The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ධනුෂ්ක ගුණතිලක, consent for sex සහ එංගලන්තේ නීතිය

T

The Leader Desk

November 13, 2022 • 8:27 AM

ධනුෂ්ක ගුණතිලක, consent for sex සහ එංගලන්තේ නීතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒක වැඩිපුරම කළු ජාතිකයෝ යන, එන ක්ලබ් එකක්.
  • සාමාන්‍ය මිනිස්සු නෙමෙයි, පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාවට නගන්න ඉන්න ගොඩක් දෙනා කියන්නේත් එහෙමයි.
  • ඒ හැමදෙනාම අවංකව උත්සහ කළේ, ඇය රේප් කළා කියල කියන චෝදනාව ඇත්ත කියල විශ්වාස කරලා, තරුණියට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

 


ඒක වැඩිපුරම කළු ජාතිකයෝ යන, එන ක්ලබ් එකක්.
 

මේ කොල්ලට එතනදී බොහොම ලස්සන කෙල්ලෙක් මීට් වෙනවා.
 

ක්ලබ් එකේ දෙන්නගේ නැටුම බොහොම දුරදිග යනවා.
 

දෙන්න බදාගෙන සිපගන්නවා විතරක් නෙමෙයි, දෙන්නගේ රහසඟත් ගෑවෙන විදියට බොහොම සරාගීව ලොකු වෙලාවක් ක්ලබ් එකේ ඩාන්ස් කරනවා.
ටික වෙලාවක් යනකොට කොල්ලට කොහොම වුණත් කෙල්ලට නම් හොඳටම ඩෝප්.
 

දෙන්න ටැක්සියක් අරගෙන කොල්ලගේ නවාතැනට යනවා. ගිහින් ලිංගික පහස ලබනවා.
 

කතාවේ මේ කොටස දක්වා දෙන්නම එකඟයි.
 

කොහොම වුණත් තරුණිය කියන්නේ ඊට පස්සෙන්ද උදේ එයා ගැස්සිලා ඇහැරුණේ රහසඟ වේදනාවකුත් එක්ක කියල.
 

එයා කියන්නේ ලිංගිකව එක්වෙන්න නෙමෙයි, කොල්ලගේ නවාතැනට යන්නවත් එයා කැමති වුණේ නැහැ කියල.
 

හොඳටම බිමතින් හිටපු නිසා එයාව එයාගේ නවාතැනට ගිහින් ඇරලන්න කියල කොල්ලගෙන් ඉල්ලීමක් කළා කියලත් කෙල්ල කියනවා.
 

කාර් එකට නගිනවා මතක වුණත් ඊට පස්සේ ඩෝප් ගතියට එහෙම පිටින්ම සිහිය විකල් වුණා කියලත් තරුණිය කියනවා. එයා කියන්නේ ගෙදර දොර අරිනවත් මතකයි, ඒත් ඒ කොල්ලගේ ගෙදර කියල එයාට තේරුණේ නෑ කියල.
 

කොල්ල කියන්නේ සියල්ල සිද්ද වුණේ කෙල්ලගේ සම්පූර්ණ අනුමැතිය එක්ක කියල.
 

උදේ නැගිට්ට ගමන්ම කෙල්ල කොල්ලගේ නවාතැනෙන් ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දානවා.
 

පොලිසිය ඒ ගැන නඩු පවරනවා.
 

ඒ නඩුව විභාග කළ මහාධිකරණ ජූරියේ මමත් හිටිය.
 
 
ලංකාවේ ගොඩක් දෙනා දැන් කියන කතාව මම දන්නවා. සාමාන්‍ය මිනිස්සු නෙමෙයි, පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාවට නගන්න ඉන්න ගොඩක් දෙනා කියන්නේත් එහෙමයි.
 
"Sex කරන්න අකමැති නම් ඇයි එයා ඩාන්ස් කළේ? කිස් කළේ? අර වගේ සෙක්සි නැටුමක් නැටුවේ?"
 
අපේ මිනිස්සුන්ට නම් ඔය වගේ ප්‍රශ්න ගොඩක්.
 
 
ධනුෂ්ක ගුණතිලක තමන් රේප් කළා කියල චෝදනාව දාල තියෙන තරුණිය ගැනත් ගොඩක් දෙනා එහෙම කියනවනේ. "අනේ අපේ කොල්ල කොහොමහරි බේරගන්න ඕනේ," කියලත් ගොඩක් අය කියනවනේ.
 

මෙතෙන්දි ධනුෂ්ක වැරදිද, නිවැරදිද කියල මම දන්නේ නෑ. ඒක අධිකරණය තීන්දු කරාවි. මගේ තර්කය වෙන දෙයක්.
 

එකට ඩාන්ස් කරලා, කිස් කරලා, කැමැත්තෙන් වාහනේට නැගල, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කාමරේටම ගියාටත් පස්සේ නිකම් බොරුවට රේප් (දූෂණය) කළා කියල කෑගහන්නේ ඇයි කියල තමා ලංකාවේ ගොඩක් අය කියන්නේ. (මෙතනදී 'දූෂණය' කියන වචනයට මම එකඟ නෑ)
 

ඒත් මේ තරුණිය පැමිණිල්ල දාපු වෙලාවේ ඉඳල බ්‍රිතාන්‍යයේ පොලිසිය වැඩ කළේ තරුණිය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමේ අධිෂ්ඨානයකින්.
 
 
msh
 

ඒ වගේම ආණ්ඩුවේ වියදමින් ජ්‍යෙෂ්ඨ නීතිවේදිනියක් ඇය වෙනුවෙන් පෙනී හිටිය. ඒ හැමදෙනාම අවංකව උත්සහ කළේ, ඇය රේප් කළා කියල කියන චෝදනාව ඇත්ත කියල විශ්වාස කරලා, තරුණියට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන්.
 

ඒ වගේම ඇයට මානසික උපදේශන සලසන්නත්, නඩුව පුරාම බොහොම කරුණාවෙන් ඇය රැක බලාගන්නත් රාජ්‍යය දරපු වෙහෙස මම බලාගෙන හිටිය.
 
 
එහෙම නැතුව Innocent Until Proven Guilty කිය, කියා තරුණිය දඩු කඳේ ගහන්න ජනමාධ්‍යවත්, සමාජ මාධ්‍ය ඔස්තාර්ලවත්, පොදුවේ සමාජයවත් උත්සහ කළෙත් නෑ.
 
 
චෝදනාවෙන් තරුණයා බේරගන්න ඔහුගේ නීතිවේදියා හරස් ප්‍රශ්න ඇහුවත්, එතන්දිවත් තරුණිය ආයෙත් වතාවක් රේප් කිරීමක් සිද්ද වුණෙත් නෑ.
 

තරුණයාගේ තර්කය වෙලා තිබුණේ සෙක්ස් කළේ දෙන්නගෙම කැමැත්තෙන් කියල; තරුණිය කිවුවේ එකම ඇඳේ හිටියත් එහෙම කැමැත්තක් දෙන්න තරම් මානසිකත්වයකින් එයා හිටියේ නෑ කියල.
 

දවස් දෙක තුනක සාක්කි විභාගයෙන් පස්සේ ජූරිය නඩුවේ තීන්දුව දුන්න.
 

තීන්දුව ගැන, තීන්දුවට පදනම් වුණ කරුණු ගැන, මම මිට කලින් වතාවක ලියල තියෙනවා.
 

(සේයා: ලීඩර් වෙබ් අඩවියෙන් සහ වෙබ් අවකාශයෙන්)



ඇත්තටම ලංකාවට මොකද මේ වුණේ?.. - (සරෝජ් පතිරණ)(සරෝජ් පතිරණ)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

sarojpathi@gmail.com


(Saroj Pathirana ගේ ෆේස්බුක් පිටුවෙන්..)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ධනුෂ්ක ගුණතිලක, consent for sex සහ එංගලන්තේ නීතිය | The Leader