාව එකවර ලබා ගත හැකි බව ද ඔහු කියා සිටියේය.

එවිට එක් අයෙකුට ගාස්තුව රුපියල් 4500කි.

බොහෝ විට සති අන්තයේ සම්බාහනයක් ලබා ගැනීමට මෙවැනි මධ්‍යස්ථාන වෙත නිතර යන එන පසිඳු (ඔහුගේ සැබෑ නම නොවේ) සමග අපි කතාබහකට එක්වුණෙමු.

“සතියකට නැත්නම් මාසයකට දෙහෙකට සැරයක් මම මෙහෙ එනවා වෙනසකටත් එක්ක. මසාජ් එක නම් හරියට කරන්න මේ අය දන්නේ නැහැ. අනිත් ඒවා නම් අවුලක් නැහැ,” ඔහු සිය අත්දැකීම් පැහැදිලි කළේ ය.

පොලිසිය විසින් වැඩි ප්‍රසිද්ධියක් ලබා දෙමින් මාධ්‍ය ද රැගෙන ගොස් මාස කිහිපයකට පෙර වැටලූ කළල්ගොඩ ප්‍රදේශයේ සම්බහාන මධ්‍යස්ථානයක් තවමත් එහි පවත්වාගෙන යන බව මෙම සංචාරයේදී අපට දැක ගත හැකි විය.

මෙම සම්බාහන මධ්‍යස්ථානවල වයස අවුරුදු 20 - 40ත් අතර තෙරපිවරියෝ සිටිති. සම්බාහනයට අමතරව ඔවුහු ලිංගික ශ්‍රමය සපයති.

“එක කස්ටමර් කෙනෙක්ට විනාඩි 45ට වැඩියෙන් කාලය ගත්තොත් අපෙන් ගාණක් කපනවා,” තෙරපිවරියක ලෙස සේවය කරන එක් තරුණියක් කියා සිටියා ය.

“ගොඩක් අය එන්නේ අපිව බලලා යන්න” නිලූ ලෙස අප හඳුන්වන ඇය කියා සිටියා ය.

කුඩා දරුවෙකු සිටින ඇය සිය ස්වාමි පුරුෂයාගෙන් වෙන්ව කොළඹට පැමිණ සිය මව සමග කුලී නිවසක වාසය කරමින් මෙම සම්බාහන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියි.

රිතූ නමින් අප හඳුන්වන තවත් කාන්තාවක පැවසුවේ, කොවිඩ් වසංගත සමයෙන් පසු තමන් යළි මෙම රැකියාවට පිවිසුණු බවය.

කොවිඩ් සමයට පෙර එක් පාරිභෝගිකයෙකු විසින් තමන්ට පදිංචි නිවසක් ඇතුළුව මාසිකව මුදලක් සමග රැකවරණය දුන් බවත්, කොවිඩ් වසංගත සමයෙන් පසු එම අවස්ථාව අහිමි වීම නිසා තමන් නැවත පැරණි වෘත්තියට යොමු වූ බවත් ඇය කියා සිටියා ය.

තායි ස්පා

තවත් රාත්‍රියක අපගේ ගමනාන්තය වූයේ, බම්බලපිටිය ප්‍රදේශය යි. මැරීන් ඩ්‍රයිව්හි ජනප්‍රිය තායි ස්පා කිහිපයක් ම ඇත.

ඒවායේ තත්ත්වය සොයා බැලීම සඳහා ද අප එක් මධ්‍යස්ථානයකට ප්‍රවේශ විය. කළමනාකරුගේ සීනු නාදයත් සමග තායි කාන්තාවන් 25 දෙනෙක් අප ඉදිරියට පැමිණියහ.

ඒ අතරින් කැමති තෙරපිවරියක් තෝරා ගැනීමට පාරිභෝගිකයාට හැකි ය.

එහි සම්බාහනය සඳහා ගාස්තුව රුපියල් 5000කි. සම්බාහනයෙන් අනතුරුව ‘හැපි එන්ඩින්ග්’ හෝ තවත් සේවා අවශ්‍ය නම් ලබා ගත හැකි ය. ඒ සඳහා වෙන ම ගෙවිය යුතු ය. ඔවුන් ද ලිංගික ශ්‍රමය සපයන අතර අතේ මුදල් නොමැති නම්, ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා හෝ පාරිභෝගිකයාගේ බැංකු ගිණුමෙන් මුදල් හුවමාරු කරමින් වුව ද ගෙවීම් කිරීමට ඒවායේ පහසුකම් සලසා තිබේ.

SPA සෞඛ්‍ය ආරක්ෂිත ද?

දෛනිකව සැලකිය යුතු පාරිභෝගිකයින් පිරිසක් පැමිණෙන මෙම මධ්‍යස්ථාන සෞඛ්‍යාරක්ෂිත ද? මේ පිළිබඳව අදහස් දක්වමින් තම අත්දැකීම් මත පසිඳු කියා සිටියේ ඇතැම් ස්ථානවල සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවන බව ය.

තමන් එවැනි තැන්වලට යාමෙන් වැළකී සිටින බව පැවසූ ඔහු කියා සිටියේ, ඇතැම් මධ්‍යස්ථානවල ඇඳ ඇතිරිලි හෝ තුවා වැනි දෑ මෙන් ම වෙනත් සනීපාරක්ෂක ද්‍රව්‍ය පිළිබඳව ද සෑහීමකට පත්විය නොහැකි බව ය.

‘නියාමනය කරන්න’

මුල්‍ය කේෂත්‍රයේ රැකියාවක නිරත අයෙකු වන අමිල පැවසුවේ, මානසික හා ශාරීරික සුවතාව වෙනුවනේ තමා සහ බිරිඳ බොහොවිට මාස කිහිපයකට වරක් සම්බාහනයකට යොමුවන බවය.

ඒ සඳහා බම්බලපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් වෙත යන බව ඔහු කියා සිටියේය.

එදිනෙදා ජීවිතයේ ඇතිවන ශරීරික හා මානසික පීඩාවන් සමනය කර ගැනීම උදෙසා සම්බාහන ප්‍රතිකාර ලබා ගැනීමට දැන් දැන් බොහෝ දෙනෙකු පෙළඹෙයි.

ඈත අතීතයේ සිටම පෙරදිග රටවල සම්බාහන ප්‍රතිකාර ක්‍රම භාවිත කර ඇත.

චීනය, තායිලන්තය, සිංගප්පුරුව, මලයාසියාව ඇතුළු නැගෙනහිර ආසියාතික රටවල මෙන්ම මේවන විට මැද පෙර දිග සහ බටහර රටවල ද සම්බාහන මධ්‍යස්ථාන ජනප්‍රිය වෙමින් තිබේ.

ලංකා ස්පා සංගමයට අනුව 2019 වසර වන විට ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය ලියාපදිංචි ස්පා මධ්‍යස්ථාන සංඛ්‍යාව 6,000ක් පමණ විය.

ශ්‍රී ලංකාවේ තරු පන්තියේ හෝටල්, අයුර්වේද රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සම්බාහන ප්‍රතිකර කරනු ලබයි.

දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් 2019 වසරේදී එම මධ්‍යස්ථානවලට නිකුත් කර තිබු බලපත්‍ර අහෝසි කළේය.

මේවන විට දිවයින පුරා ස්පා 10,000කට වඩා ඇතැයි ලංකා ස්පා සංගමයේ සභාපති ප්‍රසන්න මුණසිංහ පවසයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ මේවන විට ස්පා වැසී යාමේ තත්ත්වයක් මතුව ඇති බවය.

ඉදිරියටත් ලියාපදිංචියක් සමග බලපත්‍රයක් ලබා දී මෙම මධ්‍යස්ථාන නියමනයකට ලක්කරන ලෙස ලංකා ස්පා සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

“අද වෙනකොට ලංකාවේ ස්පා තියෙන්නේ ගණිකා නිවාස තත්ත්වයට දාලා. වැඩ කරන සේවකයන්ව ගණිකාවන් මට්ටමට දාලා අසරණ කරලා තියෙනවා. අද වෙනකොට පොලිසිය ගණිකා නිවාස කියලා වටලන්නේ ස්පා. ස්පා කියන්නේ ගණිකා නිවාස නෙමෙයි.”

තෙරපිවරුන් පුහුණු කිරීම සඳහා පදනම් ආයතනය මගින් NVQ 4 මට්ටමේ පාඨමාලාවක් පවත්වා 50 දෙනෙකු පුහුණූ කර අවසන් බව ද ප්‍රසන්න මුණසිංහ පැවසීය.

“ස්පා ආයතන නියාමනය කරලා රජයටත් ආදායමක් ගන්නා වැඩ පිළිවෙලක් කරන ලෙස තම අපි නව රජයෙන් ඉල්ලා සිටින්නේ”

‘ස්පා නිසා ම කියලා කියන්න බැහැ’

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය කියා සිටියේ, මේ දිනවල ශ්‍රී ලංකාව තුළ ලිංගාශ්‍රිත රෝගවල වැඩි වීමක් දක්නට ලැබෙන බවය.

“ස්පා නිසා ම කියලා කියන්න බැහැ. නමුත් STD වල වැඩි වීමක් තියෙනවා.ගොනෝරියා, සිපිලීස් වගේ”

“HIV වැඩි වීමක් තියෙනවා. නමුත් SPA වර්කස්ලා අතර HIV වැඩි වීමක් අපි දකින්නේ නැහැ,” විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියා ය.

“ගොනෝරියා, සිපිලීස්වගේ ඒවා ගැහැණු කට්ටියගේ රෝග ලක්ෂණ ගොඩක් අඩු යි. පිටතට පෙන්නේ නැහැ. එයාල ළඟට යන ක්ලයන්ට්ස්ලා පිරිමි කට්ටිය නේ.එතකොට පිරිමි කට්ටියට ඒ ලෙඩ හැදුණොත් ඒ ගොල්ලන්ට ඉක්මනට රෝග ලක්ෂණ මතු වෙනවා.”

“එබැයි මේ වැඩි වීම ස්පා හින්දා ම කියලා කියන්න බැහැ. නමුත් මේක අපිට පාලනය කර ගන්න බැරි දෙයක් නෙමෙයි දැනට.”

විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය පැවසුවේ, සායන වෙත පැමිණෙන ස්පා ශ්‍රමිකයින් සඳහා මාස 3කට වරක් රෝග පරීක්ෂාකර වාර්තාවක් ලබා දෙන බව ය.

“අපේ ලිංගාශ්‍රිත රෝග සායනවලින් එගොල්ලෝ ආවට පස්සේ රිපෝට් එකක් අපි නිකුත් කරනවා. මේක මාස 3ක් දක්වා වලංගු යි කියලා වාර්තාවක් අපි නිකුත් කරනවා. හැම කෙනෙක් ම නෙමෙයි පිරිසක් දැන් පුරුදු වෙලා තියෙනවා, මාස තුනකට සැරයක් ඇවිල්ලා චෙක්කර ගන්නවා. එතකොට අලුත් රිපෝට් එකක් නිකුත් කරනවා.”

“අපේ සායන තියෙනවා. ඒවට එන්න සමහරු කැමති නැහැ. මේකට ආවා කියලා කාවවත් ලේබල් වෙන්නේ නැහැ. මෙතනට ආවොත් ටෙස්ට් ඔක්කොම නොමිලේ කරනවා. ප්‍රතිකාර ඔක්කොම නොමිලේ. වැක්සින් දෙනවා. ඒවා නොමිලේ දෙන්නේ.”

“මේ බොහෝ ඒවා සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් ලෙඩ රෝග. පාලනය කරන්න පුළුවන් හැම ලෙඩක් ම. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය වැඩිදුරටත් පැවසුවා ය.

2024 වසරේ මුල් කාර්තුව තුළ මෙරටින් වාර්තා වී ඇති ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 2141කි. ඒ අතරට HIV ආසාදිතයින් 207 දෙනෙකු ද අයත් ය.

ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්තවලට අනුව 2023 වසර තුළදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 9491කි.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...